අතුරුදන් වූ මලයාසියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයෙහි සුන්බුන් බවට සැක කෙරෙන කොටස් වියට්නාම් මුහුදෙන් හමුව ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසයි.
යානය අතුරුදන් වී මේ වනවිට පැය 36 ක් ඉක්ම ගොස් අවසන් ය.
මේ අතර සොරකම් කරන ලද විදේශ ගමන් බලපත්‍ර දෙක භාවිත කළ මගීන් දෙදෙනා පිළිබඳව සිය දත්ත පද්ධතියේ සටහන්ව ඇතැයි ජාත්‍යන්තර පොලීසිය තහවුරු කර තිබේ.
චීනය, වියට්නාමය, සිංගප්පරුව අමෙරිකාව සහ පිලිපීනය යන රටවල දාකයත්වයෙන් අතුරුදන් වූ යානය සෙවීමේ මෙහෙයුම් මේවනවිටත් ක්‍රියාත්මක ය.
එෆ්.බී.අයි. හෙවත් අමෙරිකාවේ ෆෙඩරල් රහස් තොරතුරු ඒජන්සිය, සිය තාක්ෂණ නිලධාරි කණ්ඩායමක් යානය සෙවීමේ මෙහෙයුමට එක්කර ඇති අතර ඔවුන් පවසන්නේ අතුරුදන් වූ යානයේ අමෙරිකානුවන් 3 දෙනෙකු සිටීම තුළ අමෙරිකාවට එම මෙහෙයුමට එක්වීමට අවශ්‍ය පසුබිම සැකසුණු බව ය.