මරණය දෙස බහුතරයක් දෙනා බලන්නේ භයානක අත්දැකීමක් ලෙසිනි. තවත් සමහරු මරණය සලකන්නේ දුකින් මිදීමට මාර්ගයක් ලෙසිනි. එනම් සංතුෂ්ටිජනක අත්දැකීමක් ලෙසිනි. ඔවුහු දුක නැති කර ගැනීමට සියදිවි නසා ගනිත්. තවත් අය මරණය ගැන දකින්නේ ඇල්මැරුණු ස්වභාවයකිනි. ඔවුන්ට මරණය ගැන වගේ වගක් නැත. කවුරු කෙසේ හිතුවත් කුමක් කීවත් උපන් අපට මරණය පොදුය. යමක් උපන්නේ නම් එය නැසෙන්නේ ය. එකම දෙය වන්නේ උපන් කෙනා මැරෙන්නේ කෙසේදැයි නොදැන සිටීම ය. මා මරණය දකින්නේ ජීවිතයට ලැබෙන වටිනා අත්දැකීමක් ලෙසිනි. මන්දයත් එමගින් අපගේ මීලඟ උපත තීරණය වන නිසා ය. මෙනිසා මැරෙන මොහොත ඉතා වැදගත් ය. කෙසේවෙතත් බුදු දහමට අනුව නිවන් සුව ලබා ගත්තකුට මරණයෙන් මතු උපතක් නැත. මරණයෙන් මතු උපත රැඳී ඇත්තේ නිවන් සැප නොලැබූ අයට පමණි. එවැනි තත්ත්වයකදී මැරෙන මොහොත ඉතා වැදගත් ය.
බුදුරජාණන්වහන්සේගේ පියා වූ ශුද්ධෝදන රජු මැරෙන මොහොතේ දී ලඟ සිටියේ බුදුරජාණන්වහන්සේ ය. එහි ප්‍රතිඵලය වූයේ ගිහියකු ලෙසින් ම අර්හත් ඵලයට පත් වී මරණයට පත්වීමට ලැබීම යි.
කොසොල් රජුගේ බිරින්දෑවරුන් අතරින් ප්‍රියතම බිරිඳ වූයේ මල්ලිකා බිසවයි. ඇය ඉතා බුද්ධිමත් තැනැත්තියක් වූවා ය. රජුව බුදු දහම කෙරේ යොමුකිරීමට ඇය ද හේතුවක් විනි. කෙසේවෙතත් එක්තරා අවස්ථාවක දී ඇය විසින් රජුට මුසාවක් ඇද බා එය සැබෑවක් ලෙසින් ද පෙන්වා දුන්නා ය. මැරෙන මොහොතේ දී ඇයට මේ බොරුවේ සිදුවීම සිහිපත් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මරණින් පසු උපත ලැබුවේ තිරිසන් යෝනියේ ය.
තම්බදාඨිකයා කොසොල් රජුගේ වධකයා වීමෙන් පසු මරා දැමූ මිනිසුන් ප්‍රමාණය අංගුලිමාල විසින් මරා දැමූ ප්‍රමාණයට වඩා වැඩිය. විශ්‍රාම සුවයෙන් කල් යවන අවස්ථාවක දී ඔහුට සැරියුත් මහරහතන්වහන්සේට දානයක් දෙන්නට පින පෑදිනි. දානය වළඳා අනුමෝදනාව කරද්දී පන්සිල් ගන්නා විට තම්බදාඨිකට තමුන් කළ මනුෂ්‍ය ඝාතන සිහිපත් වී බණ කිසිවක් මතකයේ නොරැඳුනි. නමුත් එතැන සිටි සැරියුත් මහතෙරුන් සිදුවීම දැන තම්බදාඨිකයාගේ සිත සනසා දහම් දෙසූ අතර දහම් අසා ටික වෙලාවකින් පෙර අකුසලයක් පල දී ඔහු මිය ගියේ ය. නමුත් උපන්නේ දිව්‍යලෝකයේ ය. ඒ මැරෙන මොහොත අවබෝධයෙන් ගත කරන්නට ලැබුණු නිසාවෙනි.
ධනන්ජානී බමුණාට ද මැරෙන මොහොතේ සැරියුත් මහතෙරුන්ගේ පිහිට ලැබිණි. මිථ්‍යාදෘෂ්ඨිකයකු වූ ඔහු සම්මා දෘෂ්ඨිකයකු වී ඒ අවස්ථාවේ දී යහපත් උපතක් ලබා ගත්තේ ය.
අශෝක රජු ද කෙතරම් පින්කම් කලත් මැරෙන මොහොත අවුල් කර ගත් අයෙකි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු ට ද තිරිසන් යෝනියක උපත ලැබීමට සිදුවිනි.
මේ මා සඳහන් කලේ මැරෙන මොහොත විවිධ පුද්ගලයන් ගත කල අවස්ථා කීපයකි.
බෞද්ධ ඉගැන්වීම අනුව මරණානුස්මෘතිය වඩන්නාගේ මැරෙන මොහොත අවබෝධවත් මොහොතකි. ඔහුට මරණය භයානක අත්දැකීමක් වන්නේ නැත. මැරෙන බව අමතක නොවන්නට ඉඩ සැලසීම මරණානුස්මෘතියේ එක් ගුණයකි. නමුත් අද අනිච්චා වත සංඛාරා ගාථාව නිවසක සජ්ජායනා කිරීම පවා තහනම් වී ඇති සෙයකි. මෙහි ප්‍රතිඵලය කුමක් ද? යමකු මරණාසන්න වූ විට ඔහු වටා රැස් වන පවුලේ අයවලුන් ‘අනේ අපිව දාලා යන්න එපෝ’ කියමින් හඬා වැටීම යි. මැරෙන්නට යන අයට ද එවිට හිතෙන්නේ මරණය ගැන නොව හඬනවුන්ව අතහැරීමට සිදුවීම නිසා ඇති වන දුක සහ බිය ගැන ය. මැරෙන්නට යන අයගේ මනස අවබෝධයට පත් කිරීමේ වගකීම ජීවත්වන්නවුන්ට ද තිබේ. යුරෝපීය නීතිය තුළ මරණ දඬුවම ලබා දීමට පෙර සිරකරුවාට පූජකයකු මගින් ආගම සිහි කිරීමට අවස්ථාව ලබා දී ඇත්තේ ද මෙකී තත්ත්වය තුළිනි. දුටුගැමුණු රජු මරණාසන්න වූ විට රැස් වූ පිරිස මෙන්ම මහතෙරුන්වහන්සේලා ද රජුට සිහිපත් කරවූයේ එතුමා කල පිං කම් ගැන ය. අද එසේ කිරීමට මතක් වන්නේ කීයෙන් කී දෙනකුට ද? මෙනිසා මරණය ගැන අවබෝධයෙන් දැන ගැනීම ඉතා වටිනා කමක් ගනී. මැරෙන මොහොත ඵලදායී කර ගැනීමට නිවන් සැප නොලත් සියළු දෙනාම සිහි තබා ගත යුතු වේ.
මරණය බියවීමට තරම් අත්දැකීමක් නොවේ. නමුත් අවබෝධය නැත්නම් එය තරම් බිය වීමට හේතුවක් මේ තුන් ලොව තුලම නැති බව මගේ හැඟීමයි.