මෑත ඉතිහාසයේදී, ඒකාධිපතියො දුන්න ආතල්.
මනුශ්‍ය ඉතිහාසයේ සෑම යුගයකදීම, බිහිසුණු ඒකාධිපතින්ගේ ව්‍යසනයට ලක්ව ඇත. මේ ලිපියෙන්, මෑත ඉතිහාසයේදී, ඒකාධිපතියන් සිදුකල හාස්‍යය උපදවන ක්‍රියා ගෙනහැර දැක්වීමක් පමණක් වන අතර, ඔවුන්ගේ අමානුශික ක්‍රියාකාරකම් ගැන සඳහන් නොකෙරේ. එමෙන්ම මෙහි, තවමත් බලයේ සිටින ඒකාධිපතින් ගැනද සඳහන් නොවේ.
ඉඩි අමින් දාදා (උගන්ඩාව,1971-1979)
ස්කොට්ලන්තයේ ඔටුන්නට තමන්ට උරුමයක් ඇතැයි පවසා, ඔහු සමග විවාහ වී, පොදුරාජ්‍ය මණ්ඩලය පාලනය කිරීමට ඔහු සමග එක් වනලෙස සඳහන් විවාහ යෝජනාවක් එලිසබත් රැජිණට යවන ලදී.
තමාගේ විවාහ යෝජනාව ප්‍රතික්ෂේප කිරීම පිලිබඳව රැජිණ සමග උරණ වූ ඔහු, තමාගේ අප්‍රසාධය පෙන්වීමට, උගන්ඩාවේ තිබූ ජාත්‍යන්තර සමුළුවකට පැමිණියේ, බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයෝ හතරදෙනෙකු ඔසවාගෙන පැමිණි දෝලාවක් මතය.
උගන්ඩාවේ ඇතිව තිබූ දුර්භික්ෂය ගැන ජාත්‍යන්තරයට අනාවරණය කිරීම ගැන බ්‍රිතාන්‍යය සමග උරණ වූ ඔහු, "Save Britain Fund" යනුවෙන වැඩසටහනක් නිර්මාණය කර, බඩගින්නෙන් මැරෙමින් සිටි ජනයාගෙන් ආහාර ලොරි ගණන් එකතු කර, බ්‍රිතාන්‍යයට යවන ලදී.
ඉඩි අමින් තමන්ව ආමන්ත්‍රණය කරගත්තේ, "His Excellency, President for Life Field Marshall Al Hadj Doctor Idi Amin Dada, VC, DSO, MC, Lord of all the Beasts of the Earth and Fishes of the Sea and Conqueror of the British Empire in Africa in general and Uganda in particular", ලෙසය.
ෆ්රැන්කොයිස් ඩුවලියර්(හයිටිය, 1957-1971)
තමන්ගේ ධූරය අවසන් වීමට අවුරුදු 2ක් තිබයදී, සියලුදෙනා විමතියට පත්කරමින්, ඔහු හදිසි ජනාධිපතිවරණයක් පවත්වන ලදී. හදිසි චන්දය සඳහා හේතුව සියලුදෙනාට වැටහුනේ, දැඩි ජනතා අප්‍රසාදයක් ලබා සිටි ඔහු, 100% චන්ද හිමිකරගත් විටයි.
ජීවිතාන්තය දක්වා හයිටියේ ජනාධිපති ලෙස තමාවම පත්කරගත් ඔහු, රටේ සිටි සියලු කතෝලික බිෂොප්වරු නෙරපාහැර, ඔවුන්ගේ වූඩු ඇදහිලි වල සිටින මරණයේ යක්ෂයා ලෙස තමන්ව නම් කරගන්න ලදී.
ඔහුගේ තරඟකරුවා, කළු බල්ලෙකු ලෙස වෙස්වලාගෙන සැඟවී සිටින බවට විශ්වාස කර, රටේ සිටින සියලු කළු බල්ලන් මරාදමන ලෙස නියෝග කරන ලදී.
ඇමරිකාවේ ජනාධිපති වූ J. F. Kennedy වෙඩි පහරකින් මියගිය විට, ඔහු මියැදුණේ තමා කල හුනියමක් නිසා බව නිවේදනය කරන ලදී.
