මැරෙන්නම ඕනෙ නම්

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    මැරෙන්නම ඕනෙ නම්

    ආදරේ තේරුම් ගන්න බැරි කෙනෙක් වෙනුවෙන්

    166933_182092268554824_100002621575544_293163_865928506_n.jpg



    මැරෙන්නම ඕනෙ නම් මැරියන්
    උඹ පොදි ගහගෙන ආපු ආදරේ බලාපොරොත්තු
    එක දවසින් කුණු ගොඩට විසි කරලා දාපු
    උඹේ ආදරේට බල්ලෙක් වගේ පිටුපාපු
    කොන්දක් නැති එකෙක් වෙනුවෙන් නෙමෙයි
    ...
    උඹට පණටත් වඩා ආදරේ කරන කෙනෙක් වෙනුවෙන්
    උඹෙ ආදරේ වටිනාකම දන්න එකෙක් වෙනුවෙන්
    උඹේ ආදරේ තේරෙන එකෙක් වෙනුවෙන්
    අඩුම තරමෙ උඹෙ මලකඳ බදාගෙන
    අඬයි කියලා හිතෙන එකෙක් වෙනුවෙන්

    ප්‍රශ්ණයක් ආපු පලියට
    උඹේ අම්මා තාත්ත හදලා දීපු මේ ලෝකෙ දාලා
    උඹෙ යාලුවො දාලා, උඹෙ නෑදෑයො දාලා
    කොන්ද පන නැති එකෙක් වගේ පැනල යන්න ලැජ්ජ නැද්ද?

    ගිනි පෙල්ල පස්සෙ යන කණාමැදිරියෙක් වගේ
    කාන්තාරේ මැද්දෙ පොකූණු දකින මෝඩ මුවෙක් වගේ
    නොලැබෙන මිරිඟු පස්සෙ යන්නෙපා
    යන එකාට යන්න දීපන්
    අබ මල් රේණුවක ආදරයක් හිතේ තිබ්බ නම්
    ඔහොම කවදාවත් උඹව දාලා යන්න බෑ
    උඹ මැරුණම උඹව දාලා ගියපු එකා ලැබෙන්නෙ නෑ

    උඹ ජීවත් වෙලා පෙන්නපන්
    කිසිම දේකින් මම වැටුනෙ නෑ කියලා
    කවදා හරි දවසක උඹව දාලා ගියපු එකට
    පසු තැවෙන්න උඹ හොඳ තැනකට පලයන්

    ආදරේ තේරුම් ගන්න බැරි කෙනෙක් වෙනුවෙන්
    අමාරුවෙන් ලබාගත්තු මනුස්ස ආත්මයක් විනාස කරගන්න එක
    කවදාවත් මනුස්ස ආත්මයක් නොලබන්න තරම් පවක්.


     

    oeok973500

    Banned
    Nov 5, 2011
    24
    0
    0
    Players refuse to use the final exam week or a lesser opponent as an excuse for a slow start. They could also point to the final score. ,Isabel Marant shoesRicardo Ratliff and Michael Dixon 18 points each and the Tigers 10th place finish rolling at the end of the first half,Isabel Marant Boots, shooting 60 percent in a 104-67 rout of Kennesaw State Thursday night. ? You're going to end, you will have things like? Has, but every time you get a chance to tie, it's fun? Said Matt Pressey,etoile by isabel marant, who added 15 points. "Yeah, we're all stressed.
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කාලෙකින් එලකීරි කවි පිටුවෙ දෑකපු ලස්සන වගේම අරුත් බර නිර්මානයක් සහෝදරය ....
    සුබ පතනව.. ඉදිරියටත් මේවගේ නිර්මාන බාපොරොත්තුවෙනවා ඔබෙන්
    ඔබට ජය