මැයි දහ-අට ගැන හිතද්දිත් දුකයි!

Batcha

Active member
  • Jan 17, 2011
    488
    92
    28
    මැයි දහ-අට ගැන හිතද්දිත් දුකයි!

    දෙදාස්නමේ මැයි දහඅට අපි උපරිමෙන් සතුටක් වින්දා. ඕක මැයිදහඅට එකපාරට වෙච්ච එකක් නෙවේනේ. දවස් ගාණක් තිස්සේ පොඩි බිම්තීරුවක් වටකරන් කරන් හමුදාව හිටියා. මහින්ද මහත්තයා රටෙන් පිටව ඉඳල (දා හත්වෙනිදා මං හිතන්නෙ) කටුනායකට ඇවිත් පොලව ඉඹින කොටම මිනිස්සු කතාවුනා යුද්ධෙ අහවර වග. හැබැයි දැන් හිතද්දි මැයි දහඅට කියන්නේ පට්ටම දුක දවසක්. මැයි දහඅට කියන්නේ අවුරුදු තුන-හතරක් තිස්සේ රටේ වියයුතුම වෙනස්කම් ගොඩක් කරපු පාලනයක් ඒ හරි වෙනස්කම් කරන එක නවත්තන්න පටන් ගත් තැන. ලංකාවේ දෙමළ ප්‍රශ්නෙ කියන්නේ අවුරුදු ගාණක් වණයක් වෙච්ච තුවාලයක්. ඒ තුවාලේ ඉවසන්න බැරි තැන සමහර දෙමළුන් ආයුධ අතට ගන්නවා. එතනින් නවතින්නැතුව සාමාන්‍ය සිංහල මනුස්සයට පීඩනයක් වෙන විදිහට දකුණේ මිනිස්සු මරන්න බෝම්බ පුපුරන්න පටන් ගන්නවා. ඒ තත්වෙ ඇතුලේ ලංකාවේ රජයට තිබුණු එකම විසඳුම ඒ කණ්ඩායම් විනාශ කරන එකයි. අවුරුදු නමයක් ගත වුනාට පස්සෙත් මගේ අදහස ඒකයි. ඒ දේ කිරීම සෑහෙන්න අමාරු වැඩක්. ආණ්ඩු ගාණකට කරන්න බැරි වුනු ඒ වැඩේ අවුරුදු හතරකින් ඉවර කරපුඑක නිකන් හීනයක් වගේ.

    Source: Dailynews.lk

    අපි පොඩි කාලේ දන්න දවසෙ ඉඳන් යුද්ධෙ තිබ්බා. ඇත්තටම කොටි සංවිධානය පරද්දන්න පුළුවන් කියලා ඒ කාලේ නායකයෝ තියා සාමාන්‍ය මිනිස්සුවත් හිතුවේ නෑ. ඒ දේ කරන්න පුළුවන් උනේ සෑහෙන සැලසුම් ගත වැඩ පිලිවෙලක් හරහා (ලංකා ඉතිහාසයේ හොඳම වෙන්නත් පුළුවන්) . සාමාන්‍ය සමාජයේ ගැරහීමට ලක්වෙලා හිටපු "ආමිකාරයා", රණවිරුවෙක් බවට පත්කරපු එකම කොච්චර අමාරු වැඩක්ද? ඒ වගේ මිනිස්සුන්ගේ මත හදන්න, වෙනස් කන්න පුළුවන් තරම් ප්‍රබල ව්‍යාපෘතියක් රජය ගෙනිච්චා. දෙවැනි කාරණේ මාධ්‍ය. රජය ගෙනියන්නේ මානුෂිය මෙහෙයුමක්, සාමාන්‍ය මිනිස්සු එක්කෙනෙක්වවත් මැරෙන්නෙ නෑ කියන මතේ ප්‍රබලව මිනිස්සු අතරට රජය ගෙනිච්චා. මේකත් සෑහෙන්න කරන්න අමාරු නමුත් කලයුතුව තිබුනු දෙයක්. ඇත්තෙන්ම හිතුවොත් ඔය විදිහෙ පාර්ශවික විනාශ (collateral damage)නැතුව යුද්ධ කරන්න මොනම හමුදාවකටවත් බෑ. යුද්ධෙකදි සාමාන්‍ය මිනිස්සු යම් ප්‍රමාණයක් අනිවාර්යක් මැරෙන එක වලක්වන්න බෑ. ගොඩක් වෙලාවට ලංකාවෙත් මේක වෙන්න ඇති (රාජිත ඕක එලිපිට කියලනේ කට්ටියගෙන් අහගත්තෙ). නමුත් එහෙම දෙයක් වෙන්නෙ නැති බව (මාත් ඇතුළුව) සාමාන්‍ය සිංහල මිනිස්සු ඒකාලේ පිලිගත්තා (දැනුත් පිලිගන්නවා වගේ රාජිතට හම්බුනු ප්‍රතිචාර දැක්කම). යුද්ධෙට ජන සහයක් ලැබෙන්න මේකත් විශාල හේතුවක් වුනා.

