මැදපෙරදිග රැකියා අනතුරේ' - රාජිත
මේ වන විට සෞදි අරාබිය ඇතුළු රට වල සිටින ශ්‍රී ලාංකිකයින් ඉවත් කිරීම පිළිබඳව සාකච්ඡා ආරම්භ වී ඇති බව ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්රවෘත්ති සාකච්ඡාවකදී හෙළි කළේය.
ඇමතිවරයා එහිදී සඳහන් කල ආකාරයට මැදපෙරදිග රටවල රැකියා ශ්‍රී ලාංකිකයින්ට අහිමි වුවහොත් ලක්ෂ පහලොවක පමණ ශ්‍රමික පිරිසකට රැකියා අහිමි වනු ඇත.
එමෙන්ම එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසන් සභාව ලංකාවට එරෙහිව යෝජනා සම්මත කර ගැනීමේදී ලංකාවට පක්ෂව සහයෝගය ලබා දුන් මුස්ලිම් රටවල් දාහතරක සහයෝගය අහිමිවී යනු ඇතැයි ද ඇමතිවරයා අනතුරු හැඟවිය.
අලුත්ගම සහ බේරුවල ගැටුම් හටගත් සමයේ විදේශගතව සිටි අමාත්‍යවරයා, යලි සියරට පැමිණීමෙන් අනතුරුව පළමුවරට සිය මැතිවරණ කොට්ඨාශයට පැමිණි අවස්තාවේදී මාධ්‍යවේදීන් අමතමින් ඒ බව කියා සිටියේ ය.
ඇමතිවරයා, එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ, පිටින් පැමිණි මැර හමුදාවක් මෙම කෝලාහාල ඇති කළ බවයි.
නිතිය ඉහල සිට ක්‍රියාත්මක විය යුතුයි :
“හාමුදුරුනමකට ඕනෑ විදියට නීතිය අතට ගන්න දෙන්න බැහැ.“ යනුවෙන්ද ඇමතිවරයා සඳහන් කළේය. මෙහිදී ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඉහළ සිට නීතිය ක්‍රියාත්මක විය යුතු බවය.
ගැටුම සම්බන්ධයෙන් පොලිසිය නිසි පරිදි නීතිය ක්‍රියාවට නොනඟන බව ඇමතිවරයාගේ චෝදනාවයි.
අලුත්ගම, බේරුවල ප්‍රදේශවලදී මුස්ලිම් ජනතාවට අයත් 150 කට ආසන්න ව්‍යාපාරික ස්ථාන විනාශ කොට දමා ඇතත්, පොලිසිය මෙතරම් සුළු පිරිසක් අත් අඩංගුවට ගෙන තිබෙන්නේ මන්දැයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙහිදී ප්‍රශ්න කර සිටියේය.
අලුත්ගම සහ බේරුවල ප්‍රදේශවලදී මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවලට එල්ල වූ ප්‍රහාරය ප්‍රදේශයෙන් පිටත සිට පැමිණි 'මැර කල්ලියක්' විසින් දියත් කරන ලද 'සංවිධානාත්මක ක්‍රියාවක්' බව ඇමතිවරයා අවධාරණය කළේය.
එම ප්‍රහාරය ඇමතිවරයා හඳුන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව විනාශ කිරීමේ අරමුණින් දියත් කරන ලද කුමන්ත්‍රණයක් ලෙසිනි.