මැලේරියා හඳුනාගන්නා අයුරු

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මැලේරියා හඳුනාගන්නා අයුරු

    මැලේරියා හඳුනාගන්නා අයුරු

    මැලේරියා රෝගය පරපෝෂිතයකු මගින් ඇතිවන අතර, එම පරපෝෂිතයා මිනිස්‌ සිරුරට ඇතුළු වන්නේ මදුරු දෂ්ටනයක්‌ මගිනි.

    ශ්‍රී ලංකාව තුළ මැලේරියාව බෝකරන්නේ "ඇනොµsලිස්‌" නමැති මදුරුවකු මගිනි. එම මදුරුවා බෝවන්නේ සෙමින් ගලායන හෝ නිශ්චල පිරිසිදු ජලය සහිත, හොඳින් හිරු එළිය වැටෙන තැන්වලය. ගංඉවුරුවල රැඳෙන දියකඩිති, ගඩොල් වලවල්, නොගැඹුරු මැණික්‌ පතල් ආදිය උදාහරණ ලෙස දැක්‌විය හැක.

    ශ්‍රී ලංකාව තුළ ප්ලස්‌මෝඩියම් වයිවැක්‌ස්‌ හා ප්ලැස්‌මෝඩියම් µeල්සිපාරුම් යන පරපෝෂිත වර්ග දෙක මැලේරියා රෝගය ඇති කරයි. මෙයින් වැඩි වශයෙන් වාර්තා වන්නේ ප්ලස්‌මෝඩියම් වයිවැක්‌ස්‌ (95% ක්‌ පමණ) වන අතර එහි ඇති අනතුරු දායක තත්ත්වය වන්නේ එම පරපෝෂිතයා දිගු කලක්‌ රෝගියාගේ අක්‌මාව තුළ සැඟවී සිට නැවත රෝගය ඇති කිරීමේ හැකියාවක්‌ සහිත වීමයි. µeල්සිපාරුම් මැලේරියාව අප්‍රිකාව වැනි රටවලට ගොස්‌ පැමිණෙන්නන් අතරින් වැඩි වශයෙන් වාර්තා වන අතර, එමගින් මොළේ මැලේරියාව වැනි භයානක සංකූලතා ඇති විය හැක.

    කැලෑ ආශ්‍රිත රැකියාවල නියුතු හමුදා සේවයේ අය, මැණික්‌ පතල්කරුවන්, හේන් ගොවීන් හා උතුරු නැගෙනහිර පළාත්වල නැවත පදිංචිවූවන් වර්තමානයේ මැලේරියා රෝගය සඳහා අවදානම් වැඩි කණ්‌ඩායම් ලෙස හැඳින්විය හැක.

    මැලේරියාව හඳුනා ගැනීම

    ඇඟ වෙව්ලා උණ ගැනීම මැලේරියාවේ සාමාන්‍ය රෝග ලක්‍ෂණයයි. මීට අමතරව හිසරදය, වමනය, ඇඟපත රුදාව වැනි රෝග ලක්‍ෂණ ද දක්‌නට හැක. නමුත් මෙම රෝග ලක්‍ෂණ එලෙසින්ම නොමැති වුවද මැලේරියාව ඇති විය හැක.

    ඇඟිල්ලක්‌ විද කරන සරල ලේ පරීක්‍ෂණයක්‌ මගින් මැලේරියාව සෑදී ඇත්දැයි හඳුනාගත හැකිය.

    මැලේරියාව සහිත ප්‍රදේශයක ජීවත් වන්නේ නම් හෝ එවැනි ප්‍රදේශයකට රටකට සංචාරය කළේ නම්, ඉහත රෝග ලක්‍ෂණ ඇති විට මැලේරියාව සඳහා ලේ පරීක්‍ෂා කරවාගැනීම අනිවාර්යයෙන් සිදු කළ යුතුය. මේ සඳහා රජයේ ඕනෑම රෝහලකින් නොමිලේ ලේ පරීක්‍ෂා කරගත හැකිය.

    මැලේරියාව සෑදුන හොත් කළ යුතු දේ.

    මැලේරියා වර්ගය අනුව ප්‍රතිකාර වෙනස්‌ වේ. වයිවැක්‌ස්‌ මැලේරියාවේදී ක්‌ලෝරක්‌වීන් හා ප්‍රීමාක්‌වීන් යන ඖෂධ දෙවර්ගයක්‌ ලබාදේ. මෙයින් ප්‍රීමාක්‌වීන් නමැති ඖෂධ දින දහහතරක්‌ පුරා ලබා ගත යුතුය. මැලේරියා පරපෝෂිතයා ඔබ සිරුර තුළ සැඟවී හිඳ නැවත නැවතත් ඔබට මැලේරියාව සෑදීමේ අවදානම මෙම ප්‍රතිකාර මගින් වලක්‌වාලයි.

    ඔබට සෑදී ඇත්තේ µeල්සිපාරුම් මැලේරියාව නම් ඒ සඳහා ඔබ රෝහලක නේවාසිකව ප්‍රතිකාර ගැනීම අවශ්‍යය.

    මැලේරියාවෙන් වළකින අයුරු.

    පරපෝෂිත පාලනය

    මැලේරියා රෝගය වැළඳුන මුල් අවස්‌ථාවේදීම සොයාගෙන නිසි ප්‍රතිකාර ආරම්භ කිරීම මගින් රෝගය අන් අයට පැතිරීම වළක්‌වා ගත හැකි.

    මැලේරියා රෝග ලක්‍ෂණ ඇතැයි සැක ඇත්නම් වහාම ළඟම ඇති රජයේ රෝහලෙන් මැලේරියා සඳහා ලේ පරීක්‍ෂා කරවා අවශ්‍ය ප්‍රතිකාර ලබාගන්න. අදාළ ඖෂධ මාත්‍රාව නොකඩවා නියමිත දින ගණන ගැනීමෙන් රෝගය නැවත මතුවීම වැළකේ.

    මදුරුවන් දෂ්ට කිරීම වැළැක්‌වීම

    මැලේරියා මදුරුවන් වැඩිපුර දෂ්ට කිරීම සිදුවන්නේ අලුයම සහ රාත්‍රී කාලයේදීය. එම නිසා අලුයම සහ රාත්‍රී කාලයේදී එළිමහනට යාම අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක්‌ සීමා කරන්න.

    එසේ යැමට සිදුවේ නම් ශරීරය හොඳින් ආවරණය වන (විශේෂයෙන් අත් සහ පාද) ඇඳුම් ඇඳීමෙන් මදුරුවන් දෂ්ට කිරීම අවම කරන්න.

    මදුරුවන් පලවා හැරීම සඳහා මදුරු විකර්ශක ආලේපන භාවිතා කරන්න. මේ සඳහා දේශීය මදුරු විකර්ශක ආලේපන භාවිතා කළ හැක. (උදාහරණ - කොහොඹ තෙල්, පැඟිරි තෙල්) සම්ප්‍රදායික මදුරු විකර්ශක දුම්. (උදා. කජු ලෙලි, පොල් ලෙලි) හෝ මදුරු දඟර ආදිය භාවිතයෙන්ද මදුරුවන් පලවා හැරීමට හැකිය. මදුරු දැලක්‌ යට නිදාගන්න. (බෙහෙත් ගැල් වූ මදුරු දැලක්‌ නම් වඩාත් සුදුසුය.)

    මදුරුවන් බෝවන ස්‌ථාන අවම කිරීම/ විනාශ කිරීම හෝ ඒවායෙහි මදුරුවන් බෝවීම වැලැක්‌වීම

    අත්හැර දැමූ පතල්, ගල්/ ගඩොල් වලවල් ආදිය වසා දමන්න.

    එසේ කළ නොහැකි, ජලය රැඳී පවතින ස්‌ථානයන්හි (උදා - කෘෂි ළිං) ගප්පි වැනි මදුරු කීට භක්‌ෂක මසුන් ඇති කරන්න. මදුරු කීට නාශක යෙදීමෙන් ද මදුරුවන් බෝවීම වැලැක්‌විය හැකිය.

    තොරතුරු - මැලේරියා මර්දන ඒකකයෙනි.
    සකස්‌ කළේ - ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්


    ۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞


    Untitled-2.gif