මැති_ඇමතිවරුන්ට_ඡන්දෙට_ගිය_ගණන්_මිනුම්
මැති ඇමතිවරුන්ට ඡන්දෙට ගිය ගණන් මිනුම්
දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් මැතිවරණ මුදල් ඇති විශාල ලෙස වියදම් කරන බව රහසක් නොවේ.
පසුගිය 17 වැනිදා පැවැත්වූ 08 වැනි පාර්ලිමේන්තුව සඳහා ජනතා නියෝජිතයන් තෝරා පත්කර ගැනීමට අදාළ පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා අපේක්ෂකයන් 72 දෙනෙක් මාධ්‍ය ප්රචාරක කටයුතු සඳහා පමණක් එක් අයකු රුපියල් මිලියන 50ට වඩා වියදම් කර තිබේ.
මෙම අපේක්ෂකයන් 72 දෙනාගෙන් දස දෙනකු රුපියල් මිලියන 100ත් 200ත් අතර මුදල් ප්‍රමාණයක් මාධ්‍ය ප්‍රචාරණ කටයුතුවලට පමණක් වියදම් කර තිබෙන බවද සිහිපත් කර ගැනීම වැදගත් වේ.
මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් සහ විශ්වවිද්‍යාල කිහිපයක සිසුන් එක්ව කරන ලද සමීක්ෂණයකදී මෙම තොරතුරු හෙළිවී ඇත.
මෙම මුදල් සම්භාරය වියදම් වී තිබෙන්නේ රූපවාහිනි, ගුවන්විදුලි හා පුවත්පත් දැන්වීම් සඳහා පමණක් වන අතර මැතිවරණ කාර්යාල, කටවුට්, පෝස්ටර්, ආධාරකරුවන්ට සැලකීම වැනි කරුණු සැලකිල්ලට ගත් විට වියදම් වූ මුදල් ප්‍රමාණය හිතා ගැනීමටවත් නොහැකි වනු ඇත.
අපේක්ෂකයන්ට අමතරව ප්‍රධාන දේශපාලන පක්ෂ මාධ්‍ය ප්රචාරක කටයුතු සඳහා වියදම් කළ මුදල තවමත් ගණනය කෙරෙමින් පවතී.
රූපවාහිනි නාළිකා 15ක් පමණ මෙරට තුළ ක්‍රියාත්මක වන අතර ප්රවෘත්ති ප්‍රකාශයන් අතරතුර තත්ත්පර 5ක දැන්වීමක් සඳහා සාමාන්‍යයෙන් වැයකෙරෙන මුදල රුපියල් 55,000ත් රුපියල් 60,000ත් අතර මිල ගණන්වල පවතී.
ප්රවෘත්ති ප්‍රකාශය අතරතුර වැඩිම ප්‍රේක්ෂක අවධානයක් ලැබෙන නිසා එම කාලය තුළ ඉහළ මිලක් වෙළෙඳ දැන්වීම් සඳහා අයකරනු ලබයි. එම කාලය අතරතුර තත්ත්පර 10ක දැන්වීමක් සඳහා අය කෙරෙන මුදල් රුපියල් 75,000ත් 85,000ත් අතර වේ.
ප්රවෘත්ති විකාශයන් අතරතුර තිරය යටින් දිස්වන ව්ඥඹඵ ඕචප යනුවෙන් හඳුන්වනු ලබන පටියේ දිස්වන තත්පර 30ක දැන්වීමක් සඳහා රුපියල් 25,000ක් 35,000ක් අතර මුදලක් අයකරයි.
රූපවාහිනි ප්රවෘත්ති විකාශයනට අමතරව ටෙලි නාට්‍ය, දේශපාලන වාද විවාද වැඩසටහන්වලදීද දේශපාලන දැන්වීමක් ප්‍රචාරය කෙරෙනවා නම් ප්රවෘත්ති විකාශයන් අතර අය කරන මට්ටමට ආසන්න මුදලක් මැතිවරණය ළඟා වන විට බොහෝමයක් රූපවාහිනි නාළිකා අය කළේ තරගයකට මෙනි.
ගුවන් විදුලි නාළිකා 30කට ආසන්න සංඛ්‍යාවක් මෙරට තුළ ක්‍රියාත්මක වන අතර තත්්පර 10ක දැන්වීමක් රුපියල් 25,000 සිට ඉහළ මිල ගණන්වලට නියම විය. දැන්වීමේ ගුවන් කාලය දිගු වන විට සහ වැඩසටහන අනුව මිල ගණන් වෙනස් වේ.
ඇතැම් අපේක්ෂකයන් පැය දෙක, තුනක කාලයක් වෙන් කරගෙන තම පෞද්ගලික ප්‍රතිරූපය ගොඩනැංවෙන පරිදි විවිධ වැඩසටහන් නිෂ්පාදනය කොට විවිධ ගුවන් විදුලි නාළිකා ඔස්සේ විසුරුවා හැරියේය.
ඉරිදා සහ දිනපතා පුවත්පත් ඇතුළු පුවත්පත් 30කට ආසන්න ප්‍රමාණයක් සිංහල, දෙමළ, ඉංගී්රසි මාධ්‍යවලින් මුද්‍රණය වේ. රුපියල් දස දහසේ සිට රුපියල් ලක්ෂ 65 දක්වා පුවත්පත් දැන්වීම් පසුගිය මැතිවරණ සමය පුරාම පළවිය. ඉරිදා පුවත්පත්වල මුල් පිටුවම දැන්වීමක් සඳහා යොදා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 50ත් රුපියල් ලක්ෂ 65ත් අතර මුදලක් අය කරගන්නා ලදී.
ඉරිදා පුවත්පත් තම මුල් පිටුව ඉතා ආකර්ෂණීය ලෙස නිර්මාණශීලීව දැන්වීමක් ලෙස සකස් කරන අතර පුවත්පතේ සැබෑ මුල් පිටුව වන්නේ පුවත්පතේ තෙවැනි පිටුවයි.
මෙම ක්‍රමය 2010 ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා හඳුන්වා දුන් අතර මෙය බහුලව යොදා ගැනුණේ ජනවාරි 8 වැනිදා පැවැති ජනාධිපතිවරණයේදී සහ අගෝස්තු 17 වැනිදා පැවැත්වුණු පාර්ලිමේන්තු මහ මැතිවරණයේදීය.
තවත් වසර 5කින් පමණ එනම් 2020දී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී සහ පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී මෙම දැන්වීම් සඳහා කෙතරම් මුදලක් වියදම් වේද? ඒ ගැන සිතා ගැනීමටවත් නොහැකි වනු ඇත.
මුදල් බලය සහ මැතිවරණයේ දියුණුව සමඟ දැන්වීම් කලාව වෙළෙඳපොළ ආක්‍රමණය කර තිබෙන ආකාරය සිතා ගැනීමටවත් නොහැකිය.
එයට දේශපාලනය මුසු වූ විට මෙම ආක්‍රමණයන් කොතනින් නතර වේද කියා දැනටමත් සිතා ගැනීමට නොහැකිව ඇත. අන්තර්ජාලය, ෆේස් බුක් මැතිවරණ ව්‍යාපාරවලට සම්බන්ධ වී සිටින ප්‍රමාණය එමඟින් තරුණ හා පාවෙන ඡන්දවලට කරනු ලබන බලපෑම සුළුවෙන් තැකිය නොහැකි බව පසුගිය මැතිවරණවලින් දැකගත හැකි විය.

- See more at: nethfm