මැතිවරණයකට යාම ප්‍රජාතන්ත්‍රවාදයද?

326

Active member
  • Aug 12, 2017
    247
    126
    43
    දැන් ජනාධිපතිවරයා කල යුත්තේ බහුතරය ඇතැයි පෙන්වන පුද්ගලයා පත් කිරීම.


    ජනාධිපතිවරයා මේ හුටපටේට කලින් හිටපු කෙනාට විරුද්ධයිනේ, එකනේ මේ ඔක්කොටම මුල. එක එහම නෙමෙයි වගේ ආපහු තිබුන තැනට හරවන්න බෑ ඉතින් ජනාධිපති අකමැති නම්.
    එකනේ විධායක ජනාධිපති ක්‍රමය කියන්නේ, ජනාධිපති තමයි රාජ්‍ය නායක, අගමැති නෙමෙයි.
    තවමත් කලින් හිටපු රනිල් තමන්ට බහුතරය ඇතැයි කියලා පෙන්වා නෑ. ජනාධිපති කියනවා රනිල්ව පත් කරන්නේ නෑ කියලා. :dull:
    JVP එක කියන්නේ නෑ රනිල්ව අගමැති කරන්න කියල. :rofl:

    මේ thread එක පටන් ගත්තේ මැතිවරණයකට යාම ප්‍රජතන්ත්රවාදයද කියල, ඔව්.

    2015 කෝප් වාර්තාව එන දවසේ විසිරවපු පාර්ලිමේන්තුව 2018 විසිරුවාමත් ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න ඕන.
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    ජනාධිපතිවරයා මේ හුටපටේට කලින් හිටපු කෙනාට විරුද්ධයිනේ, එකනේ මේ ඔක්කොටම මුල. එක එහම නෙමෙයි වගේ ආපහු තිබුන තැනට හරවන්න බෑ ඉතින් ජනාධිපති අකමැති නම්.
    එකනේ විධායක ජනාධිපති ක්‍රමය කියන්නේ, ජනාධිපති තමයි රාජ්‍ය නායක, අගමැති නෙමෙයි.
    තවමත් කලින් හිටපු රනිල් තමන්ට බහුතරය ඇතැයි කියලා පෙන්වා නෑ. ජනාධිපති කියනවා රනිල්ව පත් කරන්නේ නෑ කියලා. :dull:
    JVP එක කියන්නේ නෑ රනිල්ව අගමැති කරන්න කියල. :rofl:

    මේ thread එක පටන් ගත්තේ මැතිවරණයකට යාම ප්‍රජතන්ත්රවාදයද කියල, ඔව්.

    2015 කෝප් වාර්තාව එන දවසේ විසිරවපු පාර්ලිමේන්තුව 2018 විසිරුවාමත් ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න ඕන.

    මම හිතන්නේ ඔයාගේ මේ කතාවෙන් ඔයාගේ ව්‍යවස්තාව ගැන තියෙන නොදැනුවත් කම පැහැදිලියි. ඒ නිසා මගේ කාලේ නාස්ති කරන එකේ තේරුමක් නෑ. ජනාදිපතිවරයාට ඕන කෙනයි අගමැති කරන්නේ වගේ "බෝක්කු පීටර්ලගේ" තර්ක වල වලංගුභාවයක් නැහැ.

    ව්‍යවස්තාවේ ඉතාම පැහැදිලිව දක්වා තියෙනවා අගමැති වශයෙන් නම් කල යුත්තේ පාර්ලිමෙන්තුවේ විශ්වාසය ඇතයි සිතන පුද්ගලයායි. එනම් බහුතර මන්ත්‍රීන්ගේ සහය අරගෙන ආණ්ඩුවක් බදාවකින් තොරව, අණ පණත් සම්මත කරමින් කටයුතු කල හැකි පුද්ගලයායි. ජනපතිගේ අභිමතයට අගමැති පත් කිරීමක් පාර්ලිමේන්තුව ක්‍රමය තුල නැහැ. ජනාධිපතිගේ අභිමතය විය යුත්තේ බදාවකින් තොරව ආණ්ඩුවක් පවත්වා ගැනීමට හැකි පුද්ගලයා පත් කිරීමයි. ඒක රාජකාරිමය අභිමතය විනා පුද්ගලික අභිමතය නොවිය යුතුයි.
     

