මැන්ටල් පාතේගම-

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston

    Mahinda Pathegama

    otdposSner1154cM 3utA33f7l31u3lg9ih14t7h0cut9g tl 1acA4:s2f ·

    ඉන්දියාවත් හඳට ගියා එහෙනම්! මගේ සුබපැතුම් පිළිගන්වන්න ඕනේ ඉන්දියාවට.
    ඉන්දියාවට තියා නාසා එකටවත්, මේ පෘථිවියේ බලු බල්ලෙක් තියා මැක්කෙක්වත් සඳටනම් යවන්න බැහැ. මම දන්න අභ්‍යවකාශ විද්‍යාව අනුව නම් සියයට දාහක් ඒක එහෙමමයි.
    මෝදි අන්කල් අත දරුවෙක් වගේ කොඩිය වනන කොට මට දුකත් හිතුනා. එහෙ ඉන්න සයන්ටිස්ල එකතු වෙලා ඒ වයසක මනුස්සයත් ඇන්දුව වගේ. එහෙම නැත්නම් සෙට් එකම එකතුවෙලා අපි ඇන්දුවද දන්නෙත් නැහැ. කොහොමටත් ඒක ලෝකය සිසාරා වැඩිය නැගල ගියෙත් නැහැ. ඒත් ඉතිං ලංකාවේ කන් දෙකට දෙඅත්ලම තියල එක සැරේටම උස්සල හඳ පෙන්නුවා! එහෙම උස්සල අහනවා දැක්කද හඳ කියල. හඳට ගිය අපිට උඹල කජ්ජක්ද අහනවා.
    කෙසේ වෙතත්, මේ පෘථිවියේ කිසිදු වස්තුවක් (matter එකක්) සඳට යවන්න බැහැ. ඒක ලොකු කතාවක්. ඒ කිසිවෙකු නොදන්න දෙයක් තියෙනවා මේ දෙක අතර. අපි හිතමු මේ ලෝකේ ඉන්න මනුස්සයෙක් හඳට යනවා කියල. අර මම කියන තැනට ලංවෙන කොටම අර හක්ක පටස් එකක් උඋරගේ කටේ එබුවා වගේ මිනිහගේ මොලයේ සෛල පට පට ගාල පුපුරනවා! සෛල පද්ධතියම පුපුරන්නේ අවුරුද්දට ඩෝන් පටස් වැලක් පුපුරන්න වගේ.
    අපි හිතමු ඔලුව නැතිව වැරදිලා හරි මිනිහගේ කද කෑල්ල සඳට ගියා කියල. පෘථිවියේ ජනිත වන කිසිදු සෛලයකට සඳට හේත්තු වෙන්න බැහැ. (ඒකට අතිශයින් සංකීර්ණවූත් සුවිශේෂ වූත් විද්‍යාත්මක හේතුවක් තියෙනවා. ඒවා ඉන්දියාවේ චන්දරසේකරම් තියා ඇමෙරිකාවේ නාසා එකවත් දන්නේ නැහැ.) (චන්දරසේකරම් කියන්නේ astrophysics වල කියවෙන චන්ද්‍රසේකර ලිමිට් එක හොයාගත්ත වටින සයන්ටිස්ට් කෙනෙක්. එහෙම කිව්වට ඒක මේකට අදාළ නැහැ).
    දැන් අර හඳට යවපු මිනිහගේ ඔලුව නැතිව කඳ කෑල්ල හඳට පතිත වෙනවා කියල හිතමු. ඒ ශරීර කොටසේ තියෙන සියලුම කොටස් සැනෙකින්ම දුහුවිලි අංශු වලට හැරෙනවා. සිරුරේ කෑල්ලක් තියා සෛල අංශුවක් තියා ඇඳගෙන ඉන්න අර ලෝහමය ඇඳුමෙ අංශුවක් වත් හොයාගන්න බැරිවිදියට දුමක් විතරයි දකින්න ලැබෙන්නේ.
    නීල් ආම්ස්ට්‍රෝන් හෝ වේවා රුසියාවේ ලයිකා හෝ වේවා ඉන්දියාවේ චන්ද්‍රයා හෝ වේවා මේ පෘථිවියේ කිසිදු කෙනෙක් හඳටනම් යවන්න බැහැ කියන එකයි මගේ මතය! එහෙම යවනවා නම් එක වගේම දෙන්නෙක් හොයා ගන්න වෙනවා. එක්කෙනෙක් එලොව පොල් පෙන්නන්න හඳ පැත්තට රොකට් එකක නග්ගල කාල වරෙන්කො කියල ඇත්තටම උඩට යවන්නත්. අනිත් කෙනා ඔය ආසන්නයේ කරකෙවෙන පස් කුට්ටියක් දිහා බලල පැරිචුට් එකකින් බිමට බස්සන්නත් - හඳට ගියා කියාගෙනම.
    මට හිතෙන්නේ කාලයක් තිස්සේ ඇමෙරිකාවෙත් ජනාධිපතිවරු පවා ඇන්දුවා අපේ එහෙ ඉන්න අපේ සෙට් එක. (අපේ සෙට් එක කිව්වේ ඇමෙරිකානු සයන්ටිස්ලා මිස ලංකාවේ එහෙ රස්සාව කරන උදවිය නෙවෙයි.) මෑත කාලෙකදී ඒ ඇන්දිල්ල එහෙ ආණ්ඩුවට අහුවෙලාද මන්ද සඳ ගැන කරන පර්යේෂණ සටස් ගාල නවත්තල දැම්ම. එක ඩොලර් සත පහක්වත් ඒ වෙනුවෙන් වියදම් නොකරන්නත් ඇමෙරිකාව තීරණය කලා!
    අවසන් වශයෙන් ඉන්දියාවේ සයන්ටිස්ලට ආයෙත් මගේ උණුසුම් සුබ පැතුම් එක් කරන්නම ඕනේ, එයාලගේ චන්දර යානෙත් එක්කම ටිකක් දුරින් වීඩියෝ කරන්න තවත් යානයක් හඳට ඇරපු එකට. මොකද දන්නවද. හඳට යානයක් යවනවටත් වඩා අමාරුම දේ තමයි සඳේ පෘෂ්ඨය මතදී ඒ ක්‍රියාත්මක කිරණ විශේෂයට ඔබින කැමරා තාක්ෂනයක් අපේ මේ පෘථිවියේ සිට සොයා ගැනීම. සියවසේ අති දැවැන්තම සොයා ගැනීම!
    මිනිසා දන් දෙනවා..ලු දුගියා...පින් දෙනවා..ලු
    දන් දෙනවාලු - පින් දෙනවාලු - දුගියෝ වැඩි වෙනවාලු.
    මිනිසා... හඳට ගියාලූ..
    මිනිසා.. දියුණු වෙලාලු - ලෝකේ.. අවුල් වෙලාලු
    මිනිසා... හඳට ගියාලූ..//
    - ගීතය: එඩ්වඩ් ජයකොඩි
    අපරාදේ සල්ලි.

    Link

    කොමෙන්ට්ස් තමයි ඊටත් මරු! ලංකාව ඉවරයි යකෝ! :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    මම දන්න අභ්‍යවකාශ විද්‍යාව අනුව නම් සියයට දාහක් ඒක එහෙමමයි.

    කෙසේ වෙතත්, මේ පෘථිවියේ කිසිදු වස්තුවක් (matter එකක්) සඳට යවන්න බැහැ. ඒක ලොකු කතාවක්. ඒ කිසිවෙකු නොදන්න දෙයක් තියෙනවා මේ දෙක අතර. ඒකට අතිශයින් සංකීර්ණවූත් සුවිශේෂ වූත් විද්‍යාත්මක හේතුවක් තියෙනවා. ඒවා ඉන්දියාවේ චන්දරසේකරම් තියා ඇමෙරිකාවේ නාසා එකවත් දන්නේ නැහැ.

    මෙච්චර දේවල් දන්න මූවවත්, නලින්වත් NASA එකේ team leaders ලා විදියට වැඩට එන්න කියන්නෙ නැති එකනෙ පුදුමෙ. 🫢🫢🤣🤣🤣🤣

    ඊට වඩා පුදුමෙ මෙච්චර දේවල් දන්න බයිසයන්ටිස්ට්ලා වෙලත් තාම හඳ පැත්තට අහස් කූරක් වත් යවන්න බැරි උන එකනෙ. 😱😱😂😂🤣🤣🤣🤣
     
    • Like
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    මෙච්චර දේවල් දන්න මූවවත්, නලින්වත් NASA එකේ team leaders ලා විදියට වැඩට එන්න කියන්නෙ නැති එකනෙ පුදුමෙ. 🫢🫢🤣🤣🤣🤣

    ඊට වඩා පුදුමෙ මෙච්චර දේවල් දන්න බයිසයන්ටිස්ට්ලා වෙලත් තාම හඳ පැත්තට අහස් කූරක් වත් යවන්න බැරි උන එකනෙ. 😱😱😂😂🤣🤣🤣🤣
    මේ පාතේගමයා කියනව ඌ මහචාර්යලු, පී එච් ඩී එක ගත්ත තැනක් නෑ, මහාචාර්ය වෙච්ච විශ්ව විද්‍යාලය ක් කවුරුත් දන්නේ නෑ. පබ්ලිකේශන් 4ක් තියෙනවා, ඒවත් සම්පුර්න ඒවද දන්නේ නෑ. මූ අමු හොරෙක්, ප්‍රොඩාකාරයෙක්!
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    මෙච්චර දේවල් දන්න මූවවත්, නලින්වත් NASA එකේ team leaders ලා විදියට වැඩට එන්න කියන්නෙ නැති එකනෙ පුදුමෙ. 🫢🫢🤣🤣🤣🤣

    ඊට වඩා පුදුමෙ මෙච්චර දේවල් දන්න බයිසයන්ටිස්ට්ලා වෙලත් තාම හඳ පැත්තට අහස් කූරක් වත් යවන්න බැරි උන එකනෙ. 😱😱😂😂🤣🤣🤣🤣

    nalin sir saha pathegama sir ta NASA, MIT walin wedata ganna katha karala thinawa 90 ganan wala me dennama ba kiyala. gotabayath a kale NSA eke adviser kenek lu