මැකෝ මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමිසමේ බලය මැතිවරණ කොමසාරිස් ජෙනරාල් වෙත පවරා අත පිහිදා ගැනීමේ නින්දිත උත්සාහයක් වාර්තාවේ. මැතිවරණ කොමිසමේ අනිත් සාමාජිකයන් දෙදෙනාගෙන් එක අයෙක් වන මහාචාර්ය රත්නජීවන් හූල් මෙම ලියවිල්ලට අත්සන් තැබීම තරයේ ප්‍රතික්ශේප කර තිබේ. මැකෝ එහි අනිත් සාමාජික නලින් අබේසේකරට ඉල්ලා අස්වන ලෙස බලකරමින් සිටී. රත්නජීවන් හූල්ද ඉල්ලාඅස්වීම සලකා බලන බව වාර්තාවේ. 19 වැනි සංශෝධනයෙන් මැතිවරණ කොමිසම ස්තාපිත කරනු ලැබුවේ එක පුද්ගලයෙකු මත බල කේන්ද්‍ර ගත් වීම වලකා වඩා ස්වාධීන, පාරදෘශ්‍ය මැතිවරණ ක්‍රියාවලියක් ඇති කිරීඑමට වුවත්, මැතිවරණ කොමසාරිස්වරයාම ඊට එරෙහිව යමින් එය කඩාකප්පල් කර නැවතත් එක් පුද්ගලයෙකුට ඒ බලතල සියල්ල පවරාදීමට යන්නේ මහින්ද-සිරිසේන ගේ තක්කඩි ප්රජාතන්ත්ර-විරෝධී කුමන්ත්රනයේම කොටසක්ද ලෙසද යන සැකය මතුවේ.
Source
Source



