මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

rombo

Well-known member
  • Sep 4, 2009
    2,231
    167
    63
    දෑන් නම් එපා වෙල තියෙන්නෙ..

    අදත් මොකුත් නැහැ වගේ නෙද ?
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,482
    6,335
    113
    #MH370 Crew of Chinese search plane has spotted "suspicious objects" in south Indian Ocean, China's state-run media reports.
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,231
    167
    63
    00.jpg

    01.jpg

    02.jpg

    03.jpg

    04.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    යාළුවා;16428002 said:
    දුරගමන් සේවා බස් එකක් වගේ. කොහෙ හරි නවත්ත නවත්ත ප්ලේන්ටි ගහනවද දන්නෙ නෑ :rolleyes:

    :frown: බස් එකක් කියනවා ඈහුවා...... එහෙනම් ඕක අනිවා ටාටා ලදරමක් තමා....... :P
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    Malaysia Airlines flight makes emergency landing in Hong Kong after electricity generator fails



    malaysia_airlines0324-preview.jpg



    A Malaysia Airlines flight from Kuala Lumpur to Incheon Airport in Seoul was forced to make an emergency landing in Hong Kong last night after an electricity generator failed.


    http://www.scmp.com/frontpage/hk
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :frown: බස් එකක් කියනවා ඈහුවා...... එහෙනම් ඕක අනිවා ටාටා ලදරමක් තමා....... :P
    පිස්සුද ලේලන්ඩ් තමා වැඩිපුරම. මග නවත්ත නාව්ත්ත ප්ලේන්ටි සිගරට් මරනවා :rofl:
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,231
    167
    63
    අතුරුදන් වූ MH370 යානයට අයත් බවට සැක කෙරෙන සුන්බුන් කොටස් කිහිපයක් දක්ෂිණ ඉන්දීය මුහුදු කලාපයේදී චීන ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් දැක තිබේ.

    ඔවුන් පවසා ඇත්තේ, ඔස්ට්‍රේලියාව නිකුත් කළ චන්ද්‍රිකා ඡායාරූපවල සඳහන් මුහුදු සීමාවේදී එම සුන්බුන් දුටු බව ය.

    එම කොටස් අදාළ MH370 යානයේ කොටස් විය හැකි බවට චීනය සැක පළ කරයි.

    චීනයේ Xinhua පුවත් ඒජන්සිය වාර්තා කළේ, අද පෙරවරුවේ චීනයට අයත් IL-76 දරන යානය කළ සෝදිසි මෙහෙයුම් අතරතුරදී මෙය හමුවූ බව ය.

    අදාළ සුන්බුන් එක්රැස් කර ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර එම මුහුදු ප්‍රදේශයේ මේ වන විට කුණාටු තත්ත්වයක් වර්ධනය වී තිබේ.

    මේ තත්ත්වය මත එහි සෝදිසි මෙහෙයුම්වලට දැඩි ලෙස බාධා එල්ල වී ඇතැයි ජාත්‍යන්තර මා‍ධ්‍ය වාර්තාවල දැක්වේ.

    SOURCE: Xinhua
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,482
    6,335
    113
    Bjegz7jCEAA_iKg.jpg


    MH370 US plane tasked to find objects reported by Chinese flight crew unable to locate them, authorities say.
     

    nickjav

    Active member
  • Aug 15, 2006
    164
    41
    28
    යානය අතුරුදන් වන මොහොතේ එහි නියමු කුටියේ &#351