    අවුරුදු ගාණක් තිස්සේ රටේ තිබ්බ හැම අවුලකටම නිදහසට කාරණේ උනේ යුද්දෙ. ඒ යුද්දෙ ඉවරකරපු විදිහට රටේ අනෙක් ප්‍රශ්නත් ඉවර කරන්න රජයට (රජය කිව්වාට ඇත්තෙන්ම මහින්ද මහත්තයට) ඉතිහාසේ ස්වර්ණයමය අවස්ථාවක් ඔය වෙලාවේ තිබ්බා. විශේෂයෙන් යුද්දෙ දිනල තුනෙන් දෙකක බලයක් අතට ගත්ත වෙලාවේ. ඒ දේ ඒ විදිහටම වෙයි කියන බලාපොරොත්තුව මට තිබ්බා. හිතන්නකො බලන්න ඒ වගේ බලයක්, සහයක් එක්ක හරි ඕනකමක් තිබ්බානං මොනවද කරන්න බැරී? මං මේ කියන්නේ හයිවේ , වරායවල් හදනවා වගේ ලොකු කතන්දර නෙවේ. 2/3ක් එක්ක ඇමතියෙක්, මන්ත්‍රියෙක් තරහ වෙනඑක ජනාදිපතිට ලොකු අවුලක් නෙවේ ඔය කාලේ. ඕනෙනං රටේ දූෂණය නැතිකරලාම දාන්න තිබ්බා. ලංකාව නීතිය හරියට වැඩකරන රටක් බවට පත්කරන්න තිබ්බා. රටේ අධ්‍යාපන / සෞඛ්‍ය ප්‍රතිපත්ති රටට හොඳවිදිහට වෙනස් කරන්න තිබ්බා. ලංකාවේ දෙමළ ප්‍රශ්නේ විසඳලා දාන්න තිබ්බා (ඒ වගේ ප්‍රබල තත්වයක් තියන්, ෆෙඩරල් ක්‍රමේකට ගියානං? ). තව දාහක් දේවල් !