    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    මම හිතන්නේ ඔයාගේ මේ කතාවෙන් ඔයාගේ ව්‍යවස්තාව ගැන තියෙන නොදැනුවත් කම පැහැදිලියි. ඒ නිසා මගේ කාලේ නාස්ති කරන එකේ තේරුමක් නෑ. ජනාදිපතිවරයාට ඕන කෙනයි අගමැති කරන්නේ වගේ "බෝක්කු පීටර්ලගේ" තර්ක වල වලංගුභාවයක් නැහැ.

    ව්‍යවස්තාවේ ඉතාම පැහැදිලිව දක්වා තියෙනවා අගමැති වශයෙන් නම් කල යුත්තේ පාර්ලිමෙන්තුවේ විශ්වාසය ඇතයි සිතන පුද්ගලයායි. එනම් බහුතර මන්ත්‍රීන්ගේ සහය අරගෙන ආණ්ඩුවක් බදාවකින් තොරව, අණ පණත් සම්මත කරමින් කටයුතු කල හැකි පුද්ගලයායි. ජනපතිගේ අභිමතයට අගමැති පත් කිරීමක් පාර්ලිමේන්තුව ක්‍රමය තුල නැහැ. ජනාධිපතිගේ අභිමතය විය යුත්තේ බදාවකින් තොරව ආණ්ඩුවක් පවත්වා ගැනීමට හැකි පුද්ගලයා පත් කිරීමයි. ඒක රාජකාරිමය අභිමතය විනා පුද්ගලික අභිමතය නොවිය යුතුයි.

    හරි මම ව්‍යවස්ථා විශාරද කෙනෙක් නෙමෙයි.

    දැන් ඔබතුමා ම පිලිගන්නවා, ජනාධිපති විසින් පාර්ලිමේන්තුවේ බහුතරය ඇතියයි විශ්වාස කරන කෙනාව් පත් කරනවා.

    දැන් පාර්ලිමේන්තුවේ 113ක් තිබෙන්නේ කාටද?

    ජනාධිපතිට 112/112 තත්වයක් මතු වුනොත්, දෙන්නෙකුට සමාන සහයක් තිබුනොත්.
    එතකොට ජනාධිපතිගේ කුමන අභිමතයද වලංගු, රාජකාරිමය අභිමතයද, පුද්ගලික අභිමතයද?

    මට නම් තේරෙන්නේ, ජනාධිපතිට කැමති කෙනෙක් පත් කළහැකි ව්‍යවස්ථාවක් අපිට තියෙන්නේ.
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    දෙසැම්බර් 7 වෙනකොට මහින්ද විරුවාගේගේ රෙප් පවර් එක, නැතිනම් රෙපියුටෙෂන් එක හොඳටම වැටෙනවා.

    දේශීයව - මිනිහා කැතම වෙලා ගිහින්. දැන් හැම කෙනා අතේම ස්මාර්ට්ෆෝන්. ඉස්සර වගේ නෙමෙයි. සිරා රාජ්‍ය මාද්දිය අල්ලගෙන හිටියට, මිනිස්සු නිවුස් ගන්නේ ඒවායින් නෙමෙයි.

    ට්විටර්, ෆේස්බුක්, නිවුස් වෙබ්සයිට් වලින්.

    පාර්ලිමේන්තු පොලීස් නිලධාරීන්ට පුටුවලින් ගහපු එක, මිරිස් වතුර ගහලා ඒ මිනිස්සු වේදනාවෙන් ඉන්න එක, මේ වෙනකොට රටම දැකලා ඉවරයි.

    ඔහොම යන්. සිරා හිතාගෙන ඉන්නේ දෙසැම්බර් 7 තීන්දුව එනකන් මේ වැඩේ දිගටම යයි කියලා. ඔව් යයි.

    සමහර විට පාර්ලිමේතුව ඇතුලේ, ඉතාහාසයේ පලමු වතාවට මනුස්සයෙක් මැරෙයි.

    මේ පාදඩ වැඩ වලට උසි ගන්වලා මහින්ද ලස්සනට ඉන්න හැටියි, එහෙම අමාරුවෙන් සම්මත කර ගන්න ඒවා සිරා පිලිගන්න බෑ කියාලා ආයෙත් ඊලඟ දවසෙත් ගහමරා ගන්න එකට සෙට් කරන හැටියි රටම දන්නවා. සීලාචාර රටවල නියෝජිතයිනුත් දැක්කා. ලෝකෙ හැම ටී.වී චැනල් එකකම පෙන්නුවා.

    ඔහොම යන්කො සිරා මරා.

    මරාට අමතකයි, බයියන්ගෙ චන්දවලින් දිනන්න බෑ කියලා. දිනන්නේ පාවෙන චන්ද යන පැත්තට. දැන් මරා යුධ විරුවා නෙමෙයි, පාර්ලිමේන්තුවේ පාතාල නායකයා. දෙසැම්බර් 7 වෙනකොට, එයා රටේම පාතාල නායකයා වෙනවා.

    ගමන සුබයි මරෝ.... රුපියල් පහක් පැට්‍රල් අඩුකරලා, තව මොන මොනවා හරි දීලා චන්ද ගන්න මේ රමේ මිනිස්සු හිඟන්නෝ කියල හිතාගෙන ඇති මරා පකයා.

    2015දිත් දුන්නානේ මලු පුරවලා සහන.... දින්නද මරෝ? නෑ නේ? මේ සැරේ ඊටත් අන්තයි මරෝ. මිනිස්සුන්ට එපාවුනාට පස්සේ සහන දීලා චන්දෙ ගන්ඩ බෑ.

    මහින්ද හා මහින්දගේ බයියෝ කොච්චර කෑගැහුවත් රනිල්ලා රට විකුණනවා කියලා, ලෝකෙම ඉස්සරහා රට ගඳ ගස්සන්නේ කවුද කියලා රටම ලයිව් බලනවා හැමදෑම

    ඔහොම යන්කො සිරා මරා.

     

    Mrdwxll0

    Member
    Nov 15, 2018
    469
    51
    0
    මැතිවරනයක් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය තමයි.නමුත් අනවශ්‍ය වෙලාවට අනවශ්‍ය විදිහට මැතිවරන පැවත් වීම ප්‍රජාතන්ත්‍ර විරෝදී ක්‍රියාවක් සහ ප්‍රජාතන්ත්‍රවාදය විකෘති කිරීමක්.මේක තෙරුම් ගන්න බැරිනම් ඒ මනුස්සය හරකෙක්.ප්‍රජාතන්ත්‍රවාදය යනු නියමිත වෙලාවට මැතිවරන පැවත් වීමයි. මූලිකම ප්‍රජාතන්ත්‍රවාදය මහා මැතිවරන සහ ජනාධිපතිවරනයි.මේවා වෙලාවට පවත්වන්න ඕන.නමුත් විශේෂ තත්ව යටතේ බහුතරය අහිමි වුන විටක හෝ ජනාධිපතිවරයා පැත්ත මාරු කල විටක ඒවා පවත් වන එක සාධාරනයි.නමුත් හැම ආන්ඩුවක්ම බලයට එන්නේ අවුරුදු පහකට.ඒ අවුරුදු පහ තුල වාසිදායක කාල සහ අවාසි දායක කාල එනවා.හැම තිස්සෙම ජනතාවට සීනි බෝල කවන්න බෑ.රට ලෙඩ වෙලානම් තිත්ත බෙහෙත් පොවන්න වෙනවා .ඉන්ජෙක්ෂන් ගහන්න වෙනවා.ඒ වගේ අවාසිදායක වෙලාවක මැතිවරණයක් බලහත්කාරයෙන් කැඳවීම ප්‍රජාතන්ත්‍ර විරෝදී විෂමාචාර ක්‍රියාවකි.මොකද මේවා කරේ නැත්නම් ලෙඩා මැරෙනවා.රට මියයනවා.එහෙම කාලවල මැතිවරන වලට නොයෑමට ආන්ඩුවට අයිතියක් ඇත.ඒකනේ අවුරුදු පහකට රට දෙන්නේ.ඒ වගේම වාසිදායක වෙලාවක මැතිවරනයකට යාමත් වැරදි.එතනත් ප්‍රජාතන්ත්‍රවාදයට හානියක් ඇත.මහින්ද 2005 ජනාධිපති වෙනකොට ඔහු මහාමැතිවරනයක් දිනලා තිබුනේ නෑ.තිබුනේ සුලුතර ආන්ඩුවක්.ඔහුට 2006,2007,2008 අවුරුදු වල මහාමැතිවරනයකට යාමට විපක්ෂය ඉල්ලිම් කලත් ඔහු ගියේ නෑ.හේතුව ඔහුට අවාසිදායක නිසා.අනිවාර්යෙන්ම පරදින නිසා.නමුත් 2009 වාසිදායකම වෙලාවක ජනාධිපතිවරනය කැදෙව්වා. දිනුවා.අවුරුදු දෙකක් කලින්.ඒකත් වැරදී.පවත්වන්න ඕන නියමිත කාලයට.මහමැතිවරනයත් 2009 කැදෙව්වා.දින්න.ඒක නියමිත කාලයට..වාසිදායක වෙලාවක.තුනෙන් දෙක ආවේ නෑ.නමුත් නියමිත කාලය නිසා නිවරදියි. 2014 ජනාධිපතිවරනය අවුරුදු දෙකක් කලින් කෝල් කරා.තව අවුරුදු දෙකක් හිටියනම් අවාසිදායක නිසා.ඒක තුරුම්පුවක්.වැරදුනා.පැරදුනා.එතනදි ආන්ඩුවක් මාරූ වී ඇත.ජනපති පැරදුනා කියන්නේ ආන්ඩුව පැරදී.ඒක නිසා තිබ්බ පාර්ලිමන්ට් එක විසිරෙව්වා.ඒක හරි.සිරිසේනට ඕනිනම් 2019 ජනාධිපතිවරනය කැදවලා දිනලා පාර්ලිමන්ට් එක විසිරුවන්න පුලුවන්.ඒක තමයි හරි ක්‍රමය.එහෙම නැතිව ඔහුට අයිති නැති ජනාධිපති බලතල තියාගෙන විපක්ෂයට පැනලා මැතිවරනයක් තියන එක වැරදී.

    Owa minissunwa danuwath karanna kenek nane bn..
    Media walin unath ekeka wikarane kiyawanne.

    Mewa gana janathawata pahadili karanna hoda Independence YouTube channel (Ex: The Philip DeFranco Show) ekak ehema thibunanam patta watinawa.
     
    Last edited:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    හරි මම ව්‍යවස්ථා විශාරද කෙනෙක් නෙමෙයි.

    දැන් ඔබතුමා ම පිලිගන්නවා, ජනාධිපති විසින් පාර්ලිමේන්තුවේ බහුතරය ඇතියයි විශ්වාස කරන කෙනාව් පත් කරනවා.

    දැන් පාර්ලිමේන්තුවේ 113ක් තිබෙන්නේ කාටද?

    ජනාධිපතිට 112/112 තත්වයක් මතු වුනොත්, දෙන්නෙකුට සමාන සහයක් තිබුනොත්.
    එතකොට ජනාධිපතිගේ කුමන අභිමතයද වලංගු, රාජකාරිමය අභිමතයද, පුද්ගලික අභිමතයද?

    මට නම් තේරෙන්නේ, ජනාධිපතිට කැමති කෙනෙක් පත් කළහැකි ව්‍යවස්ථාවක් අපිට තියෙන්නේ.

    ඔයවගේ ව්‍යවස්ථාවේ අර්ථනිරූපන කටයුතු බාරදීලා තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට.

    එතකොට හරි හෝ වැරදි කතා බෑ, ඒක පිලිගන්න ඕනෑ

    සාමන්‍ය මිනිස්සු වියවස්තාවේ අරකයි තියෙන්නේ, මේකයි තියෙනේ කිව්වට වැඩක් නෑ.



    ජනාධිපතිට 112/112 තත්වයක් මතු වුනොත්, දෙන්නෙකුට සමාන සහයක් තිබුනොත්.
    එතකොට ජනාධිපතිගේ කුමන අභිමතයද වලංගු, රාජකාරිමය අභිමතයද, පුද්ගලික අභිමතයද?

    ඔහොම වෙන්න බෑ නෙ මහත්මයා. පාර්ලිමේන්තුවේ 225ක් ඉන්නවා. 112/112 ස්ප්ලිට් එකක් ආවොත්, කතානායක තමන්ගේ වෝට් එක දාලා ඕක කඩනවා. - ජනාධිපතිට පාර්ලිමේන්තුවේ තියෙන රාජකාරිය රාජාසන කතාව කරන එකයි, අගමැති හා කැබිනට් එකට පත්වීම් දෙන එකයි. ඒවා දෙන්නේ එයාගේ තනි කැමත්තටද, බහුතරය තියෙන කෙනාගේ කැමැත්තටද කියන එක ශ්‍රේෂ්ඨාධීකරණය දෙසැම්බර් 07 කියයි.
     

