මැරුනම ආයෙත් ඉපදෙනවාද?

LakshanDev

Junior member
  • Jun 27, 2021
    46
    80
    18
    Nugegoda
    වෙන්න ඇති බන් ඔය ඕනෙ තරම් තියෙන්නෙ reincarnation වෙච්ච සීන්ස්
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,141
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    🙏 🙏 🙏
    චතුර් ආර්ය සත්‍යයේ
    දුක
    මොකක්ද කියල පැහැදිලි කරපු
    එකක් නැද්ද බ්‍රෝ
    දුක්ඛ සත්‍ය "පිරිසිඳ දැක්ක යුත්තක්". ප්‍රඥාවෙන් අවබෝධ කරගතයුතු එකක්.

     
    • Like
    Reactions: S_M_S

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    🙏 🙏 🙏
    චතුර් ආර්ය සත්‍යයේ
    දුක
    මොකක්ද කියල පැහැදිලි කරපු
    එකක් නැද්ද බ්‍රෝ
    පංච උපාදානස්කන්දා දුක්ඛා
     
    • Wow
    Reactions: amino

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    🙏 🙏 🙏
    චතුර් ආර්ය සත්‍යයේ
    දුක
    මොකක්ද කියල පැහැදිලි කරපු
    එකක් නැද්ද බ්‍රෝ

    කතමඤ්ච භික්ඛවේ, දුක්ඛං අරියසච්චං? ජාති’පි දුක්ඛා, ජරා’පි දුක්ඛා, ව්‍යාධි’පි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, සෝකපරිදේව-දුක්ඛදෝමනස්සුපායාසා’පි දුක්ඛා, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං, සංඛිත්තේන පඤ්චුපාදානක්ඛන්ධා’පි දුක්ඛා.​

    පින්වත් මහණෙනි, දුක නම් වූ ආර්ය සත්‍යය යනු කුමක්ද? ඉපදීම ද දුකකි ජරාවට පත්වීම ද දුකකි රෝගපීඩා වැළඳීම ද දුකකි මරණය ද දුකකි සෝක වැළපීම් ද කායික දුක් ද මානසික දුක් ද සුසුම් හෙලීම් ද දුකකි. අප්‍රිය පුද්ගලයින් හා අප්‍රිය වස්තූන් සමඟ එක්වීම ද දුකකි ප්‍රිය පුද්ගලයන්ගෙන් හා ප්‍රිය වස්තූන්ගෙන් වෙන්වීම ද දුකකි කැමති වන්නා වූ යමක් නොලැබේ නම් එය ද දුකකි සංක්ෂේපයෙන් කීවොත් පංචඋපාදානස්කන්ධයෝ ම දුකකි.

    කතමා ච භික්ඛවේ, ජාති? යා තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජාති සඤ්ජාති ඔක්කන්ති අභිනිබ්බත්ති ඛන්ධානං පාතුභාවෝ ආයතනානං පටිලාභෝ, අයං වුච්චති භික්ඛවේ, ජාති.​

    පින්වත් මහණෙනි, ඉපදීම යනු කුමක්ද? ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව ලෝක තුළ යම් උපතක් වේ ද යම් හටගැනීමක් වේ ද මව්කුසක බැසගැනීමක් වේ ද විශේෂ උපතක් වේ ද උපාදානස්කන්ධයන්ගේ පහළවීමක් වේ ද ඇස් කන් ආදී ඉඳුරන්ගේ ලැබීමක් වේ ද පින්වත් මහණෙනි, මෙය වනාහී ඉපදීම යැයි කියනු ලබන්නේ ය.

    කතමා ච භික්ඛවේ, ජරා? යා තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්ත නිකායේ ජරා ජීරණතා ඛණ්ඩිච්චං පාලිච්චං වලිත්තචතා ආයුනෝ සංහානි ඉන්ද්‍රියානං පරිපාකෝ, අයං වුච්චති භික්ඛවේ, ජරා.​

    පින්වත් මහණෙනි, ජරාවට පත්වීම යනු කුමක්ද? ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව ලෝක තුළ යම් දිරීමක් වේ ද දිරා යන ස්වභාවයක් වේ ද දත් ආදියෙහි කැඩීමක් වේ ද කෙස් ආදියෙහි පැසීමක් වේ ද සමෙහි රැලිවැටීමක් වේ ද ආයුෂයාගේ ගෙවීමක් වේ ද ඇස් ආදී ඉඳුරන්ගේ මෝරා යාමක් වේ ද පින්වත් මහණෙනි, මෙය වනාහී ජරාවට පත්වීම යැයි කියනු ලබන්නේය.

    කතමඤ්ච භික්ඛවේ, මරණං? යං තේසං තේසං සත්තානං තම්හා තම්හා සත්තනිකායා චුති චවනතා භේදෝ අන්තරධානං මච්චුමරණං කාලකිරියා ඛන්ධානං භේදෝ කළේබරස්ස නික්ඛේපෝ ජීවිතින්ද්‍රියස්සුපච්ඡේදෝ, ඉදං වුච්චති භික්ඛවේ, මරණං.​

    පින්වත් මහණෙනි, මරණය යනු කුමක්ද? ඒ ඒ සත්වලෝකවල උපන් සත්වයා ඒ ඒ සත්ව ලෝකවලින් යම් චුතවීයාමක් වේ ද චුතවෙන ස්වභාවයක් වේ ද බිඳීයාමක් වේ ද නොපෙනී යාමක් වේ ද මරණයට පත්වීමක් වේ ද කළුරිය කිරීමක් වේ ද උපාදානස්කන්ධයන්ගේ බිඳීයාමක් වේ ද ශරීරය අත්හැර දැමීමක් වේ ද ජීවිත ඉන්ද්‍රියයෙහි සිඳීයාමක් වේ ද පින්වත් මහණෙනි, මෙය වනාහී මරණය යැයි කියනු ලබන්නේය.

    කතමෝ ච භික්ඛවේ, සෝකෝ? යෝ ඛෝ භික්ඛවේ, අඤ්ඤතරඤ්ඤතරේන බ්‍යසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛධම්මේන ඵුට්ඨස්ස සෝකෝ සෝචනා සෝචිතත්තං අන්තෝසෝකෝ අන්තෝපරිසෝකෝ, අයං වුච්චති භික්ඛවේ, සෝකෝ.​

    පින්වත් මහණෙනි, සෝකය යනු කුමක්ද? පින්වත් මහණෙනි, විවිධාකාර විපත් අතරින් කවර හෝ විපතකින් පීඩා විඳින කෙනෙකුන් තුළ විවිධාකාර විපත් අතරින් ඉවසිය නොහැකි දුකකින් වේදනා විඳින කෙනෙකුන් තුළ යම් සෝක කිරීමක් වේ ද සෝකයෙන් තැවීමක් වේ ද සෝකීව සිටින ස්වභාවයක් වේ ද සිත දවාලන සෝකයක් වේ ද සිත හාත්පස දවාලන සෝකයක් වේ ද පින්වත් මහණෙනි, මෙය වනාහී සෝකය යැයි කියනු ලබන්නේ ය.

    කතමෝ ච භික්ඛවේ, පරිදේවෝ? යෝ ඛෝ භික්ඛවේ, අඤ්ඤතරඤ්ඤතරේන බ්‍යසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛධම්මේන ඵුට්ඨස්ස ආදේවෝ පරිදේවෝ ආදේවනා පරිදේවනා ආදේවිතත්තං පරිදේවිතත්තං, අයං වුච්චති භික්ඛවේ, පරිදේවෝ.​

