මිග් ගනුදෙනුව සිදුවු ආකාරය සරලව 2022

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,225
    8,221
    113
    M-Town
    ‘මගේ පියා මිය යා යුතු යැයි නපුරු මිනිසුන් තීරණය කළේ මේ නිසා බව මම විශ්වාස කරමි.’
    ================================

    2007 වසරේදී කුඩා දරුවෙකු ලෙස ‘මිග් ගනුදෙනුව’ යන වාක්‍ය ඛණ්ඩය ඇසු විට, මගේ පියාගේ පුවත්පතේ නැවත එම වචන දෙක මුද්‍රණය කිරීම නිසා වසර දෙකකටත් අඩු කාලයකට පසුව ඔහුගේ විවෘත මිනී වළට ඉහලින් සිටගන්නට වන මගේ ජිවිතයේ අඳුරුතම දිනය උදා වෙතැයි මම කිසිවිටෙකත් නොසිතුවෙමි. සන්ඩේ ලීඩර් පුවත්පත හරහා එකී මිග් ගනුදෙනුව හෙළි නොකළේ නම් ඔහු අදටත් ලේඛකයෙකු හැටියට කටයුතු කරමින්, අදටත් වැරදි හෙළිදරව් කරමින්, අදටත් පවතින බලවතුන්ට එරෙහිව නැගී සිටිමින් ජිවතුන් අතර සිටිය හැකි බව මට සේම එකී මිග් ගනුදෙනුවට අදාල සාක්ෂි සහිත සියල්ලන්ටම බොහෝ කලක සිට පැහැදිලිය. ස්වයං ධර්මිෂ්ඨ සහ උත්තරීතර සදාචාරාත්මක මහජන පෞරුෂත්වයක් මවා පානා පුද්ගලයෙකුගේ සැබෑ තත්වය හෙළිදරව් කිරීම අවදානම් බව මගේ පියා දැන සිටියේය. නමුත් ඒ අවදානම ඔහු ඔහුගේ රාජකාරිය ඉටු කිරීම නතර කිරීමට සමත් නොවීය.

    අද, ඔහුගේ මරණයෙන් වසර 12කට පසුව තවමත් බොහෝ දෙනෙකුට මේ මිග් ගනුදෙනුවේ කරුණු නුහුරු ය, අපැහැදිලි ය. මගේ පියාගේ ඝාතකයින් නීතිය ඉදිරියට ගෙන ඒම ජාතික අවශ්‍යතාවයක් බව ශ්‍රී ලාංකිකයින්ට ඒත්තු ගැන්වීමට මම ගන්නා මේ උත්සාහය, එකී මිග් ගනුදෙනුව සරල වචන වලින්ම පැහැදිලි කිරීමට ද උපකාරී වනු ඇත. අතලොස්සක් වූ ශ්‍රී ලංකික රහස් පරීක්ෂක පිරිසකගේ ආදර්ශවත් ක්‍රියාකාරිත්වය, යළි පරිකල්පනය කිරීමට තරම් දෙයක් ඉතිරිකොට නැත. එය එසේ වුවත්, එක පිංතූරයකට වචන දහසකට වඩා වටිනාකමක් ඇතැයි පැවසේ. මෙහිදී මම ඊට වංචාවක් කරමින් එකී මිග් ගනුදෙනුව පිංතූරයක් සමග වචන දහසකින් පැහැදිලි කිරීමට උත්සහ කරමි. මේ මගේ උත්සහයයි.

    එල්ටීටීඊයට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බෝම්බ හෙලන ගුවන් යාන මිලදී ගැනීම සඳහා විවෘත ටෙන්ඩරයක් කැඳවීමට 2006 ජනවාරි මාසයේදී ගුවන් හමුදා අණදෙන නිලධාරී ඩොනල්ඩ් පෙරේරාට අවශ්‍ය විය. ඊළඟ මාසයේ උදයංග වීරතුංග සමඟ යුක්රේන නිලධාරීන් සහ සිංගප්පූරු ව්‍යාපාරිකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණියහ. එසේ පැමිණි යුක්රේන ජාතිකයින්, වීරතුංග එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂව හමුවිය. එකී හමුවෙන් පසුව පෙරකී ටෙන්ඩර කැඳවීමේ අවශ්‍යතාවය සම්පුර්ණයෙන්ම අතුරුදහන් වූ අතර ගුවන් හමුදාව සඳහා බෝම්බ හෙලන ගුවන් යානා මිලදී ගැනීම සඳහා ඉල්ලා සිටි එකම ඉල්ලීම වූයේ උදයංග වීරතුංග විසින් යුක්රේන සමාගමක් වන යුක්‍රින්මාෂ් ශ්‍රී ලංකාවට ගෙන ඒමයි.

    ගනුදෙනුව අවසන් වූ අතර උදයංග වීරතුංග 2006 ජුනි මාසයේ දී ශ්‍රී ලංකාවේ රුසියාවේ සහ යුක්‍රේනයේ තානාපති ධුරයට පත් වූ පසුවත්, යුක්‍රේනියානුවන් වෙනුවෙන් ඔහු ගුවන් හමුදාව සමඟ කෙලින්ම ගනුදෙනු කළේය. යුක්‍රින්මාෂ් යනු යුක්‍රේන රජයට අයත් සමාගමක් වූ අතර එවකට ආරක්ෂක අමාත්‍යංශය විසින් මිග් යානා මිලට ගැනීමට අවශ්‍ය ටෙන්ඩර් නොකැඳවීම, එකී මිග් ගනුදෙනුව ‘රජයකින් රජයකට සිදු වූ ගනුදෙනුවක්’ ලෙස සාධාරණීකරණය කළේය. ගුවන් හමුදාව සහ යුක්‍රින්මාෂ් අතර අත්සන් කරන ලද කොන්ත්‍රාත්තුවට අනුව බෝබ්ම හෙලන මිග් යානා මිලදී ගැනීම සහ අලුත්වැඩියා සේවා සඳහා වන සියලු ගෙවීම් බෙලිමිස්සා හෝල්ඩිංග්ස් ලිමිටඩ් නම් වූ එක්සත් රාජධානියේ ලිපිනයක් සහිත පෞද්ගලික සමාගමකට සිදු කල යුතු විය.

    ගුවන් හමුදාව සහ යුක්රේනියානුවන් අතර ඇති කර ගත් ගිවිසුමේ නියමයන්ට අනුව ශ්‍රී ලංකාව බෙලිමිස්සා සමාගමට ඩොලර් 14,661,944.24 ක මුදලක් ගෙවීය. ගෝඨාභය රාජපක්ෂට අනුව මිග් යානා ගෙන්වීය, සේවා සඳහා ගෙවීම් කළේය, එකඟ වූ මුදලද ගෙවූ අතර එය එතනින් අවසන් විය.

    නමුත් මාධ්‍යවේදීන් ඒ පිළිබඳව සැක කළහ. මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් යම් කිසි සැක කටයුතු යමක් සිදු වූ බව 2006 දී ප්‍රථම වරට වාර්තා කළේ සන්ඩේ ටයිම්ස් හි ඉක්බාල් අතාස් ය. 2006 දී ගුවන් හමුදාව එක මිග් යානාවක් සඳහා ඩොලර් මිලියන 2.462 ක් ගෙවා ඇති බවත් එය කුමාරතුංග රජය විසින් එවැනිම ගුවන් යානාවක් සඳහා ගෙවූ මුදල මෙන් දෙගුණයක් බවත් ඔහු පෙන්වා දුන්නේය. 2007 පළ වූ ලිපි මාලාවක් හරහා මගේ පියාගේ පුවත්පත මේ පිලිබඳ වඩා ගැඹුරින් සොයා බැලු අතර එහිදී ටෙන්ඩර් කැඳවීමක් කරනවා වෙනුවට යුක්රේන රජය සමග කටයුතු කිරීමට ගත් තීරණයට ගෝඨාභය රාජපක්ෂ සෘජුවම සම්බන්ධ බව හෙළි කල අතර, ඒ සිදුවීමට වීරතුංග ගේ සහ සිංගප්පුරු වැසියන්ගේ මැදිහත් වීම සහ එක්සත් රාජධානියේ බෙලිමිස්සා හෝල්ඩින්ග්ස් නම් සමාගමක් නොමැති බවත් විනාශකාරී ලෙස හෙළිදරව් කළේය.

    2009 වසරේදී මගේ පියා ඝාතනය වන විටත් ඔහු මේ සිදුවීමට අදාල කොටස් සියල්ල එක් කිරීමේ ප්‍රයත්නයක යෙදී සිටියේය. යුක්රේනය, එක්සත් රාජධානිය, සිංගප්පූරුව, හොංකොං සහ බ්‍රිතාන්‍ය වර්ජින් දූපත් යන රාජ්‍යයන් එක්ව විශ්මයජනක බහුජාතික උත්සාහයක සාක්ෂි සමග පොලිස් පරීක්ෂකයින් සිය කාර්යය නිම කොට මගේ පියා නිවැරදි බව සනාථ කලේ, ආසන්න වශයෙන් දශකයටත් අධික කාලයකට පසුවය.

    යුක්‍රින්මාෂ් සමාගමේ වාර්තා වලට අනුව මිග් යානා සම්බන්ධ ‘රජයකින් රජයකට’ සිදුවූ ගනුදෙනුවක් පිලිබඳ කිසිදු හෝඩුවාවක් නොතිබූ බව පෙනේ. ඒ වෙනුවට, යුක්රේනියානු රජය, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ක්‍රියා කරන බව පවසන සිංගප්පූරුවේ පිහිටි ඩී. එස්. එලායන්ස් නම් සමාගමකට මිග් යානා විකුණා ඇත. ඒ ගනුදෙනුව සඳහා ඩී.එස්. එලායන්ස් විසින් යුක්‍රේනියානුවන්ට ගෙවා ඇත්තේ ඩොලර් 14,661,944.24 ක් නොව එම මුදලින් අඩක් වන ඩොලර් 7,833,000 කි. ඩී. එස්. එලායන්ස් යනු සිංගප්පූරුවේ වෛද්‍ය උපකරණ සම්බන්ධ ප්‍රධානියෙකු වන ලී තියාන් සූ නැමැත්තෙකුට හිමි සමාගමකි.

    මෙතෙක් අභිරහසක්ව පැවති බ්‍රිතාන්‍ය වර්ජින් දූපත් වල පිහිටි ව්‍යාජ සමාගමක් බවත් එය ලී තියාන් සූ සහ ඔහුගේ සහෝදර ලී තියාන් බොක් සතු සමාගමක් බවත් පසුව හෙළිදරව් විය. ලී තියාන් සූ ගේ බිරිඳ වූ ඉංග්‍ ලේ කිම් එම සමාගමේ අධ්‍යක්ෂවරියක වූ අතර ඔහුගේ පෞද්ගලික නීතිඥවරයා වන ලිම් කිම් ලාර්ක් සමාගමේ ලේකම් විය. පෙර කී ව්‍යාජ සමාගම භාවිතා කොට ඇත්තේ ගුවන් හමුදාව විසින් අපලේඛණ ගත කොට ඇති ලී පවුල සහ ඩී. එස් එලායන්ස් සමාගම අතර පැවති සම්බන්ධතාවය ශ්‍රී ලාංකික නිලධාරීන්ගෙන් වසන් කිරීමටය.

    මිග් ගනුදෙනුවේ හරය මෙයයි:

    සිංගප්පූරු ලී පවුල ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබා දිය යුතු භාණ්ඩ හා සේවා සඳහා යුක්‍රින්මාෂ් වෙත ඩොලර් 7,833,000 ක් ගෙවා ඇත.
    ශ්‍රී ලංකා ගුවන් හමුදාව නොදැනුවත්ව ලී පවුලට එකී භාණ්ඩ සහ සේවා සඳහා 87% ක දළ ලාභයක් සහිතව ඩොලර් 14,661,944.24 ගෙවා ඇත.

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඔවුන්ට පොරොන්දු වූ භාණ්ඩ හා සේවා ලැබුණු අතර එනිසා ඔවුන් කිසිවෙකුත් මේ ගනුදෙනුවේදී සිදුවූ වංචාව පිලිබඳ බුද්ධිමත් නොවීය.

    එසේ නම්, සිංගප්පූරු ලී පවුල විසින් ලබාගත් ඩොලර් 6,828,944.24 ක 87% ක කොමිස් මුදලට සිදු වූයේ කුමක්ද? අවාසනාවන්ත ලෙස මිග් ගනුදෙනුව පිළිබඳ පොලිස් පරීක්ෂණ සම්පූර්ණයෙන්ම අවසන් වීමට පෙර, ගෝඨාභය රාජපක්ෂ විසින් නවත්වා දැමුණු නමුත් පෙර කී මුදලට සිදුවූ දේ පිලිබඳ යම් සොයාගැනීමක් කිරීමට පොලිස් පරීක්ෂකයින් සමත් විය.

    ලී පවුල නමින් ආරම්භ කෙරුණු සිංගප්පූරු බැංකු ගිණුමකින් අවම වශයෙන් ඩොලර් 400,397 ක මුදලක් ශ්‍රී ලංකාවේ කොමර්ෂල් බැංකුවේ ගම්පහ ශාඛාවේ ලෙලුම් දුමින්ද මාන්නම්පෙරුම නම් ඔබ අසාවත් නොමැති අපජල ඉංජිනේරුවරයෙකුගේ ගිණුමකට මාරු කොට ඇත. ඔහු විවාහ වී ඇත්තේ කුප්‍රකට උදයංග වීරතුංගගේ සහෝදරිය සමඟ වන අතර සරලවම කිවහොත් ඔවුන් මස්සිනාලා ය.

    ශ්‍රී ලංකා රහස් පරීක්ෂකයින් වීරතුංගගේ මස්සිනාගේ ගිණුම පරික්ෂා කිරිම්දී අවම වශයෙන් තවත් ඩොලර් 80,000 ක් සැක සහිත ගනුදෙනුවක් සොයාගත් නමුත් ඔවුන්ගේ විමර්ශන අතරමග අවසන් කිරීමට පෙර ඒ ගනුදෙනුව මිග් ගනුදෙනුව සමඟ ඇති සම්බන්ධතාවය තහවුරු කරගැනීමට ඔවුන්ට නොහැකි විය. කෙසේ වෙතත්, ඔවුන්ට කළ හැකි වූයේ, මන්නම්පෙරුම බොහෝ මුදල් වලින් කළ දේ සොයා ගැනීමයි.

    අවම වශයෙන් ඩොලර් 324,971.66 ක් මාන්නම්පෙරුම විසින් අජ්මාන් හි ගෝල්ඩ්ක්‍රෙස්ට් වීව්ස් 2 නම් වූ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක පෙන්ට්හවුස් මහල් නිවාස අංක 3403 මිලදී ගැනීම සඳහා මුල් ගෙවීමක් ලෙස ස්ටාර් ගිගා එස්ටැබ්ලිෂ්මන්ට් නම් ඩුබායි හි දේපල වෙළඳාම් සංවර්ධකයෙකුට ගෙවා ඇත. මහල් නිවාස වාර්තා වලට අනුව මිලදී ගත් තැනැත්තා වූයේ උදයංග වීරතුංග ය. සිදුවූ දේ සාක්ෂි සහිතව හෙළි වුයේ 2018 වසරේදී ඩුබායි පොලිසිය විසින් උදයංග වීරතුංග ව එම මහල් නිවාසයේ සිටියදීම ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම සඳහා අත්අඩංගුවට ගත් අවස්ථාවේදීය.

    ඉතින් මිග් ගනුදෙනුව එයයි. එල්ටීටීඊය පරාජය කිරීම සඳහා භාවිතා කරන ආයුධ සහ සේවා මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකාව සිංගප්පූරු අතරමැදිකරුවන්ට 87% ක කොමිස් මුදලක් ගෙවා ඇත. ඒ මුදලින් අවම වශයෙන් ඩොලර් 400,000ක් ක මුදලක් සිංගප්පූරු අතරමැදිකරුවන් විසින් ගෝඨාභය රාජපක්ෂගේ ඥාති සහෝදරයා වන උදයංග වීරතුංගට ගෙවා ඇති අතර ඒ මුදලින් ඔහු ඩුබායි හි සුඛෝපභෝගී පෙන්ට්හවුස් නිවසක් මිලදී ගත් බව අප දනිමු.

    ‘මිස්ටර් ටෙන් පර්සන්ට්’ නොහොත් සීයට දහය ලෙස ආදරයෙන් හඳුන්වන රාජපක්ෂ සහෝදරයෙක් සිටී. මගේ පියා ඔහුගේ ඔහුගේ පරීක්ෂණ කටයුතු නිම කර උසාවියක් ඉදිරියේ සාක්ෂි දෙන තෙක් ජීවත් ව සිටියේ නම් තවත් රාජපක්ෂ සහෝදරයෙක් ‘මිස්ටර් එයිටි සෙවන් පර්සන්ට්’ නොහොත් සීයට අසූ හත ලෙස හැඳින්වීමට සුදුසු බව ශ්‍රී ලාංකිකයන් වටහා ගනු ඇත. එය එසේ නොවන බව සාක්ෂි වලින් ඔප්පු කරන දිනයක් එන තෙක්, මගේ පියා මිය යා යුතු යැයි නපුරු මිනිසුන් තීරණය කළේ මේ නිසා බව මම විශ්වාස කරමි.

    අහිම්සා වික්‍රමතුංග | Ahimsa Wickrematunge
    [අහිම්සා වික්‍රමතුංග විසින් ඉංග්‍රීසි බසින් ලියූ මෙහි මුල් ලිපිය අප සහෝදර Groundviews වෙබ් අඩවිටේ පළ විය. සිංහල පරිවර්තනය ‘විකල්ප’ විසිනි]

    Vikalpa. org
    FB_IMG_1650282158958.jpg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,181
    113
    34
    Kalutara
    බලන් ගියාම මුන් යුද්ධ කරලා තියෙන්නේ අපේ ආදරේට නෙමෙයි හොරාකන්න පුළුවන් නිසා. සිංහලු අනේ කමක් නෑ කෝටි නැති කරලා ලංකාව බේරගත්තනේ කොඡාර හොරාකෑවත් මොකද කියල ඔහේ හිටියා උල්පන්දම් දිදී..
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83

    View attachment 167730
    බොහෝම හොඳයි මේ වාගේ රාජපක්ශලා කරපු හැම හොරයක්ම/කොමිස් ගැහිල්ලක්ම/මිනී මැරුමක්ම ජනතාවට තේරෙන විදිහට කියන්න ඔනේ හම විදිහකින්ම
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007

    ona oya vidihata karapu horkan dahan bn threana vidiahta, thawa thiynawnam danna. api un karanana boruwata horu horu kiyala fanaty dewal kiuwahama api unath viswasha karan na,mechara kal une eka.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,181
    113
    34
    Kalutara
    කරුමෙට එෆ්බී එකත් බ්ලොක් වුනානෙ ලබ්බ නැත්තන් මේක එෆ්බී දාන්න තිබ්බා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    2015-2020 කාලෙ ඕව පැහැදිලි කරන්ඩ බල්ලෙක්වත් උන්නෙ නැනෙ අප්ප,, ඒ කාලෙ කොල්ලො ගගහ උදල විපක්ශෙ ඉද්දි මතක් වෙනව මිග් 🤣🤣🤣🤣
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    කොහොමද 87% මිනීමරුවාගේ කෙරුවාව. මේ එකක් පමණි තව නඩු තිස් ගානක් මේ සමුලඝාතක නරියාට එරෙහිව ඇත

    උඹලා කැමති මූට මොනවගේ මරණයක් ද ?

    index.jpg
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113

    munindradasa.jpg

    ගෝඨා ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස ඝාතනය කරවූ හැටි..!

    මිග් ඩීල් එකෙන් පසු ලසන්ත ඝාතනය කෙළේය.

    යූ.ඒ.වී. ඩීල් එකට කලින් මුනින්ද්‍රදාස ඝාතනය කෙළේය..!

    -හිටපු යුද හමුදා බුද්ධි අංශ නිලධාරියෙකුගේ හෙළිදරව්ව-

    කවුද මේ ආචාර්ය අමිත් මුනීන්ද්‍රදාස.
    —————————————–
    කොටින්ගේ නොනවතින ‍රැල්ල මෙහෙයුම හමුවේ රජයේ හමුදා සංකීර්ණ එකිනෙක බිඳ වැ‍ටුනේය. සැපයුම් මාර්ග අවහිර වූයේය. රජයේ හමුදාව ප‍ටු බිම් තීරුවකට කො‍ටුවිය. ඇමෙරිකාව සහ ඉන්දියාව හමුදාවට යුද්ධෝපකරන සැපයීම නවතා තිබුනි. රජයේ අවි ගනුදෙනු සිදුවූයේ තැරැව්කරුවන් හරහාය. චෙක් රාජ්‍යය හරහා මල්ටි බැරැල් අවි ගනුදෙනුවක් සිදු වූයේ මේ අතරය. චෙක් තැරැව්කරුවෙකුගෙන් ලබාගත් මල්ටිබැරල් අවිය ලංකාවට ගෙන ආවේ රුසියානු කුලී ගුවන් යානාවකිනි.

    ඉරාන දේශසීමාවේ පිහිටි අසර්බයිජානය මොසාඩ් චරපුරුෂ ජාලයේ මර්මස්ථානයක් විය. මොවුන්ට හොරෙන් අසර්බයිජානය හරහා ඇණයක් හෝ ගෙන යාම දුෂ්කර වූයේය. මල්ටිබැරල් අවිය රැගත් රුසියානු කුලී ගුවන්යානයේ ට්‍රාන්සිට් තොටුපොල වූයේ අසර්බයිජානයේ බාකු ගුවන්තොටයි. යානය එහි ගොඩබැස්ස වීමෙන් වී අනතුරුව වර්තා වූ සිදුවීම් දාමය අතිශය ගුප්ත වූයේය. අසර්බයිජානයේ බාකු නුවර සැඟවුනු යානය දින දෙකකට පසු යලි මතුවිය. නමුත් ඒ වනවිට මල්ටි බැරල් අවියේ හදවත වන් වූ ‘සෙන්ටර් කමාන්ඩ් යුනිට්’ ඉලෙක්ට්‍රොනික පරිපථයට හානිකර තිබුනි .

    ගල් පිලිම සහ බොල් පිලිම
    —————————————–
    මල්ටිබැරල් අවිය ලංකාවේ ගොඩ බාන විට යකඩ ගොඩක් විය . යකඩ ගොඩට යලි පණ දීමට නම්, එක්කෝ නව සෙන්ටර් කමාන්ඩ් යුනිට් එකක් සවිකළ යුතු විය (එය නව අවියක් මිලට ගන්නවා හා සමාන වියදමක් විය) නැතිනම් කොටස් විසන්ධි කිරීමෙන් අකර්මන්‍ය වූ පරිපථය යලි පිලිසකර කළ යුතු විය. ජාතියේ පිනට විශ්ව කර්මයෙකු මෙහි විය. ඔහු නමින් ආචාර්ය අමිත් මුනීන්ද්‍රදාස නම් විය. හේ මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි, එහිම ආචාර්ය වරයෙකු ද විය. රජයේ හමුදාවන්ට අවි අයුධ මිලදීගැනීමේදී තාක්ෂනික උපදෙස් සැපයීම සම්බන්ධ බලධාරියා ද විය.

    අකර්මන්‍ය වූ මල්ටිබැරල් අවිය අමිත් මුනින්ද්‍රදාස විසින් යථා තත්වයට පත්කෙළේය. ඔහු ඒ සඳහා දින 6 ක් තිස්සේ දිවා රෑ නිදි නොලබා වෙහෙසුනේය. මොහොතක් පමා නොවූ ජානක පෙරේරා යලි පණ දුන් මල්ටි බැරල් අවිය ඉදිරි ආරක්ෂක වළල්ල වෙත රැගෙන ගියේය. කොටින්ගේ නොනවතින රැල්ල නැවතුනේ ඉන්පසුවය. අමිත් මුනීන්ද්‍රදාස නොවන්නට අප මේ කියවන ඉතිහාසය මීට වෙනස් වනු නියතය.

    මරණීය ගනුදෙනුව..
    —————————————–
    2007 වසරේ අප්‍රියෙල් මාසයේදී නියමු රහිත ගුවන් යානා පද්ධතියක් මිලදී ගන්නා ලෙස ‘ලංකා ලොජිස්ටික් ආයතනය’ විසින් ගුවන් හමුදාවට බළ කළේය. ඊට අදාල සංකල්ප පත්‍රිකාව ඉදිරිපත් කළේ ලංකා ලොජිස්ටික් ආයතනය හරහා ය. ආරක්ෂක ලේකම් ලංකා ලොජිස්ටික් සභාපති වූ අතර ත්‍රිවිධ හමුදාපතිවරු එහි නිල සාමාජිකයන් වූහ. කොටින් කියතොත් ගෝටාබය සර්ව බලධාරී වූ අතර හමුදාපතිලා අතකොලු වූහ.

    ලංකා ලොජිස්ටික් විසින් ගුවන් හමුදාවේ ඇඟේ ගැසීමට තැත් කෙළේ ඊශ්රායෙලයේ නිපදවූ ‘බ්ලූ හොරයිසන් 2’ නම් නියමු රහිත ගුවන්යානා පද්ධතියකි. එය නිපදවන ලද ආයතනය වූයේ ‘ඊ.එම්.අයි.ටී ඒවියේෂන් කන්සල්ටන්ස්’ නම් ඊශ්‍රායෙල් සමාගමකි. මේ පිලිබඳව ගුවන් හමුදවේ මතය වූයේ එය මුදල් කාබාසිනියා කරන සුදු අලියෙක් බවය. ඔවුන් මෙම නිගමනයට පැමිණියේ ගුවන් හමුදාපති විසින් පත්කළ සය පුද්ගල කමිටුවේ වාර්තාව අනුවය . ගුවන් කොමදෝරු පී.බී. රත්නායක, යූ.ඒ.වී. අණදෙන නිලධාරී එම්.ඩී.ජේ. වාස් ඇතුළු මණ්ඩලයක් විසින් එම වාර්තාව ඉදිරිපත් කර තිබුනි . තවද ඊශ්‍රායෙල් සමාගම විසින් අදාල භාන්ඩය සම්බන්ධව ශක්‍යතා ප්‍රදර්ශනයක් නොකළ බව ගුවන් හමුදා වාර්තාවේ සඳහන් කර තිබුනි.

    ගනුදෙනුව ඈවර කිරීමට ගෝටාබයගෙන් එල්ල වූ බලපෑම
    —————————————–
    වාර්තාව පසෙකලා ඊශ්‍රායෙල් යූ.ඒ.වී. ගනුදෙනුවට අවනත වන ලෙස ගෝඨාභය ගුවන් හමුදාවට දිගින් දිගටම බලපෑම් කළේය. ඩොලර් මිලියන ගණනක කොමිස් කුට්ටියක් සාක්කුවේ දා ගැනීමට ගෝටාබය 2007 දෙවන කාර්තුවේ දී ගනුදෙනුව අවසන් කිරීමට සැලසුම් කළේය. 1991 වසරේ සිට රජයේ හමුදාවන්ගේ අවි ගනුදෙනු වල තාක්ෂනික උපදෙස් සැපයීමේ බලධාරියා වූයේ අමිත් මුනීන්ද්‍රදාසය. මෙම යු.ඒ.වී. ගනුදෙනුවට අමිත් මුනීන්ද්‍රදාස දැඩි ලෙස විරෝධය පළ කළේය, මහජන මුදල් මංකොල්ල කෑමට තම අත්සන නොතබන බව ඔහු දැඩිව කියා සිටියේය. නමුත් ගෝඨාභයගෙන් සහ ආරක්ෂක අමාත්‍යශයෙන් එල්ල වූ දැඩි බලපෑම හමුවේ 2007 වසරේ ජූනි මස 6 දින අමිත් මූනීන්ද්‍රදාසට ඊශ්‍රායෙලය වෙත යාමට සිදුවිය, ඊශ්‍රායෙලයට සැපැත් වූ ඔහු ‘ටෙල් අවිව් මරීනා’ හෝටලයේ නවාතැන් ගත්තේය. යූ.ඒ.වී. ගනුදෙනුවේ ඉරනම අමිත් ගේ අත්සන මත රැඳී තිබුනේය.

    විෂ එන්නත සහ ටෙල් අවිව් නිව්මෝනියාව
    —————————————–
    ඊශ්‍රායෙල් ගනුදෙනුවේ දේශීය නියෝජිතයා ලෙස කටයුතු කළේ ගෝඨාගේ තවත් අතකොලුවක් වූ අර්ජුන ගුණවර්ධන ය. ඔහු නියෝජනය කොළ සමාගම වූයේ ‘ප්‍රොටෙක්ට් රිස්ක් මැනේජ්මන්ට් සොලුෂන්ස් ලිමිටඩ්’ නම් බ්‍රිතාන්‍යයේ නම් සඳහන් ව්‍යාජ ආයතනයකි. එය මිග් ගනුදෙනුවේ ‘බෙලිමිස්සා හෝල්ඩිංග්ස්’ ට නොදෙවෙනි ලෝකයේ කොහෙවත් නැති තවත් සමාගමකි.

    ඊශ්රායෙල් මව් සමාගම වූ ඊ.එම්.අයි.ටී. ඒවියේෂන් කන්සල්ටන්ස් ආයතනයද අසාදු ලේඛන ගත සමාගමකි. 2007 ජූනි 9 වන දින ඊශ්‍රායෙල් සමාගම විසින් මුනීන්ද්‍රදාස ඉදිරියේ යූ.ඒ.වී. යානයේ පරීක්ෂණ ධාවනය සිදු කළේය. කථාවට කියන්නේ වි’ද්‍යුත් උපකරණ අමිත්ට නිකං වතුර වගේ’ කියාය. ගුවන් හමුදාවද ප්‍රතික්ෂේප කර තිබූ යූ.ඒ.වී. ගනුදෙනුව තවත් කල් නොමරා අමිත් විසින් ක‍ටු ගා දැමුවේය.

    මේ අතර 2007 ජූනි මස 11 දින අමිත් හදිසියේ රෝහල් ගත කරන අතර, ඔහු මියගිය බව පසු දින ප්‍රකාශයට පත් කෙළේය. අමිත් ඇතුලත් කළේ ටෙල් අවිව් නුවර ‘අයික්ලොව්’ රෝහල වෙතය. මිය යාමට හේතුව ලෙස ප්‍රකාශ කළේ නිව්මෝනියාව වැළඳීමය. පවුලේ සාමාජිකයන්ට අනුව අමිත් ට ඉහෙන් බහින රෝගයක් නොතිබුනේය. ඔහු කිසි දිනෙක ඉංග්‍රීසි බෙහෙත් නොගත් අතර ආයුර්වේදය ඔහුගේ තේරීම වූ බව ද සඳහන්ය. ශාරීරිකව හා මානසිකව ඉතා නිරෝගී පුද්ගලයෙකු වූ අමිත්ට ටෙල්අවිව් කාන්තාරයේ දී නිව්මෝනියාව වැළඳීම අභිරහසක් විය. අමිත්ගේ පවුලේ උදවිය ශ්‍රී ලංකා රජයෙන් මරණ පරීක්ෂණයක් ඉල්ලා සිටියහ.

    අමිත්ගේ පවුලට එල්ල කළ බලපෑම
    —————————————–
    නමුත් අමිත්ගේ මෘතශරීරය ලංකාවට ‍රැගෙන ආ විට සිදුවූයේ අනෙකකි. පවුලේ උදවියගේ මරණ පරීක්ෂණ ඉල්ලීම ප්‍රතික්ෂේප විය. ආරක්ෂක අමාත්‍යංශය වෙතින් පවුලේ උදවියට බලපෑම් එල්ල විය. ඔහුගේ අවමඟුලට නොනිල වාරණයක් පැනවූයේය. ජන මාධ්‍ය ආවරණ සීමා කළේය. ආදි රාජකීයෙකු වූ අමිත්ගේ අවමඟුලට පාසැලේ සමකාලීන වෛද්‍යවරු ගණනාවක් පැමිනියහ. නිව්මෝනියා කථාව කෙසේ වෙතත් ඔවුන්ගේ මතය වූයේ අමිත්ගේ මරණය යම් විෂක් ශරීරගත වීම නිසා සිදුවූවක් බවය.

    අමිත්ගේ මරණයෙන් දින 6 ක් ගතවෙත්ම ප්‍රතික්ෂේපිත ඊශ්‍රායෙල් ගනුදෙනුවට අදාල මුදලින් අඩක් ගෙවා දැමීමට ‘ලංකා ලොජිස්ටික්’ කටයුතු කර තිබුනි. ආයතන සංග්‍රහය කඩ කරමින් ගෝටා ගනුදෙනුව ඈවර කෙළේය. ඊ.එම්.අයි.ටී ඒවියේෂන් කන්සල්ටන්ස් නම් අසාදු ලේඛන ගත සමාගමෙන් බ්ලූ හොරයිසන් 2 නම් වූ නියමු රහිත ගුවන්යානා පද්ධතිය ලබා ගත්තේ ඇ.ඩොලර් මිලියන 6.5 ගෙවීමෙනි. නමුත් එහි තරඟකාරී මිල මට්ටම් ගිවිසුම් ගත මුදලින් අඩකටත් අඩුය. යූ.ඒ.වී. ගනුදෙනුව මිග් ගනුදෙනුවේ කාබන් කොපියකි. මිග් ගනුදෙනුවෙන් පසු ලසන්ත ඝාතනය කෙළේය. යූ.ඒ.වී. ගනුදෙනුවට කලින්ම මුනින්ද්‍රදාස ඝාතනය කෙළේය.

    ගෝටාබයගේ රබර් සීල්
    —————————————–
    ගෝටාබයගේ අභිමතය පරිදි ලංකා ලොජිස්ටික් හරහා අවි ගනුදෙනු සිදුකිරීමට එකම බාධකය වූයේ අමිත් මුනීන්ද්‍රදාස ය. ගෝටා අත ගැසූ අවි ගනු දෙනු ගණනාවක් ඔහු ප්‍රතික්ෂේප කොට තිබුනි . හමුදාපතිවරු ගෝටාබයට රබර් සීල් මෙන් වුවද අමිත් නියම දේශප්‍රේමියෙකු විය. ඊලාම් යුද්ධය අවසානයේදී ත්‍රිවිධ හමුදාපතිවරුන්ට දුන් ඉඩම් ඔප්පු ප්‍රදානය හුදු සේවය අගැයීමකට වඩා අල්ලස් දීමකි. එය ඔවුන් සදා නිහඬ කිරීමට දුන් අල්ලසකි. ලංකා ලොජිස්ටික් හරහා සිදුවු අයථා ගනුදෙනු වලට ඔවුන්ද හවුල්කරුවන්ය.

    මුනින්ද්‍රදාස ඝාතනයක් බව ඔප්පු කිරීමට තවත් සාක්ෂි
    —————————————–
    අමිත් මුනීන්ද්‍රදාස ඝාතනය කළ බව කීමට තවත් කරුණු තිබේ. 2007 වසර මුල් භාගයේදී යම් දිනක කරුණා පාර්ශවයේ සාමාජිකයෙකුට පානදුර ප්‍රදේශයේ නිවසක් ඡායාරූප ගත කිරීමට අවශ්‍ය වී තිබුනි. ඒ සඳහා ඔහු මාගෙන් උපකාර ඉල්ලූ අතර, මා සමග ගොස් පානදුර පින්වත්ත පිරිවෙන පාරේ නිවසක් ඡායාරූප ගත කෙළේය. ඉන් මාස කිහිපයට පසු අමිත්ගේ අභාවය සිදුවිය. ලියුම්කරු අමිත්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ගියේය . එදා කරුණා පාර්ශවයේ සාමාජිකයා ඡායාරූප ගත කලේ අමිත්ගේ නිවස බව වටහා ගැනීම දුෂ්කර නොවිනි. කරුණා කන්ඩායමට ලැබී තිබූ කොන්ත්‍රාත්තුවේ ස්වරූපය පැහැදිලි වූයේය .

    ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස වැනි මහා ප්‍රාඥයෙකු ආවරණය කොට ආරක්ෂා කර ගත යුතු ජාතික සම්පතක් වුයේය. නමුත් ආරක්ෂක අමාත්‍යංශය හිතා මතාම ඔහුගේ නිවසට හමුදා අංක තහඩු සහිත වාහන යවා ඔහු නිරාවරණය කළේය. මෙය බොහෝ අවස්ථා වලදී අමිත්ගේ දෝශ දර්ශණයට ලක් විය. මරාගෙන මැරෙන බෝම්බ කරුවන් කොළඹ රජ කරද්දී අමිත්ගේ ආරක්ෂාව සමග ආරක්ෂක අමාත්‍යංශය සෙල්ලම් කෙළේ නිකම් නොවේ. යම් හෙයකින් පළමු සැලැස්ම බකල් වී ගියේ නම් දෙවැන්න ක්‍රියාත්මක කිරීමටය. කොටි ලේබලය ඇලවූ බෝම්බයක් මතින් අමිත් නිහඬ කිරීමටය.

    ආචාර්ය අමිත් මුනීන්ද්‍රදාස අසාමාන්‍ය බුද්ධි මහිමයකින් හෙබි අයෙක් වූයේය. සැබෑ දේශ ප්‍රේමියෙක් විය. ආරක්ෂාව පිලිබඳ ඉහල තනතුරක් භාර ගන්නා ලෙස ඊශ්‍රායෙලය විසින් අමිත් ගෙන් කිහිපවරක් ඉල්ලුම් කර තිබුනි. වරක් ටෙල් අවිව් විශ්ව විද්යාලයේ ඉහල තනතුරක් ඔහුට ප්‍රදානය කෙළේය. ශ්‍රී ලංකා රජයේ හමුදාවේ තාක්ෂණ උපදේශකයා ලෙස කටයුතු කරන සමයේ මිලියන ගණනින් සන්තෝසම් ඔහු වෙත ඉදිරිපත් විනි. සන්තෝසම් පිදීමට ලංකා ලොජිස්ටික් ඔහුව ලුහුබැන්දේය. නමුත් ඒ සියල්ලන්ට අමිත් ගේ පිළිතුර වූයේ, තමා ඉගෙන ගත්තේ රටේ අහිංසක මිනිසුන්ගේ මුදලින් බවයි; එකී ණය ගෙවා දමනු විනා මුදල් රැස්කිරීම ඔහුගේ අරමුණ නොවන බවයි . මිය යනතුරු තමා උපන් බිමට සේවය කරන බව නිතර ඔහු සඳහන් කෙළේය.

    හිටපු බුද්ධි අංශ නිලධාරී කීර්ති රත්නායක විසිනි (උපුටා ගැනීමකි)

    18221746_1872471809678952_8280967337328680972_n.jpg
     
    • Like
    Reactions: U-tag

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පචකොටා පත් උන ගමන් මිග් ගණුදෙනුවට දඩුවම් දෙනව
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    පචකොටා පත් උන ගමන් මිග් ගණුදෙනුවට දඩුවම් දෙනව

    මිග් ගනුදෙනුවේ සල්ලි තියෙන්නේ උබේ හුම්මගේ අත්තේ කියන්නේ ඇත්තද ?