අතුරුදන් වූ මැලේසියානු යානයේ බවට සැකකෙරෙන දක්ෂිණ ඉන්දීය සාගරය මත ඇති සුන්බුන් දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූප ඔස්ට්‍රේලියාව නිකුත් කර තිබේ.
මේ වන විට එම ස්ථානය සොයා ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක ය.
ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් පවසන්නේ, මෙම සුන්බුන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව යානය පිළිබඳ අභිරහස විසඳෙනු ඇති බව ය.
මෙම සුන්බුන් අතුරුදන් වූ යානයට අයත් ඒවා විය හැකි බවට ඔහු අනුමාන කරයි.
චන්ද්‍රිකා ඡායාරූපවල සඳහන් එක් කොටසක් මීටර් 24ක පමණ විශාලත්වයෙන් යුක්ත වන බවට අනුමාන කර ඇත.
news 1st
man nam kiyanne oka kadan watila na...