    පින්වත් මහණෙනි, හඬා වැළපීම යනු කුමක්ද? පින්වත් මහණෙනි, විවිධාකාර විපත් අතරින් කවර හෝ විපතකින් පීඩා විඳින කෙනෙකුන් තුළ විවිධාකාර විපත් අතරින් ඉවසිය නොහැකි දුකකින් වේදනා විඳින කෙනෙකුන් තුළ යම් හඬා වැළපීමක් වේ ද හඬා වැළපෙන ස්වභාවයක් වේ ද නම්ගොත් කියමින් හඬා වැළපීමක් වේ ද නම් ගොත් කියමින් හඬා වැළපෙන ස්වභාවයක් වේ ද එසේ හඬා වැළපීමක් වේ ද එසේ නම්ගොත් කියමින් හඬා වැළපීමක් වේ ද පින්වත් මහණෙනි, මෙය වනාහී හඬා වැළපීම යැයි කියනු ලබන්නේ ය.

    කතමඤ්ච භික්ඛවේ, දුක්ඛං? යං ඛෝ භික්ඛවේ, කායිකං දුක්ඛං කායිකං අසාතං කායසම්ඵස්සජං දුක්ඛං අසාතං වේදයිතං, ඉදං වුච්චති භික්ඛවේ, දුක්ඛං.​

    පින්වත් මහණෙනි, කායික දුක යනු කුමක්ද? පින්වත් මහණෙනි, කායිකව හටගන්නා වූ ඉවසිය නොහැකි වූ යම් දුකක් වේ ද කායිකව හටගන්නා වූ අමිහිරි වේදනා වේ ද කයේ ස්පර්ශයෙන් හටගන්නා වූ දුක් හා අමිහිරි වේදනා වේ ද විඳවන ස්වභාවයක් වේ ද පින්වත් මහණෙනි, මෙය වනාහී කායික දුක යැයි කියනු ලබන්නේය.

    කතමඤ්ච භික්ඛවේ, දෝමනස්සං? යං ඛෝ භික්ඛවේ, චේතසිකං දුක්ඛං චේතසිකං අසාතං මනෝසම්ඵස්සජං දුක්ඛං අසාතං වේදයිතං, ඉදං වුච්චති භික්ඛවේ, දෝමනස්සං.​

    පින්වත් මහණෙනි, මානසික දුක යනු කුමක්ද? පින්වත් මහණෙනි, මානසිකව හටගන්නා වූ ඉවසිය නොහැකි වූ යම් දුකක් වේ ද මානසිකව හටගන්නා වූ අමිහිරි වේදනා වේ ද මනසේ ස්පර්ශයෙන් හටගන්නා වූ දුක් හා අමිහිරි වේදනා වේ ද විඳවන ස්වභාවයක් වේ ද පින්වත් මහණෙනි, මෙය වනාහී මානසික දුක යැයි කියනු ලබන්නේය.

    කතමෝ ච භික්ඛවේ, උපායාසෝ? යෝ ඛෝ භික්ඛවේ, අඤ්ඤතරඤ්ඤතරේන බ්‍යසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛධම්මේන ඵුට්ඨස්ස ආයාසෝ උපායාසෝ ආයාසිතත්තං උපායාසිතත්තං, අයං වුච්චති භික්ඛවේ, උපායාසෝ.​

    පින්වත් මහණෙනි, දුක් පීඩා ගැන සිතමින් සුසුම් හෙලීම යනු කුමක්ද? පින්වත් මහණෙනි, විවිධාකාර විපත් අතරින් කවර හෝ විපතකින් පීඩා විඳින කෙනෙකුන් තුළ විවිධාකාර විපත් අතරින් ඉවසිය නොහැකි දුකකින් වේදනා විඳින කෙනෙකුන් තුළ ඇතිවන්නා වූ යම් වෙහෙසක් වේ ද ඒ ගැන සිත සිතා යම් සුසුම් හෙළීමක් වේ ද එසේ වෙහෙසෙන ස්වභාවයක් වේ ද ඒ ගැන සිත සිතා සුසුම් හෙළන ස්වභාවයක් වේ ද පින්වත් මහණෙනි, මෙය වනාහී දුක් පීඩා ගැන සිතමින් සුසුම් හෙළීම යැයි කියනු ලබන්නේ ය.