ජනාධිපති වූ පසු, ඔහු "උගත්" යන වචනය තහනම් කරන ලදී. රටේ පාසැල් වසා දමා, උගතුන් රටෙන් නෙරපා හැර; අධ්‍යාපනය, විද්‍යාව හා සංස්කෘතිය යන විෂයන් වල අගතැන් උගතා(Grand-master) ලෙස තමාව නම් කරගන්නා ලදී.
ඔහුගේ 'උගත්' මොලයට පහල වූ අපුරු අදහසක් අනුව, රටේ ජාතික බැංකුවේ සභාපති ඝාතනය කර, බැංකුවේ තිබූ සියලු මුදල් කැලෑවේ සඟවන ලදී.
ජාතික ආදර්ශ පාඨය "There is no other God than Macias Nguema(මාසියාස් න්ගුඒමා හැර වෙනත් දෙවියෙක් නැත)" ලෙසට වෙනස් කරන ලදී.
වරක් ඔහු, බලශක්ති උත්පාදකාගාර වල, ලිහිසි ද්‍රව්‍ය(Lubricants) පාවිච්චිය තහනම් කරන ලදී. ඔහු කියා සිටියේ, තමන්ගේ මැජික් බලයෙන් ඒවා ක්රියාකාරීත්වයේ තබාගතහැකි බවයි. ප්‍රතිපලය වුයේ රටපුරා විදුලි සැපයුම ඇනහිටිමයි.
යකැදුරන්ගේ පිහිට පතා යන මිනිසුන් ප්‍රමාණය වැඩි කිරීමට රෝහල් කිහිපයක් වසාදමන ලදී.
සිදුවීමේ සම්භාවිතාව ඉතාමත් අඩු රුසියානු ආක්‍රමණයකින් මිලියන 3ක් තරම් සුළු වූ අල්බේනියානු වැසියන් ආරක්ෂා කිරීමට, රට බංකොලොත් කරමින්, රට පුරා, හමුදා බංකර 750,000ක් තනන ලදී.
රැවුල්, යතුරුලියන හා වර්ණ රූපවාහිනී යන්ත්‍ර තහනම් කරන ලදී.
රටට ඇතුළු වන සියලු විදේශකයින් විෂබිජනාශක ස්නානයකට ලක් කිරීම අනිවාර්ය කරන ලදී.
ඔහු පඩි 35කට වඩා නැගීමට බියක් දැක්විය. එමනිසා ඇතැම් අවස්ථා වලදී, ගොඩනැගිලි වල උඩ තට්ටු වලට යෑම ප්‍රතික්ෂේප කරන ලදී.
ඔහුගේ පුද්ගලික ආරක්ෂාව සඳහා කාන්තාවන් පමණක් යෙදීමටත්, ඔවුන් කන්‍යාවියන් විය යුතු බවටත් අණ කරන ලදී.
ඔහු සංචාරය කරන සෑමවිටම, නිදා ගැනීමට, විශාල කාන්තාර කුඩාරමක් රැගෙන යන ලදී. ඇතැම් විට ඔටුවන් හා අශ්වයින්ද ඒ සමග රැගෙන යන ලදී.
2010 දී රෝමයට ගිය අවස්ථාවේදී, මුදල් ගෙවා, සුරූපී නිරුපී ශිල්පිනියන් 500ක් ඔහුගේ දේශනාවකට ගෙන්වන ලදී. එහිදී ඔහු ඒ තරුණියන්ට ඉස්ලාම් ආගම වැළඳගැනීමට ඒත්තුගැන්විමට උත්සහ ගන්නා ලදී.
රාජ්‍ය ලේඛණ අනුව, මොහු ඉපදීමට පෙර ලිහිණියන් ඒ පිලිබඳ අනාවැකියක් ස්වර්ගයෙන් රැගෙන විත් ඇත. උපත සිදුවන විට, එම ස්ථානයට උඩින් දේදුනු දෙකක්ද, අහසේ අලුත් තරුවක්ද පායා ඇත.
Hamburger එක සොයා ගත්තේ ඔහු බවත්, ඇමරිකානුවන් එම තාක්ෂනය සොරාගත් බවත්, ඉතා ද්වේශ සහගතව නිවේදනය කර ඇත. පසුව විශ්ව විද්‍යාල වලට hamburger සැපයීමට කටයුතු කර ඇත.
