මැරුණම පස්සේ මතක් වෙන දේ අනුව නෙමේ,
මේ භාවයේ අවසන් ක්ෂණයේ ඇති වන චුති සිත අනුවයි ඊලග භවය තීරණය වන්නේ.ඒ කියන්නේ දැන් උබේ හිත බලපන්. එක තප්පරයක් තුල කොයි තරං දේවල් හිතට එනවද. තරහා, කේන්තිය, සතුට, දුක හිතෙන සිතුවිලි. මෙව්වා ක්ෂණයෙන් සිතට එනවා.ඉතිං මේ වගේ උබ මැරෙන මොහොතේ අවසන් ක්ෂණයේ සිතට පහල වන සිතුවිල්ල අනුව තමයි ඊලග භවය තීරණය වන්නේ.
කෙනෙක් හිතන්න පුළුවන් කුසල් කරන අය දිව්‍යලෝකේ යනවා කියලා. ඒක එහෙම්ම නෙමේ. කොයිතරන් පිං දහම් කරන කෙනෙක්ට උනත් අවසන් මොහොතේ අකුසල් සිතක් ඇතිවෙන්න පුළුවන්.ඒ වගේම් කොයිතරන් පව් කරනා කෙනෙක්ට උනත් කුසල් සිතක් ඇතිවෙලා යහපත් බවයකට යන්න පුළුවන්.
හැබැයි අපි යම්කිසි භවයකට ගියාම පස්සේ එහිදී ලැබෙන දේවල්, කලින් බව වල කරපු අකුසල්/කුසල් මත තීරණය වෙනවා.අනික තමයි, සිහිසුන්ව, එහෙම නැත්තන් නින්දේදී වගේ මැරුනොත් මෙහෙම ශක්තිමත් චුති සිතක් සැදෙන්නේ නෑ. එහෙම අය යම්කසි කාලයක් වෙනම භවයකට යන්නේ. ඒ අය ආයේ කාලෙකින් කලින්භව වල කුසල් අකුසල් අනුව වෙනින් භවයක උපත ලබනවා.
මේක කෙටියෙන් මෙහෙම පැහැදිලි කරන්න නං බැහැ. පොඩි දෙයක් හරි වැටහෙන්න ඇති.