මැතිවරණයකට යාම ප්‍රජාතන්ත්‍රවාදයද?

Trademan

Member
Apr 4, 2012
120
23
0
මැතිවරණයකට යාම ප්‍රජාතන්ත්‍රවාදයද?

මැතිවරනයක් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය තමයි.නමුත් අනවශ්‍ය වෙලාවට අනවශ්‍ය විදිහට මැතිවරන පැවත් වීම ප්‍රජාතන්ත්‍ර විරෝදී ක්‍රියාවක් සහ ප්‍රජාතන්ත්‍රවාදය විකෘති කිරීමක්.මේක තෙරුම් ගන්න බැරිනම් ඒ මනුස්සය හරකෙක්.ප්‍රජාතන්ත්‍රවාදය යනු නියමිත වෙලාවට මැතිවරන පැවත් වීමයි. මූලිකම ප්‍රජාතන්ත්‍රවාදය මහා මැතිවරන සහ ජනාධිපතිවරනයි.මේවා වෙලාවට පවත්වන්න ඕන.නමුත් විශේෂ තත්ව යටතේ බහුතරය අහිමි වුන විටක හෝ ජනාධිපතිවරයා පැත්ත මාරු කල විටක ඒවා පවත් වන එක සාධාරනයි.නමුත් හැම ආන්ඩුවක්ම බලයට එන්නේ අවුරුදු පහකට.ඒ අවුරුදු පහ තුල වාසිදායක කාල සහ අවාසි දායක කාල එනවා.හැම තිස්සෙම ජනතාවට සීනි බෝල කවන්න බෑ.රට ලෙඩ වෙලානම් තිත්ත බෙහෙත් පොවන්න වෙනවා .ඉන්ජෙක්ෂන් ගහන්න වෙනවා.ඒ වගේ අවාසිදායක වෙලාවක මැතිවරණයක් බලහත්කාරයෙන් කැඳවීම ප්‍රජාතන්ත්‍ර විරෝදී විෂමාචාර ක්‍රියාවකි.මොකද මේවා කරේ නැත්නම් ලෙඩා මැරෙනවා.රට මියයනවා.එහෙම කාලවල මැතිවරන වලට නොයෑමට ආන්ඩුවට අයිතියක් ඇත.ඒකනේ අවුරුදු පහකට රට දෙන්නේ.ඒ වගේම වාසිදායක වෙලාවක මැතිවරනයකට යාමත් වැරදි.එතනත් ප්‍රජාතන්ත්‍රවාදයට හානියක් ඇත.මහින්ද 2005 ජනාධිපති වෙනකොට ඔහු මහාමැතිවරනයක් දිනලා තිබුනේ නෑ.තිබුනේ සුලුතර ආන්ඩුවක්.ඔහුට 2006,2007,2008 අවුරුදු වල මහාමැතිවරනයකට යාමට විපක්ෂය ඉල්ලිම් කලත් ඔහු ගියේ නෑ.හේතුව ඔහුට අවාසිදායක නිසා.අනිවාර්යෙන්ම පරදින නිසා.නමුත් 2009 වාසිදායකම වෙලාවක ජනාධිපතිවරනය කැදෙව්වා. දිනුවා.අවුරුදු දෙකක් කලින්.ඒකත් වැරදී.පවත්වන්න ඕන නියමිත කාලයට.මහමැතිවරනයත් 2009 කැදෙව්වා.දින්න.ඒක නියමිත කාලයට..වාසිදායක වෙලාවක.තුනෙන් දෙක ආවේ නෑ.නමුත් නියමිත කාලය නිසා නිවරදියි. 2014 ජනාධිපතිවරනය අවුරුදු දෙකක් කලින් කෝල් කරා.තව අවුරුදු දෙකක් හිටියනම් අවාසිදායක නිසා.ඒක තුරුම්පුවක්.වැරදුනා.පැරදුනා.එතනදි ආන්ඩුවක් මාරූ වී ඇත.ජනපති පැරදුනා කියන්නේ ආන්ඩුව පැරදී.ඒක නිසා තිබ්බ පාර්ලිමන්ට් එක විසිරෙව්වා.ඒක හරි.සිරිසේනට ඕනිනම් 2019 ජනාධිපතිවරනය කැදවලා දිනලා පාර්ලිමන්ට් එක විසිරුවන්න පුලුවන්.ඒක තමයි හරි ක්‍රමය.එහෙම නැතිව ඔහුට අයිති නැති ජනාධිපති බලතල තියාගෙන විපක්ෂයට පැනලා මැතිවරනයක් තියන එක වැරදී.
 