ඔහුට සේවය කලා කෝකියෙක් පවසා ඇත්තේ, ඔහු ආහාරයට ගන්න බත් වල බත් ඇට සමමිතික වීමටත්, විශාලත්වයෙන් හා පාටින් සමාන වීමට වග බලාගැනීමට උපදෙස් දී තිබූ බවයි.
බ්‍රැන්ඩි වලට ලැදියාවක් දැක්වූ ඔහු, අවුරුද්දකට අඩු තරමින් ඩොලර් 350,000 ක් වටිනා බ්‍රැන්ඩි පිටරටින් ගෙන්වා ඇත.
මොහු සංචාරය කරන සෑමවිටම, ඔහුත් සමග සුරුපී කාන්තාවන් කාණ්ඩයක් ගමන් කර ඇත. මේ කණ්ඩායම හඳුන්වා තිබුනේ "Pleasure Squad" ලෙසටයි.
ඔහු golf පිත්තක් ඇල්ලු පළමු වතාවේ, golf ක්‍රීඩාවේ අමාරුම හා විය නොහැකි පහරක් සාර්ථකව එල්ල කර, තමා යලිත් golf ක්‍රීඩා නොකරන බව පවසා ඇත. දැඩි පරිශ්‍රමයක් හා මුදලක් වැය කර, ලෝක ගිනස් වාර්තාවේ මෙය සඳහන් කරවීමට, ඔහු කටයුතු කරන ලදී. එම නිසා, වාර්තා අනුව ලෝකයේ හොඳම golf ක්‍රීඩකයා ඔහු වේ.
ඔහු විසින් රචිත ඔහුගේ චරිතාපදානයේ, තමන් කිසිදා මළපහ නොකළ බව සඳහන් කර ඇත. මෙයට හේතුව වශයෙන් දක්වා ඇත්තේ, ඔහු දෙවියෙකු වීමයි.
අඟුටුමිටි බව මර්දනය කිරීමට ප්‍රතිකාරයක් සොයාගෙන ඇති අතර, ඔපෙරා 6ක් නිර්මාණය කර ඇත.
තමන්ට වැලි සහල් බවට හැරවීමේ හැකියාවත්, ගස් කොළ මතින් ගංගා තරණය කල හැකි බවත් පවසා ඇත.
තරුණබව රැකගැනීමට, කන්‍යාවියන්ගේ රුධිරය එන්නත්කරගත් බව වාර්තා වේ.
මාර්ග, කඳු, පාලම්, පාසැල් ආදී ස්ථාන වලට මොහුගේ හා ඔහුගේ පවුලෙ උදවියගේ නම් දැමීමට දැඩි කැමැත්තක් දැක්විය.
තමාගේ පුතා හට අවුරුදු 3දි කර්නල් පදවියක් ලබා දීමටත්, ඔහුට අවුරුදු 10දී ජෙනරාල් පදවියක් ලබාදීමටත් කටයුතු කරන ලදී.
සාක්ෂරතාව නොමැති තමාගේ බිරිඳට හොඳම ලේඛකයාට හා දාර්ශනිකයාට ලබාදෙන නොබෙල් ත්‍යාගය ලබා ගැනීමට උත්සහ කරන ලදී.
රටේ සෑම අංක තහඩුවකම "Viva Trujillo(ට්රුජිල්ලෝට ජය)" ලෙස සඳහන් කිරීමටත්, සැම දෙවස්තනයකම "God in Heaven, Trujillo on Earth(දෙවියන් ස්වර්ගයේ, ට්රුජිල්ලෝ ලෝකයේ)" ලෙස කීමටත්, අනිවාර්ය කරන ලදී.
සපර්මුරාට් නියාසොවූ(තුරක්මෙනිස්තාන්1985-2006)
තමා විසින් රචිත "Book of Souls" ග්රන්ථයට, කුරානයට හා සමාන තැනක් දීමටත්, එය සියලු පාසැල් වල ඉගැන්වීමටත් අනිවාර්ය කරන ලදී. 2006දී එම ග්‍රන්ථය අභ්යවකාෂයටද යවන ලදී.
ජාතියේ පියා ලෙස තමාව නම්කරගත් ඔහු, මීටර 12ක් උස තමාගේ රන් පිළිමයක් තනවන ලදී. මේ පිලිමට සෑම වෙලේම හිරු ඇති දිශාවට මුහුණලන ලෙස කැරකීමට තනා ඇත.