    හැබැයි රටේ අවාසනාවකට ඒ දේ වෙනුවට වඩා නාස්තිකාර පාරක යන්න මහින්ද මහත්තයා තීරණය කරා. මම තාම හිතනවා ඒ කාලේ මහින්ද මහත්තයා අවංකව උත්සාහයක් ගත්තා කියලා. උදාහරණෙකට මිනිස්සුන්ට දෙමළෙන් කතා කරන එක. ඒක මාර හොඳ උත්සාහයක් කියලයි මට හිතුනේ. ඔය කාලේ එ.ජා. සමුළුවකට ගිහිනුත් දෙමළෙන් කතා කරා මට මතක විදිහට. ඕක කරන්න ලේසි වැඩක්වත්, කලයුතුම වැඩකුත් නෙවේනේ. නමුත් ඒවගේ දෙයක් කරේ ප්‍රශ්නෙ විසඳන්න එතුමට අවංක හැඟීමක් තිබ්බ හින්දා කියලයි මං හිතන්නේ. කියමනක් තියනවා බලය දූෂිතයි (power corrupts) කියලා. කොච්චර හොඳ මිනිහෙක් මොනතරම් අවංක හැඟීමකින් උනත් විශාල බලයක් ඇතිතැනකට ගියෝතින්, ඔහු දූෂිතයෙක් වෙන්න ලොකු ඉඩක් තියෙනවා. ඒ තැනට නොගිහින් රටට ඕන වෙනස්කම් ටික කරානං, මහින්ද මහත්තයට ලෝකෙම ශ්‍රේෂ්ට නායකයෙක් විදිහට විශ්‍රාම ගන්න තිබ්බා කියන එකයි මගේ හැඟීම. මැයි දහඅට කියන්නේ ඒ අවස්ථාවට පයින්ගහන්න එතුමා පටන්ගත්ත මොහොත. ඒ ගැන දුකක් ඇතිවෙන එක සාධාරණයි නේද?

    https://praagiyathan.blogspot.com/2018/05/blog-post_18.html
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලබන පාරවත් රට ජාතිය ආගම ගැන හිතල ච්න්දය භාවිතා කරපල්ල.
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    ලබන පාරවත් රට ජාතිය ආගම ගැන හිතල ච්න්දය භාවිතා කරපල්ල.

    දැන් ඒ චාන්ස් එක ඉවරයි. ආයෙ ආවොත් එන්නෙ ගෝතයො රොත්තක් වටකරගත්ත මහින්දකනෙක්.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    ubala aduwata deduwata ubalawath aduma gane sinha kodiya danmada gedara? nane... me tikema paremai sinha kodiya dapu gewal kadawal 50k wath dakke na. hama ekama FB eke nam walapenawa :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    ලංකාවේ දෙමළ ප්‍රශ්නේ විසඳලා දාන්න තිබ්බා (ඒ වගේ ප්‍රබල තත්වයක් තියන්, ෆෙඩරල් ක්‍රමේකට ගියානං? ). තව දාහක් දේවල් !

    ලංකාවේ දෙමළ ප්‍රශ්නයක් කියලා දෙයක් නෑ ඕයි. ඔහොම ජාතියකට විතරක් ප්‍රශ්ණ තියෙනවා කියලා කතා කරන්නෙ අන්තගාමී ජාතිවාදියෝ. ලංකාවේ ජාති ආගම් කුළ භේදයක් නැතුව මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා. සිංහළ මිනිහට තියෙන ප්‍රශ්නම තමයි දෙමළ මිනිහටත් තියෙන්නෙ. දෙමළ ගැහැනියෙකුට තියෙන ප්‍රශ්නම තමයි සිංහල ගැහැනියකටත් තියෙන්නෙ.

    ප්‍රශ්ණ කිව්වම විසඳන්න පුළුවන් සහ බැරි කියලා කොටස් දෙකක් තියෙනවනෙ. අපේ රටේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නවලින් 90%ක්ම සල්ලි නැති එකයි ප්‍රශ්නෙ. ඒ ප්‍රශ්නෙ සිංහලයාට වගේම දෙමළාටත් තියෙනවා. ජාතීන් දෙකටම විසඳන්න බැරි ප්‍රශ්නත් තියෙනවා. ඒවා ගැන කතා කරලා වැඩක් නෑ.

    හැබැයි ඔය පකේ ෆෙඩරල් වලින් නම් මිනිස්සුන්ගෙ කිසිම ප්‍රශ්නයක් විසඳන්න බෑ. හැබැයි දේශපාලකයින්ට උන්ගෙ ප්‍රශ්න නම් විසඳගන්න පුළුවන්.
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    ඔහොම එකක් දෙනකන් මොනවා කරත් ලංකාවේ ඔය කේස් එක නවතින්නෙ නෑ. අවුරුදු 70ක් තියෙන කේස් එකක්නෙ. අපි කොච්චර "දෙමළුන්ට ප්‍රශ්නයක් නෑ" කියලා තෙපරබෑවත් වැඩක් නෑ. හැබැයි ඕක දුන්නත් ඊට පස්සෙත් දෙමළුන්ගේ ඔක්කොම ප්‍රශ්න විසඳනේනෙ නෑ. ඒක ඇත්ත. ඒක ඉතිං උන් තේරුම් ගන්න ඕන දෙයක්.

    ලංකාවේ දෙමළ ප්‍රශ්නයක් කියලා දෙයක් නෑ ඕයි. ඔහොම ජාතියකට විතරක් ප්‍රශ්ණ තියෙනවා කියලා කතා කරන්නෙ අන්තගාමී ජාතිවාදියෝ. ලංකාවේ ජාති ආගම් කුළ භේදයක් නැතුව මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා. සිංහළ මිනිහට තියෙන ප්‍රශ්නම තමයි දෙමළ මිනිහටත් තියෙන්නෙ. දෙමළ ගැහැනියෙකුට තියෙන ප්‍රශ්නම තමයි සිංහල ගැහැනියකටත් තියෙන්නෙ.

    ප්‍රශ්ණ කිව්වම විසඳන්න පුළුවන් සහ බැරි කියලා කොටස් දෙකක් තියෙනවනෙ. අපේ රටේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නවලින් 90%ක්ම සල්ලි නැති එකයි ප්‍රශ්නෙ. ඒ ප්‍රශ්නෙ සිංහලයාට වගේම දෙමළාටත් තියෙනවා. ජාතීන් දෙකටම විසඳන්න බැරි ප්‍රශ්නත් තියෙනවා. ඒවා ගැන කතා කරලා වැඩක් නෑ.

    හැබැයි ඔය පකේ ෆෙඩරල් වලින් නම් මිනිස්සුන්ගෙ කිසිම ප්‍රශ්නයක් විසඳන්න බෑ. හැබැයි දේශපාලකයින්ට උන්ගෙ ප්‍රශ්න නම් විසඳගන්න පුළුවන්.
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    ubala aduwata deduwata ubalawath aduma gane sinha kodiya danmada gedara? nane... me tikema paremai sinha kodiya dapu gewal kadawal 50k wath dakke na. hama ekama FB eke nam walapenawa :lol:
    සිංහ කොඩිය දාන අය දායි. නොදාන අය නොදායි. මටනං කොඩියක් දාලා ප්‍රදර්ශනය කරන්න දෙයක් නෑ මෙතන.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    ඔහොම එකක් දෙනකන් මොනවා කරත් ලංකාවේ ඔය කේස් එක නවතින්නෙ නෑ. අවුරුදු 70ක් තියෙන කේස් එකක්නෙ. අපි කොච්චර "දෙමළුන්ට ප්‍රශ්නයක් නෑ" කියලා තෙපරබෑවත් වැඩක් නෑ. හැබැයි ඕක දුන්නත් ඊට පස්සෙත් දෙමළුන්ගේ ඔක්කොම ප්‍රශ්න විසඳනේනෙ නෑ. ඒක ඇත්ත. ඒක ඉතිං උන් තේරුම් ගන්න ඕන දෙයක්.

    දැන් සිංහළුන්ට ප්‍රශ්ණ නැද්ද? තියෙනවනෙ බන්. සාමානයෙන් එදිනෙදා ජීවිතයේදී සිංහළුන්ට නැති දෙමළුන්ට විතරක් ඇති එක ප්‍රශ්ණයක් කියපන් බලන්න? ෆෙඩරල් වලින් ඒක විසඳන්නෙ කෝමැයි කියලත් පාදලා දියන්කො.

    පළාත් වශයෙන් බෙදිලා වෙනම නීති ඉල්ලගෙන වෙනම පාලන ඉල්ලන උන්ට මධ්‍යම රජයෙන් මේ සලකනවා වැඩියි. පළාත්සභාත් නොදී ඉන්නයි තිබ්බෙ. ඒවා නොදුන්නා නම් අද විග්නේශ්වරන්ලා වගේ සර්පයො නෑ. උතුරෙ විතරක් නෙවේ මෙහෙත් දකුණයි නුවරයි කියාගෙන බෙදෙන්න හදන පිස්සො ටිකක් ඉන්නවා. උතුරෙත් දකුනෙත් හැමතැනම ඉන්න දේශපාළුවො කරන්නෙ එකම දේ ජාතිවාදය අවුස්සන එක. සිංහළුන්ගෙත් දෙමළුන්ගෙත් ඔළු ගෙඩි කුරුවල් කරලා උන් සැප ගන්නවා. දැන් ඔය ෆෙඩරල් ඉල්ලන උන් අරගෙන බලහන්කො ඔක්කෝම ඉන්නේ කොළඹ. විග්නේශ්වරන්ව ගනින්කො, කට ඇරියොත් ෆෙඩරල්, සුද්දෙක්ව දක්කොත් නහයෙන් අඬාගෙන යනවා. කෝ දැන් පොර ඉන්නෙ කොහෙද? ඉපදුනෙ කොහෙද? අඩුම ගානේ ඌගෙ පුතාට ඌගෙ පලාතෙන් ගෑනියෙක් හොයලා දෙන්න උවමනවක් තිබ්බ එකෙකුත් නෙවේ. හැබැයි කතා කරොත් දෙමළ මිනිස්සුන්ගෙ අයිතියයි සාධාරණයයි.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886

    විග්නේෂ්වරන් කියන්නේ ජාතිවාදියෙක් නෙමෙයි.හැබැයි ඌ මෝඩ ජාතිවාදී දෙමළු අල්ලාගෙන ලස්සනට game එක play කරනවා.බලපන් එදා සම්බන්ධන්ට තිබුණ තැන විග්නේෂ්වරන් ගත්ත හැටි අද උතුර කිව්වොත් විග්නේෂ්වරන් කියන තැනට මිනිහා ජනප්‍රිය වෙලා ,දෙමළ අය ගොඩක් කොච්චර ඉගැන ගත්ත එකෙක් වුණත් ජාතිවාදය කුල වාදය තියෙනවා.ඒ වගේම මතයක් පතුරුවා තියෙනවා දෙමළ අය අනිත් අයට වඩා superior ජාතියක් කියලා.මට මතක නැහැ norwegian එකෙක් පොතක් ලියලා තියෙනවා දෙමළ mindset එක ගැන.ඔය සිංහල සමහරු ඉන්නේ රාවණා අල්ල ගෙන,,,උන් සිංහල සමාජයේ අඩු උනාට දෙමළ සමාජයේ ගොඩක් අය හිතන්නේ එහෙම.හැබැයි වතුකරයේ ඉන්න අය ,නම් මෙහෙම හිතන්නේ නැහැ flexible ඔය යාපනයේ ඉන්න අය තමයි
     
    මේකනෙ මචං. මම දෙමළ නෙවේ. මට විශ්වාසයෙන් දෙයක් කියන්න තරම් ලඟ දෙමළ යාළුවෙක්වත් නෑ. උන්ගේ ප්‍රශ්නේ මොකක්ද කියලා උන්ගෙන්ම තමා අහන්න ඕන. උන්ට ප්‍රශ්නයක් නෑ කියන්නවත්, උන්ට තියෙන ප්‍රශ්න වලට "මෙහෙමෙ කරානං හරිනෙ" කියන්නවත් මට අයිතියක් නෑ. මොකක් උනත් මධ්‍යම ආණ්ඩුවක් එක්ක එකට ඉන්න උන් අකමැති බව පේනවා. අවුස්සන්නෙ කවුරු උනත් උතුරෙ ඉන්න බහුතරේ ඔය මතේ අවුරුදු 70ක් පුරා පිලිගන්නවනේ. මට හිතෙන්නෑ මොක කරත් ෆෙඩරල් වගේ එකක් දෙනකන් ඕවා ඉල්ලන එක නවත්තයි කියලා. හැබැයි ඉතිං උඹ කියනවා වගේ ඕක දුන්නත් උන්ගේ ප්‍රශ්න විසඳනේනෙනං නෑ තමා. ඒත් ඒක උන් හිතලා තේරුම් ගන්න ඕන දෙයක්.
     