Last edited:

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    මැතිවරණ නෑ දෙන දේ කාල වෙන දේ බලාගෙන ඉදපල්ලා. කෝමත් කන්නත් නෑ ඉස්සරට . උබලට හොද වැඩේ කුපාඩියෝ පත් කරල යැව්වට මේ මදි තව රෙවෙන්න ඕනේ තේරෙන්නේ. කපපිය රෙප් උබලට ඇත්ත කිව්වට වැඩක් නෑ , කිව්වම රෙප් කපන එකේ රීදෙන්න කිව්වේ
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    සමහරු හිතන් ඉන්නෙ පළාත් සබා, ප්‍රාදේශීය සබා පැරදුණාම මහ මැතිවරණ තියන්න ඕන කියල.

    මැර බලෙන් අගමැති කම් වෙනස් කරන්න පුළුවන් කියල.

    මැර බලෙන් ජාතික රූපවාහිණිය, ITN එක එහෙම පවර ගන්න පුළුවන් කියල .... ආහ්හ් ඒකනම් කරන්න පුළුවන් :D
     
    • Like
    Reactions: rochel1977

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    සමහරු හිතන් ඉන්නෙ පළාත් සබා, ප්‍රාදේශීය සබා පැරදුණාම මහ මැතිවරණ තියන්න ඕන කියල.

    මැර බලෙන් අගමැති කම් වෙනස් කරන්න පුළුවන් කියල.

    මැර බලෙන් ජාතික රූපවාහිණිය, ITN එක එහෙම පවර ගන්න පුළුවන් කියල .... ආහ්හ් ඒකනම් කරන්න පුළුවන් :D

    Sirawata :lol::lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: Identity

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    සමහරු හිතන් ඉන්නෙ පළාත් සබා, ප්‍රාදේශීය සබා පැරදුණාම මහ මැතිවරණ තියන්න ඕන කියල.

    මැර බලෙන් අගමැති කම් වෙනස් කරන්න පුළුවන් කියල.

    මැර බලෙන් ජාතික රූපවාහිණිය, ITN එක එහෙම පවර ගන්න පුළුවන් කියල .... ආහ්හ් ඒකනම් කරන්න පුළුවන් :D

    samaharu hitanne peradenna patak tiyeddi chanda kal danna monahari baila gahala like 3 years for provintial counsils :lol::lol:

    pudumayakne munge leader kohomat chanda walata ennema nane 2010, 2015 :lol:
     
    Trademan

    Member
    Apr 4, 2012
    120
    23
    0
    සමහරු හිතන් ඉන්නෙ පළාත් සබා, ප්‍රාදේශීය සබා පැරදුණාම මහ මැතිවරණ තියන්න ඕන කියල.

    මැර බලෙන් අගමැති කම් වෙනස් කරන්න පුළුවන් කියල.

    මැර බලෙන් ජාතික රූපවාහිණිය, ITN එක එහෙම පවර ගන්න පුළුවන් කියල .... ආහ්හ් ඒකනම් කරන්න පුළුවන් :D

    පලත් සබා,ප්‍රාදේශීය සබා කියන්නේ ගනන් ගත යුතු ඒවා නෙවෙයි.ඒවට චන්දය දාන්නේ හුගක්ම අඩුවෙන්.නූගත් පක්ෂවාදී මිනිස්සු මිසක් ප්‍රථිපලය තීරනය කරන උගත් සහ වෙනස් වන ජනතාව නෙවෙයි.ඒවගේ ප්‍රථිපලය සහ ජාතික ප්‍රථිපලය හුගක් වෙනස්.ජාතික මැතිවරන ජාතික මට්ටමෙන් ජාතික දේශපලනඥයන් කරන ඒවා.පලාත් සබා ප්‍රදේසීය සබා හුගක් වෙලාවට කසිප්පු කාරයො,ගංජා කාරයො ඉල්ලන කුනුහරුප.:lol:
     