    මලයාසියානු ගුවන් සේවයට අයත් බෝයිං 777 වර්ගයේ ජෙට් යානය අභිරහස් ලෙස අතුරුදන්වී දෙසතියක් ගතවී ඇත. මේ වනවිට වියට්නාමය විසින් යානය ඇද වැටුණ බවට සැක කරනා ප්‍රදේශයේ සැතපුම් ගණනාවක් දිග තෙල් පැල්ලමක් සොයා ගත් අතර චීන නිරීක්ෂණ යානාවක් මගින් යානයේ දොරක් යැයි සැක කෙරෙන යමක්ද ඊට ආසන්න සාගරයේදී නිරීක්ෂණය කර තිබේ. එහෙත් යානය අයත් මලයාසියාව සහ එරට ගුවන් සේවා අධිකාරිය විසින් එකී සාක්ෂි සියල්ල විටින් විට ප්‍රතික්‍ෂේප කරන ලදී.
    2014-03-16 පමණ වන විට යානය කඩා වැටුන බව මලයාසියාව දැඩි ලෙස ප්‍රතික්‍ෂේප කරන තැනට පත්වූ අතර එය ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් පැහැරගත් බව ඒ වන විට නොනිල මට්ටමින් ප්‍රකාශ වන්නට විය.
    එහෙත් මාර්තු මස 18වන දින වන විට තත්ත්වය මුළුමනින්ම වෙනස් අතකට යොමුවෙමින් තිබූ අතර දැන් සිදුවීමේ ප්‍රධාන සැකකරු බවට පත්්වෙමින් සිටින්නේ යානයේ ප්‍රධාන නියමු අහමඩ් ෂා ය.
    ඒ අනුව මලයාසියානු ‍පොලීසිය යානයේ නියමුවන් දෙදෙනාගේ නිවාස, බැංකු ගිණුම් සහ දුරකථන සම්බන්ධතා පවා පරීක්ෂා කරනු ලැබ ඇත. පසුගිය 18දා කපිතාන් අහමඩ් ෂා ගේ නිවස වැටලූ එරට ‍පොලීසිය එහි සවිකර තිබූ නියමු කුටියක ආකෘතිය (සිමියු‍ලේටරය) ඉන් ඉවත්කර ‍පොලිස් මූලස්ථානයේ සවිකර ඇත. අනතුරුව ගුවන් යානා ශිල්පය ගැන දැනුමැති පුද්ගලයන් විසින් එකී සිමියු‍ලේටරය පරීක්ෂා කර ඇති අතර එහි පරිගණක මෘදුකාංග අතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ පුහුණු ගුවන්පථ දෙකක සහ මා‍ලේ නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ද ධාවන පථ ආශ්‍රිත මෘදුකාංග තිබි ඇති බවත් වාර්තා වේ.
    එපමණක්ද නොව දියාගෝ ගාෂියා හි පිහිටා ඇති ඇමෙරිකානු කඳවුරු ආශ්‍රිතව ඇති මීටර් 1000ට අඩු ගුවන් පථ 5ක පමණ මෘදුකාංගද එකි සිමියු‍ලේටරයේ තිබි සොයාගෙන ඇත.
    මේ තත්ත්වය නිසා මෙම සිමියු‍ලේටරය පරීක්ෂා කිරීමට මලයාසියා රජය ජාත්‍යන්තර සහය පතමින් සිටී. දැනටමත් එෆ්.බි.අයි. ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවන් පිරිසක් මලයාසියාවට ගොස් එය පරීක්ෂා කරන අතර මූලික පරීක්ෂණවලින් පසු පසුගිය මසක පමණ කාලයක් තුළ එකී සිමියු‍ලේටරයෙන් මකචා දැමූ දත්ත යළි ප්‍රතිෂ්ඨාපනය කරනු වස් එහි දෘඩ තැටිය එෆ්බිඅයි විද්‍යාගාරයට රැගෙන යෑමට තීරණය කර තිබේ.
    මැ‍ලේසියානු රජය කපිතාන් අහමඩ් ෂා වෙත දැඩි අවධානය යොමුකර ඇත්තේ ඔහු එරට විපක්ෂ නායක අන්වර් ඊබ්‍රාහිම් ගේ ඥාතියෙකු බව තහවුරුවීමත් සමග බව එරට විපක්ෂය ප්‍රකාශ කරයි.
    අන්වර් ඊබ්‍රාහිම්ට එරෙහිව එරට රජය අපචාර චෝදනා පිළිබඳ පවරා ඇති නඩුවට ඔහු වැරදිකරු වී ඇති බවත්, එම තීන්දුව ප්‍රකාශ වන අවස්ථාවේ කපිතාන් අහමඩ් ෂා අධිකරණ භූමියේ සිටි බවත් එරට මාධ්‍ය වාර්තා කරන අතර, අධිකරණයේ සිට ක්වාලාලාම්පූර් ගුවන් තොටුපළ වෙත පැමිණි ඔහු එදිනම රාත්‍රියේ අතුරුදන් යානය පදවා ගෙන ගොස් ඇත.