    යාපනේ වෙල්ලාල කියන කුලේ අය ඉන්නවනේ. උන් සෑහෙන්න ඔළුවනෙ ඉන්නේ දෙමළ අය අතරෙත්. ගොඩක් දුරට වතු වැඩවලට ගෙනල්ල ඇත්තේ ඉන්දියාවේ අඩු කුල වල අය. ඇත්තටම හොයල බැලුවොත් දෙමළ-දෙමළ අය අතරේ තියෙන්නේ මාර කේස්. යාපනේ දෙමළු කැමති නෑ මඩකලපුවේ අයට. උන් කැමති නෑ වතුකරේ අයට. මෙයාලා කතා කරන බාසාව උනත් සමානම නෑ. LTTE කියන්නෙත් දෙමළ ඉහල කුල වලට අබියෝග කරපු අඩුකුලේ ව්‍යාපාරයක් කියනවනේ.
     
    ඔව් මචන් උබ හරි. මට ඒක කියන්න බැරි උනා. ඔය ජාතිවාදියො වගේ කියවන එවුන්ගෙ කිසිම ජාතිවාදයක් හෝ ජාතිකවාදයක් නෑ. තනිකරම තමන්ගෙ සුඛ විහරණය වෙනුවෙන් කරන රඟපෑමක් විතරයි. ඒ අතින් බලනකොට රාජිත තව හොඳයි, ඌ තමන්ගෙ පුතාට දෙමළ ගෑනු හොයලා දෙන්න ගියේ නෑ. ඒත් විග්නේශ්වරන්ලා? මේ වගේ කපටි නරින්ගෙන් තමන්ගෙ ජාතියට සෙතක් වෙයි කියලා හිතාගෙන මූගෙ පස්සෙන් යන මිනිස්සු තමයි මෝඩ. මිනිස්සුත් ඔය කුළ මල වලට බෙදිලා ඉන්නකොට මුන් වගේ කපටියො එතනිනුත් වාසිය බන් ගන්නෙ. කුලයෙන් පහත් ඒත් වැඩක් කරන්න පුළුවන් මනුස්සයෙක් උතුරෙන් ඡන්දෙ ඉල්ලුවොත් අර මෝඩ මිනිස්සු අඩු කුලේ එකාට ඡන්දෙ දෙන්නෙ නෑ බන්. ඕක තමයි හැටි. ඕක දෙමළාට විතරක් අදාල දේකුත් නෙවේ. සිංහළුත් එහෙම තමයි. මෝඩ ගොන්නුන්ට නියම කාලෙදි නියම විශබීජ ටික ඔළුවට දාන්න මේ වගේ කපටි නරි හරි දක්ශයි. මුන් වගේ කපටියො එක්ක බලනකොට සුමන්තිරන්ලා සිංහළු එක්ක සහයෝගයෙන් කටයුතු කරන්න හදන කෙනෙක්. කෝ ඉතින් උන්ට තැනක් නෑනේ.