    Trademan

    Member
    Apr 4, 2012
    120
    23
    0
    මැතිවරණ නෑ දෙන දේ කාල වෙන දේ බලාගෙන ඉදපල්ලා. කෝමත් කන්නත් නෑ ඉස්සරට . උබලට හොද වැඩේ කුපාඩියෝ පත් කරල යැව්වට මේ මදි තව රෙවෙන්න ඕනේ තේරෙන්නේ. කපපිය රෙප් උබලට ඇත්ත කිව්වට වැඩක් නෑ , කිව්වම රෙප් කපන එකේ රීදෙන්න කිව්වේ

    කන්න නැති කාලයක් හැත්තැ ගනන් වල මැතිනියගේ කාලේ ආවා.ඒ උනාට උන් මැතිවරන තිබ්බේ අවුරුදු හතකින්.1975 තියන්න තිබුන එක 1977 තිබ්බෙ.
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43

    මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී ද කිවම, ප්‍රජාතන්ත්‍රවාදය කියන එකෙන් බාගයක් සම්පුර්ණ එකද කියල අහනවා වගේ.
    මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්රවාදේ එක මුලික පියවක් මිසක්, එහි සියල්ල නෙමෙයි.

    මේ දැන් වෙලා තියෙන කලබගෑනිය නිසා කලින් තිබුනේ ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යයක් කියල හිතනවා නම් ඒ අමු විහිළුවක් නේ.
    රටේ කවුරුත් දන්නවා විපක්ෂය විදියට හිටියේ ඒකාබද්ධය, මොන නමින් කොහොම කිව්වත්.
    එත් ඔවුන්ව ඒ කලින් තිබුණු ආණ්ඩුවෙන් සම්පුර්ණයෙන්ම යට කරලා පාර්ලිමේන්තුව් කරේ.
    එහම තියෙද්දී තමයි, අර ප්‍රාදේශීය සභා චන්දය වෙලේතිබුණු ආණ්ඩු පක්ෂ දෙකම දරුණු පරාජයක් ලැබුවේ.
    එක ප්‍රාදේශීය සභා චන්දයක් උනත්, ඒ වෙලාවේ ඔවුන්ට පිළිගැනීමක් එනවා මීලගට ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන් පක්ෂය විදියට.
    මේක සාමාන්‍ය විපක්ෂයක් පොඩි චන්දයක් දිනනවට වඩා වෙනස්.
    එතන ඉදන්, මීලගට ආණ්ඩුවක් පිහිටුවන්න බලාගෙන ඉන්න පිරිස ලෝකේ කොයි රටෙත් බලන්නේ ආණ්ඩුව පෙරලන්න විදියක්. මේ දවස් වල ලෝකේ පුරා ආණ්ඩු ගොඩකට මේ වැඩේ වෙලා තියෙන්නේ හොයල බලන්න.

    විපක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තමයි පුළුවන් තරම් ඉක්මනින් ආණ්ඩුව පෙරලන එක.
    ඉතින් ඔව් ඔවුන් කියන්නේ චන්ද තියන්න එක තමයි ප්‍රජාතන්ත්රවාදේ කියල.
    එත් අපේ විපක්ෂය පුළුවන් තරම් කරේ ආණ්ඩුව පවත්වාගෙන යන්න උදව් කරපු එක :rofl::rofl::rofl:
    ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී වගකීම තමයි විපක්ෂයට ආණ්ඩුව පෙරලන්න ඉඩ නොදී ඔවුන්ගේ ප්‍රත්පත්ති ප්‍රකාශනය අනුව වැඩ කරන එක.
    යහපාලන නඩය දැන් ඇඩුවට ඔවූන් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන වලට පයින් ගහල තමයි වැඩ කරේ.

    මීට සැහෙන කලෙකෙට කලින් අහන්න තිබුන ප්‍රශ්නය තමයි, නිල විපක්ෂය ආණ්ඩුවේ සියලු වැඩ අනුමත කිරීම ප්‍රජාතන්ත්‍රවාදයද?
     