    එරට ගුවන් ගමන් පාලක මැදිරිය යානය අතුරුදන්වීමට පෙර පැවති පියාසර දත්ත මාධ්‍යවලට නිකුත් කර ඇත. ඒ අනුව අඩි 30000 ඉහළින් ගමන් ගත් යානය අඩි 45000 දක්වා උසකට එක්වරම රැගෙන ගොස් අඩි 23000 දක්වා පහත් කළ බව ඉන් වාර්තා වෙයි. එවැනි ක්‍රියාවලියකදී මගීන් ඔක්සිජන් මුහුණු ආවරණ පැළඳ සිටි යුතු අතර නොඑසේ නම් ඔවුහු සිහි මුර්ජා තත්ත්වයට පත්වන බව කියවේ. එහෙත් මුල් අවස්ථාවේ ගුවන් ගමන් පාලක මැදිරිය ප්‍රකාශ කර සිටියේ යානය අඩි 35000 උසදී ස්වයං නියමු පාලනයට නතුව පැවති අවස්ථාවේ අතුරුදන් වූ බවයි. දැන් මැ‍ලේසියා බලධාරීන් පවසනුයේ යානයේ උස එකවරම වෙනස් කර එම පීඩනයෙන් මගීන් සිහි මුර්ජා කර අහමඩ් යන යානය රැගෙන කලින් සැලසුම් කළ ස්ථානයකට එය ගෙන ගොස් රජය අප කීර්තියට පත්කර ඇති බවයි.
    මේ සමගම මෙම යානය දියාගෝ ගාර්ෂියා දිවයිනේ හෝ ඉන්දීය සාගරයේ වෙනත් ඇමෙරිකානු කඳවුරු සහිත වෙනත් දූපතකට රැගෙන ගිය බවට මත පළවන්නට විය. එපමණක්ද නොව යානය සීෂෙල්ස් දිවයින හෝ ඕස්ට්‍රේලියාවේ හුදකලා ගුවන් තොටකට රැගෙන ගිය බවටද ප්‍රවෘත්ති පළවන්නට විය. ඕස්ට්‍රේලියා සහ සීෂෙල්ස් බලධාරීන් මෙම පුවත් වහාම ප්‍රතික්ෂේප කර තිබේ. යානය අතුරුදන් වන අවස්ථාවේ එහි නියමු කුටියේ බාහිර පුද්ගලයෙකු සිටි බව මලයාසියා බලධාරීහු සැක කරති.
    යානයේ අවසන් පණිවුඩය වූ “All right, good night” යන්න පවා සැකයට තුඩු දී තිබේ. එය ගුවන් පාලක මැදිරියට නොව වෙනත් පාර්ශ්වයකට පැවසුවක්ද යන්න මේ වන විට මලයාසියානු ‍පොලීසියේ පවා අවධානයට ලක් වී ඇත. යානය නිපදවූ බෝයිං සමාගම පවසනුයේ යානයේ සන්නිවේදන උපකරණ හිතාමතා අක්‍රිය කර ඇති බවයි. යානයේ පිහිටීම පිළිබඳ පවා තොරතුරු ලබා ගත හැකි ට්‍රාන්ස් ‍පොන්ඩර් නම් උපකරණය පවා අක්‍රිය කර ඇති බැවින් මේ ක්‍රියාව සිදුකර ඇත්තේ බෝයිං යානා පිළිබඳ හසල දැනුමැති පුද්ගලයෙකු විසින් බව බෝයිං සමාගම පවසයි.
    මලක්කාව දෙසට හැරුණ යානය තායි රාජකීය ගුවන් හමුදා යානයක් විසින්ද නිරීක්ෂණය කර ඇති බව තායි ආරක්ෂක හමුදා ප්‍රකාශ කරයි. යානයේ පණිවුඩ හුවමාරුව නතර වී මෙන් පැය 7 ක් යනතුරුත් එහි එන්ජින් සක්‍රීයව තිබූ බවට බෝයිං සමාගම කළ ප්‍රකාශය වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමු වන්නට වූයේ මාර්තු 16 වැනිදා පමණය.
    බෝයිං සමාගම මෙවන් ප්‍රකාශයක් කරනුයේ එම සමාගම භාවිතා කරනු ලබන රෝල්ස් රෝයිස් වර්ගයේ එන්ජින් ගුවනේ සක්‍රිය වීමේදී ඉන් නිකුත් වන සියුම් තරංගයක් සංඥා ලෙසින් බෝයිං සහ රෝල්ස් රොයිස් සමාගම්වල ping සංඥා ලෙස පටිගත වන බැවිනි.
    මෙහිදී එම කවයේ නැගෙනහිර හා බටහිර අන්තවල වූයේ චීනය සහ මලයාසියාව බැවින් එකී අන්තවල සෝදිසි කිරීම් අතහැර දමන ලදී. කවයේ උතුරුකරයේද වූයේ රුසියා, බංග්ලාදේශය, චීනය වැනි විශාල ගොඩබිම් රාජ්‍යයන් වන බැවින් ඒවායේ රේඩාර් වලින් බැහැරව යානයකට ගමන්කළ නොහැකි බැවින් එම කලාපයද අතහැර දමන ලදී. ඒ අනුව සෝදිසි කිරීම සඳහා ඉතිරි වූයේ කවයේ දකුණු ප්‍රදේශය පමණි. එකී ප්‍රදේශය ගොඩබිම්වලින් තොර බැවින් සාගරය කේන්ද්‍ර කර මෙහෙයුම් මාර්තු 18 දා සවස් වරුවේ අරඹන්නට තීරණය විය.
    මෙම මෙහෙයුම් සඳහා ඇමරිකාවට අයත් ඩොලර් මිලියන 37 පමණ වටිනා P&A වර්ගයේ සෝදිසි යානාවක් ඇතුළුව ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයට අයත් ඔර්යන් යානාද, යුද නෞකා, හෙලිකොප්ටර් පමණක් නොව උඩු ගුවනේ ඇති චන්ද්‍රිකා 10 ක් පමණද සහභාගි විය.
    යානය අතුරුදන් වූ පසු සොයාගත් වැදගත්ම සාධකය ගැන මාර්තු 20 දින අපරභාගයේ දී ඕස්ට්‍රේලියානු නාවික ආරක්ෂණ අධිකාරියට (AMSA) දැනගන්නට ලැබුණ බව එරට අගමැති ටෝනි ඇබට් පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර තිබුණි. ඒ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට කි.මී. 2400-2600 අතර දුරින් ඉන්දිය සාගරයේ හුදකලා ප්‍රදේශයක පාවෙන ගුවන් යානයේ කොටසක් යැයි සැක කෙරෙන කොටස් දෙකක් චන්ද්‍රිකා ඡායාරූප මගින් සොයා ගෙන ඇති බවයි.
    එකී ඡායාරූපය විශ්‍ලේෂණය කිරීමේදී එක කොටසක් අඩි 70 ක් පමණ දිග බවත් එය බොහෝදුරට යානයේ පිටුපස (Tailend) විය හැකි බවද සෝදිසි මෙහෙයුම් වල නියැළෙන්නෝ පවසති.
    මාර්තු 20 දින දහවල් 2.30 පමණ වන විට පර්ත් නුවරින් මෙම සාගර ප්‍රදේශය ගවේෂණය සඳහා P&A වර්ගයේ යානයක් පිටත් වූ බවත් ඊට පසු ඔර්යන් වර්ගයේ යානා 3 ක්ද එම ප්‍රදේශය බලා නික්මුන බවත් ඕස්ට්‍රේලියානු රජය පවසයි. එහෙත් පර්ත් සිට මෙම ප්‍රදේශයට කි.මී 2400 පමණ දුරක් ඇති බැවින් එහි ගොස් යළි පැමිණීමට කි.මී 5000 දුරක් ගෙවිය යුතු වෙයි. එමෙන්ම එම ප්‍රදේශයට අධික වැසි සහ කුණාටු තත්ත්වයක් පවතින බැවින් ගුවන් සෝදිසි කිරීම් ඉතා අසීරු සහ අවදානම් බවද වාර්තා වෙයි.
    20 වැනිදා හවස් වරුවේ එහි ගිය ඕස්ට්‍රේලියානු ඔරියන් යානා මගින් යානයේ සුන්බුන් ඇතැයි සැක කෙරෙන ප්‍රදේශයේ ස්ථාන ගණනාවකට සෝනාර් බෝයාවන් හෙළා තිබේ. මෙකී සොනාර් බෝයාවන්ට අවට පරිසරයේ මෙන්ම මුහුදු පතුලෙන්ද නැගෙනා ශබ්ද පටිගත කරගත හැකිය. ඒ අනුව මෙම සාගර කලාපයේ යානය ගිලී ඇත් නම් එහි කළු පෙට්ටිය මගින් නිකුත් කරනා සියුම් ශබ්ද තරංග හසුකර ගැනීමට සෝනාර් බෝයාවන්ට හැකිවෙනු ඇත. කළු පෙට්ටියේ බැටරි බලය මසක් පමණ පවතින බැවින් එම කාලය පුරාම ඉන් සංඥා නිකුත් වන බව බෝයිං සමාගමද පවසා ඇත. 21 දා චන්ද්‍රිකා රේඩාර් තාක්ෂණය මගින් සිදුකළ පර්යේෂණ මගින්ද මෙම ප්‍රදේශයේ සාගර පතු‍ලේ විශාල වස්තුවක් තිබෙනා බව තහවුරු වී ඇත. මෙම තත්ත්වය අනුව ඉදිරියේ දි සෝදිසි කටයුතු ඕස්ට්‍රේලියාව අවට කලාපයට සීමා වුවහොත් එය චීනය සහ ඉන්දියාවේ බලවත් සතුටට හේතුවනු ඇති බව පැවසිය හැක. මන්දයත් සෝදිසි මෙහෙයුම් සඳහා ගුවන් ගත වන යානා බොහෝ විට තම ගුවන් සීමාවන් උල්ලංඝනය කිරීම ගැන මේ වන විට මේ දෙරටම නොසතුටට පත්ව සිටි බැවිනි. විශේෂයෙන් බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකාව සෝදිසි යානා තම රටවල ගුවන් සීමාවට පැමිණීම ඉන්දියාව සහ චීනය සිටින්නේ කිසිදු කැමැත්තකින් නොවේ.