    ෆෙඩරල් ඉල්ලනව මිසක්. අපිට තියෙන ප්‍රශ්න මේවයි. ඒ ප්‍රශ්න ෆෙඩරල් අරගෙන විසඳන්නෙ මෙහෙමයි. ෆෙඩරල් නැති නිසා එක තැන පල් වෙලා තියෙන්නෙ මෙන්න මෙහෙමයි කියලා පැහැදිලි කරන්න කවුරුත් නෑ නේ බන්. ඉතින් ඒකයි මම කිව්වෙ ෆෙඩරල් නැති නිසා එහෙනම් අනිත් පළාත්වල මිනිස්සුන්ටත් ප්‍රශ්න තියෙන්න ඕනේ. අඩුම ගානේ නැගෙනහිරට වත් අනිත් උන්ට නැති විශේෂ ප්‍රශ්නයක් තාම නෑනේ.
     
    උඹ ඔය ගැන එහෙම දෙමළ මිනිස්සු එක්ක කතා කරලා තියෙනවද? මම කියන්නේ මචං මේ සංවාදෙ ඇතිවෙන්නම ඕන දෙයක්. එහෙමෙ උනොත් තමා උන්ගේ ඉල්ලීම් ගොන්පාට්නං ඒක උන්ට තේරෙන්නේ - හෝ උන්ගේ ඉල්ලීම් වල දෙයක් තියෙනවනං ඒක අපිට තේරේන්නේ. අවාසනාවකට ඒවගේ අවංක සංවාදයක් නෑ ලංකාව ඇතුලේ. හැබැයි උන් එක්ක සංවාදයක් නැතුව "උඹලට ඇති ප්‍රශ්නයක් නෑ" කියලා අපේ පැත්තෙන් බලල කිව්ව කියල විසඳන ප්‍රශ්නෙකුත් නෑ. ඇතිවෙන සාමෙකුත් නෑ.
     
    හැබැයි උන්ගේ බෙදිම ප්‍රයොජනයට ගන්නෙ වෙනම සෙට් එකක,ඔය ඩයස් පොරාවට සල්ලි උනන්නෙ මෙහෙ මොනවා හරි සෙල්ලම් ටිකක් පෙන්නුවහම,
     
    මෙහෙමයි ඕක දැන් ගොඩක් සන්කිරන ප්‍රශ්නයක් අර නියපොත්තෙන් කඩා ගන්න තිබ්බ අවස්ථාව නති උනා.දැන් දෙමළ ඩයස් පෝරාව වටා ලොකු ධනයක් එකතු වෙලා තියෙනවා.ඕක උල්පක් කරගෙන ඕකේන් යැපෙන media local/international ,politiciansලා,ngo,වගේ ලොකු ජාලයක් හැදිලා උන් ඒ මතය සමාජ ගත කලාම මිනිස්සු පිළිගන්නේ ඒවා.ඔය යුරෝපයෙ,americaවෙ,වෙන රටවල ඒ මතය ඇති වෙලා තියෙන්නේ එහෙම.අපි කොච්චර කළත් ඔය සංහිඳියාව ඇති කරන්න බැහැ.ඔය ජාලයේ ඉන්න අයගෙන් උපදෙස් අරගෙන.
     
    දැන් ඒ ප්‍රශ්නෙට නියපොත්තෙන් කඩමු වගේ විසඳුම් ගැලපෙන්නෙත් නෑ අවාසනාවකට. 56දි විතර ලස්සනට විසඳගන්න තිබ්බ ප්‍රශ්න මෙව්වා. අනිත් එක තමා රටවල් වල ඉන්න දෙමළ ඈයෝ වීසා ගන්න බොරු තුන-හතර කරලා කියනවා. ආණ්ඩුවෙන් තර්ජන තියෙනවා කියලා වීසාගන්න බොරුකියන සිංහල හරකුත් ඉන්නවා හැබැයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    උඹ ඔය ගැන එහෙම දෙමළ මිනිස්සු එක්ක කතා කරලා තියෙනවද? මම කියන්නේ මචං මේ සංවාදෙ ඇතිවෙන්නම ඕන දෙයක්. එහෙමෙ උනොත් තමා උන්ගේ ඉල්ලීම් ගොන්පාට්නං ඒක උන්ට තේරෙන්නේ - හෝ උන්ගේ ඉල්ලීම් වල දෙයක් තියෙනවනං ඒක අපිට තේරේන්නේ. අවාසනාවකට ඒවගේ අවංක සංවාදයක් නෑ ලංකාව ඇතුලේ. හැබැයි උන් එක්ක සංවාදයක් නැතුව "උඹලට ඇති ප්‍රශ්නයක් නෑ" කියලා අපේ පැත්තෙන් බලල කිව්ව කියල විසඳන ප්‍රශ්නෙකුත් නෑ. ඇතිවෙන සාමෙකුත් නෑ.

