මැරෙන්න මොහොතක්

මැරෙන්න මොහොතක්

මැරෙන්න මොහොතක් තියා ගත්තු ඡායාරූප නිසා ලොවක් හඬවයි




cover39.jpg






කොලොම්බියාවේ Armero ගම්මානය ආසන්නයේ තිබුණු ගිනි කන්දක් එක්වරම පුපුරා ගියේ ගම් 13 ක් විනාශ කරමින් සහ 23,000 කට ජීවිත අහිමි කරමින්.
මේ සිදුවීම වුණේ 1985 වසරේදී. මේ ගිනි කඳු පිපිරීමත් සමග Armero ගම්මානයේ ජීවත් වුණු අවුරුදු 13 ක පුංචි දැරියක වුණු Omayra Sánchez ගෙ නිවස ගිලා බැසීම නිසා ඇය සුන්බුන් ගොඩක හිරවුණා.
මේ සුන්බුන්ගොඩ මැද සිරවූ Omayra Sánchez පැය 60 ක් මරණයත් සමග සටන් කරමින් සිට අවසානයේ අවාසනාවන්ත ලෙස මියගියා.
ඇයගේ මරණයට හේතුවී තිබුණේ දවස් 3 ක් ජලයේ සිටීම නිසා ඇතිවූ hypothermia නම් රෝගී තත්ත්වයි.
කෙසේ වෙතත් ඇය සුන්බුන්ගොඩ තුළ සිරවී මරණය සමග සටන් කරමින් සිටියදි ඇයගේ අනුකම්පාව අයදින මුහුණ ඡායාරූප ශිල්පියෙකුගේ කැමරාවේ සටහන් වුණා.
මේ ඡායාරූපය ඔහු ප්‍රසිද්ධියට පත් කිරීමත් සමගයි මේ පුංචි දියණියගේ කතාව ලොවක් දැනගත්තේ. ෆ්‍රෑන්ක් ෆෝනියර් නම් මෙම ඡායාරූප ශිල්පියා 1985 හොඳම ඡායාරූපයට හිමි සම්මානය දිනා ගත්තේද මේ පුංචි දැරියගේ ඡායාරූපයටයි.





 
  • Like
Reactions: Ysa Karu

Criss Angel

Member
Dec 21, 2014
76
25
0
oya vathura tika ain karanna tibbane pompa karala hari mun beraganna mokuthma karala nehane...:no::confused:
 
Last edited: