මැයි දින වෙලඳාම

SpyBlaster

Member
Apr 17, 2008
775
30
0
මැයි දින වෙලඳාම

අමුතුවෙන් පැහැදිලි කිරීම් ඕන නැහැ. ඕන පොඩි එකෙක් දන්නවානේ අද දවස මොකක්ද කියන එක.

හැබැයි දැන් කණගාටුවෙන් උනත් කියන්න වෙනවා ඒ දැනගෙන හිටපු එක වැරදියි කියලා. මොකද අපි දන්න විදියට නම් මැයි දිනය කියන්නේ දුක් විඳින කම්කරුවාගේ දවස. නීතිමය වශයෙන් තමන්ගේ දුක් ගැනවිලි බය නැතුව රටට ලෝකෙට කියන්න ලැබෙන එකම අවස්තාව.කාගෙන්වත් ගුටි කන්න ඕන නැති එකම දවස. හැබැයි වර්තමාන මැයි දිනය කියන්නේ ඒ අහිංසකයාව ගොනාට අන්දලා තමන්ගේ දේශපාලන ගොං ටෝක්ස් ටික කියන්න තියන තවත් එක දවසක් වෙලා. බස් පිටින් බුරුතු පිටින් ගෙනල්ලා උන්ව කඩේ යවනවා ලස්සනට. ඒ මිනිස්සුත් අනේ අපරාදේ කියන්න බෑ යනවා.මම නම් කිසිම අවස්තාවක පිලිගන්නේ නෑ ඒ මිනිස්සු ඔය ලනු තේරුම් ගන්න බැරුව රැවටිලා ඕවට සෙට් වෙනවා කියලා. එහෙම මෝඩයෝ නම් රස්සාවක් කරන්න විදියක් නැහැනේ. මානසිකව ආබාධ තියන මිනිස්සු ඔයිට වඩ හොඳයි. උන් තමන් එක පාරක් කාපු ලනුව ආයේ කන්නේ නෑ. ඒත් අපේ මිනිස්සු හැම අවුරුද්දේම ඕක කනව. අම්මේ පුදුම කෑමක් ඒක නම්. ගෙදර එනකොට උගුරේ පලු නෑ. දවස් ගානක් යනකල් නෝ කතා. අන්තිමේ බැලුවම ගහපු පදේකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. මෝඩ කම.

ආණ්ඩුවෙන් පෙලපාළි සංවිධානය කරගෙන එයාලාගේ බණ තැටිය දානවා. ඩොලර් වලට යට වෙන්න එපයි අරකක්යි මේකයි කියලා. ඕක කියන්න තියන්නේ අදද ? අර මිනිස්සුන්ගේ දවසද ඒකටත් හරි යන්නේ ? එකසත් ජාතික පක්ශේ එහෙන් පෙලපාලියක් දාගෙන කෑ ගහනවා ආණ්ඩුව ප්‍රශ්නෙට විසඳුම් තියද්දි පම්පෝරි ගහනවා බොරුවට වලිගේ පාගගෙන කෑ ගගහා රට වටෙ දුවනවා කියලා. අන්තිමේ ආණ්ඩුව පෙරලන්න ඕන කියනවා. ජවිපෙ ඉඳන් ඔය දෙකටම බනිනවා. ඒ අස්සේ අර බෑන් කී මූන් ගේ හුට පටේ ගැන උනුත් ආණ්ඩුවට කෑ ගහනවා. අනිත් පක්ශ මේ තුන් ගොල්ලොන්ටම පලු අරිනවා. අපේ මී හරක් ටිකත් ඩවසම නාස්ති කරගෙන මේ අනුන්ගේ රෙද්දවල් වලට දෙන්න යනවා.

යකෝ අද දුක් විඳින කම්කරුවාගේ දවස. කම්කරුවෝ ලබන අවුරුද්දේ ඉඳලවත් උන්ට උන්ගේ ට්‍රම්පට් ගහගන්න දීලා උඹලා උඹලාගේ අයිතිවාසිකම් වෙනුවෙන් කෑ ගහපල්ලා. නැත්නම් වෙන්නේ උන් ලස්සනට උඹලට උඹලා වෙනුවෙන් කතා කරන්න තියන දවසෙත් උන් උඹලගේ කටවල් වහන එක. ඔලුව නැති මී හරක් වෙන්න එපා. මට නම් මේ දැනි තියන මැයි දිනය තනිකර මල කෝලමක්. එක එකාගේ නම් ටික කියවගන්න කරන තවත් එක ප්‍රොජෙක්ට් එකක් විතරයි

Source
 

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ආයේ පිස්සුවක් ඇතෙයි

    මචන් තේරුම් ගනිල්ලා ඔතන හැමදාම වෙන්නේ කම්කරුවන්ව හූරන් කන්න පොටක්
    පාද ගන්න එක.එක තේරුම් ගන්න ඕනේ මුලින්ම.අනික තම මෙතන ජනාධිපති තුමාව
    පටලන් නටන්න දෙයක් නැහැ.මුන්ට හැම මගුල කරන්නම ජනාධිපති තුමා ජනාධිපති
    තුමා.මම අවශ්‍ය වෙලාවේ එතුමා වෙනුවෙන් කතා කරලා තියනවා.එත් මෙතන කරන්න
    කෙන්ගෙඩියක් නෑ එයාව පටලන්..නිකන් අහිංසක මිනිස්සු වෙනුවෙන් තියන දවස
    කාලකන්නි කරනොගෙන හිටපියව් බූරු පැටව්..

    ඔව් බන් ඔක්කොම දේශපාලකයෝ කරන්නේ මෙන්න මේ දවසට සම්පූර්ණ බොරු , පුහු
    කම්කරු කැක්කුමක් අරන් කෑගල ඊලග චන්දෙට ලකුණු ටිකක් දා ගන්න එක.ඊට පස්සේ හිනා
    වේවි බංගලාවට යනවා.ඇත්තටම මේ රටේ අහිංසක මිනිස්සුන්ට වෙන, කරන කිසිම සෙතක් නැහැ.
    ඔය පෙළපාලිවලට යන්නෙත් එක එක දේශපාලන චරිත වලට පක්කිලි කම් කරන උන්.උන් දන්නේ
    නෑ මැයි පළවෙනිදා කියන දේ ඇති උනේවත් ඇයි කියන්න.මොන තරම් ලේ , බෙලි ඔය දේ වෙනුවෙන්
    මිනිස්සු පූජා කරාද කියන්න වත් දන්නේ නෑ.උන් දන්නේ එකම දෙයි, බත් පැකට් එකයි දහයකට
    විතර බෝතයක් ගානේ එදාට හම්බෙනවා කියන්නයි විතරයි..

    එත් ලංකාවේ ඇත්තටම එදා වෙලා හොයා ගන්න බැරි මොනිස්සු ඔය මහා ලොකු කම්කරු දිනෙත්
    තමන්ගේ පොඩි එකාගේ බඩට කෑම ටිකක් දන්නා රැ වෙලටවත් බලු දුක් විදිනවා.කව්රුත් ඒ වගේ
    මිනිහෙක් වෙනුවෙන්, ඒ මනුස්සයව තේරුම් වත් ගන්නවද ?


    මට වෙලාව තිබ්බොත් මැයි පළවෙනිදා ගැන ලිපියක් දැන්නම් මීට වඩා කරුණු තියන..

    මැයි පෙලපාලියට ඔබත් එන්න
    ඔය ටික මම කිව්වේ මීට කලින් බන්( 04-30-2011, 02:19 PM )..මුන් තේරුම් ගන්නේ නැනේ..
    ඔය blog එක කරන dial එකත් මම වගේම පොරක් වගේ...:dull:
     
    Last edited: