එජාපය බදුල්ල දිස්ත්රික්කය ජය අරන්: මොණරාගලින් සියයට 40 ක් අරන්: නිල නොවන ආරංචි කියයි
(ලංකා ඊ නිව්ස් -2014.සැප්.20, ප.ව.11.50) බදුල්ල දිස්ත්රික්කය එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව පරදවා ජයගෙන ඇතැයිද, බදුල්ල ආසනය වැඩි ඡන්ද 5000 කින් පමණද හාලිඇල ආසනය වැඩි ඡන්ද 3200 කින් පමණද, ඌව පරණගම වැඩි ඡන්ද 200 කින්ද එක්සත් ජාතික පක්ෂය ජයගෙන ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත ලැබුණු නිල නොවන ප්රතිඵල වලින් හෙලිවේ.
මොණරාගල දිස්ත්රික්කයේද එජාපය සියයට 40 ක් දක්වා ඡන්ද ලබාගෙන ඇතැයිද එම නිල නොවන වාර්තා පවසයි.
මේ අනුව බොහෝ විට ඌව පළාත් සභාව පොදු විපක්ෂයට පිහිටුවිය හැකි වනු ඇතැයි දේශපාලන අනාවැකි කරුවෝ පවසති.