මැති ඇමැතිවරු ජාතික ඇඳුම අඳින්නේ ඇයි

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    12,001
    11,744
    113
    මැති ඇමැතිවරු ජාතික ඇඳුම අඳින්නේ ඇයි

    සමස්තයක් වශයෙන් ගත් කල මෙරට දේශපාලකයෝ රටේ ජනතාවගේ ජීවිතයට විශාලතම බලපෑම කළ හැකි පුද්ගල කණ්ඩායම බවට පත්ව සිටිති. දේශපාලකයන් යනුවෙන් අදහස් කරනුයේ පාර්ලිමේන්තුව, පළාත් සභා, නාගරික සභා හා ප්රාදේශීය සභා නියෝජනය කරන පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුය. ඔවුන් අතුරින් සමහරු ජාතික ඇඳුම යනුවෙන් හැඳින්වෙන ඇඳුම අඳින්නේ කුමක් නිසාද යනු විමසීම මෙම ලිපියේ අරමුණ වේ.
    මෙරට නිදහසට පෙර කාලය දෙස බැලීමේදී ශ්රී ලාංකිකයින්ට කියා විශේෂ වූ ජාතික ඇඳුමක් තිබූ බවක් නොපෙනේ. ශ්රී ලාංකීය ජාතිය සැදුම්ලත් සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් යන ජන කොටස් තම ඇඳුම ලෙස විවිධ ඇඳුම් ඇඳි බව පෙනේ.
    සිංහල පිරිමි ඇතමෙක් සරමක් හා උරහිසෙන් පලන ලද කොලරය රහිත අත් කොට කමිසයක් වැනි ඇඳුමක්ද සමහරු රෙදි කෝට් ද, උඩරට නිලමේ පන්නේ අය නිලමේ ඇඳුම වශයෙන් හැඳින්වෙන ඇඳුමද ඇන්දාහ. කාන්තාවන් වැඩි දෙනෙක් රෙදි හැට්ට ඇඳි අතර, සමාජ තත්ත්වයෙන් කැපී පෙනෙන කාන්තාවෝ ඔසරිය හා හැට්ටය හෝ ඉන්දියානු සාරිය නමින් හැඳින්වෙන සාරිය හා හැට්ටයද ඇන්දාහ.
    ද්රවිඩ පිරිමි වේට්ටිය සහ ජාතික ඇඳුම යනුවෙන් හැඳින්වෙන උඩුකයට අඳින ඇඳුමට සමාන ඇඳුමක්ද ඇඳි අතර ද්රවිඩ ස්ත්රීන්ගේ ඇඳුම වූයේ ඉන්දියානු ක්රමයේ සාරිය හා හැට්ටයයි. ද්රවිඩ තරුණියෝ හැට්ටය සහ ඉනේ සිට දෙපා දක්වා වූ ගවුමක් බඳු ඇඳුමක් ද අඳින ලද බව පෙනේ. මුස්ලිම් පිරිමි සරම සහ කෝට් එකක් ඇඳ හිසට උස තොප්පියක් දමා ගත්හ. තම්බිගෙ තොප්පිය වගේ යන කතාව වහරට ආවේ ඒ අයුරිනි. මුස්ලිම් ස්ත්රීහු ඉන්දියානු ක්රමයේ සාරිය හා හැට්ටයද ඇතැම් විට පන්ජාබ් ඇඳුමද ඇන්දාහ.
    බර්ගර් ජන කොටසට අයත් පිරිමි කලිසම් කමිස හා කෝට් ඇඳි අතර ස්ත්රීහු කොට හෝ දිග ගවුම් ඇන්දාහ. මේ හැර ජන වර්ග හතර ට අයත් ඉංග්රීසි භාෂාවේ හසල පිරිමි කලිසම් කෝට් ඇඳි අතර ඉංග්රීසි ආණ්ඩුවට ලැදි ඉංග්රීසි භාෂාව මනාව හැසිර වීමට නොහැකි සමාජ තත්ත්වයෙන් උසස් මුදලි මුහන්දිරම් වැනි තනතුරු දැරූ පිරිමි කෝට් එකක් සහ රෙද්දක් දණහිස දක්වා ඇඳ රෙද්දට යටින් දිගට කලිසමක් ද ඇන්දාහ. කලිසම මහත්වරුන්ගේ ඇඳුමක් ලෙස සැලකුණු බව මෙම කථාවෙන් ගම්ය වේ. එකල සමාජ මට්ටමෙන් උසස් කාන්තාවෝ වික්ටෝරියා රැජිනගේ පින්තූරවල පෙනෙන ආකාරයේ අත්දිග හැට්ටයක් හා දිග ගවුමක් ද ඇන්දාහ. අත් කොට කමිසය හා සරම කම්කරුවන්ගේ ඇඳුම වූ අතර අමුඩය ගොවිතැන් කටයුතුවලදී ගොවියන්ගේ ඇඳුම විය. එකල සාමාන්ය පිරිමි සරමක් ඇඳ උඩුකයට තුවායක් දමා ගැනීමද ගම්බදව දක්නට ලැබිණි.
