මැල්කම් රංජිත් කොළඹ අගරදගුරුතුමාගේ මාධ්‍යය නිවේදනය ප්‍රචණ්ඩත්වයට දිරි දීමක්..!

banda065

Well-known member
  • Apr 20, 2007
    2,849
    2,013
    113
    මම දැකපු විදියට මෑත ඉතිහාසයේ ආගමික සහජීවනය වෙනුවෙන් වැඩිම දායකත්වයක් දක්වපු ආගමික නායකය මෙතුමා මමත් බෞද්ධයෙක්
    ඒත් මෙතුමට hidden agendas නෑ කියල අවංක කෙනෙක් කියල මම හිතනව *ල්ස් තෝ*ස් වගෙ නරි එක්ක බලද්දි


    මැල්කම් රංජිත් කොළඹ අගරදගුරුතුමාගේ මාධ්‍යය නිවේදනය ප්‍රචණ්ඩත්වයට දිරි දීමක්..!
    -ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි සහෝදරත්වයෙන් පිළිතුරක්
    (ලංකා ඊ නිව්ස් -2021.‍පෙබ.14, ප.ව.11.30) ශ්‍රී ලංකාවේ ස්වදේශීය දේවස්ථාන නියෝජනය කරන ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි සහෝදරත්වය, සභාපාලකවරුන් (Pastors) සම්බන්ධයෙන් අතිගරු මැල්කම් කාදිනල් රංජිත් තුමා විසින් නිකුත් කරන ලද මාධ්‍යය නිවේදනයේ අන්තර්ගතය අතිශයින් කණගාටුවෙන් යුතුව නිරීක්ෂණය කරමු. විශේෂයෙන්ම සමහර ආගමික නායකයන් කිතුණුවන්ට එරෙහිව දරුණු ලෙස පහර දෙන ලෙස තම අනුගාමිකයින්ගෙන් ඉල්ලා සිටින කාලයක මෙවැනි ප්‍රකාශන ප්‍රචණ්ඩත්වයට දිරි ගැන්වීමක් ලෙස දකිමු.
    එතුමාගේ මාධ්‍යය නිවේදනයේ දී කරුණු 6 ක් ඉස්මතු කර ඇති අතර, ඒ සෑම කරුණකටම අපගේ අවධානය යොමු කිරීම අවශ්‍ය බව දකිමු.
    විරුද්ධ මත දරන්නා වු අය ප්‍රචණ්ඩත්වයට පොළඹවන්න එපා..
    ----------------------
    “පාස්ටර්ලා’ යැයි කියා ගන්නා අය රටේ ප්‍රවීණයන්, කෘතහස්ත කලාකරුවන්, ක්‍රීඩකයන්, ව්‍යාපාරිකයින් ආදී පිරිස් ඉලක්ක කරගෙන කරන සංවිධානාත්මක ක්‍රියාපිළිවෙලන් නිසා ජනතාව අසහනයටත්, ව්‍යාකූලභාවයටත් පත් වී ඇත” එම නිවේදනයේ දැක්වේ. මෙම පාස්ටර්ලාගේ කුමන ක්‍රියාකාරකම් දැයි සෘජුව නොපවසයි. කෙසේ වුවද ප්‍රවීණයන් කෘතහස්ත කලාකරුවන්, ක්‍රීඩකයන් සහ ව්‍යාපාරිකයන් ලෙසට නම් කර ඇත්තවුන්, අප සමාජය තුළ උගත්, බුද්ධිමතුන් කණ්ඩායමක්ය. ඔවුන්ට නිදහස්ව තම තැමැත්ත තුල තීරණ ගැනීමේ අයිතිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින්ද විවිධ ජාත්‍යන්තර ප්‍රඥප්ති වලට අත්සන් තබා ඇති ශ්‍රී ලංකාවේ ඕනෑම පුරවැසියෙකු හට ද අයිතියක් ඇත. ඒ පිළිබඳව තම තමන්ගේ ස්ථාවර සහ මත ප්‍රකාශ කිරීමට ද අයිතියක් ඇති බවට අප පිළිගන්නා අතර විරුද්ධ මත දරන්නා වු අය ප්‍රචණ්ඩත්වයට පොළඹවීම සඳහා ප්‍රකාශ නිකුත් කිරීම අපි හෙලා දකිමු.
    කාදිනල් තුමා රෝමානු කතෝලික සභාව සහ ‘පාස්ටර්ලා’ අතර කිසිම සබඳතාවක් නොමැති බවටත්, එය ඔප්පු කිරීමට අවුරුදු 2000 ක ඉතිහාසයකට යෑම සම්පුර්ණයෙන්ම නොමග යවන අසත්‍ය ප්‍රකාශයක් ලෙස අපි දකිමු. යේසුතුමන් තම ශ්‍රාවකයන් සමග ඇති සබඳතාව එඩේර-බැටළු සම්බන්ධතාවයකට නිතරම සම කළේය. එතුමන්ගේ සැබෑ ශ්‍රාවකයන් නව උත්පාදනය ලැබීම කරණකොට ගෙන (යොහාන් 3:3,8) සංකේතාත්මකව එතුමන්ගේ බැටළුවන් බවට පත් වේ. මේ අය රැකගැනීම සඳහා තනතුරු 5 ක් ඇති බවට ශුද්ධ වූ පාවුල් සඳහන් කරයි. එනම් අපෝස්තළුවරු ද, අනාගතවක්තෘවරුන් ද, ඉවැන්ජලිස්තවරු ද, සභාපාලකවරු ද (පාස්ටර්) සහ ගුරුවරු ද වේ. තවද ශුද්ධ ලියවිල්ල යේසුතුමන්ගේ අනුගාමිකයන් ‘මාර්ගිකයෝ’ (ක්‍රියා 9: 1-2) සහ ‘ක්‍රිස්තියානි’ (ක්‍රියා 11:26) ලෙසද කිතුණු සභාව තුළ නිළ-තල සඳහන් පස්වැදෑරුම් සේවය පමණි. අනෙකුත් සියලුම නිකායන් සහ නිළ-තල බොහෝ කලකට පසුව හඳුන්වා දුන් ඒවා විය.
    ඇදහිල්ලෙන් නව උත්පාදනය නොමැතිව ආගම වැළඳ ගැනීමෙන් පිරිහුනා..
    මුල් ශතවර්ෂ වලදී කිතුනුවන් තම ඇදහිල්ල වෙනුවෙන් ජීවිත පුජාවෙන් එය රැකගත්ත ද, ක්‍රි.ව.312 දී කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා කිතු දහම වැළඳ ගැනීමෙන් එවකට කිතුණු සභාවට පැමිණි පීඩාව අවසන් වුවා යයි පැවසීම නිවැරදි ය.
    ඕනෑම ආගමකට රාජ්‍ය අනුග්‍රහය ලැබෙත්ම එම ආගමේ වරප්‍රසාද ලබා ගැනීම පිණිස බැතිමතුන් වැඩිවෙමින් පිරිහීමට ලක්වේ. ඇදහිල්ලෙන් නව උත්පාදනය නොමැතිව කිතුණු දහම වැළඳගැනීම කරණකොටගෙන එය පිරිහීමට පටන් ගත්තේය. සභාව අඳුරු යුගයකට ඇතුල් විය. 1054 ග්‍රීක් ඔතොඩොක්ස් සභාව ලෙස කිතුනු ප්‍රජාව දෙකඩ වු අතර 1517 දී කතෝලික පූජක මාර්ටින් ලූතර් බයිබලයේ මුලධර්ම වලින් කතෝලික සභාව බොහෝ ඉවත්ව තිබූ බැවින්, කිතුනු ප්‍රජාව රෙපරමාදු කිතුදහම ලෙස නැවත වෙන් විය. මෙම ප්‍රතිසංස්කරණ නැමැති සුලඟ එතැන් පටන් අද දක්වා විවිධ ආකාරයෙන් කිතුණු සභාව තුළ ක්‍රියා කරමින් මනුෂ්‍යයන් සත්‍යතාවයට ගෙන එමින් පවතී. මේ රෙපරමාදු කිතුනු කොට්ඨාශය බයිබලයේ පොත් 66 දේවානුභාවයෙන් ලත් දේව වචනය ලෙසත්, එහි ප්‍රකාර ආකාරයටම එයට කීකරුවෙමින් ඇදහිල්ල පැවැත්වීමේ වැදගත්කමත් වචනයෙන් පමණක් නොව අත්දැකීමෙන් පිළිඹිබු කරන්නන් වේ.
    නව උත්පාදනය ලැබූ කුඩා කණ්ඩායම් පිබිදීමක් ඇති කළා..
    -----------------------
    සභා ඉතිහාසය කොපමණ දූෂිත වුවද නව උත්පාදනය ලැබුවා වූ කුඩා කණ්ඩායමක් උන්වහන්සේ, නිතරම ආරක්ෂා කරමින් 20 වෙනි ශතවර්ෂයේ පෙන්තකොස්ත පිබිදීම සමග මහත් පිබිදීමක් ලොව වටා ඇති කළේ ය. රෝමානු කතෝලික දහම ප්‍රබල ලෙස තිබුනා වූ ලතින් ඇමරිකාව, 1960 -2014 කාල පරාසය තුල 90% ක්ව සිටි රොමාණු කතෝලික ප්‍රජාව 69% දක්වා පහල බැස ඇත. ආජන්ටිනාව 2008-2019 කාලය තුල 77% සිට 63% දක්වා කතෝලික ප්‍රජාව අඩු වී ඇත. අප්‍රිකාව සහ ආසියාව මෙම නව උත්පාදනය ලත් කිතුණුවන් මහත් ලෙස වර්ධනයක් දැකීමට හැකි වී ඇත. මෙම සුලඟ ශ්‍රී ලංකාවට හමා ආවේ 1970-80 වෙනි දශකයන් වල බව සත්‍යයකි. හෙළ භාෂාව සංස්කෘතිය අනුව ඇදහිලි ක්‍රම අනුගමනය කිරීම නිසාම යටත් විජිතවාදී යුගයේ ආභාෂයෙන් පවත්වා ගෙන ගිය හෝ ලතින් භාෂාවෙන් පැවැත්වූ මෙහෙයන් වලට වඩා මෙම ඇදහිලි ක්‍රමයට අපගේ ගම්බද ජනතාව පවා ආකර්ෂණය වු බව සැකයක් නොමැත.
    යේසුතුමන්ගේ මුල් ගෝලයන් නූගත් මසුන් අල්ලන්නන් වුවද, පෙන්තකොස්ත දවසේ දී එතුමන්ගේ බලයෙන් පුර්ණව තම සේවය කළා වූ අය වේ. කෙසේ වුවද ‘පාස්ටර්’ තනතුරු වලට පත්වන්නවුවන් හට, පිළිගත් බයිබල් පාසල් වල අධ්‍යාපනයක් ලබා දෙන අතර සුළුතරයකගේ අධ්‍යාපනය සහ ප්‍රමිතිය පිලිබඳ ප්‍රශ්ණ තිබිය හැකි බව අප පිළිගනිමු. සෑම ආගමකම මෙවැන්නන් සුළුතරයක් සිටින බව බන්ධනාගාර ගත වී ඇති භික්ෂූන් සංඛ්‍යාවෙන් අපට පිලිගැනීමට සිදුවනු ඇත.
    වතිකානුව කළ දූෂනයන්..
    --------------------
    බයිබලයට අනුකූල නොවන දේ සමහර සම්ප්‍රදායික සභාවන් වල සිදුවීම අප සම්පුර්ණයෙන් හෙලා දකින බව ඉතා පැහැදිලිව කීමට කැමැත්තෙමු. කාදිනල් තුමා එක එක මුල්‍යමය ලාභ ප්‍රයෝජන වලට ලගු කිරීමක් ගැන තුන්වෙනි කරුණේ සඳහන් කරයි. එතුමන් උපුටා දක්වා ඇති බයිබල් පද අප වචනාර්ථයෙන්ම පිළිගනිමු. කෙසේ වුවද ලෝකයේ පොහොසත්ම රාජ්‍යයන් අතරින් ඉදිරියෙන්ම සිටින්නා වූ රාජ්‍යයක් වනුයේ වතිකානුවය. ලෝකයේ පොහොසත්ම සංවිධාන අතරින් සංවිධානයක් වනුයේ රෝමානු කතෝලික සභාවය. යේසුතුමන්ගේ සරල භාවයට පටහැනිය. අති උත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ කළ ප්‍රකාශනයන් සහ දූෂණයන් පිළිබඳ අන්තර්ලජාලයෙන්ම උපුටා දක්වමු.
    "DW Made for minds-NEWS-Pope Francis: 'There is corruption in the Vatican'”
    “INTERESTING TIMES -FEB. 22, 2019-The Corruption of the Vatican’s Gay Elite Has Been Exposed - By Andrew Sullivan
    “The Vatican’s new corruption scandal-By JD Flynn-October 23, 2019 | Two weeks later, the longtime head of Pope Francis’ security service resigned after leaked reports of alleged financial wrongdoing in the Vatican”.
    “The unbearable ugliness of the Catholic Church-Damon Linker-August 29, 2018 The core of the church's problem isn't personal immorality, or institutional corruption, or hypocrisy. The core of the problem is ugliness”.
    “By secular standards, the Catholic Church is a corrupt organization:- Neil Macdonald · CBC News · Posted: Aug 26, 2018 -More than 1,000 children abused by Pennsylvania priests, report says-'We showed no care for the little ones': Pope's letter vows to end sex abuse, cover ups”
    යාඥාවෙන් සහනය ලබා දීම යුතුකමක්..
    ------------------
    කෙසේ වුවද බහුතර ‘පාස්ටර්ලා’ ආර්ථික ලෙස දුර්වල නමුත් මෙවැනි “ළමා අපචාර, මුදල් වංචා හෝ සමලිංගික අපචාර වලට වරදකරුවන් නොවන බව නොරහසකි.
    “වෙහෙස වන බර උසුලන සියල්ලෙනි මා වෙතට එන්න.මම නුඹට සහනය දෙමි” යැයි යේසු තුමන් ප්‍රකාශ කළේය. එය ශාරීරික, මානසික සහ ආත්මික සහනයක් බවට අප විශ්වාස කරමු. යේසු තුමන්, “අනුන්ට දෙන්න, එවිට ඔබටත් දෙනු ලැබේ. ඔව්හු නියම මිම්ම පිරී ඉතිරී යන තරමට එය සොලව සොලවා, තළ තළා ඔබගේ ඔඩොක්කුවට මැන දමන්නහු ය. ඔබ යම් මිම්මකින් මැන දෙන්නහු ද, ඒ මිම්මෙන් ම ඔබටත් ආපසු මැන දෙනු ලැබේ ය”යි වදාළ සේක. එම නිසා පීඩාවෙන් විඳින ලාංකික ජනතාවට යාඥාවෙන් සහනය ලබා දීම සෑම කිතුණුවෙකුගේම වගකීමක් ලෙස දකිමු.
    පෘතුගීසි යුගය මෙන් යැයි කාදිනල් තුමා සිතන්නේද?
    -----------------------
    කිතුදහමේ මෙම නව උත්පාදනය ආත්මික අත්දැකීමකි. එම අත්දැකීමට ඇතුල් වීමට නම් පාපය වෙනුවට පසුතැවීමක් සහ ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීමට තමන්ගේ නිදහස් කැමැත්ත භාවිතයෙන් කළ යුතු වූවකි. 5 වෙනි කරුණු යටතේ කාදිනල් තුමන් සඳහන් කරන “බලෙන් ආගමට හැරීමක්” එනම් පෘතුගීසි යුගය මෙන් “එක් අතක කඩුවත්, අනික් අතේ බයිබලයත්” වැනි සුභාරංචිකරණයක් ‘පාස්ටර්ලා’ නොකරන බවට අප තරයේ ප්‍රකාශ කර සිටිමු. අප එකිනෙකාට ගරු කල යුතු බව බයිබලය පවසයි. එම නිසාම සෑම ආගමක, සෑම ජාතියකට අයට ගරු කරමින් හැකි පමණ සමාදානයෙන් සෑම කෙනෙකු සමගම විසීම අපගේ විශ්වාසයයි.
    රෝමානු කතෝලික සභාව ලොව පොහොසත්ම සංවිධානය වන අතරම, ලංකාවේ ද පෘතුගීසි යුගයේ රාජ්‍ය අනුග්‍රහයෙන් ලබා ගත් ඉඩ කඩම් සහ සම්පත් වලින් අද දින ද, පොහොසත්ම නිකාය බවට ඔවුන් පත් වේ. බහුතර ‘පාස්ටර්ලා’ අවිහිංසාවාදී සරල ජීවිතයකට කැප වී නව උත්පාදනය තුලින් තම ජීවිත ගමන යහමාර්ගයට යොමු වූ ඇත්තන් වේ. රෝමානු කතෝලික සභාව තුල දරුවන් අපචාරයට ලක්කිරීම සහ සමලිංගිකත්වය තුලින් අපචාර සහ මුදල් දූෂණ පිලිබඳව ද ඉහත සඳහන් අන්තර්ජාල ලිපි තුලින් ඇසීම කණගාටුවට කරුණකි. මෙවැනි තත්වයක් ලංකාව තුල ද, ඇත්දැයි සොයා බැලීමට රාජ්‍ය නායකත්වයෙන් සහාය ඉල්ලා සිටීම වඩා සුදුසු වනු ඇත.
    පසුගිය රජයේ සංගණනයට අනුව රෙපරමාදු ජනගහනය 1.4% කි. එය දළ වශයෙන් 290,000 කි. මෙම සංඛ්‍යාවෙන් 50% ක් පමණ පාස්ටර් වරුන් විසින් යටතේ පැමිණේ. එනම් 145,000 ජනතාවකි. අවිහිංසාවට කැපවී සිටින මෙම පිරිස 21,000,000 ජනතාවකට තර්ජනයක් වෙනවා යි කීම සංකීර්ණ මනසක ලක්ෂණයකි.
    ලොව අවසාන දිනවල අනාවැකියක්..
    --------------------
    ආගමික සහජීවනය බයිබලයේ සඳහන් සත්‍යය මත පදනම් විය යුත්තක් බව යේසුතුමන්ගේ ප්‍රකාශනයයි. එසේ කිරීමේදී බාධා ඇතිවීම පිළිබඳව එතුමන් පවසයි.
    "එහෙත්, ජීවනයට යන දොරටුව පටු ය; පාර ද අවහිර ය; එය සොයාගන්නෝ ස්වල්ප දෙනෙක් පමණකි -මතෙව් 7:14."
    "එකල ඔව්හු ඔබ වධබන්ධනවලට පාවා දී මරන්නෝ ය. මා නිසා සියලු ජාතීහු ඔබට වෛර කරන්නාහ. එකල බොහෝ දෙනෙකුගේ ඇදහිල්ල බිඳ වැටෙනු ඇත. ඔව්හු ඔවුනොවුන් පාවා දෙන්නාහ; ඔවුනොවුන් කෙරෙහි වෛර බැඳගන්නාහ -මතෙව් 24:9-10"
    කාදිනල් තුමාගේ නිවේදනය ඉහත ලොව අවසාන දිනවල අනාවැකියක් සම්පුර්ණ වීමක් ලෙස දකිමු.
    දේවගැති ආචාර්ය රොහාන් ද එස් ඒකනායක
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    22,222
    11,428
    113
    ආශ්චර්යමත් රටක
    කවුද බං මේවා කියවන්නෙ?