අගනගරයෙන් පිට තිබූ සියලු රෝහල් වසාදමන ලදී. තමාට කෘතගුණ දැක්වීමක් ලෙස, ප්‍රතිකාර සඳහා මිනිසුන් අගනගරයට පැමිණිය යුතු බව ඔහු කියා සිටියේය.
මරියානෝට වරක් බ්‍රසීලයෙන් සුදු අශ්වයෙකු තෑගි ලැබුණුවිට, ඔහු ඒ අශ්වයට කොතරම් කැමති වුවාද කිවහොත්; එවලේම බොලිවියාවේ සිතියමක් ගෙන, එය අශ්වයාට පෑගීමට සලස්වා, කුර සටහනින් ආවරණය වූ ප්‍රදේශය බ්‍රසීලයට තෑගි දෙන ලදී. පසු කලකදී එම අශ්වයාට ජෙනරාල් පදවියක්ද පිරිනමන ලදී.
මෙම ලිපියේ සඳහන් වන්නේ ඒකාධිපතින් කිහිපදෙනෙකු ගැන හා ඔවුන්ගේ හාස්‍යය උපදවන ක්‍රියා කිහිපයක් පමණි. මෙය බලා සිනහ වුවත්, මෙහි ඇති භයානකකම වන්නේ, මේ සියලු සිද්ධි සත්‍ය වීමත්, ඔවුන් මේ දේවල් විහිළු ලෙස නොසිතා කල ක්‍රියා වීමත්ය.
බලය ලැබුණු කල ඇතැම් මිනිසුන් උන්මන්ත වීමත්, ඔවුන් මෙවන් කටයුතු කරන තුරු මහජනයා ඉවසීමත් හා මෙවන් දේවල් වීමට ඉඩ හැරීමත් යන දේවල් ලෝකයේ සැමතැනම වන බව අප මෙයින් ඉගෙන ගත යුතුය.
මෙම ලිපිය කියවන විට, අපගේ පුංචි රටේද මෙවන් දේවල් ඇතැම්විට සිදුව ඇති බව ඔබට මතක් වනවා ඇති. ලෝක ඉතිහාසය ගැන දැනගැනීම වැදගත් වන්නේ, අපගේ රටත් මේ ලැයිස්තුවට එකතු වීම වැලක්වීමට එය රුකුලක් වන නිසාය.
ඔබලා දන්නා තවත් මෙවන් සිද්ධි අප සමග බෙදාගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

ෆ්රැන්සිස්කෝ මාසියාස් න්ගුඒමා (ගිනියාව,1968-1979)

එන්වර් හොක්සා(ඇල්බේනියාව,1944-1985)
සිදුවීමේ සම්භාවිතාව ඉතාමත් අඩු රුසියානු ආක්‍රමණයකින් මිලියන 3ක් තරම් සුළු වූ අල්බේනියානු වැසියන් ආරක්ෂා කිරීමට, රට බංකොලොත් කරමින්, රට පුරා, හමුදා බංකර 750,000ක් තනන ලදී.
රැවුල්, යතුරුලියන හා වර්ණ රූපවාහිනී යන්ත්‍ර තහනම් කරන ලදී.
රටට ඇතුළු වන සියලු විදේශකයින් විෂබිජනාශක ස්නානයකට ලක් කිරීම අනිවාර්ය කරන ලදී.
මුඅම්මර් ගඩාෆි(ලිබියාව,1969-2011)
ඔහු පඩි 35කට වඩා නැගීමට බියක් දැක්විය. එමනිසා ඇතැම් අවස්ථා වලදී, ගොඩනැගිලි වල උඩ තට්ටු වලට යෑම ප්‍රතික්ෂේප කරන ලදී.
ඔහුගේ පුද්ගලික ආරක්ෂාව සඳහා කාන්තාවන් පමණක් යෙදීමටත්, ඔවුන් කන්‍යාවියන් විය යුතු බවටත් අණ කරන ලදී.
ඔහු සංචාරය කරන සෑමවිටම, නිදා ගැනීමට, විශාල කාන්තාර කුඩාරමක් රැගෙන යන ලදී. ඇතැම් විට ඔටුවන් හා අශ්වයින්ද ඒ සමග රැගෙන යන ලදී.
2010 දී රෝමයට ගිය අවස්ථාවේදී, මුදල් ගෙවා, සුරූපී නිරුපී ශිල්පිනියන් 500ක් ඔහුගේ දේශනාවකට ගෙන්වන ලදී. එහිදී ඔහු ඒ තරුණියන්ට ඉස්ලාම් ආගම වැළඳගැනීමට ඒත්තුගැන්විමට උත්සහ ගන්නා ලදී.
කිම් ජොන්-ඉල්(උතුරු කොරියාව, 1994-2011)
රාජ්‍ය ලේඛණ අනුව, මොහු ඉපදීමට පෙර ලිහිණියන් ඒ පිලිබඳ අනාවැකියක් ස්වර්ගයෙන් රැගෙන විත් ඇත. උපත සිදුවන විට, එම ස්ථානයට උඩින් දේදුනු දෙකක්ද, අහසේ අලුත් තරුවක්ද පායා ඇත.
Hamburger එක සොයා ගත්තේ ඔහු බවත්, ඇමරිකානුවන් එම තාක්ෂනය සොරාගත් බවත්, ඉතා ද්වේශ සහගතව නිවේදනය කර ඇත. පසුව විශ්ව විද්‍යාල වලට hamburger සැපයීමට කටයුතු කර ඇත.
ඔහුට සේවය කලා කෝකියෙක් පවසා ඇත්තේ, ඔහු ආහාරයට ගන්න බත් වල බත් ඇට සමමිතික වීමටත්, විශාලත්වයෙන් හා පාටින් සමාන වීමට වග බලාගැනීමට උපදෙස් දී තිබූ බවයි.
බ්‍රැන්ඩි වලට ලැදියාවක් දැක්වූ ඔහු, අවුරුද්දකට අඩු තරමින් ඩොලර් 350,000 ක් වටිනා බ්‍රැන්ඩි පිටරටින් ගෙන්වා ඇත.
මොහු සංචාරය කරන සෑමවිටම, ඔහුත් සමග සුරුපී කාන්තාවන් කාණ්ඩයක් ගමන් කර ඇත. මේ කණ්ඩායම හඳුන්වා තිබුනේ "Pleasure Squad" ලෙසටයි.
ඔහු golf පිත්තක් ඇල්ලු පළමු වතාවේ, golf ක්‍රීඩාවේ අමාරුම හා විය නොහැකි පහරක් සාර්ථකව එල්ල කර, තමා යලිත් golf ක්‍රීඩා නොකරන බව පවසා ඇත. දැඩි පරිශ්‍රමයක් හා මුදලක් වැය කර, ලෝක ගිනස් වාර්තාවේ මෙය සඳහන් කරවීමට, ඔහු කටයුතු කරන ලදී. එම නිසා, වාර්තා අනුව ලෝකයේ හොඳම golf ක්‍රීඩකයා ඔහු වේ.
ඔහු විසින් රචිත ඔහුගේ චරිතාපදානයේ, තමන් කිසිදා මළපහ නොකළ බව සඳහන් කර ඇත. මෙයට හේතුව වශයෙන් දක්වා ඇත්තේ, ඔහු දෙවියෙකු වීමයි.
අඟුටුමිටි බව මර්දනය කිරීමට ප්‍රතිකාරයක් සොයාගෙන ඇති අතර, ඔපෙරා 6ක් නිර්මාණය කර ඇත.
තමන්ට වැලි සහල් බවට හැරවීමේ හැකියාවත්, ගස් කොළ මතින් ගංගා තරණය කල හැකි බවත් පවසා ඇත.
තරුණබව රැකගැනීමට, කන්‍යාවියන්ගේ රුධිරය එන්නත්කරගත් බව වාර්තා වේ.
රෆයෙල් ට්රුජිල්ලෝ(ඩොමිනික් රාජ්‍යය, 1930-1961)
මාර්ග, කඳු, පාලම්, පාසැල් ආදී ස්ථාන වලට මොහුගේ හා ඔහුගේ පවුලෙ උදවියගේ නම් දැමීමට දැඩි කැමැත්තක් දැක්විය.
