මැරුණෙ මෙයා 😭

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,376
    113
    q3Bal8O.jpg
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,544
    113
    Colombo
    අපේ ගෙදරත් මම පොඩි කාලෙ බල්ලො සහ පූසො හිටියා.

    මට ජීවිතේ පොඩිම කාලෙ මතක තියන සීන් වලින් එකක් තියනවා අපේ ගෙදර බල්ලෙක් ඉන්නවා මම වතුර බාස්කට් එකක බැහැල ඉඳ්දි ඌ ඒක වටේ යනවා,
    සහ තව දවසක් තාත්ත බල්ලව නාවන්න ගඟට අරන් යනවා කියලා තව එකක් මතකයි
    මම ඕක අම්මලාට කිවුවම ඒ කාලෙ මට වයස අවුරුදු දෙකක් විතර ඇතිලු, හරියට කතා කරන්නවත් බැහැලු ඒ තරං පොඩි කාලෙ මතක තියනවද කියලත් අහනවා
    ඒ බල්ලා මට හරි ආදරේලු මම වතුරෙ දාල නාවද්දි බල්ලා හෙනට බයවෙනවාලු ඒක නිසා තමයි වටේ දුවනවා කියන්නෙ. තව ඒ බල්ලව මැරුනත් මතකයි, වයසට මැරුනෙ මම හිතන්නෙ, මම ආත්තම්ලාගෙ ගෙදර හිටියෙ බල්ලා මැරිලා කියලා බලන්න එක්කන් ආවා, ඌ පෝර කවරයක් උඩ මැරිලා තියනවාත් මතයකයි.

    තව ටිකක් තේරෙන කාලෙ මොන්ටිසෝරි යන කාලෙ එහෙම පූසො පේන්න බැහැ. ඇඟේ ගැවෙනවටත් ආස නැහැ.
    පස්සෙ ඉස්කෝලෙ 9 වසර වගේ වෙද්දි පූසන්ට හෙනම ආස උනා ගෙදර පූසො හෙන ගානක් හිටියා. ඔය ෆොටෝ වල වගේ අලු පාට කලු තිත් තියන එවුන්ම හතර පහක් හිටියා. අපේ පැත්ත සීතල නිසාද මන්දා පූසො පත සයිස් වෙනවා අවුරුද්දක් විතර යද්දි, අනික එහෙ ගෙදර කැලේට ලඟයි සත්තු ඉන්නවා මාර විදියට, පූසො ගෙදරින් කන්නෙ හරියට ස්නැක් එක විතරයි හැම තිස්සෙම සත්තු අල්ලන් කන්න පුලුරුදු වෙනවා, ඒක නිසාද මන්දා එහෙ පූසො අර හුරතල් නැහැ අතට ගත්තම නියපොතු එහෙම ඇතුලලට දාගන්නෙ එහෙමත් එකෙක්, ඒ කාලෙ කොහෙ හරි නෑදැ ගෙදරකත් අර අතට ගත්තම නිකන් ෆ්ලෙක්සිබල් වෙලා යන පූසෙක් අහුවෙලා හෙනට පුදුම හිතුනා. හැබැයි එහෙ පූසො අවුරුද දෙක තුනකට වඩා ඉන්න නැහැ අතුරුදහන් වෙනවා, කොලදිවියා කනවා, කෑලි වත් හම්බෙන්නෙ නැහැ

    දැන් ආයෙත් පූසන්ව සහ බල්ලොන්ව පේන්න බැහැ. ඇඟේ ගෑවුනත් ආස නැහැ.
     
    • Wow
    Reactions: AnuradhaRa