    Zahina Rishad

    Active member
  • Aug 14, 2009
    310
    26
    28
    ජනාධිපතිගේ අභිමතය විය යුත්තේ බදාවකින් තොරව ආණ්ඩුවක් පවත්වා ගැනීමට හැකි පුද්ගලයා පත් කිරීමයි. ඒක රාජකාරිමය අභිමතය විනා පුද්ගලික අභිමතය නොවිය යුතුයි.

    :yes::yes:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔව් ඔව් මැතිවරණ ඕනේ නෑ. වික්කාමසින්හය රට කොටියට බෙදල දීල, සුද්දොන්ට රට පාවල දීල, රණවිරුවෝ හිරේ දාල, මහා බැංකුව හොරා කාල, ආර්ථිකේ බින්දුවට බස්සල, ඩොලර් එක දෙසීයට නග්ගල, සංවර්ධනේ නිව්ස් වලට සීමා කරලා, කොලු කාරයෝ ඇති කරලා රට කම්බස්තාන් කරනකම් අවුරුදු 5ක් ඉවසමු. ඒකට තමා ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. :angry:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කොයි වේලාවක කොයි ක්‍රමයකට හෝ මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයයි .එය නොතෙරෙන එකා සමනලයෙකි . මැතිවරණ තිබිය යුත්තේ විවස්ථාවට අනුකූලවයි .​
     
    • Like
    Reactions: Silly point

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    46362867_311030643066066_3086344914582110208_n.jpg
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    භාෂාවෙන් කටට දියන් උබේ නපුන්සක ලොක්කට. චන්දෙ දවස ආවම ගූ එන් පි ලොල්ලොන්ට උත්තර ලැබෙයි. චන්දෙට බය හිගන්නෝ :lol: මේ එක නෙමේ ඊලග රිප්ලයි එක dhrtha එකෙන් දාපන්:lol:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    my3 අලුත් විශ්වාසභoගයත් විසිකරයි :D:D:D

    අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහ තම නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවට විරුද්ධව එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂය විසින් අද දිනයේද සම්මත කලේ යයි කියන විශ්වාසභංග යෝජනාවද පිළිගන්නේ නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබේ. (පව් ගූ.එන්.පී කාරයෝ)

    ඔහු සඳහන් කර ඇත්තේ තමන් සමග පැවති සාකච්චාවේදී එජාපෙ නායකයන් එකග වූ පරිදි විධිමත් ක‍්‍රමවේදය අනුගමනය කරමින් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව විශ්වාසභංග යෝජනාවක් සම්මත කර නැති බවයි.

    මේ අනුව මෙවර සම්මත කළ බව පැවසෙන විස්වාසභංග යෝජනාව ද කිසිසේත්ම පිළිගන්නේ නැති බව ජනාධිපතිවරයා සදහන් කර ඇති අතර පාර්ලිමේන්තුවේදී විධිමත් ලෙස සම්මත කරන පස විශ්වාස භංග යෝජනාවක් පිලිගැනීමට තමන් බැදී සිටින බවද සදහන් කර තිබේ.

    දැනට මාස කිහිපයකට පෙර එවක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට විපක්‍ෂය විසින් ගෙන එනු ලැබූ විශ්වාස භංගය ආකාරයේ විශ්වාස භංගයක් පිලිගැනීමට තමන් කිසිසේත්ම පැකිලෙන්නේ නැතැයිද ඔහු සදහන් කර ඇත.

    පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයක් සම්මත කරගැනීම සදහා ක්‍රමවේදය අදියරෙන් අදියර සරල ආකාරයෙන් මෙහි දැක්වේ.

    ජනාධිපතිවරයා විසින් පත් කරන ලද අගමැතිවරයා පිලිගැනීම මූලිකම කාරණාව වෙයි.

    අගමැතිතුමාට විරැද්ධව විශ්වාශභංග යෝජනාව කතානායකතුමාට භාරදිය යුතුය. ඒ සදහා අවම වශයෙන් මන්ත්‍රීවරු 20 දෙනෙකු අත්සන් කළ යුතුය.
    පාර්ලිමේන්තු මහලේකම් හරහා එම යෝජනාවේ නීත්‍යානුකූලභාවය කතානායකතුමා විමසිය යුතුය.
    එම යෝජනාව ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවට සහ ස්ථාවර නියෝගවලට අනුකූල බව මහලේකම්තුමා විසින් කතානායකතුමාට දැනුම් දිය යුතුය.
    එම යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට (Order Book) ඇතුලත් කළ යුතුය.
    එම න්‍යාය පුස්තකය සිකුරාදා දිනයේදී මුද්‍ර‍ය කර සියලුම මන්ත්‍රීවරුන්ට බෙදා හැරිය යුතුය.
    වැඩකරන දින පහකට පසුව එම යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට භාජනය කිරීමට අවස්ථාව සැලසිය යුතුය.
    පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවෙන් එම න්‍යාය පුස්තකයේ තිබෙන කටයුතු ගැන සලකා බලා ප්‍ර‍මුඛස්ථානය දිය යුත්තේ කුමන කටයුක්තකට දැයි තීරණය කළ යුතුය. (Committee on Parliamentary Business headed by the Speaker) මෙම කාරක සභාවේ මූලාසනය කතානායකතුමා ගන්නා අතර, සභා නායක, ආණ්ඩු පක්ෂයේ ප්‍ර‍ධාන සංවිධායක ඇතුලු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ වලින් සමන්විත මන්ත්‍රීන් කණ්ඩායමක් ඇතුලත් විය යුතුය. එසේම විපක්ෂ නායකතුමා ඇතුලු විපක්ෂයේ පක්ෂ නියෝජනය කරමින් විපක්ෂයෙන් නම් කරන ලද කණ්ඩායමක් ඇතුලත් විය යුතුය. තවද, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකද, නියෝජ්‍ය කාරක සභා සභාපතිද මෙම කමිටුවේ සාමාජිකයන්ය. ඒ අනුව, න්‍යාය පුස්තයේ සදහන් වී ඇති ආණ්ඩුවේ කටයුතු වල ප්‍ර‍මුඛස්ථානය නියම කරන්නේ සභා නායකවරයාය.
    මෙවැනි විශ්වාසභංග යෝජනාවක් න්‍යාය පුස්තකයට ඇතුලත්වූ පසු එය පාර්ලිමේන්තුවේ විවාද කිරීම සදහා සභා නායකතුමාගේ සහ ආණ්ඩු පක්ෂයේ කැමැත්ත ඇතිව පාර්ලිමේන්තුවේ විවාද කිරීම සදහා ලබා දිය හැකි ආසන්නතම දිනය තීරණය කළ යුතුය.
    එම දිනයේ න්‍යාය පත්‍ර‍යට මෙම යෝජනාව ඇතුලත් කොට අදාළ දිනයට විවාදයට ගන්නා බවට දැනුම් දිය යුතුය.
    එම විශ්වාශභංගය විවාද කිරීම සදහා ආණ්ඩු පක්ෂයටත් විපක්ෂයටත් අවශ්‍ය කාලය පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව විසින් තීරණය කළ යුතුය.
    අදාළ දිනයේදී විවාදය පවත්වා ඡන්දය විමසීම සහ එය ප්‍ර‍කාශ කළ යුතුය.
    එදින පාර්ලිමේන්තුවේ විවාදය පිළිබද හැන්සාඩ් වාර්තාව නිකුත් කළ යුතුය.
    (ඉහත කී සියලුම ක්‍රියාවලියන් ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවටද, ස්ථාවර නියෝග වලටද, පාර්ලිමේන්තු සම්ප්‍ර‍දායන් සහ ක්‍රියා පටිපාටියන් වලට අනුකූලව සිදු කිරීමට පාර්ලමේන්තුව වගබලා ගත යුතුය.)
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    සමහරු හිතන් ඉන්නෙ පළාත් සබා, ප්‍රාදේශීය සබා පැරදුණාම මහ මැතිවරණ තියන්න ඕන කියල.

    මැර බලෙන් අගමැති කම් වෙනස් කරන්න පුළුවන් කියල.

    මැර බලෙන් ජාතික රූපවාහිණිය, ITN එක එහෙම පවර ගන්න පුළුවන් කියල .... ආහ්හ් ඒකනම් කරන්න පුළුවන් :D

    උඹල මැතිවරණ කල් දාපු එකත් වැරදියි, පොහොට්ටුව සදිසි උන එකත් වැරදියි. ඇයි ඒක පිලිගන්න බැරි. මැතිවරණ ක.් දැම්මෙ බයට මිස වෙන මොකටද. දැන් කරන්න තියෙන්නෙ ආණ්ඩුව නැවත බාර දෙන එක. ඒත් රනිල්ට ආයිත් අගමැති දෙනවට රටේ බහුතරය කැමති නෑ. ඒ වගේම ආණ්ඩුව බාර අරන් කල් දැම්ම මැතිවරණ තියන එක. මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි එහෙම කලානම්.