මිනිසත්කමේ පවුර බැඳි නෙල්ලිගල හාමුදුරුව&

Jun 23, 2016
1,044
136
0
Maharagama
මිනිසත්කමේ පවුර බැඳි නෙල්ලිගල හාමුදුරුව&

1516327627_253_%E0%B6%8B%E0%B6%A9%E0%B6%BB%E0%B6%A7-%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9C%E0%B7%9A-%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A-%E0%B7%84%E0%B6%AF-%E0%B6%B8%E0%B6%A9%E0%B6%BD.jpg


දෙපැත්ත ගොදුරු සොයා ලුහුබඳින විට මානව දයාවෙන් 'ජීවිත සුරක්ෂිත' කරන්නට කැපවූ පිරිස් බොහෝය.ඒ අතරින් ප්රමුඛ වැඩ කොටසක් ඉටු කළ භික්ෂූන් වහන්සේ නමක් විය. ඒ නෙල්ලිගල, බෞද්ධ මධ්යස්ථානයේ නිර්මාතෘ වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ය.උන් වහන්සේ සම්බන්ඳ වන්නේ අතිශය සංවේදී කතාවකිනි.

මහනුවර පිලිමතලාව මාර්ගයේ මුරුතලාව, කොබ්බෑකඩුව පසුකරමින් ගොස් කිලෝමීටර් 2ක් පමණ ඉහළට නැඟ යනවිට නෙල්ලිගල ජාත්යන්තර බෞද්ධ මධ්යස්ථානය හමුවෙයි. ඊට දිගු ඉතිහාසයක් නැත. එය පිහිටා තිබෙන්නේ මුස්ලිම් පල්ලි 14කින් වටවූ උස් කඳු මුදුනතකය. මධ්යස්ථානය ඉදි කළ ඉඩම පවා ධම්මරතන හිමියෝ මිලදී ගත්තේ මුස්ලිම් ප්රජාවගෙන්ය.
විහාරයට යන මඟ දෙපසත් දෙහිගම, මුරුතලාව, කුරුගම, දෙහිඅංග, වැනි අවට ගම් සියල්ලේම බහුතරය මුස්ලිම් ජනයාය. මහනුවර ජාතිවාදී ලේ ප්රකෝප වෙත්දී බොහෝ දෙනා තිගැස්සුණේ 'නෙල්ලිගල ගැනය.
'හාමුදුරුවනේ ඔහේ මොනවා හරි ප්රශ්නයක්ද?'හිතවතුන් ධම්මරතන හිමිගෙන් විමසූහ.
'අපි මනුස්ස ජාතියට ආදරේ කරන මිනිස්සු මහත්තයෝ. අවාසනාවන්ත සිදුවීම් තැන තැන සිදුවෙනවා කියලා ආරංචි වෙනකොටම අපි ක්රියාත්මක වුණා. අපිට ඕන වුණේ මනුස්ස ජීවිත ආරක්ෂා කරන්න.'ධම්මරතන හිමියෝ කතාව ආරම්භ කළේ එහෙමය.

ගැටුම් කෝලහල සිදුවෙන බව සැලවෙත්ම උන් වහන්සේ ක්ෂණිකවම තරුණ පිරිස විහාරයට කැඳවූහ. කඩාකප්පල් කාරීන් තැන තැන විනාශයන් සඳහා පිඹුරුපත් සකසන විට උන්වහන්සේ සිදු කළේ 'ගිනි නිවන මඟ' සඳහා පිඹුරුපත් සකසන එකය.
'මේ පන්සල ආරම්භ කරනකොට මාත් එක්ක ගැටුණේ මුස්ලිම් මිනිස්සු. එයාලා ගොඩාක් අරියාදු කළා. මේ ඉඩම මම ගත්තේ මුස්ලිම් අයගෙන් සල්ලිවලට. එහෙම අරගෙනත් මට නිදහසේ වැඩ කරන්න දුන්නේ නෑ. එක මුස්ලිම් මනුස්සයෙක් මීට අවුරුද්දකට විතර කලින් මේ පන්සල් කැලේට ගිනි තිබ්බා. එහෙම බැලුවම අපිට ගොඩක් කරදර වෙලා තියෙනවා. අදත් මම මේ එඩමට නඩු කියනවා. හැබැයි මහත්තයෝ මේ වෙලාවේ ඒවා හිතන්න අවස්ථාවක් නෙවෙයි. අපිට පුලුවන්ද මිනිස් ජීවිතවිනාශ වෙනවා බලාගෙන හුස්මක් ගන්න'උන් වහන්සේ එහෙම විමසයි.
හයවෙනිදා අඳුර ගලන විට උන් වහන්සේ මුරුතලාව නගරයට ආවේ හතර වටින්ම භීතිය රජයන විටය. තරුණ පිරිසක් කැටුව එන උන්වහන්සේ දුටු මුස්ලිම් ප්රජාව තිගැස්මට ලක් වූහ.
'අපිට ආරංචි වුණා මුරුතලාව නගරයේත් තැන තැන අවුල් කියලා. අපි එතනට එනකොට මුස්ලිම් අය බය වුණා. එයාලා හිතුවේ එයාලට හානියක් කරන්න එනවා කියලා. අපි එළිවෙනතුරු නගරය ආරක්ෂා කළා. කිසිම කෙනෙක්ට වචනෙකින්වත් හිංසාවක් වෙන්න ඉඩ තිබ්බේ නෑ'ධම්මරතන හිමි එහෙම පවසයි.

'උන් මරන්න ගෙදර තියෙන මන්නා හරි අරගෙන වරෙල්ලා' යැයි සමහර චීවරධාරීන් වියරුවෙන් කෑ ගසද්දී, 'අපිටත් ආයුධ ගන්න වෙනවා' යැයි සමහර මුස්ලිම් දේශපාලකයින් වහසි දොඩවද්දී ධම්මරතන හිමියන් කළේ පාටක් නැති මිනිස්කමේ දෑත කාටත් දිගු කිරීමය.
'මෙහේ ඉන්නේ සම්ප්රදායික මුස්ලිම් මිනිස්සු. ඒ අය අපි උදේ හවහ දකින අය. ඒ මිනිස්සු අහිංසකයි. ගල් කැටෙයි පන්දමයි අරං එලියට බැස්සත් ඒ මිනිස්සු තිගැස්සෙනවා.. හැබැයි පිටින් ආව කල්ලි එහේ මෙහේ සැරි සැරුවා. හැමතැනම විනාශ කළේ එහෙම පිටින් ආව අන්තවාදියෝ'උන්වහන්සේ පවසයි.
මුලින්ම නගරයේ ආරක්ෂාව උදෙසා කටයුතු කල උන්වහන්සේ අවට විහාරස්ථානවල උපකාරයද ඊට ලබා ගත් හ.
'කඩාකප්පල් කාරීන් හතර වතාවක් නගරය විනාශ කරන්න උත්සාහ කළා. ඒ හතර වතාවම අපි ඒවා ව්යර්ථ කළා. ඒ හැමෝම පිටින් ආව කල්ලි'උන් වහන්සේ පවසන්නේ සහමුලින්ම ඇත්තය. මුරුතලාව සංහිඳියාව බිඳින්නට එන්නේ පිටින් ය. වෙලේකඩේ මඩවල, වැනි ප්රදේශවල තත්ත්වයද එහෙම ය.
 
Last edited:
Jun 23, 2016
1,044
136
0
Maharagama
'මේ කලහකාරී වැඩ වලට ආව ගොඩක් අය අවුරුදු 15,16 20 වගේ වයස්වල තරුණ දරුවෝ. ඒ අය නීතිය දන්නේ නෑ. ආවේගවලින් මත්වෙලා ඉන්නේ. මේ කඩාකප්පල්කාරි වැඩ වලට දෙන දඬුවමේ තරමවත් එයාලා දන්නේ නෑ'උන් වහන්සේ පවසයි.
සත්ය වශයෙන්ම මේ ව්යසනයන් උදෙසා පොලු මුගුරු කඩු පිහි අතට ගත් වැඩි පිරිස නව යොවුන් තරුණයෝය.
'මේ දරුවෝ මොනවද දන්නේ. හිතේ ආවේගෙට ලේ කෝප කරගෙන පාරට බහිනවා. මහත්තයෝ ඇඳිරි නීතිය කියන්නේ මොකක්ද, කැඩුවොත් දෙන දඬුවම මොකක්ද කියලා මමවත් දන්නේ නෑ. මේ දරුවෝ ඒ මුකුත් නොදැනයි බැස්සේ.'
එහෙම පාරට බැස්ස සිය ගානක් තරුණ පිරිසට 'ශිෂ්ටත්වයේ' වටිනාකම උන් වහන්සේ කියා දුන්හ. කල්ලි 'ජල්ලි' අල්ලන්නට එනවිට උන් වහන්සේලා කළේ 'පල්ලිය' ඉදිරියෙන් හිටගෙන ඒවා මැඩලන එකය. එම කල්ලිම කඩ සහ නිවෙස් සොයන විට උන් වහන්සේලා කළේ ඊටද එරෙහිව පෙරට එන එකය. අන්තිමට සියලු දෙනාම මේ ව්යසනයේ නිෂ්ඵල බව වටහා ගත්හ.

'දෙපැත්තෙම මිනිස්සුන්ගේ ජීවිත රකින්න වගේම අපිට ඕන වුණා තරුණයෝ ටික ආරක්ෂා කර ගන්නත්. මහත්තයෝ යටිනුවර එක තරුණයෙක්වත් නීතිය කඩලා පොලිසියට අරන් ගියේ නෑ. ඒකම අපි ලබපු ජයග්රහණයක්.'
තත්වය පාලනය කළ උන් වහන්සේලා අනතුරුව මුස්ලිම් පල්ලියට වැඩම කළහ.
'අපි එක ගලක් ගහන්න ඉඩක් දෙන්නේ නෑ. අපි ඔබව ආරක්ෂා කරනවා. හැබැයි පිටින් එන ඔයාගේ අන්තවාදීන්ට කියන්න මේ සහජීවනයට ගිනි තියන්න එපා කියලා. අපි අපේ පැත්ත හදා ගන්නම්. ඔබ ඔබේ පැත්ත හදන්න.'
පල්ලියේ මවුලවිතුමන්ලා හමු වූ උන්වහන්සේලා එහෙම කීය.

හත්වෙනිදා එළිය වැටෙන විට මහනුවර ඇතැම් ප්රදේශවල තත්ත්වය 'නරක' අතට හැරී තිබිණ. පෙරදින තැන තැන සිදු වූ සැහැසිකම්වල ශේෂ නටබුන් නුවර පුරා විය.එහෙත් මුස්ලිම් යටිනුවර කිසිදු ප්රචණ්ඩ ක්රියාවක් සිදු නොවිණ. පෙරවරුවේම ධම්මරතන හිමි ඇතුළු පිරිස මැදිහත්ව සර්ව ආගමික නායකයින් එක්ව ප්රාදේශීය ලේකම් කාර්යාලයේදී රැස්වීමක් පැවැත් වූහ. එහිදී ප්රදේශයේ ආරක්ෂාව උදෙසා තීරණාත්මක තීන්දු කිහිපයක් ගත්හ.
'අන්තවාදී පිරිස් යටි නුවරට ගේන්න බෑ.'ඒ මූලික තීන්දුවක්ය.ප්රශස්ත මඟ පෙන්වීම සහ සැබෑ සහජීවනය කියන්නේ ඒකටය. ව්යාජ වචන සෙල්ලමක් නොවේය.

