මැරෙන්න_කන්න...නැතිනම් කාලා මැරෙන්න

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේවා කොච්චර කිව්වත් අපේ මිනිස්සු ගනන් ගන්නේ නෑ... මම නම් දැන් මේවගෙන් සම්පූර්ණයෙන් ඈත් වෙලා ඉන්නේ... කොත්තු, ෆ්‍රයිඩ් රයිස් කන්න හිතුනොත් ගෙදරම හදාගන්නවා... එලකිරියේ කිඹුලයි, sriboysl දෙන්නා හොඳ කුකින් ත්‍රෙඩ් ටිකක් දාලා තියෙන්නෙ.. ඒවා බලාගෙන ඕන කෙනෙක්ට මේවා හදලා කන්න පුලුවන්... කඩ කෑම නම් වහ... :dull:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,624
    17,709
    113
    Auckland
    විජාතික ආහාර

    විජාතික ආහාර වෙන්නෙ කොහොමද බන් ? ඔය මල ජරාව තියෙන්නෙ ලන්කාවෙ විතරයි. :lol::lol::lol::lol:

    කැරට් ලීක්ස් බිත්තර දාල මස් කෑලි ටිකක් දාල තෙලේ දාල අජිනමොටො දාල බත් හදන්නෙ මෙහෙ විතරයි. ඉස්සල්ලම රටේ ඉන්න අමනයෝ කරන බලු වැඩ වලට වෙන රටවල් ගාවන්න එපා. මෙහෙ එවුන්ගෙ තියන කුහක කම ලෝබ කම නිසා ඇති උන දේවල් ඕව.:growl:
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඉතාම වැදගත් ලිපියක්.දෙමව්පියන්ගෙම වරද නිසා අද කාලෙ පොඩි එවුන් පවා මේවට හොඳටම ඇබ්බැහි වෙලයි ඉන්නෙ.
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    වැඩක් නෑ බං ඕව දැම්මට
    අද ඔලුවේ අත ගහගන්න එවුන් හෙට හවසටත් කොත්තුව කාල තමා ගෙදර යන්නෙ:nerd::(
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    වටින පෝස්ට් එකක්,හැමෝම කියවිය යුතුයි,අපේ ගෙදර කවුරැවත් හදිසියකටවත් කඩෙන් කන්නෙ නැහැ..අපි ගෙදර කොත්තු පවා හදනවා...බඩගින්නෙ හිටියත් ජරා කඩවල් වලින් නමි කන්නෙ නැහැ...ගෙදර තමා ඔක්කොම කැම ජාති හදලා කන්නෙ,කනවනමි පිරිසිදු හොද හෝටල් තැනක් බලලා කන්න යන්න ඔිනා..කන්න කලින්,කුස්සිය,කෝකියා පිරිසිදු කියලා බලන්න ඔිනා,අපි විනෝද ගමන් ගියත් උයාගෙනමයි කන්නෙ.පුලුවන් තරමි පිට කැම වලින් වැලකෙන්න,තමන්ම මොනව හරි හදලා කන්න පුරැදුවෙන්න ඔිනා..රෙප්+:yes:

    කොත්තු Recipe එක දාපියෝ :love::love: