මිත්‍යාව සහ සත්‍යය...
පසුගියදා දෙරණ නාළිකාව මඟින් පවත්වනු ලැබූ අවුරුදු කුමරිය තරගයේදී එම තරගකාරිනියන් වටාපතක් පාවිච්චි කිරීම ගැන උරණ වූ පිරිසක් එම නාළිකාවේ කීර්ති නාමයට හානි කිරීමේ ප්රයන්තයක යෙදී සිටින බව පෙනෙයි.
මේ සම්බන්ධයෙන් අප විසින් පැහැදිලි කර ගත යුතු කරුණක් ඇත. මේ දිනවල රටේ පවතින තත්වය අනුව, සෑම කරුණක් ගැනම ආගම්වාදි සහ ජාතිවාදි දෘශ්ටියකින් බැලීමට බොහෝ දෙනා පුරුදුව සිටිති. එය ඉතා හානිදායක මෙන්ම, ඛේදනීය තත්වයකි. ව්යාජ ආගමික භක්තියකින් හිස පුරවාගත් ඇතැම් වංචනිකයන් ආගම සහ ජාතිය ඉදිරියට දමා රට තුළ ඇති සැබෑ ප්රිශ්න යටපත් කිරීමට වෑයම් කරති. ඔවුනට අවශ්ය නැවත මේ රටේ ගැටළුකාරි තත්වයක් නිර්මාණය කොට තම මඩිය තර කර ගැනීම ය. දෙරණ සම්බන්ධයෙන් ඔවුන් නඟන චෝදනාව තුළ ඇත්තේද එවන් පටු අරමුණකි.
වටාපත යනු බෞද්ධ භික්ෂූන් වහන්සේට පමණක් උරුම උපකරණයක් නොවේ. එය අතීතයේ සිටම ගිහි පැවිදි, කාන්තා පිරිමි සියලු දෙනා පවන් සැලීම සඳහා යොදාගත් උපකරණයකි. එය විජිනිපත, හවාන යන නම්වලින්ද හැඳින්වේ. අතීතයේදී උඩරට කුල කාන්තාවන්ගේ අනිවාර්ය ආයිත්තමක් ලෙස විජිනිපත යොදාගත් බව මාටින් වික්රාමසිංහයන්ගේ සිංහල ස්ත්රීසන්ගේ ඇඳුම් නමැති කෘතියෙහි සඳහන් වේ. එය එසේ නම් එම තරුණියන් තරගයේදී සැරසිල්ලක් ලෙස විජිනිපත යොදා ගත්තාට ඇති වරදක් නැත. වරද ඇත්තේ ඒ දෙස බලන දෘශ්ටිකෝණය අනුව ය. නිර්මල බුදු දහම ප්රැචලිත කිරීම සඳහා පටීභා වැනි වැඩසටහන් නිර්මාණය කළ දෙරණ නාළිකාව, බුදුදහමට හෝ සඟ සසුනට අවමානයක් කිරීමට මෙවැනි ක්රිරයාවක් සැලසුම්සහගතව සිදු කළේ යැයි පැවසීම විහිළුවකි.
මා මේ උත්සහ ගන්නේ දෙරණ නාළිකාව නිදොස් කිරීමට නොවේ. එහෙත් මට වැටහෙන දේ පැවසීමට බිය විය යුතු නැතැයි සිතමි. කුඩා සිදුවීමක් දඩමීමා කරගෙන ආයතනයක් සතු කීර්ති නාමය කෙළෙසීම නීච ක්රියයාවකි. වත්මන් බෞද්ධ සමාජය කෙබඳු දිශාවකට ගමන්නේ කරන්නේදැයි සිතා ගත නොහැකි ය. සැබෑ බෞද්ධයා යනු ඕනෑම ගැටළුවක් දෙස බුද්ධිමත්ව බලන විචාරශීලි මිනිසෙකි. ලෝකයේ සිටින බුද්ධිමත්ම සහ ප්රළඥාවන්තම ජන කොටස බෞද්ධයන් යැයි නොබියව කිව හැකි ය. බුදුදහම යනු එතරම්ම ප්රළඥාගෝචර වූ දර්ශනයකි. එය ප්රකඥාවන්තයන්ටම පමණක් ගෝචර වන්නා වූ ධර්මයකි.
එසේ නම් බෞද්ධයන් යැයි කියා ගන්නා ඇතමුන් හැසිරෙන මෙම අන්තවාදි ස්වරූපය කුමක්ද යන්න ගැටළුවකි. එවැනි හැසිරීම් පසුපස ඇත්තේ මා මුලින් සඳහන් කළා වැනි ඊනියා අරමුණක් බව අමුතුවෙන් කිව යුතු නැත. තවත් කරුණක් විශේෂයෙන් සඳහන් කළ යුතුව ඇත.
සුරතලයට ඇති කළ එක්තරා වඳුරෙකු තම ස්වාමියට වැඩිපුර සෙනෙහස දක්වන්නට ගොස්, ස්වාමියගේ බෙල්ලේ වැසූ මැස්සෙකුට කඩුවෙන් කෙටීම නිසා ස්වාමියාගේ දිවි තොර වූ කතාවක් අප කුඩා වියේදී අසා ඇත. බුදුදහම සම්බන්ධයෙන් වර්තමානයේ රට තුළ දක්නට ලැබෙන ඇතැම් සිදුවීම්ද එබඳු ය.
බුදුදහම යනු අතිශය නිර්මල වූද, විචාරශීලි වූද, පරම අහිංසාවාදි වූද, සකල සත්වයන්ටම මෛත්රීම කරන්නට දිරි දෙන්නා වූද, සකල සත්වයන්ට කරුණාව දක්වන්නට මග පෙන්වන්නා වූද, පරම උත්තරීතර වූ ධර්මයකි. එය මහා සමුදුර මෙන් ගැඹුරු ය. විශ්වය මෙන් අසීමාන්තික ය. අකාලික ය. එවැනි දහමක් අනුගමනය කරන මිනිසුන් කොතරම් සොඳුරු හදවත් ඇත්තවුන් විය යුතුද ? මට ඇති සැබෑ ගැටළුව එයයි.
බුදුදහම රැක ගැනීම උදෙසා හඬ නැගීම අනුමත කළ හැකි ය. එහෙත් බුදුදහමේ නාමයෙන් මෙසේ අන්තවාදි ලෙස හැසිරීම කිසි විටෙකත් අනුමත කළ නොහැකි ය. එමඟින් බුදුදහමට සිදු වන්නේ කැළලක්ම ය.
අන්යද ආගමිකයන් බුදුදහම වැනසීමට විවිධ කුමන්ත්රිණ දියත් කරමින් සිටින මොහොතක, අප අපටම මෙවැනි චෝදනා නැඟීම නින්දා සහගත ය. මෙවැනි දෑ මඟින් සිදු වන්නේ අප අතරද විවිධ භේද භින්නතා ඇති වී, අපගේ ශක්තිය අඩපණ වී යාම ය. එය සතුරාට වාසිදායක තත්වයක් නිර්මාණය කර දීමක් වැනි ය.
එබැවින් අප හොඳින් සිතා බලා කටයුතු කළ යුතු කාලයක් එළැඹ ඇත. අන්තවාදි, අගතිගාමි, ආවේගශීලි ආක්රකමණ වෙනුවට, මධ්යවස්ථ, ප්රපගතිශීලි පිළිවෙතක් ඔස්සේ අප ඉදිරියේ ඇති අභියෝග ජය ගැනීම සඳහා ක්රිතයා කළ යුතුව ඇත.
මෙම ලිපිය බුද්ධිමතුන්ගේ ප්රාශංසාවටද, අමනයන්ගේ ගර්හාවටද ලක් වන බව මම හොඳින් දනිමි. එබැවින් මෙම ලිපිය කෙරෙහි බුද්ධිමතුන්ගේ අවධානය පමණක් යොමු වේවා .....