    images
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    4,469
    1
    9,832
    113
    Kaduwela
    පාස්කු බෝම්බෙ plan කරපු එකාගෙන්ම ආයේ පාරක් ඉල්ලන් කන්න යන්නේ මැල්කම්.
    ජේසුගේ පුතාලා දුවලා 300 ගානක් චුරුස් වෙලා ගියා තාම පොනිල්ටවත්, හිටන්ටවත් අඩු ගානේ සිතාසියක් යවාගන්න බැරි වුනා කයිවාරු නන්දෙට.
     
    • Like
    Reactions: kinkon

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    4,801
    2,515
    113
    මම දැකපු විදියට මෑත ඉතිහාසයේ ආගමික සහජීවනය වෙනුවෙන් වැඩිම දායකත්වයක් දක්වපු ආගමික නායකය මෙතුමා මමත් බෞද්ධයෙක්
    ඒත් මෙතුමට hidden agendas නෑ කියල අවංක කෙනෙක් කියල මම හිතනව *ල්ස් තෝ*ස් වගෙ නරි එක්ක බලද්දි
    හාකෝ හාකෝ :rofl:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    10,815
    10,396
    113
    මම දැකපු විදියට මෑත ඉතිහාසයේ ආගමික සහජීවනය වෙනුවෙන් වැඩිම දායකත්වයක් දක්වපු ආගමික නායකය මෙතුමා මමත් බෞද්ධයෙක්
    ඒත් මෙතුමට hidden agendas නෑ කියල අවංක කෙනෙක් කියල මම හිතනව *ල්ස් තෝ*ස් වගෙ නරි එක්ක බලද්දි
    චාල්ස්ල ලපයි සිපයි බන් මෙයා දෙන ගේම් වල හැටියට. තේවත්ත පල්ලිය පැත්තෙ පොඩ්ඩක් ඔළුව දාල බැලුව නන් බලන්න පුළුවන්.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    2,643
    597
    113
    පාස්කු බෝම්බෙ plan කරපු එකාගෙන්ම ආයේ පාරක් ඉල්ලන් කන්න යන්නේ මැල්කම්.
    ජේසුගේ පුතාලා දුවලා 300 ගානක් චුරුස් වෙලා ගියා තාම පොනිල්ටවත්, හිටන්ටවත් අඩු ගානේ සිතාසියක් යවාගන්න බැරි වුනා කයිවාරු නන්දෙට.