    ඒකාබද්දය යට කරේ ජනාදිපති මිසක් එජාපය නෙවෙයිනේ.අනිත් එක ප්‍රාදෙශීය මැතිවරන කියන්නේ ගොන් පාට්.ඒකෙන් උනත් කිසිම පක්ෂයක් 40%කට වඩා ගත්තේ නෑ.මැතිවරනයක් දිනන්න 50%ක් ගන්නම ඕන.නැත්නම් සුලුතර ආන්ඩුවක්.ආසන 105ක් අරගෙන ඉතිරි දහය ගන්න විපක්ෂයෙන් මංත්‍රීලා සල්ලි සහ ඇමතිකම් දික් කරන එක විතරයි ආපහු වෙන්නේ.දැන් වෙන්නෙත් ඒකයි.ජනාධිපතියට කොහොමත් අයිතියක් නෑ මැතිවරනයක් තීරනය කරන්න සදාචාරාත්මකව.මොකද ඌට චන්දේ දුන්න මිනිස්සුගේ පැත්තේ නෙවෙයි ඌ ඉන්නේ.ඌ වසලයානේ බන්.ඒක බයියො ටොයියො දෙගොල්ලම පිලිගන්නවා.ජත්‍යන්තරයත් පිලිගන්නවා.විෂමාචාරි මිනිහෙක්.ආන්ඩුවේ කාට හරි බහුතරයක් තියෙනවනම් ඒ අය ආන්ඩුව ගෙනියන්න ඕන.යූන්පි එකට 105ක් දිනුවා.දෙමල සන්ධානයට 16ක් තියෙනවා.මේ අය ගෙනියන එක වරදක් නෙවෙයි.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    සමහරු හිතන් ඉන්නෙ පළාත් සබා, ප්‍රාදේශීය සබා පැරදුණාම මහ මැතිවරණ තියන්න ඕන කියල.

    මැර බලෙන් අගමැති කම් වෙනස් කරන්න පුළුවන් කියල.

    මැර බලෙන් ජාතික රූපවාහිණිය, ITN එක එහෙම පවර ගන්න පුළුවන් කියල .... ආහ්හ් ඒකනම් කරන්න පුළුවන් :D

    :yes::yes::yes:
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    ඒකාබද්දය යට කරේ ජනාදිපති මිසක් එජාපය නෙවෙයිනේ.අනිත් එක ප්‍රාදෙශීය මැතිවරන කියන්නේ ගොන් පාට්.ඒකෙන් උනත් කිසිම පක්ෂයක් 40%කට වඩා ගත්තේ නෑ.මැතිවරනයක් දිනන්න 50%ක් ගන්නම ඕන.නැත්නම් සුලුතර ආන්ඩුවක්.ආසන 105ක් අරගෙන ඉතිරි දහය ගන්න විපක්ෂයෙන් මංත්‍රීලා සල්ලි සහ ඇමතිකම් දික් කරන එක විතරයි ආපහු වෙන්නේ.දැන් වෙන්නෙත් ඒකයි.ජනාධිපතියට කොහොමත් අයිතියක් නෑ මැතිවරනයක් තීරනය කරන්න සදාචාරාත්මකව.මොකද ඌට චන්දේ දුන්න මිනිස්සුගේ පැත්තේ නෙවෙයි ඌ ඉන්නේ.ඌ වසලයානේ බන්.ඒක බයියො ටොයියො දෙගොල්ලම පිලිගන්නවා.ජත්‍යන්තරයත් පිලිගන්නවා.විෂමාචාරි මිනිහෙක්.ආන්ඩුවේ කාට හරි බහුතරයක් තියෙනවනම් ඒ අය ආන්ඩුව ගෙනියන්න ඕන.යූන්පි එකට 105ක් දිනුවා.දෙමල සන්ධානයට 16ක් තියෙනවා.මේ අය ගෙනියන එක වරදක් නෙවෙයි.

    ඔව් ඔය කියල තියෙනවා වගේ UNP + TNA එක ආණ්ඩුවක් ගෙනියන්න පුළුවන්. එත් දෙගොල්ලොම එළිපිට එහම ආණ්ඩුවක් ගෙනියන් නෑ. :lol: හොරෙන් තමයි ගෙනියන්නේ. එකනේ දැන් තියෙන ලොකුම ප්‍රශ්නයත්. රනිල් පෙනන්නුවොත් ඔහුට 113ක් තියෙනවා කියල, මෛත්‍රී හොදටම හිර වෙනවා.

    2015 දී නේ ඒකාබද්ධයට විපක්ෂය නොදුන්නේ, එතකොට එජාපයයි මයිත්‍රී ගජ යාලුයි, කොටින්ම ඩි.ව්‍ ගුණසේකරගේ කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට දාන දවසේ, එක පාරටම පාර්ලිමේන්තුව විසිරුවලා මැතිවරණයකට ගියාම ඒක ප්‍රජාතන්ත්‍රවාදී වෙලා, දැන් එකපාරටම මැතිවරණයකට යනකොට ප්‍රජාතන්ත්‍රවාදී නොවෙන්න හේතුවක් නෑනේ?

    මුලින් ඇහුවේ, මැතිවරණ තියන එක ප්‍රජාතන්ත්‍ර වාදයද: ඔව්.
    පාර්ලිමේන්තු බහුතරයම ආණ්ඩු කරන එක ප්‍රජාතන්ත්‍රවාදයද: නැහැ.

    ගෙම්බෝ පනින එක මුලින් අහල තියෙන ප්‍රශ්නයට එච්චර වැදගත් නැහැ.
    මොකද ගෙම්බෝ පැන්නා කියල ආණ්ඩුවක ගමන යන පාර වෙනස් වෙන් නෑ. මහින්ද පවුල එක්ක ආණ්ඩු කරන එකත්, රනිල් රෝයල් යාළුවො සමග ආණ්ඩුව කරන එකත් වෙනස් වෙන් නෑ එහෙට මෙහෙට පනින අයගෙන්.

    එජාපයට අද පාර්ලිමේන්තුවේ බහුතර සහය තියෙනවා හොරෙන්, එළිපිට 113ක් නැහැ රනිල්ට. මහින්දට (එකාබද්ධයට නෙමේ) රටේ මිනිස්සුන්ගේ පොඩි බහුතර කැමැත්තක් තියෙනවා කියල විශ්වාස කරන්න පුළුවන්. නමුත් පොහොට්ටුව වෙලා එනකොට ඒ මතය පාර්ලිමේන්තුවට හැරවෙන් නැතිවෙන්න පුළුවන්.
    මේ වෙනස තමයි ප්‍රාදේශීය සභා චන්දෙන් එලියට ආවේ.

    බලයේ ඉන්න ආණ්ඩුවක් චන්දයකට යන එක නවත්තවනවා කියන්නෙම ඔවුන් ඔවුන්ගේ මුලික ප්‍රතිපත්ති ප්‍රකාශනයට පයින් ගහල කියන එක.
    යහපාලන ආණ්ඩුවට වුනේ ඒකයි. ගිය පෙබරවාරි චන්දය පොඩි චන්දයක් කියල ගණන් නොගෙන හිටියට, එදා මහා චන්දයක් තිබුන නම් ප්‍රතිපලය ඔයිටත් වඩා දරුණු වෙන්න ඉඩ තිබ්බ. යහපාලන ආණ්ඩුව පළාත් සභා චන්ද තිබ්බේ නැත්තෙත් ඔය බයට.
    පළාත් සභාවකින් ආණ්ඩුව වෙනස් නොවුනට, ආණ්ඩුව පෙරලෙන්න පාර කැපෙනව.
    මේ චන්ද ඉතාම වැදගත්, ඒවගෙන් තමයි ආණ්ඩුවක් හරි පාරක යැවෙන්නේ.
    යහපාලනයේ මුලික පොරොන්දුවක් තමයි ප්‍රජාතන්ත්‍රවාදය රකිනවා කියන එක, නමුත් ඔවුන් බොරුවට බොලේ එහෙට මෙහට දාල චන්දෙ නොතිය හිටිය.
    ලැජ්ජ්ම නැති වැඩේ තමයි, TNA එක උතුරු පාලත් සභාව විසිරෙන එක ගැන මොකුත්ම නොකියපු එක, එකෙන් තේරෙනවා TNA එක විපක්ෂයේ වාඩි වෙලා හිටියට ඔවුන් ආණ්ඩුවේම කොටසක් කියල.
    මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මොනතරම් වැරදි කරත් උතුරේ පළාත් සභාවේ චන්දෙ තිබ්බා පරදිනවා කියල දැන දැන.

    2005-2009 මහින්දගේ ආණ්ඩුව චන්ද නොතියපු එක තනිකරම සුවිශේෂ තත්වයක්. එදා චන්දෙකට ගියා නම් රටේ අදත් බෝම්බ පිපිරෙනවා, මිනිස්සු කුඩු පට්ටම් වෙලා මැරෙනවා.
    සල්ලි දීල බැරි නම්, මොනවා කරලා හරි, ප්‍රජාව බේරාගෙන ඉන්න එපැයි ප්‍රජාතන්ත්රවාදේ ක්‍රියාත්මාක කරන්න.
    මෛත්‍රී වසලයෙක් වත් අනිත් කවුරුත් බෝධිසත්වයෝ වත් කියල නම් කියන්න බෑ. ඔතන ඉන්න හැමෝම ඉන්නේ බලයට ආසාව නිසා. පුද්ගල චරිත මේකට එච්චර වැදගත් නෑ.

    මම නම් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරන්න නම්, ආණ්ඩුවක් කැමති උනත් අකමැති වුනත් ඔවුන්ව් නිතර චන්ද වලට තල්ලු කරන්න ඕන.
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    මැතිවරණ පැවැත්වීම විතරක් නෙවෙයි ප්‍රජාතන්ත්‍රවාදය, මැතිවරණ පවත්වා දිනාගත් ආණ්ඩුව ඒ නියමිත කාලය දක්වා රැකගැනීමත් ප්‍රජාතන්ත්‍රවාදයයි. එක එක බහුබූතයන්ට, බහුතරය නැතුව, බාහුබලයෙන් ආණ්ඩු හයිජැක් කර, එය ෆේල් වූ පසු ප්ලෑන් බී ලෙස "මැතිවරණයක් තියමු හා එහෙනං " වැනි ගොන් ජෝක් දැමීම නම් ප්‍රජාතන්ත්‍රවාදය නොව අශිෂ්ඨත්වයයි.
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43

    මැතිවරණ පැවැත්වීම විතරක් නෙවෙයි ප්‍රජාතන්ත්‍රවාදය, මැතිවරණ පවත්වා දිනාගත් ආණ්ඩුව ඒ නියමිත කාලය දක්වා රැකගැනීමත් ප්‍රජාතන්ත්‍රවාදයයි. එක එක බහුබූතයන්ට, බහුතරය නැතුව, බාහුබලයෙන් ආණ්ඩු හයිජැක් කර, එය ෆේල් වූ පසු ප්ලෑන් බී ලෙස "මැතිවරණයක් තියමු හා එහෙනං " වැනි ගොන් ජෝක් දැමීම නම් ප්‍රජාතන්ත්‍රවාදය නොව අශිෂ්ඨත්වයයි.

    ඔහොම සරලව කීවට මේක මෙහෙම නෙමේ නේද වුණේ ???

    ආණ්ඩුව හයිජැක් කරාට වඩා වුනේ, පළුවක් ගලවන් ගියපු එකනේ. සන්ධානේ කඩාගෙන ගියා.

    ඒ ඇයි ?

    එක්සත් ජනතා නිදහස් සන්ධානය දන්නවා, යහපාලන ආණ්ඩුව විදියට මීළඟ චන්දෙට ගියොත් ඔවුන්ට තමයි දරුණුම පරාජය. ඕනෑම සභාග රජයක සිද්ධ වෙන්නේ මේක, සුළු පක්ෂය ඊලග චන්දය දරුණුවට පරදිනවා. ඒ නිසා ලෝකේ පුරා සභාග රජයවල් කඩාන වැටෙන්නේ චන්දෙ ලන් වෙද්දී පොඩි පක්ෂය අහක් වෙලා.
    මෙතැන වෙනස වුනේ, පොඩි පක්ෂේ අහක් වුනාට ඔවුන්ට එකතු වෙන්න ඒකාබද්ධය හිටියා. එතන තියෙනවා සුළුතර ආණ්ඩුවක් කරන් යන්න තරම් ආසන ගණනක එකතුවක්.

    රටේ නොනිල විපක්ෂය මැතිවරණයක් තියමු කියල කියන්නේ දැන් දැනක ඉදන් නෙමෙයි නේ, තියන්න තිබුන පළාත්සභා චන්ද තිබ්බේ නැති එක ගැන යහපාලනය මොකද කියන්නේ?

    ගිය පෙබරවාරි වලට පස්සේ යහපාලන ආණ්ඩුව කඩාගෙන වැටෙනවා කියල නොදැකපු කෙනෙක් හිටිය නම් තමයි පුදුමේ.

    ඔව් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවකට ඔවුන්ගේ කාලය දුවන්න අයිතිය තියෙනවා, නමුත් ඒ ආණ්ඩුවේ පළුවක් ගලවාගෙන ගියාම එකෙන් තේරෙනවා ඒ ආණ්ඩුවට ඊලග චන්දයට මුණ දෙන්න ප්‍රශ්නයක් තිබුන නිසා කඩන් වැටුනා කියන එක.

    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    ඔහොම සරලව කීවට මේක මෙහෙම නෙමේ නේද වුණේ ???

    ආණ්ඩුව හයිජැක් කරාට වඩා වුනේ, පළුවක් ගලවන් ගියපු එකනේ. සන්ධානේ කඩාගෙන ගියා.
    කරුණාකර පෙන්වන්න ඒ පළුව මොකද්ද කියා. ඒ පලුවේ විශාලත්වයත් වැදගත්, මොක්ද නිකං පීචං පලු කඩාගෙන ගිය පමණින් ආණ්ඩු වැටෙන්නේ නැහැනේ.
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    කරුණාකර පෙන්වන්න ඒ පළුව මොකද්ද කියා. ඒ පලුවේ විශාලත්වයත් වැදගත්, මොක්ද නිකං පීචං පලු කඩාගෙන ගිය පමණින් ආණ්ඩු වැටෙන්නේ නැහැනේ.

    පළුවේ ප්‍රමාණය මොකක් වුනත්, පළුව ගැලවුන හේතුව හරිනේ. ;)

    කඩාගෙන ගියපු පාළුව පීචන් වුනාට, පීචන් පළුව ගිහින් සුළුතර ආණ්ඩුවකට ඇති තරම් ආසන එකතුවක් හැදුන නිසානේ මේ අවුල. කඩන් ගියපු පළුව ස්වාධින වුනා නම් එජාපයට කිසි තර්ජනයක් නැහැ. දැන් ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකටවත් සරල බහුතරය නෑ, සුළු පක්ෂ බහුතරය හදන්න එකතු වෙන්නෙත් නෑ, චන්දයක් ළඟ එන නිසා.

    දැන් තියෙන්නේ යහපලානේ විලෝමය, කලින් ආණ්ඩුවක් තිබුන හරි විපක්ෂයක් නෑ, දැන් විපක්ෂයක් තියෙනවා හරි ආණ්ඩුවක් නෑ. :rofl:
     
    මම හිතුව ඔයා මේ සීරියස් කියලා, බැලුවහම විහිලුනේ කරන්නේ. සුලුතර ආණ්ඩු කතා ඔයාගේ ඔලුවේ තියෙන එකෙක් නේ. පලුවක් කඩාගෙන ගියාම ආණ්ඩු වැටෙනවා බහුතරය නැති වෙලා.
    දැන් කෝ බහුතරය?
    බහුතරය පෙන්වන්න පුලුවන් කට්ටියක් ඉන්නවා, පෙන්වා ගන්න දත කාලා බැරි වෙච්ච කට්ටියක් ඉන්නවා.
    113 පෙන්නන කට්ටියක් ඉන්නවා, 113 හදාගන්න බැරුව ජෝක් වෙච්ච කට්ටියක් ඉන්නවා.
    ඒක තමයි මහපොලොවේ වැඩ කරන ඇහැට පේන යථාර්තය. TNA එකත්, ජ.වි.පෙ ත් විශ්වාස භංගයට සහය දීල ඉවරයි. Short and sweet bitter truth. ඔයා තාම මේව ගැන දන්නේ නැත්තනම් කරුනාකර යාවත්කාලීන වෙන්න. ඒ අතරේ අර කඩාගෙන ගිය පලු ආපහු ඇවිල්ලත් තියෙනවා. ඒක නිසා ඔයා කියන දේ වලංගු භාවයත් අහෝසිවෙනවා.
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43

    TNA එකත්, ජ.වි.පෙ ත් විශ්වාස භංගයට සහය දීල ඉවරයි. Short and sweet bitter truth. .

