ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට සූදානම් -ජනපති කියයි
ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට තමා ඉතා කැමැත්තෙන් පසුවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
උතුරු පළාතේ සංවර්ධනය වෙනුවෙන් ආයෝජනයට ඔවුන්ට ඇරයුම් කරන බවයි ජනාධිපතිවරයා සදහන් කලේ.
අමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය ඊයේ හමුවූ අවස්ථාවේදයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව කියාසිටියේ.
සර්ව පාක්ෂික සමුළුවේ දී ඉදිරිපත් වූ කරුණු, එහි ප්‍රගතිය සහ දෙමළ ජාතික සන්ධානය සමග සිකුරාදා දින පැවැත්වීමට නියමිත සාකච්ඡාව පිළිබඳව ජනාධිපතිවරයා එහිදී නූලන්ඩ් මහත්මිය දැනුවත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
ඒ පිළිබඳ ප්‍රසාදය පළ කළ සහකාර ලේකම්වරිය කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා රටවල සිටින ඩයස්පෝරාව සමග සාකච්ඡා පැවැත්වීමේ ඇති වැදගත්කම පෙන්වා දී ඇති බව සදහන්.
මේ අතර අමරිකාවේ හරිත තාක්ෂණය මෙරටට හඳුන්වා දීමටත් සයිබර් සහ තොරතුරු තාක්ෂණ අංශවල දියුණුවට සහාය ලබාදීමටත් පියවර ගන්නා බව නූලන්ඩ් මහත්මිය මෙහිදී සහතික තිබෙනවා.
මෙරට අධ්‍යාපන පහසුකම් කෙරෙහි අවධානය යොමු කළ සහකාර ලේකම්වරිය පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගැනීමෙන් උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කළ හැකි බව පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් නිවේදනය කළේ.
https://newsradio.lk/sinhala/ඩයස්පෝරාව-සමග-සාකච්ඡා-කි/