    කතමෝ ච භික්ඛවේ, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ? ඉධ යස්ස තේ හොන්ති අනිට්ඨා අකන්තා අමනාපා රූපා සද්දා ගන්ධා රසා ඵොට්ඨබ්බා ධම්මා, යේ වා පනස්ස තේ හොන්ති අනත්ථකාමා අහිතකාමා අඵාසුකකාමා අයෝගක්ඛේමකාමා, යා තේහි සද්ධිං සංගති සමාගමෝ සමෝධානං මිස්සීභාවෝ, අයං වුච්චති භික්ඛවේ, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ.​

    පින්වත් මහණෙනි, අප්‍රිය පුද්ගලයන් හා අප්‍රිය වස්තූන් සමඟ එක්වීමේ දුක යනු කුමක්ද? තමා අකැමැති වූ අප්‍රිය අමනාප වූ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස හා අරමුණු සමඟ එක්වන්නට සිදුවෙයි ද එමෙන්ම යම් කෙනෙකුට වනාහී තමාව විපතට හෙලනු කැමති වූ තමාගේ අයහපත කැමති වූ තමන්ට පීඩා කරනු කැමති වූ යම්බඳු පුද්ගලයෝ සිටිත් ද එබඳු පුද්ගලයන් සමඟ යම් මුණගැසීමක් වේ ද එකට හමුවීමක් වේ ද එකට වාසයක් කරන්නට සිදු වේ ද පින්වත් මහණෙනි, මෙය වනාහී අප්‍රිය පුද්ගලයන් හා අප්‍රිය වස්තූන් සමඟ එක්වීමේ දුක යැයි කියනු ලබන්නේය.

    කතමෝ ච භික්ඛවේ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ? ඉධ යස්ස තේ හොන්ති ඉට්ඨා කන්තා මනාපා රූපා සද්දා ගන්ධා රසා ඵොට්ඨබ්බා ධම්මා, යේ වා පනස්ස තේ හොන්ති අත්ථකාමා හිතකාමා ඵාසුකකාමා යෝගක්ඛේමකාමා මාතා වා පිතා වා භාතා වා භගිනි වා ජෙට්ඨා වා කනිට්ඨා වා මිත්තා වා අමච්චා වා ඤාතිසාලෝහිතා වා, යා තේහි සද්ධිං අසංගති අසමාගමෝ අසමෝධානං අමිස්සීභාවෝ, අයං වුච්චති භික්ඛවේ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ.​

    පින්වත් මහණෙනි, ප්‍රිය පුද්ගලයන් හා ප්‍රිය වස්තූන්ගෙන් වෙන්වීමේ දුක යනු කුමක්ද? යම් කෙනෙකුට වනාහී ඉතා යහපත් වූ සුන්දර වූ ප්‍රියමනාප වූ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස හා අරමුණුවලින් වෙන්වන්නට සිදුවේ ද එමෙන්ම යම් කෙනෙකුට වනාහී තමාගේ යහපත කැමති වූ තමාට සෙත සලසනු කැමති වූ තමාගේ පහසු විහරණය කැමති වූ මව්පියන් හා සහෝදර සහෝදරියන් ද, යහළුවන් හා ඤාතීන් ද යන මෙබඳු පුද්ගලයෝ සිටිත් ද මෙබඳු පුද්ගලයන්ගෙන් යම් වෙන්වීමක් වේ ද එක් නොවී ජීවත්වන්නට සිදුවේ ද එක් නොවී සිටීමක් වේ ද එකට වාසය නොකිරීමක් වේ ද පින්වත් මහණෙනි, මෙය වනාහී ප්‍රිය පුද්ගලයින් හා ප්‍රිය වස්තූන්ගෙන් වෙන්වීමේ දුක යැයි කියනු ලබන්නේය.

    කතමඤ්ච භික්ඛවේ, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං?​

    පින්වත් මහණෙනි, කැමති වන්නා වූ යමක් නොලැබීමේ දුක යනු කුමක්ද?
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113

    ජාතිධම්මානං භික්ඛවේ, සත්තානං ඒවං ඉච්ඡා උප්පජ්ජති ‘අහෝ වත මයං න ජාතිධම්මා අස්සාම. න ච වත නෝ ජාති ආගච්ඡෙය්‍යා’ති. න ඛෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං. ඉදම්පි යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං.​

    පින්වත් මහණෙනි, ඉපදීමේ දුක උරුම කරගත් සත්වයන් තුළ මෙවැනි දෙයක් ලැබීමට කැමැත්තක් උපදින්නේය. අනේ! ඒකාන්තයෙන් ම අපි වනාහී ඉපදීමේ දුක උරුම කර නොගන්නමෝ නම් ඒකාන්තයෙන්ම ඉපදීමේ දුක අප කරා නොපැමිණෙන්නේ නම් කොතරම් හොඳ ද කියා ය. එහෙත් එය වනාහී කැමැත්ත තිබූ පමණින් උදා කරගන්නට නොහැක්කේ ම ය. මෙය ද කැමති වන්නා වූ දෙය නොලැබීමේ දුක ය.

    ජරාධම්මානං භික්ඛවේ, සත්තානං ඒවං ඉච්ඡා උප්පජ්ජති ‘අහෝ වත මයං න ජරාධම්මා අස්සාම. න ච වත නෝ ජරා ආගච්ඡෙය්‍යා’ති. න ඛෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං. ඉදම්පි යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං.​

    පින්වත් මහණෙනි, ජරාදුක උරුම කරගත් සත්වයන් තුළ මෙවැනි දෙයක් ලැබීමට කැමැත්තක් උපදින්නේය. අනේ! ඒකාන්තයෙන්ම අපි වනාහී ජරාවෙන් දුකට පත්වීම උරුම කර නොගන්නමෝ නම් ඒකාන්තයෙන්ම ජරාදුක අප කරා නොපැමිණෙන්නේ නම් කොතරම් හොඳ ද කියා ය. එහෙත් එය වනාහී කැමැත්ත තිබූ පමණින් උදා කරගන්නට නොහැක්කේමය. මෙය ද කැමති වන්නා වූ දෙය නොලැබීමේ දුක ය.

    බ්‍යාධිධම්මානං භික්ඛවේ, සත්තානං ඒවං ඉච්ඡා උප්පජ්ජති ‘අහෝ වත මයං න බ්‍යාධිධම්මා අස්සාම. න ච වත නෝ බ්‍යාධි ආගච්ඡෙය්‍යාති. න ඛෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං. ඉදම්පි යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං.​

    පින්වත් මහණෙනි, ලෙඩවීමේ දුක උරුම කරගත් සත්වයන් තුළ මෙවැනි දෙයක් ලැබීමට කැමැත්තක් උපදින්නේය. අනේ! ඒකාන්තයෙන්ම අපි වනාහී ලෙඩවීමේ දුක උරුම කර නොගන්නමෝ නම් ඒකාන්තයෙන්ම ලෙඩ දුක් අප කරා නොපැමිණෙන්නේ නම් කොතරම් හොඳ ද කියා ය. එහෙත් එය වනාහී කැමැත්ත තිබූ පමණින් උදා කරගන්නට නොහැක්කේ ම ය. මෙය ද කැමති වන්නා වූ දෙය නොලැබීමේ දුක ය.

