මිනිස්සුන්ගේ හොඳම වාර්තා

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මිනිස්සුන්ගේ හොඳම වාර්තා

    දිගම කනේ මයිල්

    ඉන්දියානු පුරවැසි ඇන්තනි වික්ටර් තමයි ලෝකේ දිගම කනේ මයිල් වාර්තාවට හිමිකම් කියන්නේ.. ඔහුගේ කනේ මයිල් අඟල් 7.2 පමණ දිගට තියෙනවලු..

    OQ1Vj.jpg



    පොපියන ඇස් බෝල

    ඇමරිකානු ජාතික කාන්තාවක් වන කිම් ගුඩ්මන් ට ඇගේ ඇස් අඟල් 0.47 එලියට පන්නවන්න පුළුවන්ලු...

    RiNSn.jpg



    රබර් හම

    බ්‍රිතාන්‍ය ජාතික ගැරී ටර්නර් ට ඔහුගේ සම අඟල් 6.25 වෙනකම් අදින්න පුළුවන්ලු.. මේක හැබැයි දක්ෂතාවයකට වඩා Ehlers-Danlos Syndrome කියන රෝගයක් හේතුවෙන් සිදු වන දෙයක්...

    DZ8Cw.jpg



    නයි කටේ දමා ගැනීම

    ඇමරිකන් ජාතික ජැකී බිබී විෂ අධික සර්ප විශේෂයක් වන රැටල්ස්නේක් ලා 8 දෙනෙක් නැට්ටෙන් කටේ ඔබාගෙන තප්පර 12.5 ඉඳල තියෙනවා..

    04tDb.jpg



    දිගම කාන්තා නියපොතු

    ඇමරිකන් ජාතික ලී රෙඩ්මන්ඩ් ට තමයි කාන්තාවකට හිමි දිගම නියපොතු තිබිලා තියෙන්නේ.. 1979 වවන්න ගත්ත නියපොතු වල දිග 2008 වෙද්දී අඩි 28 අඟල් 4.5 වෙනකම් දික් වෙලා තියෙනවා.. නමුත් 2009 වෙච්ච රිය අනතුරකින් ඒ ඔක්කොම නැති වුනාලු..

    0HrSp.jpg



    ඇසෙන් කිරි විදීම

    තුර්කියේ යිල්මාස් කියන පුද්ගලයට ඔහුගේ ඇස් වලින් අඩි 9 අඟල් 2 දුරට කිරි විදින්න පුලුවන්ලු..

    qzOm2.jpg