මචංලා අපේ ගෙදර පට්ට විදිහට මීයෝ බෝවෙලා හිටියෙ. හැම තැනම ජරා කරලා, ඇදුම් කර්ට්න් කාලා,කාර් එකේ වයර් කාල පුදුම වදයක් දුන්නෙ උන්.බේරෙන්න බැරිම තැන තාත්තා ගිය සතියෙ මීයන්ට බෙහෙත් තියලා.කොහොමහරි දැන් ගොඩක් මීයො මැරිලා.පේන්න හිටපු ,හොයාගන්න පුලුවන් තැන්වල මැරිලා හිටපු මීයො ඔක්කොම වලලලා දැම්මා.ඒත් කේස් එක සමහර උන් මැරිලා තියෙන්නෙ හොයාගන්න බැරි අස්සවල් වල රිංගලා.මුලු ගේම පට්ට ගදයි.ගදක් එන තැනක් හිතාගන්න බෑ.මේ ගද අයින් කරගන්න පුලුවන් විදිහක් දන්නවද එකෙක් හරි? දන්නවනං කියහල්ලා ලොකු උදව්වක් මාර දුකක් විදින්නෙ මේටිකේ. බැරිවෙලාවත් ගද අයින් කරන්න විදිහක්ම නැත්තං මේ ගද නැතිවෙලා යන්න කොච්චර කල් යයිද?
(දැන් වහ දාලා මීයො මැරුවා කියලා බනින්න එපා මචෝ අපි උනත් වෙන කරන්න දෙයක් තිබ්බනං වහ දාන්නෑ.කරන්න තියන ඔක්කොම කරලත් හරි ගියෙ නැති හින්දා මේක කරන්න උනේ.මේකෙ වේදනාව දන්නෙ මේ දුක විදපු එකෙක් විතරයි)
(දැන් වහ දාලා මීයො මැරුවා කියලා බනින්න එපා මචෝ අපි උනත් වෙන කරන්න දෙයක් තිබ්බනං වහ දාන්නෑ.කරන්න තියන ඔක්කොම කරලත් හරි ගියෙ නැති හින්දා මේක කරන්න උනේ.මේකෙ වේදනාව දන්නෙ මේ දුක විදපු එකෙක් විතරයි)