මිත්‍යාවෙන් තොර බුදුදහම

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මිත්‍යාවෙන් තොර බුදුදහම

    [FONT=&quot]මිත්‍යාවෙන් ත[/FONT][FONT=&quot]ොර බුදුදහම[/FONT]

    [FONT=&quot]මට නම් තේරෙන විදියට අද නිර්මල බුදුදහම නැතිකරන්න මුලික වෙලා තියෙන්නෙ බුදුදහම ආරක්ෂා කරන්න පොරකන මිනිස්සු සහ භික්ෂුන්. මේ මිනිස්සු සහ භික්ෂුන් බුදුදහමට අනුව අනෙකුත් මිනිසුන්ට සිතන්න, ක්‍රීයාකරන්න තියෙන අවස්ථාව නැතිකරලා තියෙනවා. මීට අවුරුදු 79 කට කලින් වල්පොල රාහුල හාමුදුරුවො ලියා පල කල සත්‍යෝදය ලිපි මාලාව [/FONT][FONT=&quot]බෞද්ධයන්ට නිදහස්ව හිතන්ට මගපෙන්වන වටිනා ලිපි පෙලක්. එය [/FONT][FONT=&quot]සත්‍යෝදය නමින් පොතක් ලෙසත් පල කරලා තියෙනවා. පුළුවන් නම් මේවගේ පොත් ටිකක් හොයාගෙන කියවන්න. ඒක ඉන්ටර්නෙට් [/FONT][FONT=&quot]බෞද්ධයො වෙනවට වඩා වටිනවා.
    [/FONT]

    258ny1x.jpg

    [FONT=&quot]සත්‍යෝදය පොතේ ඇතුළු පිටු දෙකක්,
    [/FONT]

    707us4.jpg

    2a7vg2o.jpg

    [FONT=&quot]මේ පොත් ටිකත් කියවන්න වටිනවා,[/FONT]

    e16wev.jpg

    2ahz9nd.jpg
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,720
    113
    ස්වාමීන් වහන්සේලාට ඇගිලි දික් කරන්න යන්න එපා මචන්, ස්වාමීන් වහන්සේලා නිසා තමයි බුද්ධ ශාසනය පවතින්නේ.

    මොකද ප්‍රතිපත්ති ශාසනයයි ප්‍රතිවේද ශාසනයයි දෙකම ආරක්ෂා කරන්නේ ස්වාමීන් වහන්සේලා මිසක් ගිහි අපි නෙවේයි.
    පන්සිල් පද 5ක් ආරක්ෂා කරන්නේ කොච්චර අමාරුවෙන්ද අද කාලේ ගිහි අය.
    ඒ වගේම තමයි, ප්‍රතිවේද බුද්ධ ශාසනය. මාර්ගඵල ආදී දේවල්. ගිහි අය කොහොම නම් රකින්නද?
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    ඔබේ කතාවට 100%ක් එකග වෙන්න බැහැ. වල්පොල හාමුදුරුවෝ කියන්නේ බොහොම වැදගත් පඬි රුවනක් බව ඇත්ත . සම්බුදු සසුන පිරිහෙන්න චීවර ධාරීන් කරන නොමනා වැඩ වගේම මේ තරමින් හරි සසුන රැකෙන්නේත් ගරු කටයුතු පැවිදි උතුමෝ නිසාමයි.හාමුදුරුවරු නැති දවසක සසුන පවතී කියලා හිතනවා නම් එක වැරදියි. වැඩේ තියෙන්නේ මොන තරම් විනය ගරුක ස්වාමින් වහන්සේලා හිටියත් වැඩිය පේන්නේ, ප්‍රසිද්ද වෙන්නේ කහසිවුර දාගතිපු හොරු ටිකක් කරන වැඩ විතරයි.

    කොවුර් ගැන නම් කියලා වැඩක් නැහැ, මමත් ඉස්සර එයාගේ ලිපි බොහොම ආසාවෙන් කියෙව්වා..මිනිහා දෙන්නේ අමුතුම ටෝකක්.කොටින්ම කියනවා නම් කොවුර් ට එදා ඕන කලෙත්, අද ඉන්න හෙතුවාදින්ට ඕන කරන්නෙත් එකම දෙයක්. මුලින්ම යක්කු පෙරේතයෝ නැහැ කියනවා. ඒක පිළිගත්තා කියමුකෝ, ඊට පස්සේ කියන්නේ පුනර්භවයක් නැහැ කියල. ඔහොම ඇවිත් අන්තිමට දෙන්න යන්න ටෝක තමයි බුදු දහමත් බොරු කියන එක.
    කොවුර් ගේ එක තැනක, එක ලිපියක ඔහොම විස්තර කරලා ඒත්තු ගන්නලා නැතුව ඇති, නමුත් මිනිහා තටමගෙන කියාගෙන ඇවිත් තියෙන්නේ ඕකට තමයි කියලයි මට නම් හිතෙන්නේ.
     
    Last edited:

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    [FONT=&quot]මේ පොත් ටිකත් කියවන්න වටිනවා,
    25ztoqh.jpg

    [/FONT]
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Maliyadeva Rahathan wahansegen passe kisima Bicshu wahanse kenek Rahath une nathda ?? Rahathun wahansela dan nathe ayi ? Rahathun wahansela nathi wenna hethuwa kumakda ? Kohe hari mistake ekak thiyenawa. Bavana karana godak denek innawa. Ayi ohun Rahath wenne nathe. Aka Rahathun wahanse kenek hari ada innawanam, BUDU SASUNA MEETA WADA BABALENAWA.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    නියම බුද්ධ පූජාව යනු කුමක්ද?

    99e052.jpg

    [FONT=&quot]ඊයෙ පොඩි වැඩක් වුනානෙ. මේ දවස්වල රාවය පත්තරේ ආචාර්ය වල්පොල රාහුල හාමුදුරුවන්ගෙ ‘සත්යෝදය’ පොත ලිපිමාලාවක් හැටියට පලවෙනවා. ගිය ඔක්තෝබර් 28 වෙනිදා ඉඳන්. ඉතින් නිකමට වගේ ඒකෙ බුද්ධ පූජාව ගැන උන්වහන්සේගෙ අදහසක් විතරක් උපුටලා ‘[/FONT]POLLS - [FONT=&quot]ඡන්ද විමසීම්’ මුහුණුපොත් සාමූහිකයේ ප්‍රශ්නයක් විදිහට පළකලා. දැනට තියෙන ප්‍රතිඵලවල හැටියට වැඩිම මනාපය තියෙන්නෙ ‘ලියපු එකා හරකෙක්’ කියන උත්තරේට.[/FONT]

    [FONT=&quot]මේ උත්තරේ දීල තියෙන වැඩිදෙනෙක් ‘බුදුදහම’ ගැන ‘සයිබර් අවකාශයේ’ යම් කැපවීමකින් යුතුව කටයුතු කරන පිරිසක් බවයි මගේ හඳුනාගැනීම. ඒ වගේ පිරිසක් වල්පොල රාහුල හාමුදුරුවො වගේ දුර්ලභ බුද්ධිමතෙකුගෙ අදහසකට මෙහෙම ප්‍රතිචාරයක් දාපු එක ගැන ටිකක් හිතන්න වෙනවා. මේ ප්‍රතිචාරය එන්නෙ මේක රාහුල හාමුදුරුවො ලියපු එකක් බව නොදැන බව ඇත්ත. නමුත් මේකෙන් පෙනෙන්නෙ විකල්ප අදහස් කෙරෙහි දක්වන ‘ඉස්ලාම් පන්නයේ’ භීතිකාවක්.[/FONT]

    [FONT=&quot]
    [/FONT][FONT=&quot]කොටින්ම වල්පොල රාහුල හාමුදුරුවෝ අද මේ අදහස් ලිව්වනම්, එකෙන්ම බොදු බල සේනාවෙන් උන්වහන්සේගෙ ආවාසය වටකරනවා.[/FONT]

    [FONT=&quot]‘මේ යමින් ඉන්නෙ කොහාටද’ වගේ ප්‍රශ්නයක් තමයි ඉතුරුවෙන්නෙ.[/FONT]

    [FONT=&quot]කොහොම නමුත් ඒ ව‍ගේ සුළු උපුටනයකින් හාමුදුරුවන්ගෙ සමස්ත අදහස තේරුම්ගන්න බැහැ කියපු චන්ද දායකයන්ට ප්‍රතිචාරයක් වශයෙන් රාවය පුවත්පතේ පළවූ ‘නියම බුද්ධ පූජාව යනු කුමක්ද?’ නමැති සම්පූර්ණ ලිපිය පහත උපුටා දක්වනවා.[/FONT]

    http://reargate.blogspot.com/2012/11/blog-post_14.html
     
    Last edited:

    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere

    උඹ ඉන්නේ පටලවාගෙන....උඹ විතරක් නෙවෙයි ගොඩක් උන් ඉන්නේ පටලවාගෙන....වල්පොල රාහුල හිමියන්ගේ සත්යෝදය පොත හා බුදුන් වදාළ ධර්මය යන පොත් 2 ම මා ගාව තියෙනවා. ..සත්යෝදය කියන පොත උන්වහන්සේ ලිව්වේ 1930 ගණන් වල....ඉන් පස්සේ උන්වහන්සේ ප්‍රංශයට ගියා උන්වහන්සේ එහිදී ගොඩාක් බුදු දහම ගැන හැදෑරීම් කරලා බුදුන් වදාළ ධර්මය කියන පොත ලීවා. ..ඒක ලෝක ප්‍රසිද්ධ පොතක්...

    ඒකෙ අදහස් හා බුදුන් වදාළ ධර්මය කියන පොතේ අදහස් වල පරස්පරයක් තියෙනවා...උන්වහන්සේ ලියු බුදුන් පොත් වල තියෙන අර්ථය හරියට තේරුම් ගනින්....උඹ හිතන්නේ බුදු දහම ගැන උඹට අවශ්‍ය කෝණයෙන් විතරයි,...

    හාමුදුරුවෝ ජාතික ප්‍රශ්න වලදී ගොබ්බයො වගේ පැත්තකට වෙලා ඉන්න කියල උන්වහන්සේ කිව්වේ නැහැ..

    උඹට මම එක උදාහරණයක් කියන්නම්....ගිහින් හොයාගෙන බලපන් මචන්....
    වල්පොල හිමි හා මහා බුද්ධිමමත් විද්‍යාලංකාර භික්ෂු පරපුර ගැන හොයා බලපන්....උන්වහන්සේලා තමා භික්ෂු දේශපාලනය පටන් ගත්තේ ...උන්වහන්සේලා කියූ කරුණු උඹට කැමති විදිහට බලන්න එපා. .

    යක්කඩුවේ හාමුදුරුවෝ,කොටහේනේ ප්ග්නාකිත්ති හාමුදුරුවෝ,කිරිවත්තුඩුවේ පඥාසාර හාමුදුරුවන් එදා පොන්න දී එස් සේනානායක කරන්න ගිය සාසන විනාසෙන් රට බේරගන්න ඉදිරියට ගියා...උන්වහන්සේලා ලියු විද්‍යාලංකාර ප්‍රකාෂනය් ලංකාවේම ප්‍රසිද්දියි...

    රාවය පත්තරේ මාක්ස්වාදී ගූ පොන්නයෝ ටික උන්ට වාසි වෙන විදිහට බුදු දහම අර්ථකථනය කරනවා. ..උඹ බෞද්ධයෙක් නම් ඒවා විශ්වාස කරන්න පෙර හොයල බලපන් මචන්...තව ඕක එක එක පොන්න බෞධයෝ විසින් උන්ට ඕන විදිහට රාහුල හිමියන්ගේ කියවීම් විනිශ්චය කරනවා..උන්වහන්සේ ගොඩක් සිංහල බෞද්ධයෝ වෙන්වෙන් කතා කළා. ..80 ගණන් වල දෙමල බල්ලෝ එක්කහු වෙලා ලංකාව විනාශ කරන්න යනකොට මඩිහේ පඥාසීහ මහා නාහිමියන් එක්ක එකතු වෙලා ඒවාට විරුද්දව කටයුතු කළා....කරුණු හොයල කතා කරපන් මචන්...හේතුවාදී පොනයෝ කියන්නේ ක්‍රිස්තියානි කාරයෝ ටිකක්,,,කොවුර්ගේ පහර ගැහුවේ සිංහල දෙමල කපුවන්ට හා වක්‍රාකාරයෙන් බුදු දහමට...නමුත් කතෝලික ක්‍රිස්තියානි හොර දෙටුවෝ බේරිලා අදටත් යහතින් වජබෙනවා. ...
     
    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    ඔබේ කතාවට 100%ක් එකග වෙන්න බැහැ. වල්පොල හාමුදුරුවෝ කියන්නේ බොහොම වැදගත් පඬි රුවනක් බව ඇත්ත . සම්බුදු සසුන පිරිහෙන්න චීවර ධාරීන් කරන නොමනා වැඩ වගේම මේ තරමින් හරි සසුන රැකෙන්නේත් ගරු කටයුතු පැවිදි උතුමෝ නිසාමයි.හාමුදුරුවරු නැති දවසක සසුන පවතී කියලා හිතනවා නම් එක වැරදියි. වැඩේ තියෙන්නේ මොන තරම් විනය ගරුක ස්වාමින් වහන්සේලා හිටියත් වැඩිය පේන්නේ, ප්‍රසිද්ද වෙන්නේ කහසිවුර දාගතිපු හොරු ටිකක් කරන වැඩ විතරයි.

    කොවුර් ගැන නම් කියලා වැඩක් නැහැ, මමත් ඉස්සර එයාගේ ලිපි බොහොම ආසාවෙන් කියෙව්වා..මිනිහා දෙන්නේ අමුතුම ටෝකක්.කොටින්ම කියනවා නම් කොවුර් ට එදා ඕන කලෙත්, අද ඉන්න හෙතුවාදින්ට ඕන කරන්නෙත් එකම දෙයක්. මුලින්ම යක්කු පෙරේතයෝ නැහැ කියනවා. ඒක පිළිගත්තා කියමුකෝ, ඊට පස්සේ කියන්නේ පුනර්භවයක් නැහැ කියල. ඔහොම ඇවිත් අන්තිමට දෙන්න යන්න ටෝක තමයි බුදු දහමත් බොරු කියන එක.
    කොවුර් ගේ එක තැනක, එක ලිපියක ඔහොම විස්තර කරලා ඒත්තු ගන්නලා නැතුව ඇති, නමුත් මිනිහා තටමගෙන කියාගෙන ඇවිත් තියෙන්නේ ඕකට තමයි කියලයි මට නම් හිතෙන්නේ.

    :yes::yes::yes::yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    අනේ මන්ද දැන් මිනිස්සුන්ට පුදුම අමාරුවක් නෙ බන් තියෙන්නෙ බුදුදහම රැකගන්න මිනිස්සු දගලන කොට
    සමහරු හාමුදුරුවන්ට බණිනව
    හාමුදුරුවො ඉන්නෙ බණ බාවනා කරන්න විතරක් නෙවේ. ශාසනයට අවැඩක් වෙනකෙට නැගී සිටින්නෙත් හාමුදුරුවරු තමා
    ඒව ගැන මිනිස්සු කතා කරනකොට උන්ට ඉන්ටර්නෙට් වීරය කියනව. ඉන්ටර්නෙට් එකේ නැතුව යකෝ පාරට ඇලට දොලට කඩපිලිට ගිහින් කියන්නද . ඉන්ටර්නෙට් එක කියන්නෙ මිනිස්සු ගොඩ දෙනෙක් අතාත්විකව මුණගැහෙන තැනක්