මැදමුලන නඩුවෙන් නිදහස්

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    මැදමුලන නඩුවෙන් නිදහස්

    මැදමුලන නඩුවෙන් ජනපති නිදහස්
    නිමන්ති රණසිංහ

    මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිමේ දී මුදල් අවභාවිතා කළැයි කියන නඩුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් කිරිමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (21) නියෝග කළේය.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයකුට එරෙහිව නඩු ගොනු කළ නොහැකි බැවින් එම චෝදනා වලින් නිදහස් කරන ලෙසට නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව රාජපක්ෂ මහතා මුදා හැරිණි.

    එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම් කිරිමේ නියෝගය ඉවත්කළ විශේෂ මහාධිකරණය ජනාධිපතිවරයාගේ ගුවන් ගමන් බලපත්‍රය ද මුදා හරිනු ලැබිණි.

    මෙම නඩුවේ සෙසු සැකකරුවන් සම්බන්ධව නඩුව ඉදිරියට ක්‍රියාත්මක කරන බව ද අධිකරණය දැන්වීය.

    මෙම නියෝගය දෙනු ලැබුවේ අද (21) මෝසමක් සළකා බැලීමෙන් පසුව
     

    Similar threads