    උතුරෙ දෙමළ මිනිස්සු නම් සෙට් වෙලා තියෙනවා ඒත් ඔය වගේ ගැඹුරු දෙයක් කතා කරන්න තරම් ෆිට් එකක් තිබ්බෙ නෑ. භාෂාවෙත් ගැටළු තියෙනවා. ඒ විතරක් නෙවේ, ප්‍රශ්ණ ගැන අවබෝධයක් තියෙන ලෙවල් එකේ අයත් නෙවේ. ඒ නිසා කතා කරලා වැඩක් නෑනේ. හැබැයි වැල්ලවත්තෙ මම දන්න මිස්ලා කීප දෙනෙක්ම ඉන්නවා මම ඒ අයත් එක්ක නම් කතා කරලා තියෙනවා. ඒ ගොල්ලො එහේ දේශපාළුවන්ට බනිනවා. මිනිස්සු මෝඩයි ඕවා තමයි කියන්නෙ. ඇත්ත ප්‍රශ්න සල්ලි නෑ, ගොවිතැන් කරන්න වතුර නෑ, අස්වැන්න විකුනන්න නෑ, වැන්ඳඹුවො, පවුල් වල පිරිමි නෑ ගෑනු අය විතරයි. ඕවා තමයි ප්‍රධාන ප්‍රශ්න. කවුද වැරදි ඇහුවම කියන්නෙ ප්‍රභාකරන්ව මිසක් සිංහල අයවත් හමුදාවත් එහෙමත් නැත්නම් ෆෙඩරල් නැති නිසා වත් නෙවේ. මොලේ තියෙන මිනිස්සු කැමති සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න. ඒ මිනිස්සු හරි හොඳයි බන්. අවුරුද්දට කැවිලි පාර්සලුත් අපිට දෙනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    මෙහෙමයි ඕක දැන් ගොඩක් සන්කිරන ප්‍රශ්නයක් අර නියපොත්තෙන් කඩා ගන්න තිබ්බ අවස්ථාව නති උනා.දැන් දෙමළ ඩයස් පෝරාව වටා ලොකු ධනයක් එකතු වෙලා තියෙනවා.ඕක උල්පක් කරගෙන ඕකේන් යැපෙන media local/international ,politiciansලා,ngo,වගේ ලොකු ජාලයක් හැදිලා උන් ඒ මතය සමාජ ගත කලාම මිනිස්සු පිළිගන්නේ ඒවා.ඔය යුරෝපයෙ,americaවෙ,වෙන රටවල ඒ මතය ඇති වෙලා තියෙන්නේ එහෙම.අපි කොච්චර කළත් ඔය සංහිඳියාව ඇති කරන්න බැහැ.ඔය ජාලයේ ඉන්න අයගෙන් උපදෙස් අරගෙන.

    අපිට ඩයස්පෝරාව කවදාවත් නවත්තන්න පුළුවන් දෙයක් නෙවේ. ඒක එදා ඉඳන්ම පොරවෙන් කපන්න ඕන ප්‍රශ්නයක් බන්. හැබැයි අපිට පුළුවන් උතුරේ ඉන්න මිනිස්සුන්ගෙ ඔළුවට විශබීජ දාන දේශ්පාළුවො ටික පාලනය කරන්න. කරලා, ඒ මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න.