මැයි දිනේටත් කම්කරුවෝ නිල් පාටයි

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,134
    5,945
    113
    canada
    මැයි දිනේටත් කම්කරුවෝ නිල් පාටයි

    railway+workers.JPG


    මේ උද්ඝෝෂණය කළේ කවුදැයි පළමුව විමසිය යුතුය. ඒ "ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ආදේශක කම්කරුවන්" පිරිසකි. මගේ දැනුමේ හැටියට නම් ආදේශක හෙවත් අනියම් කම්කරුවන් යනු තාවකාලික හෙවත් හුදු කොන්ත්‍රාත් පදනම මත සේවයට බඳවාගන්නා පිරිසකි. ඔවුන් අදාළ තනතුරේ ස්ථිර කිරීමට හෝ, වෙනත් නිලයක් ලබාදීමට හෝ සේවායෝජකයා බැදී නොසිටී. කොහොමත් පාඩු ලබන ලංකා දුම්රිය සේවයට මේ මොහොතේ තවත් අලුතින් සේවකයන් බඳවා ගන්නවා යනු කොහෙත්ම කළ නොහැකි මෙන්ම කළ නොයුතු වැඩක් ද වෙයි.

    මේ සේවකයන් බඳවාගන්නා ලද්දේ කොන්ත්‍රාත් පදනම මත බව ඉතාම පැහැදිලිව ප්‍රකාශ කර තිබියදී පවා ඔවුන් සිය නිලය ස්ථිර කරන ලෙස උද්ඝෝෂණය කිරීමේ මොනම සාධාරණත්වයක් වත් මට නම් පෙනෙන්නේ නැත. ආණ්ඩුව යනු පිනට රස්සාවල් දෙන දන්සලක් නොවේ. එහෙම වුණු කාලවල් ද තියෙන්නට ඇත. එහෙත් ආණ්ඩුව යනු රැකියා නැත්තවුන්ට නිකං කන්න බොන්න දෙන දන්සැලක් නොවේ; එසේ විය යුතු ද නැත. රස්සාවක් නැතිනම් රස්සාවක් සොයාගත යුතුය. රස්සාවල් සොයාගන්නට නැතිනම් රස්සාවක් හදාගත යුතුය. උද්ඝෝෂණ කළාට අසාධාරණය සාධාරණය වන්නේ නැත.

    අපේ රටේ ඕනෑම මගුලකට කරන්නේ උද්ඝෝෂණය කිරීමයි. උද්ඝෝෂණය හෙවත් ඝෝෂාවක් නැගීම කළ පමණින් රජය වත් මිනිස්සු වත් මේ ලපයි සිපයින්ට බය වෙන්නේ නැත; බය කරගන්නට ද බැරි ය. උද්ඝෝෂණ එකක් නොව දාහක් කළත් වැරැද්ද හරි වන්නේ ද නැත. කොන්ත්‍රාත් පදනමට ආවා නම් ආපු කාලය ඉවර වූ පසුව තවදුරටත් සේවය දීර්ඝ නොකරන්නේ නම්, පුරප්පාඩු ද නැත්නම්, කළයුත්තේ රස්සාවක් හොයාගැනීම මිස උද්ඝෝෂණ කිරීම නොවේ. තමන්ට ඉල්ලන්නට අයිතියක් නැති බව හොඳටම දන්නා තනතුරක් බලෙන් ලබාගැනීම වෙනුවෙන් උද්ඝෝෂණ කරමින්, රේල්පාරට සිල්පර කොටන් දමමින්, දුම්රිය ගමන් කරන්නට ඉඩ නොදෙමින් මහජනයා අසරණ කරන්නට යමෙක් සැරසෙන්නේ නම් ඒ පුද්ගලයාට හෝ පිරිසට එරෙහිව උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුය.

    පලි: මෙහිදී උද්ඝෝෂණය මැඩපැවැත්වීමට රජය හෝ පොලිසිය ක්‍රියාකළ ආකාරය කිසිසේත් අනුමත කිරීමක් මේ ලිපියෙන් නොකෙරෙන බව කරුණාවෙන් සළකන්න.

    මෙහි අඩු කොටසක්ද තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුවට හෝ වෙනත් රජයේ ආයතනයකට අනියම් හා ආදේශක කම්කරුවන් බඳවා ගන්නා බවට ප්‍රසිද්ධ දැන්වීමක් ඔබ කවදා හෝ දැක තිබේ ද? මේ කම්කරුවන් මේ රැකියා ලබා ගන්නේ ඡන්දවලදී වෙල්ගම, වෙල්ගමගේ පුතා වැනි අයට වැඩ කරලා ය. ඔවුන්ට රට සූරා කන්නට ඉල්ලම පෑදෙන්නේ එතැනිනි. මේ කම්කරුවන් ඉල්ලා සිටින්නේ රටේ සාරයෙන් ඔවුන්ගේ පංගුවයි. ඒ කියන්නේ නිකම් ඉඳ හෝ අඩුවෙන් වැඩ කර, වැටුප් හා වරප්‍රසාද ලබා ගත හැකි රස්සාවකි. එසේ දෙන බව වෙල්ගමලා මොවුන්ට පොරොන්දු ද වී ඇත. එය ගන්න නම් මේ අන්දමින් උද්ඝෝෂණ කරන්නට සිදු වන බව කියන්නට ඇත්තේ ද ඔවුන් ම විය හැකි ය. රස්සාව ස්ථිර කර දුන් පසුව මොවුන් පරම්පරා පිටින් වෙල්ගමලාට සේවය කරති.

    මැයි පළමුවෙනිදා ඔවුහු ලංගම බස්වලින් නොමිළේ කොළඹ පැමිණ, අරක්කු බී, බත් පැකට් කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පෙළපාලියේ යනු දැක ගත හැකි වනු ඇත.

    ‍මේ 'කම්කරුවන්ගේ' ශ්‍රමයෙන් ධනපති පංතිය කරන සූරාකෑමක් නැත. ඒ වෙනුවට කම්කරුවෝ ලංකාවේ ධනේශ්වර රජය සූරා කති. රජය මේ රටේ ජනතාව සූරා කයි. ජනතාව කියන්නේ මෙවැනි කම්කරුවෝ හා තවත් අයයි. ඇත්තෙන් ම සූරාකන්නේ කවුරුද, සූරාකෑමට ලක් වන්නේ කවුරුද යන්න ප්‍රහේලිකාවකි.

    rest of the article see
    w3lanka