මැති-ඇමති ගැටුමට සියල්ල සූදානම්
කතානායක කුසලානය වෙනුවෙන් තරගවදින මැති ඇමතිවරුන්ගේ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගය වෙනුවෙන් මේවන විට කොළඹ ටොරින්ටන් පිටියේ සියල්ල සූදානමින්
ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කර ඇති බවද අප වාර්තාකරු කියා සිටියි. පාර්ලිමේන්තු අමාත්‍යවරුන්ගෙන් යුතු කණ්ඩායමක් සහ මන්තී‍්‍රවරුන්ගෙන් යුත් කණ්ඩායමක් තරගාවලියට එක් වන අතර ඔවුහු පසුගිය දිනවල සිය පුහුණුවීම් වල නිරතවූහ.
අමාත්‍ය කණ්ඩායම වෙනුවෙන් ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා නායකත්වය ලබා දෙන අතර එම කණ්ඩායමට අමාත්‍ය විමල් වීරවංශ, ඩිලාන් පෙරේරා, ලසන්ත අලගියවන්න, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලූත්ගමගේ, දුමින්ද දිසානායක, රෝහණ දිසානායක, ඉන්දික බණ්ඩාරනායක, විනයාගමූර්ති මුරලිදරන් සහ ලලිත් දිසානායක යන අමාත්‍යවරුන් එක් වන බව කියැවෙයි.
මේ අතර මන්තී‍්‍ර කණ්ඩායමට සජිත් පේ‍්‍රමදාස මන්තී‍්‍රවරයා නායකත්වය ලබා දෙන අතර පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ, සනත් ජයසූරිය, ජයන්ත කැටගොඩ, ලොහාන් රත්වත්ත, දිලූම් අමුණුගම, දයාසිරි ජයසේකර, සාරංග බස්නායක සහ උදිත ලොකුබණ්ඩාර යන අය ඇතුළත්වේ.
අමාත්‍යවරුන්ගේ කණ්ඩායම වෙනුවෙන් විමල් වීරවංශ සහ ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරුන් මෙම තරගයේ ආරම්භක පිතිකරුවන් ලෙසින් පිටියට පිවිසෙනු ඇත.
මේ අතර මන්තී‍්‍ර කණ්ඩායමේ නාමල් රාජපක්ෂ සහ දයාසිරි ජයසේකර මන්තී‍්‍රවරුන් ඉනිම ආරම්භ කරනු ඇති බව වාර්තා වේ.
විමල් වීරවංශ, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, උදිත ලොකුබණ්ඩාර සහ දිලූම් අමුණුගම යන අමාත්‍යවරු සහ මන්තී‍්‍රවරුන් කණ්ඩායම් දෙකේම පන්දු යවන්නන් ලෙසින් පුහුණුවීම් වලදී කැපී පෙනෙන දක්ෂතා දැක්වූ බව ආරංචි මාර්ග සඳහන් කරයි.