මැ. කො. තුමනි, ඔබට විවෘත ලිපියක්.

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
ඔව් මචං,
හැබැයි කිරුළ ගත්තෙ හොරකම් කරල නිසා
ඒකට ගැලපෙන විදියට
දැන් පොරගෙ දෛවය
සෙට් වෙලා ඇති.
බලාගන්න බැරිය, අපිත් ඉන්නෙ මේ රටේනෙ.
දෛවය වෙනස් කරන්න කාටවත් බෑ

:D:D:D:yes::yes::yes::yes::yes::D:D:D
:yes::yes::yes:
:yes:

හරියට ම හරි
 

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
ජේ.වී.පී එකත් එල්.ටී.ටී.ඊ එකත් අනුගමනය කරන ක්‍රමවේදය එකමයි. තමන් ගැන තියෙනවට වඩා 100 ගුනයක් වැඩි තක්සෙරුවක් දාගෙන තමන්ම රැවටෙන ගමන් අනුනුත් රවට්ටලා සැබැ ප්‍රථිපලය ලැබුනු දාට කාටවත්ම නීතිය ඉදිරියේ ඔප්පු කරන්න බැරි හුදෙක් සටන් පාට වලටම පමනක් සීමාවෙන සිද්දියට කොහෙත්ම අදාල නැති හේතු ටිකක් හොයගෙනා පරාජයේ නිරුවත වහගන්න දගලනවා.
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
කාටවත්ම ඔප්පු කරන්න බැරි
මව්බිම, දේශප්‍රේමය වගේ
හුදෙක් සටන් පාට වලටම පමනක් සීමාවුන දේශපාලන පසුබිමක
,
තමන් ගැන තියෙනවට වඩා 10000 ගුනයක් වැඩි තක්සෙරුවක් දාගෙන
තමන්ම රැවටෙන ගමන් අනුනුත් රවට්ටලා
සැබැ ප්‍රථිපලය ලැබුනු දාට
ඒක විකෘති කරලා ජයග්‍රහණය කොල්ල කාගෙන
පරාජයේ නිරුවත වහගන්නවා.

:yes:
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
බෞද්ධයෙක් විදියට මට කියන්න තියෙන්නෙ
අසත් භාවයෙන් පටන් ගන්න දේ
අසත් භාවයෙන්ම කෙළවර වෙනව කියල විතරයි.
-මැතිවරණ කොමසාරිස්-

 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka



මැතිවරණ කොමසාරිස් තුමනි,
ඔබ වනසිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවෙක් බඳු මිනිසෙකි.
ඔබ රට වෙනුවෙන් කළයුතු යුතුකම ඔබේ උපරිමයෙන් කළේය.
අපි ඔබද ඔවුන්ද මනාව හඳුනන්නෙමු.
අවුරුදු හතරක් ඇදේට ගිය කකුළුවන්
දැන්ද කෙළින් නොයන බව අපි දන්නෙමු.
කකුළුවන් ගේ බලපෑම් මත ඇදේට ගිය පමණින්
ඔබ ඇදේට යන ගමන අප අදහන්නේ නැත.
ඉතින් ඔවුන් ඉල්ලා සිටින ඕනෑම ප්‍රකාශයක්
ඔවුන් රිසි පරිදි කරන්න.
ඉන් කිසිවක් වෙනස් නොවේ.
සිදුවන්නේ මෙම ජනපතිවරණය පිළිබඳව
අපේ ඇති හැඟීම (
සැකය) තවත් ප්‍රබල වීම පමණි.
:D


"ඡන්දය සාධාරණයි" මැකොගේ හඩින් ආණ්ඩුවේ වදන් එළි බසී දේශීය 2010 පෙබරවාරි 03 වෙනි බදාදා, 15:35
dayananda_disanayaka.jpg
ජනපතිවරණයේ ප‍්‍රතිඵල පිළිබඳව කිසිදු සැකයක් නැතැයි ද, ප‍්‍රතිඵල පිටපත් හයකින් නිකුත් කළ අතර, කොළඹ විශ්වවිද්‍යාලය පරිගණක ගත කටයුතු කළ බවද මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා අද පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ අද පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි.


මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස්වරයා පවසා ඇත්තේ සිදුවූ සිදුවීම් හේතුවෙන් තමන් දැඩි ආතතයකට පත්වූ බවත්, හැකි ඉක්මනින් ඉල්ලා අස්වන බවත් මීට පෙර පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසූ නමුත් දැන්මම ඉවත් වීමට කිසිදු අදහසක් නොමැති බවයි. එමෙන්ම ඔහු පැවසුවේ දිගටම මැතිවරණ කොමසාරිස් තනතුරේ තමන් කටයුතු කරන බවයි.

කෙසේ නමුත් මැතිවරණ කොමසාරිස්වරයාගේ මෙම ප්‍රකාශය දැඩි සැකයට තුඩු දෙන්නක් වන අතර, අද උදෑසන විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා විසින් රත්නපුර කාර්මික විදුහලේ කානුවක තිබී සොයා ගත් හංසයාට ඡන්දය සලකුණූ කළ ඡන්ද පත්‍රිකා 64ක් මැතිවරණ කොමසාරිස්වරයාට භාර දී, ලිඛිත පැමිණිල්ලක් ද සිදු කරමින් පවසා සිටියේ මේ සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසයි.

මෙලෙස පැමිණිල්ලක් අද උදෑසන කර තිබියදී මැතිවරණ කොමසාරිස්වරයා විසින් සාධාරණ මැතිවරණයක් පැවැත්වූ බවට කළ ප්‍රකාශය අතිශයින්ම හාස්‍යයට කරුණකි.

මේ අතර පසුගියදා එක්තරා පුවත් වෙඩ් අඩවියක දක්වා තිබුණේ ඡන්දය සාධාරණ බවට ප්‍රකාශයක් සිදු කරන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් මැතිවරණ කොමසාරිස්වරයාට බලපෑම් කරමින් සිටින බවයි. මෙම පුවතේ වැඩිදුර‍ටත් දක්වා තිබුණේ "ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල විකෘතිවීමක් නොවූ බව අවධාරණය කිරීම සඳහා වහාම මාධ්‍ය හමුවක් කැඳවන්නැයි ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග විසින් මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායකට බලපෑම් කර ඇතැයි මැතිවරණ කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වන බවත්, කෙටි කළකට විදේශ ගතවීමට අනුමැතිය ඉල්ලා තිබූ මැතිවරණ කොමසාරිස්වරයාට ජනාධිපති ලේකම්වරයා විසින් ඒ සඳහා දින 4ක කෙටි නිවාඩුවක් අනුමත කර දී ඇත්තේ, ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා ප‍්‍රශ්නය නිරාකරණය කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා එකඟවීමෙන් පසුව බවයි.

තත්ත්වය මෙසේ තිබියදී මැතිවරණ කොමසාරිස්වරයා විසින් මෙවැනි ප්‍රකාශයක් කිරීම මෙවර මැතිවරණයේ දූෂිත බව පිළිබඳ වූ සැකය තවදුරටත් වර්ධනය කරන්නක් බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දේශපාලන විශ්ලේශකයෙන් අප සමඟ පැවසීය.