ගහන්න ආවෙත්, ගුටි කෑවෙත්, මිය ගියෙත් මේ රටේම මිනිස්සු.
ඒක ඉතිහාසයේ තවත් දවසක් වේවි.
අරගලය නිර්මාණය වන්නෙත්, ජයග්‍රහණය කරන්නේත් අවිහිංසාවාදය පෙරටු කර ගෙන.
එය තුල හිංසාව රජ කරවන්න ඉඩ ලැබුනේ නෑ.
පාලකයා ඒ තුලට හිංසාව රැගෙන ආ හැම වරෙකම එය ඔවුන්ටම පාරා වළල්ලක් බවට පත් උනා.
මේ රටට තියෙන්නෙම හිංසාව පිළිබඳව ඉතිහාසයක්. සන්නද්ධ අරගල, යුද්ධ, බෝම්බ, කෝළාහල එක්ක ලියැවුණු අතීතයක් වෙනස් කරපු එකම අවිහිංසාවාදයේ පාඩම උනේ 2022 මහජන අරගලය.
ඒ තුලින් වූවත් අපිට ජීවිත 11 ක් අහිමි උනා.
මේ රටේ ඉතිහාසයේ අවිහිංසාවාදයේ එකම පාඩම තුල හිංසාව ක්‍රියාත්මක උන දවසක් අද.
ඒක අපේ ක්‍රියාව නෙවෙයි, ප්‍රතික්‍රියාවක්.
ඒක අපේ තේරිම නෙවෙයි, අපිව එතනට තල්ලු කිරීම නිසා ලැබුන ප්‍රතිඵලයක්.
කොහොම උනත්, ඒක අපේ අරගලයේ හරය නෙවෙයි. මේකේ හරය අවිහිංසාවාදය. මේ රටට දීපු පණිවිඩය ඒකයි.
ඒ නිසා ගහපු අය වගේම ගුටිකාපු හැමෝමත්, හිරේ ගියපු හැමෝමත්, මිය ගිය හැමෝමත් මේ රටේම බතකා, එකම හුස්ම පොද බෙදා ගත්ත එකම ජාතියේ මිනිස්සු. අපි ආයෙත් දෙකට බෙදිලා එකිනෙකාට අපහාස කර ගැනීම, බැණ ගැනීම, වෛර කිරීම තුල අපේ රට ජාතියම ආපහු අභ්‍යන්තරයේන් විනාශ වෙනවා. එකිනෙකා අතර බෙදීම ඇති වෙනවා. ඒ තුල රටක්, සමාජයක් විනාශයට පරිහාණියට පත් වෙනවා.
ඔබට පුළුවන් නම්, හිංසාව වෙනුවට අවිහිංසාවාදය ඔප් නංවන්න, වෛරය වෙනුවට සාමය පතුරවන්න, ද්වේශය වෙනුවට ආදරේ බෙදන්න රටේ මිනිස්සු ඔක්කොගෙම හිත් සුවපත් කරන්න පුළුවන් වෙයි.
විසඳුම දේශපාලනිකයි, ඒ වෙනුවෙන් කටයුතු කරන්න. රට හදන විදිය ගැන කතා කරන්න. ඊළඟට කරන දේ හිතන්න. අවිහිංසාවාදයේ ලස්සනම පාඩම ඇතුලේ හිංසාව සමරන්න යෑමෙන් විමුක්තිය නොලැබෙන බව තේරුම් ගන්න.
ඔබට පුළුවන්.
අපිට පුළුවන්.
පැතුම් කර්නර්
#හරිත
#Weneednewleaders