මැණික් මැරෙනවා කියන්නේ මොකක්ද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    මැණික් වලට වතුර උවමනා නැහැ. වීදුරු ගුණය තියෙන මැණිකක් හරි කොට්ටර වෙච්ච මැණිකක් ඒ කියන්නේ වීදුරු ගුණයක් නැහැ transparency නැහැ. එතකොට එහෙම මැණික් වෙන්න වතුර නැති නිසා නෙමේ ඒ මැණික පොළොවේ නිර්මාණය වුන විදියයි.

    මැණිකක් නිර්මාණය වෙනවා පොළවේ ප්‍රෙෂර් එක සහ උෂ්ණත්වය සහ ඒ අවට තියෙන මූලද්‍රව්‍ය වල එකතුව. අපි හිතමු ලංකාවෙ තියෙන නිල් මැණික් කියලා නිල් මැණික් ඇතිවෙන්න උවමනා වෙනවා ඇලුමිනියම් ඔක්සයිඩ් එතකොට ඕකට නිල් පාට එන්න තව ඔහොම උවමනා වෙනවා යකඩ සහ titanium. දැන් පොළොවේ pressure එකයි temperature එකයි ඔය උවමනා ද්‍රව්‍ය ටික එකතු උනහම ඇතිවෙනවා නිල් මැණික් sapphire.
    තව chromium යකඩ අඩු වැඩියෙන් පුෂ්පරාග පත්මරාග පාට වල ගල් ඇතිවෙනවා. ඔය සේරම කොරන්ඩම් කුලයෙ මැණික්.

    දැන් බලමු විද්‍යාත්මකව manik වලට වතුර ඕනෙද කියලා.
    sapphire කියන මැණික්වල chemical formula 1
    AL2O3
    ඇලුමිනියම් අනු 2i ඔක්සිජන් අනූ තුනයි.XRF යන්ත්‍රයක අපි බැලුවොත් ඇතුලෙ තියෙන element වල හයිඩ්රිජන් සහ ඔක්සිජන් අණු කිසිවක් නැත. ඒ කියන්නේ වතුර නැහැ.

    පරණ මෝඩ සිංහලයා මොකද කරල තියෙන්නෙ බොහොම ඉස්සර මැණික් හම්බවෙනවා පිහිටි පොළොවේ ඒ කියන්නේ ඇලේ දොලේ primary ඩිපොසිට් එකෙන් කැඩිලා ඕව ගලාගෙන එනවා ගඟවල් වල ඉතින් සිංහලයා හිතනවා මැණික් වලට වතුර ඕනේ කියලා.

    එතකොට ඔය කිරිමැටි කියන්නේ feldspar තියෙනවා ඒවා වල තමයි මැණික් මූලික වශයෙන් හැදෙන්නෙ කොරන්ඩම් ෆැමිලි එකේ ගල්.

    තව ගෙවුඩ මැණික් එහෙම සෙල්සියස් අංශක 1600 1800 පුච්චනවා එතකොට ඔය ගල් වලට වතුර කිසි දෙයක් නෑ.

    නොකැපු amethyst ටිකක් තියනවා. මේවා වටිනවාද?
     
    • Like
    Reactions: NRTG

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,406
    113
    මැණිකක් පොලව ඇතුලේ තියෙද්දී කාලයක් යද්දී (වසර මිලියන ගානකින් වෙන්න පුළුවන්) ඇතිවන උෂ්ණත්වය නිසා වෙන ප්‍රසාරණය
    හෝ වෙන සංකෝචනය නිසා වෙන මැණිකේ සංයුතිය වෙනස් වීම
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    E kiyanne bad quality gems ban. Hama ekama perfect na. Pupuranna puluwan, kalu wenna puluwan bla bla. Kalu wela chora unu ewwata api kiyanne marichcha manik kiyala.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ මහ දැවැන්ත මැණික් පොකුරත් එක්ක ගොඩක් තැන්වල දැක්කා මැණික් මැරෙනවා කියලා කතාවක්. ක්ෂෙත්‍රයේ අය කියමුකෝ බලන්න මේ සීන් එක මොකක්ද කියලා ?
    මැණික් මැරෙන්නෙ නෑ. මැරිච්ච මැණික් තියෙනව.

    මැරිච්ච මැණික් කියන්නෙ මැණික් බවට පත් නොවිච්ච පාෂාණ වලට. ඒවගෙ මැණික් ගලක තියෙන්න ඕනෙ රසායනික සංයුතිය බොහෝදුරට පිහිටල තියෙනව.
     
    • Like
    Reactions: NRTG

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඇයි ඕක මෙතනට ඇදගත්තේ? කවුරු කියපු දෙයක් නිසාද?


    නිදන් තුල කිරිමැටි තියෙද්දි ඉතින් වේලිලා තෙත නැතිවෙන්නැද්ද?
    Decatur someone said dead gems can be turned in to diamonds
     

    kumu123

    Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    මැනිකක් මැරෙනවා කියලා කියන්නේ හේතු කීපයක් නිසා.

    1. ස්වාභාවික මැනික් ගල් සෑදීමේදී එහි අවශ්‍ය උශ්නත්වය හා පීඩනය වෙනස්වීම නිසා එය නිසියාකාරව වර්නය හා විනිවිදභාවය නොමැතිව ඇතිවීම.

    2. අවශ්‍ය මූලද්‍රව්‍ය වලට වෙනත් අපද්‍රව්‍ය මිශ්‍ර වීම නිසා අදුරු පැහැයක් ගැනීම.

    3. මැනිකක් ලබා ගත් පසුව එයට පසුව කරනු ලබන තාප පිරියම් කිරීම් හෝ රසායනික ප්රිියම් කිරීම් නිසා අවපැහැයට හෝ සුදු පැහැයට හැරීම.

    4. මැනික් ඇතිවූ පසුව යමහල් වැනි ස්වාභාවික ක්‍රියාවලි නිසා එම මැනික් විනාශ වී යාම

    මෙම කරුනු වලට බාහිරින් හොද තත්වයේ මැනික් ගලක් ගොඩට ගැනීමෙන් පසුව මැරී යාමක් සිදුවනවා කියා මා නම් අසා නැත.
     

    Attachments

    • 528500_411523952274283_1531091029_n.png
      528500_411523952274283_1531091029_n.png
      498.5 KB · Views: 71