මිත්‍රවරුණි!!! අද දිනය එතරම් සුභදායි නැත..

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,255
    8,264
    113
    M-Town
    මිත්‍රවරුණි!!! අද දිනය එතරම් සුභදායි නැත..

    මිත්‍රවරුණි!!! අද දිනය එතරම් සුභදායි නැත..

    1. මාස 4ක් වයසැති බිළිඳකු සමඟ එකම පවුලේ පස් දෙනෙකු කොරෝනා රෝගී ලැයිස්තුවට ඇතුලත්ව තිබෙනවා..

    ඊට හේතුව එම පවුලේම විදේශ ගතව සිට පැමිණි පුද්ගලයකු රෝගය සඟවාගෙන නිරෝධායනය නොවී සිටීමයි..

    මේ පවුලේ ප්‍රධානියා ඉන්දියාවේ සංචාරය කර මෙරටට පැමිණීමෙන් අනතුරුව පවුල් දෙසීයක් සදහා වියලි අහාර බෙදා දී ඇති අතර ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සව දෙකකටද සහභාගී වී තිබෙනවා.

    2. මේ අතර මීගමුව රෝහලට රෝගීන් ඇතුලත් කිරිම සහ බැහැරකිරිම සම්පූර්ණයෙන් නවත්වා තිබෙනවා.

    ඒ තමන්ගේ සෞඛ්‍ය තත්වය හෙලි නොකළ කොරෝනා රෝගියෙක් එම රෝහලට ඇතුල් වීමත් සමඟ ඇතිවූ නොසන්සුන්තාවක් හේතුවෙන්.

    රෝගියා රෝහලට ඇතුළත් කර ඇත්තේ පෞද්ගලික රෝහලක සිට වන අතර ඔහුට කොරෝනා රෝග ලක්ෂණ ඇතැයි එම රෝහලෙන් මීගමුව මහ රෝහලට දැනුම් දී තිබේ.

    කෙසේ වෙතත් එම රෝගියා තමන්ට හෘදරෝගී තත්ත්වයක් ඇති බව පැවසීම නිසා ඔහුව ඇතුළත් කර ඇත්තේ සාමාන්‍ය වාට්ටුවකටයි.

    එහිදී සිදුකළ පරීක්ෂණ වලදී ඔහු කොරෝනා ආසාදිතයකු බව තහවුරු වීමෙන් රෝහලට කොරෝනා ආසාධිත පුද්ගලයෙක් පැමිණ සාමාන්‍ය මිනිසුන් අතර ගැවසීම නිසා මෙම ගැටළුව ඉස්මතු වෙලා තියෙනවා.

    3. ඔය වගේම කළුබෝවිල රෝහලෙ වාට්ටු අංක 5 අද සම්පූර්ණයෙන් වැහුවා.. නිරෝධායනයට යොමු කරා..

    මේ වගේ රෝගය සඟවමින් රෝහලට එන කෝවිඩ් - 19 රෝගීන් නිසා ඉතාම ඉක්මණින් මෙරට රෝහල් සහ කාර්‍ය මණ්ඩල සහමුලින්ම නිරෝධායනයට කොටුවී,

    වෙනත් රෝගීන් බුරුතු පිටින් මිය යා හැකිය...

    මේක අපි සිහියෙන් වැඩ කලයුතු කාලයක්....

    තමන්ට රෝග ලක්ෂණ තියෙනවා නම් හංගන එක තමයි මේ මොහොතේ මරණයට යන්න තියෙන ලේසිම පාර..

    හංගන්න එපා.. තමන් වෙනුවෙන් වගේම අනිත් අය වෙනුවෙන් ඉස්සරහට එන්න ❤️ Copied..

    #Covid19Updates #LKA
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,547
    3,900
    113
    Speed force
    ඔය වගේ case වලට නඩු දාන්න බැරි ද? නැත්නම් වෙන මොන විඳිය ක හරි නීතිමය පියවරවල්? මෙහෙම ගියොත් එහෙම ඔක්කොම Hospital ටිකයි doctors ලා ටිකයි ඉවරයි නේ. මේ වගේ කාලකන්නි ඔක්කොම මිනිස්සු මරාගෙන මැරෙන්න හදන්නේ :angry:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,380
    1
    4,081
    113
    ඔය වගේ case වලට නඩු දාන්න බැරි ද? නැත්නම් වෙන මොන විඳිය ක හරි නීතිමය පියවරවල්? මෙහෙම ගියොත් එහෙම ඔක්කොම Hospital ටිකයි doctors ලා ටිකයි ඉවරයි නේ. මේ වගේ කාලකන්නි ඔක්කොම මිනිස්සු මරාගෙන මැරෙන්න හදන්නේ :angry:

    Can but not for dead ones?
    So it is not an effective measure.
    People should be educated and vigilant, should be given clear message . We see politically motivated statements from authorities. eg. Why was curfew imposed in Wennappuwa lifted for nomination purpose, GR and Minister of Health stating election should go ahead, Dr Anil Jayasinghe after closing schools said there was no threat and people should act normal day today work?
    Why didn't we learn from China and waited all this time to close our borders. Still people are brought with out proper quarantine measures
    So how can we blame only this uneducated and irresponsible people when the authorities are joking
    GMOA took three weeks to inform public that the number of infected are high compared to identified cases. This is clear from simple probability as only less than 14 percent show symptoms and less than 10 develop condition that needs treatment. So what about 80-90 infected silent carriers? this is how our country responds including health professionals who are again doing politics openly and playing with lives of people.