මැතිව්ස්‌ වෙනුවට වාස්‌?

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    මැතිව්ස්‌ වෙනුවට වාස්‌?

    අසේල විතාන සහ චමිල කරවිට

    ශ්‍රී ලංකා ලෝක කුසලාන ක්‍රිකට්‌ සංචිතයේ සිටින ප්‍රබලතම තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්‌ගේ ඇතිවී ඇති ආබාධ තත්ත්වය හේතුවෙන් අවසන් මහ තරගය සඳහා ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත තත්ත්වයක පත්ව ඇත.

    මැතිව්ස්‌ගේ ආබාධය හේතුවෙන් ඔහුට අවසන් මහ තරගය ක්‍රීඩා කිරීමට නොහැකි තත්ත්වයක්‌ උද්ගත වුවහොත් ඒ වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක චමින්ද වාස්‌ ශ්‍රී ලංකා සංචිතයට එක්‌ කිරීමට නියමිතව ඇත.

    කෙසේ වෙතත් ඊයේ සවස්‌ වනතුරුත් මැතිව්ස්‌ගේ ආබාධ තත්ත්වය පිළිබඳ නිල වෛද්‍ය වාර්තාවක්‌ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුවට ලැබී නොතිබූ අතර යම් හෙයකින් ඔහුගේ යෝග්‍යතාව මද වුවහොත් අද දිනයේදී චමින්ද වාස්‌ ඉන්දියාව බලා යැමට නියමිතය.

    මේ සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සභාපති අරවින්ද ද සිල්වාගෙන් "දිවයින" කළ විමසීමකදී, "මට ලැබුන තොරතුරු අනුව මැතිව්ස්‌ගේ ආබාධ තත්ත්වය තරමක්‌ බරපතලයිලු. නමුත් ඔහුට අවසන් තරගයට ක්‍රීඩා කරන්න පුළුවන්ද බැරිද කියන එක තවම වෛද්‍යවරු පවසල නැහැ. ඒ වාර්තාව ලැබෙනකන් තමයි බලන් ඉන්නෙ. එහෙම වුණොත් අපේ ඉන්න හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයව අපි කැඳවනවා. කණ්‌ඩායම සමග සාකච්ඡා කරල මේ පිළිබඳව තීරණයක්‌ අද දිනයේදී ගන්නවා." යනුවෙනි.

    මේ වන විටත් ශ්‍රී ලංකා කණ්‌ඩායම ඉන්දියාවේ මුම්බායි නුවර බලා පිටත්ව ගොස්‌ ඇති අතර ඇන්ජලෝ මැතිව්ස්‌ද සිය කණ්‌ඩායම සමග සංචාරයට සහභාගි විය. පෙරේදා නවසීලන්තය සමග පැවැති තරගයේදී පාදයේ ආබාධයකට ලක්‌වූ මැතිව්ස්‌ සහයක දුවන්නකු සමග ශ්‍රී ලංකා ජයග්‍රහණය තෙක්‌ නොදැවී කඩුල්ලේ රැදී සිටියේය.

    මැතිව්ස්‌ට පන්දු යෑවීමට නොහැකි තත්ත්වයක්‌ උද්ගත වුවහොත් එය අවසන් තරගයේදී ශ්‍රී ලංකාවට විශාල පාඩුවක්‌ සිදුවන බැවින් චමින්ද වාස්‌ව මෙසේ කණ්‌ඩායමට එක්‌ කිරීමට තේරීම් කමිටුව ඊයේ සාකච්ඡාවක නිරතව සිටියේය.


    http://www.divaina.com/2011/03/31/sports05.html
    :confused::eek::confused::eek::confused::eek::confused:
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    SL-TEAM.jpg