මැගී ක්ෂණික නූඩ්ල්ස් අනුභවය නතර කරන ලෙසට ලක්නව් ආහාර සුරක්ෂිතතා හා ඖෂධ පාලන ඒකකය ජනතාවට අනතුරු අඟවයි. ඒවායෙහි මොනොසෝඩියම් ග්ලුටමේට් (MSG) රසායනිකය සහ ඊයම් අනුමත සීමාව ඉක්මවා අඩංගු වී තිබීම ඊට හේතුවයි.
එහෙත් මැගී නිෂ්පාදක නෙස්ලේ සමාගම එය ප්‍රතික්ෂේප කරයි. ඔවුන් ප්‍රකාශ කරන්නේ MSG මැගිවලට එක් නොකරන බවයි. MSG අදාළ සාම්පලයෙහි තිබුණේ නම් එය ස්වාභාවික ක්‍රියාවලියක මුලාශ්රයකින් සිදුවිය හැක්කක් බවද ඔවුහු කියති. මැගිවල අඩංගු ඊයම් ප්‍රතිශතයද නිරන්තර රසායනාගාර පරීක්ෂණවලට ලක් කෙරේ.
MSG සෞඛ්‍යයට අහිතකරය. විශේෂයෙන් ළමුන් කෙරෙහි එය දැඩිව බලපායි. මේ සම්බන්ධ පුර්ණ පරීක්ෂණයකට ලක්නව් ආහාර සුරක්ෂිතතා හා ඖෂධ පරිපාලන ඒකකය කටයුතු කරයි. මැගී බලපත්‍රය තහනම් කිරීම සඳහා ඉන්දීය මධ්‍යම අධිකාරියටද වාර්තා කර තිබේ.



halpitine thiyenneth.agunayak naha.
