මැයි 24 සහ 25 දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions


    කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    මැයි 24 ඉරිදා සහ 25 සඳුදා දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

    කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට( 23) රාත්‍රී 8.00 සිට බලාත්මක වන ඇඳිරි නීතිය මැයි 26 වන අඟහරුවාදා උදේ 5.00 ට ලිහිල් කෙරෙයි.

    මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය දිනපතා රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වෙයි.


    කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබිය දී ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට ආරම්භ කළ වැඩපිළිවෙළ හෙටත් ක්‍රියාත්මක අතර මැයි 26 වන දා සිට පෙර පරිදි ඉදිරියට ගෙන යනු ලැබේ.

    කලින් නිකුත් කළ නිවේදනවල සඳහන් ඇඳිරි නීතියට අදාළ කොන්දේසි නොවෙනස්ව පවතී.​
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,390
    12,668
    113
    Piliyandala
    ලැබූ ජය සම්කාවී ව සමරන්න...

    ඔක්කොමත් හරි මුජිබර් රහුමාන් ඇවිල්ල දුන්න ටෝක් එක කොහොමද? මේ තමයි ලු මාස දෙකක් තිස්සේ ජනතාව හිරකරන් හිටපු පීඩනය....
     
    • Like
    Reactions: Pinkbc

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    ලැබූ ජය සම්කාවී ව සමරන්න...

    ඔක්කොමත් හරි මුජිබර් රහුමාන් ඇවිල්ල දුන්න ටෝක් එක කොහොමද? මේ තමයි ලු මාස දෙකක් තිස්සේ ජනතාව හිරකරන් හිටපු පීඩනය....

    Majibarta Chande matak wunama Curfew OK. Thambi pissu keliyama Curfew awul. :lol: :lol: