මිනිත්තුවක දී අන්තර්ජාලය තුළ සිදු වන විස&#3530

Supunqw

Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    මිනිත්තුවක දී අන්තර්ජාලය තුළ සිදු වන විස&#3530

    මිනිත්තුවක දී අන්තර්ජාලය තුළ සිදු වන විස්මයජනක දේ!

    අන්තර්ජාලය තුළ සිදු වන කි‍්‍රයාකාරකම් මොනවාද? තත්පර 60ක් ඇතුළත එයින් කොපමණ සිදු වෙනවාද? ඇත්තෙන් ම මේ තොරතුරු අදහන්නත් බැරි තරම් විස්මිතයි!

    අන්තර්ජාලය තුළ මිනිත්තුවක දී ඊ-මේල් පණිවිඩ විසි කෝටි හතළිස් ලක්ෂයක් (මිලියන 204ක්) යවනවා. ඒ කාලය තුළ දී යෙදවුම් 47,000ක් බාගත කරනවා. අන්තර්ජාලය හරහා පොත් අලෙවි කරන ඇමසන් ආයතනය ඒ මිනිත්තුව තුළ දී ඩොලර් 83,000ක (රුපියල් 83,00,000ක) පොත් අලෙවි කරනවා.


    ඒ විතරක් නොවෙයි, ඒ මිනිත්තුව ඇතුළත ඡායාරූප කෝටි තුනක් (මිලියන 20ක්) ද, ෆේෂ්බුක් පිටු ලක්ෂ 60ක් (මිලියන 6ක්) නරඹනවා. ඒ එක්කම යූටියුබ් හරහා ඒ මිනිත්තුව ඇතුළත දී වීඩියෝ ක්ලිප් ලක්ෂ 13ක් (මිලියන 1.3ක්) අන්තර්ජාලයේ සැරිසරන්නන් නරඹනවා.



    1.jpg


    ඉන්ටෙල් ආයතනය මගින් කළ සමීක්ෂණයෙන් ලත් තොරතුරු රූප සටහනකට ගොනු කර ඇත්තේ මෙහෙමයි. එක මිනිත්තුවක දී ගිගා බයිට් 639,800ක් දත්ත සම්පේ‍්‍රෂණය කෙරෙනවා.


    මේ විස්මිත තොරතුරු හෙළිවන්නේ ඉන්ටෙල් ආයතනය (chipmaker Intel) මගින් කළ අලූත් ම සමීක්ෂණයකින්.

    අන්තර්ජාල නියමාවලියට (IP) අයත් දත්ත ගිගා බයිට් 640,000 ක් පමණ එක මිනිත්තුවක දී අන්තර්ජාලය හරහා සම්පේ‍්‍රෂණය වන බව මේ පිළිබඳව පර්යේෂණය කළ පිරිස සොයා ගෙන තියෙනවා.

    ”පරිගණක මගින් මේ සම්පේ‍්‍රෂණය සිදු වන්නේ විශාල ජනතාවක් අතර විවිධ පරාසයක මෙවලම් රැසක් යොදා ගෙනයි.” ඉන්ටෙල්හී කි‍්‍රස්ටල් ටෙම්පල් කියනවා.

    ”මෙසේ දත්ත සම්පේ‍්‍රෂණය සිදු වන්නේ බොහෝ විට ජංගම මෙවලම් මගින්. ඒ නිසාම මෙය කොතරම් දැවැන්ත ජාලයක් දැයි සිතා ගන්නත් බැරි තරම්. ඒ මෙවලම්වල බලපෑම අති දැවැන්තයි. වැඩි දෙනකුට මේ ජංගම දුරකතන සංඛ්‍යාව කෙතරම් දැයි පෙනෙන්නෙත් නෑ.”

    වැඩියෙන් ම දත්ත සම්පේ‍්‍රෂණය කෙරෙන්නේ ස්මාට් ෆෝන් හරහා යැයි කීම ඔබට මේ තත්වය තේරුම් ගැනීමට ප‍්‍රමාණවත් වේවි. එයින් ග‍්‍රාහකයන්ට ලැබෙන්නේ මොනවාද? අන්තර්ජාලය සමග සම්බන්ද වෙමින් ඔබට සංගීතයට සවන් දෙන්න, වීඩියෝ දකින්න, ඡායාරූප බා ගන්න, අන්තර්ජාලය හරහා කී‍්‍රඩාවල යෙදෙන්න, ට්වීටරයට කරන අලූත් කිරීම් කරන්න, පවත්නා අලූත්ම යවත්කාලීන කිරීම් කරන්න මේ ආදී දහසකුත් එකක් දේ මේ ස්මාට් ෆෝන් මගින් පැය 24 පුරාම කරන්න පුළුවන්.

    මෙම අධ්‍යයනය තුළින් මේ දත්ත හුවමාරුව අනාගතයේ දී විශාල වශයෙන් වැඩි වන ආකාරය ගැනත් සොයා බලා තියෙනවා.

    ඒ අනුව මේ තත්වය 2015 දී ජාලගත මෙවලම් සංඛ්‍යාව ලෝක ජනගහනය අනුව දෙගුණයක් වන බව හෙළි වී තියෙනවා.

    ඒ වන විට අන්තර්ජාල නියමාවලියට සෑම තත්පරයක දී ඇතුළත් වන වීඩියෝ සියල්ල නැරඹීමට අවුරුදු පහක් තරම් කාලයක් ගත වේවි.

    මේ අධ්‍යයනය කළ ඉන්ටෙල් සමාගම කියන්නේ අනාගතයේ වැඩි වන අති දැවැන්ත දත්ත හුවමාරුවට මුහුණ දීම සඳහා අලූත් අලූත් උපකරණ නිපදවන්නත් ඔවුන් බලාපොරොත්තු වන බවයි.

    4.JPG


    ගූගල් සමාගමේ දත්ත සම්පේ‍්‍රෂණය කරන එක් නවීන මධ්‍යස්ථානයක්. පිහිටා ඇත්තේ ඩග්ලස් කන්ටි‍්‍ර හියි. මෙමගින් සෑම මිනිත්තුවක දී ම අන්තර්ජාලය හරහා පරිගණකය යොදා ගෙන දැවැන්ත දත්ත හුවමාරුවක් සිදු වෙනවා.


    උපුටා ගැනිමකි

     

    Similar threads