    JVP, TNA එක විශ්වාසභංගයට සහය දුන්නට, එජාප රජයකට 113 හදන්න සහය දීල තියෙනවද?

    මම නම් එහම එකක් දැනන් හිටියේ නෑ.

    අලුත් ආණ්ඩුවකට 113ක් තියෙන කවුද ඉන්නේ?
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    JVP, TNA එ විශ්වාසභංගයට සහය දුන්නට, එජාප රජයකට 113 හදන්න සහය දීල තියෙනවද?
    මම නම් එහම එකක් දැනන් හිටියේ නෑ.
    අලුත් ආණ්ඩුවකට 113ක් තියෙන කවුද ඉන්නේ?

    මොනාද මේ කියන්නේ, විශ්වාස භංගයෙන් පෙන්නලා තියෙනව මහින්ද -සිරිසේනට බහුතරයක් නැති බව. දැන් ජනාධිපතිවරයා කල යුත්තේ බහුතරය ඇතැයි පෙන්වන පුද්ගලයා පත් කිරීම. ඒ වගේම ජ.වි.පෙ + TNA එක පැහැදිලිව කියා තිබෙනවා මහින්ද-සිරිසේනගේ ව්‍යවස්තා කුමන්ත්‍රනය පරාජය කර ඊට "පෙර තිබූ තත්වය" නැවත ඇති කිරීමට කටයුතු කරන බව. බොරුවට තර්ක කොරන්න පුලුවන් හැබැයි කාලය අපරාදේ.

    Anura Kumara
     
    Last edited:

    batakolaachchi

    Junior member
  • Jan 30, 2018
    41
    3
    8
    විධායකය, ව්ය වස්ථාදායකය, අධිකරණය තුළ ද මෙරට මහජන බදු මුදලින් යැපෙන තනතුරු දාරීන් විසින් ශ්රීථ ලංකාවේ ගෞරවයද මහජන මුදල් ද කාබාසිනිය කරමින් පවතී.
    2015 ජනවාරි 08 දින පැවැත්වූ ජනාධිපතිවරණයෙන් පසුව ජනතාවගේ පරමාධිපත්යවයට වැරදි අර්ථකතන දෙමින් පවත්වාගෙන ගිය දින 100 යේ සුලුතර ආණ්ඩුව තුලින් කල පලමු කාර්යය මහබැංකුව මංකොල්ල කෑමයි...ඉන් නොනැවතී හොරා කෑ... සල්ලි මන්ත්රීරවරු 118 ක අතරේ බෙදා ..19වන ව්යයවස්ථා සංශෝධනය පෞද්ගලික පළිගැනීමක් ලෙස පමණක් නිවැරදි නොවන ලෙස සිදුකර හොරා කෑ මන්ත්රීක බහුතරයෙන් සමිමත කර ජනතා පරමාධිපත්ය යටපත් කලේය.අධිකරණය විසින් තවදුරටත් එය තහවරු කරමින් ජනමත විචාරණයක් ලබා නොදෙන ලදී.... මහ මැතිවරණයක්ද රට අවුලට පත්කළ 19 වන ව්යදවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක්ද ඉල්ලා මහජනතාව පාරට බැසිය යුතු කාළය එළඹ ඇත. සල්ලි මලුවලට විකිණී මාරු වෙන පර්ලිමෙන්තුවට බලය පැවරෙන ක්ර මය මෙරටට සුදුසු නොවේ ..වීධායක ජනාධිපති දූරය වසර 05කට සීමා කර..වාර ගණන සීමා නොකල යුතුය..එය ජන්දයෙන් සීමා කිරීමට ජනතාවට හැකියාව ඇත.