මේ කතාවට අදාලත් නෑ මන් හිතන්නෙ බුද්ධ ධර්මයට අදාලත් නෑ (මේ කියලා තියෙන කතාවේ කන්ටෙක්ස්ට් එක මම දන්නෙත් නෑ, පේන විදිහටනන් ගොන් කතාවක්).
බට් ලඟින් යන කතාවක් නිසා මේ ටික. ළය පැලී මැරෙනවා කියන එක ඉංගිරිසියෙන් කියන්නෙ dying of broken heart කියලා. දරාගන්න බැරි දුක නිසා අශ්වයො කියන සත්තු ඔය died of broken heart කියන නිව්ස් එක අස්සයො ඉන්න පළාත්වල ප්‍රචලිත නිව්ස් එකක්. Separation anxiety ලබැඳියන් වෙන්වීම නිසා අශ්වයො ඉක්මනට මැරෙනවා. අපිට අඳුරගන්න පුළුවන් විදිහට සත්තු අතරින් ශෝකය පලකරන මුලීකම සතා වෙන්නෙ අශ්වයා. ඒක බල්ලන්ටත් වඩා අශ්වයො පෙන්නුම් කරන දෙයක්. ස්වාමියා මියගියාම, හැර ගියාම ඔය සත්තු කන බොන එක නවත්තලා දානවා, අන්තිමට ස්වාමියා එක්ක කතා කරපු තැනට ගිහින් නොසෙල්වී ඉන්නවා. හැඟීම් දැනීම් ගත්තම වැඩිය කතා නොවෙන අන්ඩරේටඩ්ම සතෙක් තමයි අශ්වයා. Technically කන්ථකගේ වයස 30 ක් (අපේක්ෂිත ආයු කාලය) (සිද්ධාර්ථ, කන්ථක, ඡන්න ඔක්කොම උපදින්නෙ එක දවසෙ කියන නිසා) වයසත් එක්ක සිද්ධාර්ථ නික්ම යෑමේ ඉඟිය කන්ථකට දරාගන්න බැරි වෙන එක සෑහෙන scientifically possible සිද්ධියක්. මධ්‍යකාලීන යුගයේ නයිට් කෙනෙක්ව හමුදාවකට හදද්දි ලොකුම ඉන්වෙස්ට්මන්ට් එක යන්නෙ යුධ අශ්වයාව හදාගන්න. ඒකට සාමාන්‍යයෙන් අවුරුදු 7 ක් විතර සතෙක්ට ඉන්වෙස්ට් කරනවා කියනවා. මේ අවුරුදු හතේදීම bonding එහෙමත් නැත්තන් ස්වාමියා එක්ක ඇති කරගන්න බැඳියාවට තමයි ලොකුම කාලය ශ්‍රමය වියදම් කිරීම වෙන්නෙ. යුධ පිටියකදි අශ්වයෙක් තමාගේ නයිට්වරයාව හැර යන්නෑ කියන කතාව හැදෙන්නෙ ඒ නිසා. සිද්ධාර්ථ කුමාරයගේ කියවෙන මෘදු ගතිගුණ එක්ක අවුරුදු 30 ක් බොන්ඩ් වුන සතෙක්ට සිද්ධාර්ථගේ ඊලඟ මූව් එක රීඩ් කරගන්න මහා කාලයක් යන්නෑ. මගේනන් පර්සනල් මතය ඔය කන්ථක ළය පැලී මිය ගියා කියන එක තරන් සත්‍යට ලඟ කතාවක් සමස්ථ බෞද්ධ සාහිත්‍ය තුලම නෑ කියන එක.