'මම නෙල්ලිගල මධ්යස්ථානය හදන්නේ විශාල තරුණ පිරිසකගේ ශක්තියෙන්. ඒ තරම් තරුණ බලයක් වෙන කොහෙවත් ඉන්නවා කියලා මම හිතන්නේ නෑ. අද ලක්ෂ ගාණක් වන්දනාවට එන් තැනක් නිර්මාණයකරන්න මට හයියක් දුන්නේ තරුණයෝ.'උන්වහන්සේ පවසති.
මුලින් මේ කටයුත්තට එරෙහිව සිටි මුස්ලිම් ප්රජාව පවා ක්රමානුකූලව වෙනස් වෙන්නට පටන්ගත්තේ උන් වහන්සේ සැබෑ සහජීවනය කුළු ගැන් වූ නිසාය. අද වන විට විවිධ උත්සව වලදී මුස්ලිම්, දෙමළ ප්රජාව පවා දායක වෙති. වෙසක්, පොසොන් උත්සවවලදී දන්සැල් දෙන සමහරු මුස්ලිම්ය.

'මම පල්ලි 14 ක් මැද පන්සලක් හැදුවා. ඒ සේරටම වඩා අනෙකාට ගරු කරන, ආදරය කරන තරුණ ප්රජාවක් ගොඩනැගුවා. මම දන්නවා අපේ තරුණයෝ කවදාවත් වෙනත් ජාතියකට ගහන්න ගලක්වත් අතටගන්නේ නෑ. ඒක බියගුලුකමක් නෙවේ. ඒක තමයි ශිෂ්ටත්වය.'උන් වහන්සේ පවසනුයේ දැඩි අදිටනකිනි.
'සමහරු මට බණිනවා මෙහෙම ගිනි නිවුවා කියලා. හැබැයි මුස්ලිම් ගම්මාන මැද මම ලක්ෂ ගාණක බැතිමතුන් එන පන්සලක් කරනවා. ඒක සමහරුන්ට පේන්නේ නෑ. බෝධීන් වහන්සේලා නැති පන්සල් 250ට මම ඉන්දියාවෙන් වඩමවපු ආනන්ද බෝධීන් වහන්සේලා දීලා තියෙනවා. අපි වැඩ කරන්නේ සද්ද නැතිව'උන් වහන්සේ පවසති.

'මරන්න මන්න අරං වරෙල්ලා' කියන චීවරධාරියාගේත්, 'දැගලුවොත් අපිත් අවි ගන්නවා' කියන ත්රස්ත පන්නයේ අමාත්යවරයාගේත් ත්රාඩ මුහුණු වෙනුවට ධම්මරතන හිමිගේ මේ වචන හිතෝපදේශයේ කවියක් වගේය.
'මේ උදේ හවහා අපිට මුණ ගැහෙන මිනිස්සු. හිනා වෙලා කතා කරන මිනිස්සු. අපි කොහොමද එහෙව් මිනිස්සුන්ට ගහන්න අවි ගන්නේ'

හැම නගරයකම ධම්මරතන හිමියන් වගේ යතිවරු ඉන්නවා නම් රට මීට වඩා සුන්දරය.

රැස - Resa 2018.03.09
 

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පන්සල හදාගන්න පුලුවන් වුනේ රටේ බහුතරය සිංහල නිසානේ.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අනේ හාමුදුරුවනේ පව් නොදී ඉන්න මිනිස්සත්කම කියලා පුකේ ඇල්ලා ගියාම තෙරෙයි...
     
    • Like
    Reactions: deanXX

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    hamuduruwane me gaha ganna eka newe prashne. meka iwara unama ara gon Anura Kumaraya parliment eke bora bora gaga payak dekak kiyawana eka menna mekai une kiyala athakuth dik kragena.diga nathi unath idagena da hitgenada kiyala hoyanna ba kiyawanawa dawasema buruwa wage.:D:yes: parliment meeting ekakata koti 2k yanawa mu e okkoma nasthi karanawa:baffled: