ෆ්‍රී වෙලාවක පොඩ්ඩක් විස්තරයක් දාපන්,
මේ පේන්න තියෙන්නේ කාලෙක ඉඳලම වෙනස් පුද්ගලයන් පිරිසක් විසින් කරගෙන ආපු එකම ක්‍රියාදාමයක ප්‍රතිපල. එක එක පාට වල පක්ෂ වල අය ඇවිත් ගෙනියපු එකම ක්‍රමවේදෙක ප්‍රතිපල තමා.
ගැටලුව සාමාන්‍ය මිනිස්සුත් ඔය system එකෙන් වෙනස් වෙන්න කැමති නැහැ. ඔයා කියන ඔය ආයතන වලට දේශපාලන පත්වීම් වැඩිපුරම දෙන්න පටන් ගත්තේ අසූ ගණන් වල ඉඳලා. අදටත් ඒක වෙනස් වෙලා නෑ.
ඉතිං නුසුදුස්සෝ තමයි ගොඩක් තැන් වල ලොක්කෝ විදිහටත් ඉන්නේ.
ක්‍රිකට් වලට වෙලා තියන දේ තමා රටට වෙලා තියෙන්නෙ කියන එක හරි. අපි ක්‍රීඩකයින්ට බනිනවා වගේම තමා දේශපාලකයින්ට බනින්නේ. නමුත් හොඳට හිතලා බැලුවොත් තේරෙයි මේ දේශපාලකයින්ට පුලුවන් උපරිමය තමයි මේ කරන්නේ. මොකද උන් අමුතුවෙන් අසාර්ථක අය නෙවෙයි. අසාර්ථක කෙනා තමා දේශපාලකයා වෙලා තියෙන්නේ. අන්න එතනයි අවුල. මිනිස්සු එක්කෙනෙක් හෝ පක්ෂයක් අල්ලාගෙන බනිනවා මිසක් මේ සමස්තය දිහා බලන්නේ නැහැ.
මේ කාරනාව සාරාංශයක් විදිහට කිව්වොත්,
ඇත්තටම වෙන්නේ දේශපාලකයා හොරකම් කරනවා නෙවෙයි, හොරා දේශපාලකයෙක් වීම සහ විශේෂයෙන්ම හොරෙක් නොවෙන අයත් තමන්ගේ බලය පවත්වා ගැනීමට මේ ක්‍රමයට පහසුකම් සැලසීම.
මේ නිසා තමයි රනිල් හොරෙක් නොවේ කියන අය බටලන්ද, ගෝනවල සුනිල්, මහ බැංකුව, තිලංග සුමතිපාල නොදකින්නේ.
මහින්ද හොරෙක් නොවේ කියන අය ජොන්ට, ලංසා, තිලංග සුමතිපාල නොදකින්නේ...
ජවිපෙ හොරු නොවේ කියන අය සංවිධානාත්මක වැඩ වර්ජන, ආයතන සහ විශ්ව විද්‍යාල අඩාල කිරීම් නොදකින්නේ.
මේකේ නරක මේකයි.
මේ නිසා අපේ රට යන්නේ ඩිජිටල් සිග්නල් එකක. එක්කෝ 1 එහෙම නැත්තං 0. අසාර්ථක මිනිසුන් නිසා ප්‍රශ්නයක් ඇති වෙනවා ඒකට විසඳුම් දෙන්න කෙනෙක් ඇවිල්ලා රජ වෙලා 1 දාගෙන ආපහු 0ට ගෙනියනවා. ඒක පෙන්නලා තව කෙනෙක් එනවා ආපහු 0 ට යනවා. ඒකයි මම history repeats කිව්වේ.
මේ ක්රමයේ විදිහට නහය ලඟට වතුර එනකං ප්‍රශ්න විසඳෙන්නේ නැහැ.
උදා - කුණු කන්ද නාය යනකම් ඒක විසඳන්න ඕන වුනේ නැහැ. රටේ ලොක්කෙක් මැරෙනකන් රිය අනතුරු අඩු කරන ක්‍රමවේදයක් එන්නේ නැහැ, ඩේට බේස් එකක් හදලා හරි තාක්ෂනය පාවිච්චි කරලා, හරියට vaccine බෙදෙන ක්‍රමවේදයක් හැදෙන්නේ නැහැ, අන්තර්ජාලය නැත්නම් tv එක පාවිච්චි කරලා හරි පාසල් අධ්‍යාපනය ගෙනියන්න ඕන කියල ඔලුවට එන්නේ නැහැ.…
මේක ඇතුළේ තියෙන්නේ සල්ලි සහ බලය වෙනුවෙන් තියෙන අසීමිත පොරයක්. ඒකෙන් වාසි ගන්න පිරිස රටට, මිනිස්සුන්ට මොකක් වුනත් අවුලක් නැහැ කියන තැන ඉන්නේ. ඒ වගේම බලය ගන්නනං ඕන දෙයක් කරන්න ලෑස්ති පිරිසක් ඉන්නේ.
ඉතිං ඒ පිරිස බිහි වෙලා ඉන්නෙත් මේ සමාජයෙන්ම තමා . ඒ විදිහට සමාජය එක එක අයට විදිහට mold කරන්නේ ඒ අය හසුරවන media වලින් තමා.
ඉතින් මේ machine එක හදල තියෙන්නේ pork දාපුවම කොටසකට බොකු බඩවැල්, කකුල්, වලිගෙ ඇතුලු ජරාව ලැබෙන්න, සහ වෙන පිරිසකට sausages ටික ලැබෙන්න.
ඒ sausages හම්බෙන පිරිස ඒකෙන් පොඩි කොටසක් ලොක්කො කීප දෙනෙකුට feed කළාම ඒක බලාගෙන ඒ ගොල්ලෝ වැඩ කරනවා. මිනිස්සුත් කවදා හරි තමන්ට ඒවා ලැබෙයි කියන හීනෙක ඉන්නවා.
ඒකයි සර් ෆේල් කියන අය මේ system එක ෆේල් කියන එක ගැන සද්ද නැත්තේ. එක එක කාලෙන් කාලෙට එක එක ප්‍රශ්න highlight වෙන එක විතරයි වෙන්නේ. දැන් ක්‍රිකට් ගොදගත්තොත් අනික් ප්‍රශ්න අමතක වෙනවා. අර මම කලින් කියපු ඩිජිටල් සිග්නල් එක වගේ.