අතුරුදහන් වූ යානය: හෙළිදරව් වී ඇති තතු
Published on Monday, 17 March 2014 09:02
MissingAirline 410px 14 03 17ක්වාලාලම්පුර් සිට බීජිං නුවර බලා පියාසර කරමින් සිටි මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය අතුරුදහන් වූයේ මාර්තු අට වැනිදාය.
ගුවන් ගත කිරීමෙන් පැයකට පමණ පසුව යානයේ ගමන් මග හිතා මතාම වෙනස් කර ඇති බව ලැබී ඇති අලුත්ම රේඩාර් සහ චන්ද්‍රිකා තොරතුරු අනුව තහවුරු වී තිබේ.
අතුරුදහන් වන විට ගුවන් යානය තුළ මගීන් 227 ක් සහ සේවකයන් දොළොස් දෙනෙක් සිට ඇති බව මැලේසියානු බලධාරීහු පවසති.
ඉන් 153 දෙනෙක් චීන ජාතිකයන් වන අතර 38 දෙනෙක් මැලේසියානු ජාතිකයන්ය. ඉතිරි පිරිස ඉරාන, එක්සත් ජනපද, කැනඩා, ඉන්දුනීසියා, ඔස්ට්‍රේලියා, ඉන්දීය, ප්‍රංශ, නවසීලන්ත, යුක්රේන, රුසියානු, තායිවාන සහ නෙදර්ලන්ත ජාතිකයන්වේ. මගීන් අතර ළමුන් හත් දෙනෙකුද සිටින බව සඳහන් විය. කාර්ය මණ්ඩලයේ සියළු දෙනාම මැලේසියානු ජාතිකයන්ය.
අක්මාර් හමීඩ් සිය බිරිඳ සමඟ යානයට ගොඩ වී ඇත්තේ, මධු සමය ගත කිරීම සඳහා චීනයට යාමටයි
ක්වාලාලම්පුර් නුවර පැවති චිත්‍ර ප්‍රදර්ශනයකට සහභාගී වූ චීනයේ ප්‍රධාන පෙළේ චිත්‍ර ශිල්පීන් දහනව දෙනෙකුද මගීන් අතර සිටි බව වාර්තා විය.
මෙම යානයේ ගමන් කිරීමට නියමිතව සිටි මගීන් හතර දෙනෙකු ගුවන් තොටුපලට පැමිණ නොසිටි බව මැලේසියානු ගුවන් සේවය පැවසුවේය.
අතුරුදහන් වීමෙන් පසුවත් පැය 7ක් පියාසර කරලා
ගුවන් යානය පවතින ස්ථානය තහවුරු කරන ස්වයංක්‍රීය පද්ධතිය කිසිවකු විසින් අක්‍රිය කර ඇති බව මැලේසියානු අගමැතිවරයා මාර්තු 15 වැනිදා නිවේදනය කළේය.
යානය පිළිබඳව ලැබී ඇති අවසාන චන්ද්‍රිකා දත්තයට අනුව අතුරුදහන් වීමෙන් පසුවත් පැය හතක පමණ කාලයක් යානය පියාසර කරමින් සිටි බව තහවුරු විය.
ඉන් අනතුරුව සොයා ගැනීමේ මෙහෙයුම් ඉන්දීය සාගරය දක්වා පුළුල් කෙරුණි.
සොරාගත් ගමන් බලපත්‍ර ඉදිරිපත් කරමින් යානයේ ගමන් කළ ඉරාන ජාතිකයන් දෙදෙනා ත්‍රස්තවාදී කණ්ඩායමකට සම්බන්ධ බවට තහවුරු වී නැත. ඔවුන් බීජිං නුවර හරහා යුරෝපයට සංක්‍රමණය වීම සඳහා උත්සාහ කර ඇති බව පැවසේ.
(බිබිසි )