මිත්‍යාවෙන් මිදෙමු...
අද මේ විස්තරකිරීමට මුල්වූයේ ඉරිදා මව්බිම පුවත්පතේ පලවූ ලිපියකි. මීට ටිකදවසකට කලින් එලකිරියේ දාල තිබුනා ඩිජිටල් කැමරාවට හසුකරගන්නා ලද ජායාරූප කීපයක තිබූ පියවි ඇසට නොපෙනෙන වස්තූන් ගැන, සමහර අය විද්‍යාත්මක හේතු ගෙනහැර දක්වමින් ඒවා වාතයේ පවතින ජල අංශු බව පවසා තිබුනා. නමුත් අප පියවී ඇසට හසු නොවන බොහෝදේ මේ විශ්වයේ පවතින බව සිතන්නට සරල උදාහරනයක් ගෙනහැර දක්වන්නම්. පලමුව ඔබසතු ජංගම දුරකථනයේ කැමරාව හෝ ඩිජිටල් කැමරාව ක්‍රියාත්මක කරන්න ,දැන් ඔබ නිවසේ ඇති ඕනෑම රිමෝට් කොන්ට්‍රෝල් එකක සෙන්සරය කැමරාව දෙසට හරවා රිමෝට් එකේ බොත්තම් ඔබන්න ,දැන් ඔබට පෙනේවි රිමෝට් සෙන්සරය සාමාන්‍ය එල්ඊඩී බල්බයක්මෙන් නිවී දැල්වෙන අයුරු මේතුලින් අප නොදන්නා දේ කොතරම්දැයි තේරුම් ගනිමු...







)