තමාගේ පුතා හට අවුරුදු 3දි කර්නල් පදවියක් ලබා දීමටත්, ඔහුට අවුරුදු 10දී ජෙනරාල් පදවියක් ලබාදීමටත් කටයුතු කරන ලදී.
සාක්ෂරතාව නොමැති තමාගේ බිරිඳට හොඳම ලේඛකයාට හා දාර්ශනිකයාට ලබාදෙන නොබෙල් ත්‍යාගය ලබා ගැනීමට උත්සහ කරන ලදී.
රටේ සෑම අංක තහඩුවකම "Viva Trujillo(ට්රුජිල්ලෝට ජය)" ලෙස සඳහන් කිරීමටත්, සැම දෙවස්තනයකම "God in Heaven, Trujillo on Earth(දෙවියන් ස්වර්ගයේ, ට්රුජිල්ලෝ ලෝකයේ)" ලෙස කීමටත්, අනිවාර්ය කරන ලදී.
සපර්මුරාට් නියාසොවූ(තුරක්මෙනිස්තාන්1985-2006)
තමා විසින් රචිත "Book of Souls" ග්රන්ථයට, කුරානයට හා සමාන තැනක් දීමටත්, එය සියලු පාසැල් වල ඉගැන්වීමටත් අනිවාර්ය කරන ලදී. 2006දී එම ග්‍රන්ථය අභ්යවකාෂයටද යවන ලදී.
ජාතියේ පියා ලෙස තමාව නම්කරගත් ඔහු, මීටර 12ක් උස තමාගේ රන් පිළිමයක් තනවන ලදී. මේ පිලිමට සෑම වෙලේම හිරු ඇති දිශාවට මුහුණලන ලෙස කැරකීමට තනා ඇත.
අගනගරයෙන් පිට තිබූ සියලු රෝහල් වසාදමන ලදී. තමාට කෘතගුණ දැක්වීමක් ලෙස, ප්‍රතිකාර සඳහා මිනිසුන් අගනගරයට පැමිණිය යුතු බව ඔහු කියා සිටියේය.
මරියානෝ මෙල්ගරේජෝ(බොලිවියාව, 1864-1871)
මරියානෝට වරක් බ්‍රසීලයෙන් සුදු අශ්වයෙකු තෑගි ලැබුණුවිට, ඔහු ඒ අශ්වයට කොතරම් කැමති වුවාද කිවහොත්; එවලේම බොලිවියාවේ සිතියමක් ගෙන, එය අශ්වයාට පෑගීමට සලස්වා, කුර සටහනින් ආවරණය වූ ප්‍රදේශය බ්‍රසීලයට තෑගි දෙන ලදී. පසු කලකදී එම අශ්වයාට ජෙනරාල් පදවියක්ද පිරිනමන ලදී.
-----------------------------------------------------------
මෙම ලිපියේ සඳහන් වන්නේ ඒකාධිපතින් කිහිපදෙනෙකු ගැන හා ඔවුන්ගේ හාස්‍යය උපදවන ක්‍රියා කිහිපයක් පමණි. මෙය බලා සිනහ වුවත්, මෙහි ඇති භයානකකම වන්නේ, මේ සියලු සිද්ධි සත්‍ය වීමත්, ඔවුන් මේ දේවල් විහිළු ලෙස නොසිතා කල ක්‍රියා වීමත්ය.
බලය ලැබුණු කල ඇතැම් මිනිසුන් උන්මන්ත වීමත්, ඔවුන් මෙවන් කටයුතු කරන තුරු මහජනයා ඉවසීමත් හා මෙවන් දේවල් වීමට ඉඩ හැරීමත් යන දේවල් ලෝකයේ සැමතැනම වන බව අප මෙයින් ඉගෙන ගත යුතුය.
මෙම ලිපිය කියවන විට, අපගේ පුංචි රටේද මෙවන් දේවල් ඇතැම්විට සිදුව ඇති බව ඔබට මතක් වනවා ඇති. ලෝක ඉතිහාසය ගැන දැනගැනීම වැදගත් වන්නේ, අපගේ රටත් මේ ලැයිස්තුවට එකතු වීම වැලක්වීමට එය රුකුලක් වන නිසාය.
ඔබලා දන්නා තවත් මෙවන් සිද්ධි අප සමග බෙදාගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

ඒකෙ දැකල තමයි, translate කරල දාන්න හිතුනෙ.