    කමෙන්ට්ස් දාද්දි සදාචාරය පැත්තෙන් පොඩි ස්වයං වාරන සීමාවක් තියා ගනිං බ්‍රෝ
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,049
    1,428
    113
    චාල්ස්ල ලපයි සිපයි බන් මෙයා දෙන ගේම් වල හැටියට. තේවත්ත පල්ලිය පැත්තෙ පොඩ්ඩක් ඔළුව දාල බැලුව නන් බලන්න පුළුවන්.
    Mokkd bn e case eka
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    73,840
    1
    61,427
    113
    Kandy ♕
    මුල් කතාවෙ හැටියට (එළකිරියෙ මෙම්බර් කෙනෙක් දාල තිබ්බෙ) ක්‍රිස්තියානි, මුස්ලිම් කියන්නෙ එකම පියාගෙ දරුවන් දෙන්නෙක්ගෙන් පැවත එන ආගමක්..දෙගොල්ලොන්ගෙම දෙවියොත් එක් කෙනෙක්..තම්බි මෝඩ දරුණු විදියට අදහන්නෙ ඇයි කියන එක තමා ප්‍රශ්ණෙ.
     

    Tharaka25

    Active member
  • Feb 12, 2018
    222
    171
    43
    පාස්කු බෝම්බෙ plan කරපු එකාගෙන්ම ආයේ පාරක් ඉල්ලන් කන්න යන්නේ මැල්කම්.
    ජේසුගේ පුතාලා දුවලා 300 ගානක් චුරුස් වෙලා ගියා තාම පොනිල්ටවත්, හිටන්ටවත් අඩු ගානේ සිතාසියක් යවාගන්න බැරි වුනා කයිවාරු නන්දෙට.
    you have a way with words dude :)
     

    Schrodinger Cat

    Well-known member
  • Apr 14, 2018
    362
    479
    63
    within past & future
    මුල් කතාවෙ හැටියට (එළකිරියෙ මෙම්බර් කෙනෙක් දාල තිබ්බෙ) ක්‍රිස්තියානි, මුස්ලිම් කියන්නෙ එකම පියාගෙ දරුවන් දෙන්නෙක්ගෙන් පැවත එන ආගමක්..දෙගොල්ලොන්ගෙම දෙවියොත් එක් කෙනෙක්..තම්බි මෝඩ දරුණු විදියට අදහන්නෙ ඇයි කියන එක තමා ප්‍රශ්ණෙ.
    Another one needs to be added... Judaism

    Judaism, Christianity, Islam belong to abrahmic religions. They share same concept, monotheism (believes in the existence of one omnipotent being, God), belief of savior (Messiah figure) and have the western Asian origin.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    2,849
    2,013
    113
    මුල් කතාවෙ හැටියට (එළකිරියෙ මෙම්බර් කෙනෙක් දාල තිබ්බෙ) ක්‍රිස්තියානි, මුස්ලිම් කියන්නෙ එකම පියාගෙ දරුවන් දෙන්නෙක්ගෙන් පැවත එන ආගමක්..දෙගොල්ලොන්ගෙම දෙවියොත් එක් කෙනෙක්..තම්බි මෝඩ දරුණු විදියට අදහන්නෙ ඇයි කියන එක තමා ප්‍රශ්ණෙ.
    ක්‍රිස්තියානි අයගෙ Manual එක සැරෙන් සැරේ update උනා
    ඔය පරණ ගිවිසුම අලුත් ගිවිසුම එහෙම කියන්නෙ
    ඉස්සර ලෝකෙ ගෝලා කාරයි කියපු අයව ක්‍රිස්තියානි පල්ලියෙනුත් මරල තියෙනවා
    දැන් ඔය update වෙලා ඒක ඇත්ත කියල පිලිගත්තට
    එයාල update වෙවි රැකෙන්න බලනව දැන් දන් පුනර්භවයත් ලාවට පිලිගන්නව
    නැත්නම් ඉස්සරහට යන්න අමාරුයිනෙ
    යුදෙව්ව් ආගම, ක්‍රිස්තියානි, ඉස්ලාම් ඔක්කොම source එකයි

    නානලනම් තාම පරණ manual එකම විස්වාස කරගෙන ඉන්නවා
     
    • Like
    Reactions: kinkon