    මරණධම්මානං භික්ඛවේ, සත්තානං ඒවං ඉච්ඡා උප්පජ්ජති ‘අහෝ වත මයං න මරණධම්මා අස්සාම. න ච වත නෝ මරණං ආගච්ඡෙය්‍යා’ති. න ඛෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං. ඉදම්පි යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං.​

    පින්වත් මහණෙනි, මරණදුක උරුම කරගත් සත්වයන් තුළ මෙවැනි දෙයක් ලැබීමට කැමැත්තක් උපදින්නේය. අනේ! ඒකාන්තයෙන්ම අපි වනාහී මරණදුක උරුම කර නොගන්නමෝ නම් ඒකාන්තයෙන්ම මරණ දුක අප කරා නොපැමිණෙන්නේ නම් කොතරම් හොඳ ද කියා ය. එහෙත් එය වනාහී කැමැත්ත තිබූ පමණින් උදා කරගන්නට නොහැක්කේ ම ය. මෙය ද කැමති වන්නා වූ දෙය නොලැබීමේ දුක ය.

    සෝකධම්මානං භික්ඛවේ, සත්තානං ඒවං ඉච්ඡා උප්පජ්ජති ‘අහෝ වත මයං න සෝකධම්මා අස්සාම. න ච වත නෝ සෝකෝ ආගච්ඡෙය්‍යා’ති. න ඛෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං. ඉදම්පි යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං.​

    පින්වත් මහණෙනි, සෝකදුක උරුම කරගත් සත්වයන් තුළ මෙවැනි දෙයක් ලැබීමට කැමැත්තක් උපදින්නේ ය. අනේ! ඒකාන්තයෙන් ම අපි වනාහී සෝකදුක උරුම කර නොගන්නමෝ නම් ඒකාන්තයෙන්ම සෝකදුක අප කරා නොපැමිණෙන්නේ නම් කොතරම් හොඳ ද කියා ය. එහෙත් එය වනාහී කැමැත්ත තිබූ පමණින් උදා කරගන්නට නොහැක්කේම ය. මෙය ද කැමති වන්නා වූ දෙය නොලැබීමේ දුක ය.

    පරිදේවධම්මානං භික්ඛවේ, සත්තානං ඒවං ඉච්ඡා උප්පජ්ජති ‘අහෝ වත මයං න පරිදේවධම්මා අස්සාම. න ච වත නෝ පරිදේවෝ ආගච්ඡෙය්‍යා’ති. න ඛෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං. ඉදම්පි යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං.​

    පින්වත් මහණෙනි, හඬාවැළපීමේ දුක උරුම කරගත් සත්වයන් තුළ මෙවැනි දෙයක් ලැබීමට කැමැත්තක් උපදින්නේය. අනේ! ඒකාන්තයෙන්ම අපි වනාහී හඬාවැළපීමේ දුක උරුම කර නොගන්නමෝ නම් ඒකාන්තයෙන්ම හඬාවැළපීමේ දුක අප කරා නොපැමිණෙන්නේ නම් කොතරම් හොඳ ද කියා ය. එහෙත් එය වනාහී කැමැත්ත තිබූ පමණින් උදා කරගන්නට නොහැක්කේ ම ය. මෙය ද කැමති වන්නා වූ දෙය නොලැබීමේ දුක ය.

    දුක්ඛධම්මානං භික්ඛවේ, සත්තානං ඒවං ඉච්ඡා උප්පජ්ජති ‘අහෝ වත මයං න දුක්ඛධම්මා අස්සාම. න ච වත නෝ දුක්ඛං ආගච්ඡෙය්‍යා’ති. න ඛෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං. ඉදම්පි යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං.​

    පින්වත් මහණෙනි, කායික දුක උරුම කරගත් සත්වයන් තුළ මෙවැනි දෙයක් ලැබීමට කැමැත්තක් උපදින්නේය. අනේ! ඒකාන්තයෙන්ම අපි වනාහී කායික දුක උරුම කර නොගන්නමෝ නම් ඒකාන්තයෙන්ම කායික දුක අප කරා නොපැමිණෙන්නේ නම් කොතරම් හොඳ ද කියා ය. එහෙත් එය වනාහී කැමැත්ත තිබූ පමණින් උදා කරගන්නට නොහැක්කේමය. මෙය ද කැමති වන්නා වූ දෙය නොලැබීමේ දුක ය.

