අගවිනිසුරුගේ සහ නීතිපතිගේ මතය
ඉන්පසුව ජනාධිපති පිස්සා විසින් අගවිනිසුරුවරයාගේ අදහස් විමසා ඇති අතර ඔහු පිටු 9 ක ලිපියක් මගින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට මේ අවස්ථාවේ ජනාධිපතිට බලයක් නොමැති බව පෙන්වා දී තිබිණ.
සවස යලිත් වරක් නීතිපතිවරයා කැඳවා ඇති ජනාධිපති පිස්සා පාර්ලිමේන්තුව විසිරුවීම ගැන අදහස් විමසා ඇති අතර නීතිපතිවරයා විසින් ඊට කිසිදු ඉඩ කඩක් නැති බවත් එසේ කළහොත් රට විශාල අර්බුදයකට යන බවත් පවසා ඇත. එහිදී “නීතිපතිතුමා තමුසෙගෙ බම්බුවේ උපදෙස් මට වැඩක් නෑ. මේක කරන්න පුළුවන් හැටියක් බලනවා” යයි පිස්සු ජනාධිපති පවසා ඇති අතර ඒ ප්‍රකාශයෙන් කළකිරීමට පත් වූ නීතිපතිවරයා නැගිට යාමට සූදානම් වෙද්දී ජනාධිපති ලේකම් අතින් අල්ලා වාඩි කරවාගෙන තිබේ. නීතිපති වරයා පෙන්වා දී ඇත්තේ ජනාධිපතිට මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව විසිරුවීමට නොහැකි බවයි.