    එවක ගුරුවරියන් හා හෙදියන් හැර වෙනත් රාජ්ය සේවයේ තනතුරුවල කාන්තාවෝ යෙදී නොසිටියහ. හෙදියන් වර්තමාන හෙදි ඇඳුමට සමාන ඇඳුමින්ද ගුරුවරියෝ අත්දිග හැට්ටයක් හා දෙපා දක්වා දිග රෙද්දකින් හෝ සාරි හැට්ටවලින් හෝ සැරසුනහ. මෙකල ලිපිකරුවන් සැමදෙනාගේ ඇඳුම කලිසම හා කමිසය වූ අතර ඉංග්රීසි දත් ගුරුවරු කලිසම හා කමිසය ද ඉංග්රීසි නොදත් ගුරුවරු රෙදි කෝට්ද ඇන්දාහ. නීතිවේදීන් හා බටහිර වෛද්යවරුන් සම්පූර්ණයෙන්ම යුරෝපීය ඇඳුමින්ද දේශීය වෛද්යවරු රෙදි කෝට්ද ඇන්දාහ. කෙනෙක් කලිසම ඇඳ ඉංග්රීසි කතා කිරීමට හෝ පිළිතුරු දීමට නොහැකි වුවහොත් මහත් ලැ-ජාවකට පත්වීමට එවක සිදුවිය.
    1948 නිදහසෙන් පසු කාලයේ තත්ත්වයද එසේ විය. මේ අතර මහාචාර්ය ගුණපාල මළලසේකර මහතා ඇතුළු බෞද්ධ නායකයින් පිරිසක් වෙසක් කැරොල් ගායනයකදී ඇඳි කොලරය නැති දණහිස දක්වා දිග කමිසය හා වේට්ටිය සහිත වත්මන් ජාතික ඇඳුමට සමාන ඇඳුම නිදහසින් පසු කාලයේදී දේශපාලකයන් ඇතුළු ඇතැම් දෙනා විසින් අඳින්නට පටන් ගත්හ. එහිදී කැපී පෙනුනු දේශපාලන නායකයන් අතර එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක, ඩී. ඒ. රාජපක්ෂ, ඡේ. ආර්. ජයවර්ධන, පිලිප් ගුණවර්ධන වැනි අය වූහ.
    1956 දේශපාලන පෙරළියත් සමග මෙම ඇඳුම සාමාන්ය ජනතාව අතර ජනප්රිය විය. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංචමහා බලවේගයට අයත් සඟ බලවේගය හැර සෙසු බලවේග අතර මෙම ඇඳුම බෙහෙවින් ජනප්රිය විය. මෙම ඇඳුමට කපටි සූට් එක යනුවෙන් සමහරු සමච්චල් කරන්නට වූහ.
    වර්තමානයේ පාර්ලිමේන්තුවේ හා පළාත් සභාවල ඇඳීමට අනුමත ඇඳුම් වනුයේ සම්පූර්ණ යුරෝපීය ඇඳුම, සාටකය ඇතුව හෝ නැතිව ජාතික ඇඳුම්, ජාතික ඇඳුමේ උඩු කයට අඳින Tunic කමිසය හා කලිසම සහිත දෙමුහුන් ඇඳුම යන ඇඳුම්ය. ස්ත්රීන් සඳහා සාරි හා හැට්ටද අනුමත වේ. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රීවරු දෙමුහුන් ඇඳුම අඳින අතර ජාතික ඇඳුම හෝ සම්පූර්ණ යුරෝපීය ඇඳුම නාදිති. සෙසු පක්ෂවල ඇතැම් මැති ඇමැතිවරු වරින් වර දෙක තුනම අඳිති. එහෙත් යුරෝපීය ඇඳුම ඇඳි ඇතැම් මැති ඇමතිවරු පවා බැරි බැරි ගාතේ ජාතික ඇඳුම අඳින්නට පටන්ගෙන ඇත.
    අද වන විට ජාතික ඇඳුම රටේ දේශපාලකයින් පිරිසකට පමණක් සීමා වී ඇත. දේශීය වෛද්යවරුන් අතර විශේෂයෙන් තරුණ වෛද්යවරු සියලු දෙනාම පාහේ අඳිනුයේ යුරෝපීය ඇඳුමයි. ඔවුන් වෙද මහත්වරු නොව ඩොක්ටර්ලාය. වෙද මහත්මයා යනුවෙන් අමතනවාටද වැඩි කැමැත්තක් නැත. ගුරුවරුන් අතර ජාතික ඇඳුම අඳින ගුරුවරයෙකු සෙවීම අති දුෂ්කරය. දැන් ඉස්කෝලෙ මහත්වරු නැත. සියල්ලෝම සර්ලාය. ඉස්කෝලෙ නෝනලා හෝ හාමිනේලා වෙනුවට ඉන්නේ මිස්ලා හා මැඩම්ලාය. ගොවි කම්කරුවන් දිග කලිසම හෝ කොට කලිසම අඳින අතර අමුඩය ගසා ගොවිතැන් කරන ගොවියකු සෙවීමද අසීරුය. ලිපිකරුවන් හෝ කාර්යාලවල සේවය කරන සියලු දෙනාම පාහේ අඳින්නේ කලිසමය. හමුදා, පොලිසි රාජකාරීවල නියුතු සියලු දෙනාගේ නිල ඇඳුම කලිසමය. පාසල් ශිෂ්යයන්ගේ නිල ඇඳුම දිග හෝ කොට කලිසම වන අතර ශිෂ්යාවන්ගේ නිල ඇඳුම ගවුමය. විශ්වවිද්යාලයට හෝ උසස් අධ්යාපන ආයතනයකට ජාතික ඇඳුමක් ඇඳ යම් ශිෂ්යයෙකු ගිය හොත් ඔහු විහිලුකරුවකු වීමට හෝ මානසික ආබාධයක් ඇති අයෙකු සේ සැලකීමට ඉඩ ඇත.
    වර්තමානයේ ගුරුවරියන් සම්පූර්ණයෙන්මත්, වෙනත් රාජ්ය සේවයේ නියුතු කාන්තාවෝ සාරිය හෝ ගවුමත් අඳිති. පුද්ගලික අංශයේ නියුතු පිරිමි කලිසම අඳින අතර ගැහැනු සාරිය, ගවුම හෝ කලිසම අඳිති. මෙකල නගරබද මෙන්ම ගම්බදවද තරුණ කතුන් කලිසම ඇඳීමට වැඩි කැමැත්තක් දක්වති. විදේශ රැකියාවලට යන පිරිමි හැම දෙනාම අඳිනුයේ කලිසමය. කලිසම අඳින්නට පෙර මෙන් ඉංග්රීසි දැනුමක් හෝ තත්ත්වයක් අවශ්ය නැත. එවක මංගල යෝජනාවක් පුවත්පතක දමන දෙමාපියෝ තම දියණියට යුරෝපීය ඇඳුම අඳින තරුණයෙකු අවශ්ය බව සඳහන් කළද වර්තමානයේ දමන දැන්වීම්වල එවන්නක් සඳහන් නොකරන්නේ සියලුම තරුණයන් යුරෝපීය ඇඳුම අඳින බව දන්වා බැවිනි.
    අප අයත් ආසියාවේ පමණක් නොව සෙසු ලෝකයේ රටවල පිsරිමින්ගේ පොදු ඇඳුම වී ඇත්තේ කලිසමය. වර්තමානයේ කලිසම යුරෝපීය ඇඳුමක් නොව ජාත්යන්තර ඇඳුමකි. එය වැඩ කටයුතුවලදී පහසු හා ආරක්ෂිත ඇඳුමක් සේම කාර්මික සංස්කෘතියකට ගැළපෙන ඇඳුමකි. රටේ පොදු ජනතාව අඳින ඇඳුමට වඩා වෙනස් ඇඳුමක් රටේ දේශපාලකයන් සමහරෙක් ඇඳ සිටිනු දකින විදේශිකයන් තුළ විමතියක් ඇතිවනු ඇත. අප්රිකාවේ නම් ඇතැම් රටවල ගෝත්රික නායකයන් ඔවුන්ගේ ගෝත්රයට ආවේණික ඇඳුම් අඳිනු දක්නට ඇත. නගරබද මෙන්ම ගම්බදවද අති බහුතරයක් ජනතාව ප්රතික්ෂේප කරන ඇඳුමක් මෙරට දේශපාලකයන් පිරිසක් පමණක් අඳින්නේ කුමක් අරමුණ කොටද සමහර විට ඒ තමන් තුළ ඇති දේශීය අනන්යතාව, දේශප්රේමය, ජනතාවට සමීප බවක් දැක්වීම හෝ කැපී පෙනීමට විය හැකිය. ඒ කුමක් වුවත් ඇඳුමේ පරිණාමය වශයෙන් සලකා බලන කළ අපට පෙනෙන්නේ එය අද දේශපාලන නිල ඇඳුම වශයෙන් ස්ථාපිත වී ඇති බවකි
    සැ.යු. - මෙය ඩී. සී. ඒ. විසිදාගම මහතා විසින් දිවයින පුවත්පතට ලියනලද ලිපියක් ඇසුරෙන් සකසන ලද අතර අධ්යාපනිකව ඉතාමත් වැදගත් ලිපියක් නිසා මිතුරන් අතරේ බෙදාගැනීමේ අරමුනින් පමනක් මෙය මෙහි පල කරන අතර කිසිදු වානිජ පරමාර්තයක් නොමැති බවත් සියලුම ගෞරවයන් මෙහි ලේඛකයාට හිමිවියයුතු බවත් ස්තුති පූර්වකව සිහිපත් කරමි.
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,178
    1,308
    113
    ගඟ ළඟ
    ඕනනම් කියන්නේ බොරු සෝබනේට යි.. තමන්ගේ කුණු වහගන්න තමයි ඕක අදින්නේ..තමන් ජාතියට ලැදියි කියලා පෙන්වන ගමන් ජාතියට කෙලවනවා
     

    mac14

    Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    vch5qoe.png


    <<ආතල් එලකිරියක් උදෙසා ඔබේ මනාපය එළජන ආතල් පක්ෂයට>>