    දෝමනස්සධම්මානං භික්ඛවේ, සත්තානං ඒවං ඉච්ඡා උප්පජ්ජති ‘අහෝ වත මයං න දෝමනස්සධම්මා අස්සාම. න ච වත නෝ දෝමනස්සං ආගච්ඡෙය්‍යා’ති. න ඛෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං. ඉදම්පි යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං.​

    පින්වත් මහණෙනි, මානසික දුක උරුම කරගත් සත්වයන් තුළ මෙවැනි දෙයක් ලැබීමට කැමැත්තක් උපදින්නේය. අනේ! ඒකාන්තයෙන්ම අපි වනාහී මානසික දුක උරුම කර නොගන්නමෝ නම් ඒකාන්තයෙන්ම මානසික දුක අප කරා නොපැමිණෙන්නේ නම් කොතරම් හොඳ ද කියා ය. එහෙත් එය වනාහී කැමැත්ත තිබූ පමණින් උදා කරගන්නට නොහැක්කේමය. මෙය ද කැමති වන්නා වූ දෙය නොලැබීමේ දුක ය.

    උපායාසධම්මානං භික්ඛවේ, සත්තානං ඒවං ඉච්ඡා උප්පජ්ජති ‘අහෝ වත මයං න උපායාසධම්මා අස්සාම. න ච වත නෝ උපායාසෝ ආගච්ඡෙය්‍යා’ති. න ඛෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං. ඉදම්පි යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං.​

    පින්වත් මහණෙනි, සුසුම් හෙළීමේ දුක උරුම කරගත් සත්වයන් තුළ මෙවැනි දෙයක් ලැබීමට කැමැත්තක් උපදින්නේය. අනේ! ඒකාන්තයෙන්ම අපි වනාහී සුසුම් හෙළීමේ දුක උරුම කර නොගන්නමෝ නම් ඒකාන්තයෙන්ම සුසුම් හෙළීමේ දුක අප කරා නොපැමිණෙන්නේ නම් කොතරම් හොඳ ද කියා ය. එහෙත් එය වනාහී කැමැත්ත තිබූ පමණින් උදා කරගන්නට නොහැක්කේමය. මෙය ද කැමති වන්නා වූ දෙය නොලැබීමේ දුක ය.

    කතමේ ච භික්ඛවේ, සංඛිත්තේන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා? සෙය්‍යථීදං; රූපූපාදානක්ඛන්ධෝ, වේදනූපාදානක්ඛන්ධෝ, සඤ්ඤූපාදානක්ඛන්ධෝ, සංඛාරූපාදානක්ඛන්ධෝ, විඤ්ඤාණූ-පාදානක්ඛන්ධෝ. ඉමේ වුච්චන්ති භික්ඛවේ, සංඛිත්තේන පඤ්චුපාදානක්ඛන්ධා’පි දුක්ඛා. ඉදං වුච්චති භික්ඛවේ, දුක්ඛං අරියසච්චං.​

    පින්වත් මහණෙනි, සංක්ෂේපයෙන් කීවොත් පංචඋපාදාන-ස්කන්ධයෝ ම දුක යනු කුමක්ද? එනම් රූප උපාදානස්කන්ධය ද දුකකි. වේදනා උපාදානස්කන්ධය ද දුකකි. සඤ්ඤා උපාදානස්කන්ධය ද දුකකි. සංස්කාර උපාදානස්කන්ධයෝ ද දුකකි. විඤ්ඤාණ උපාදානස්කන්ධය ද දුකකි. පින්වත් මහණෙනි, මෙය වනාහී සංක්ෂේපයෙන් කියන ලද පංචඋපාදානස්කන්ධ දුක යැයි කියනු ලබන්නේ ය. පින්වත් මහණෙනි, මෙය වනාහී දුක නම් වූ ආර්ය සත්‍යය යැයි කියනු ලබන්නේ ය.

    https://mahamevnawa.lk/sutta/dn2_9/
    https://www.thripitakaya.org/tipitakaya/Index/71?s=27