ඔබතුමා සමග හෝ මතවාදය ගැන හෝ මේ පැහැදිළි කිරීම පිළිබද ව අබ මල් රොණක පමණවත් ගැටුමක් නැත. ගැටුම ඇත්තේ මෙතනය. යුද්ධයක් ඇතිවුණේ මෙවන් සිද්ධි නිසා යයි ඔබ කරන මේ ප්‍රකාශය අතිශය සාවද්‍ය එකකි. රටක් නැති ද්‍රවිඩයන් ද්‍රවිඩස්ථාන් ලෙස හැදින්වෙන පැරනි විජය නගර අධිරාඣ්‍යට අයත් බිම් කඩ වෙන් කර ගැනීමේ මෙහෙයුමක් ඇරඹියේ 1930 ගනන් වලදීය. 1936-1938 වසර වල යටත් විජිත ලේකම් වෙත ලියන මදුරාසියේ වෛද්‍ය පොන්නප්පා සහ ලංකාවේ රාජනීතීඥ එස්.ජී.වී. චෙල්වනායගම් ඉල්ලන්නේ ඉන්දියාවට සහ ලංකාවට නිදහස දෙන විට තේරල, තමිල්නාඩු,ආන්ද්‍ර පුදේශ් සහ ලංකාවේ උතුරු-නැගෙනහිර එක්කර වෙනම ද්‍රවිඩස්ථානයක් ලෙස නිදහස ලබාදෙන ලෙසටය. වෙනම රාජ්‍යයක් ඉල්ලීමේ මතවාදය සහ යුද්ධය එකල සිට ඇති වූ සිද්ධි දාමයක ආසන්න ඉතිහාසය විනා, සිංහලයන් විසින් ඉල්ලා ගත් එකක් නොවේ........වැරදි සිදු වී ඇත්තේ මහා ජාතියෙන් ම පමණක් නොවේ...ඒවා බොහේ විට සිදු වූයේ දේශපාලකයන් අතිනි. එයට ද්‍රවිඩ දේශපාලකයන් ද ඇතුලත්ය. ඡන්දයෙන් පසුව ඡන්දදායකයන් අමතක කරන්නේ සිංහල දේශපාලකයන් පමණක් නොවේ....ද්‍රවිඩයන්ට ද එය පොදුය..........නමුත් ද්‍රවිඩ දේශපාලකයන් එය ද්‍රවිඩන් හට පෙන්වන්නේ දකුණේ සිංහල ආන්ඩුව විසින් කරන්නක් ලෙසටය.......ඒ ඔවුන් ගේ වාසියට ය.....
මේ ටික පවා ලියන්නේ ඔබ මැටිටා වුණාට ඔබ බුද්ධිමත් අයෙකු බව මා නිරීක්ෂණය කර ඇති බැවිනි.
තටයුතු සඵල වේවා!
සේවයෙන් බැදි,
දත් කිඹුළා