මිනිස්සු හාරපු ලොකුම සිදුර
කිම්බර්ලිහි පතල (Kimberley Mine) නොහොත් ලොකුම සිදුර වනාහි මෙතෙක් මිනිසුන් විසින් පෘථිවිය මත හාරන ලද විශාලම කුහරය වන අතර එය පිහිටා ඇත්තේ දකුණු අප්රිකාවේය. මෙම පතලේ කැණීම් කටයුතු සදහා පතල්කරුවන් 50,000ක් පමණ සහභාගී වී ඇති අතර මෙහි මුල්ම දියමන්තිය සොයාගෙන ඇත්තේ 19 වන සියවසේදීය. මෙහි කෑණීම් කටයුතු නිමාවන විට මෙම පතලෙන් ගොඩගෙන තිබූ දියමන්ති ප්රමාණය හරියටම කිලෝ 2720 කි.
පුදුමය දනවන සුලු කරුණ වනුයේ, මෙහි කැණීම් කටයුතු සදහා කිසිදු ආකාරයේ දියුණු උපකරණයක්/යන්ත්රයක් භාවිතා කර නොතිබීමයි. මෙම සිදුරේ කැණීම් කටයුතු සිදුවූ 1871-1914 කාල පරාසය තුල එවැනි උපකරණ/ යන්ත්ර භාවිතයේ තිබුනේද නැත. මෙහි සම්පූර්ණ කැණීම් කටයුතු සිදුව ඇත්තේ සවල,ගල්කටුව වැනි සරළ උපකරණ හාවිතයෙනි. මෙම පතලෙන් ඉවත් කරන ලද පස් ප්රමාණය ටොන් මිලියන 22ක් පමණ වේ.
මෙම විශාල සිදුරෙහි පළළ මීටර් 463ක් ද ගැඹුර මීටර් 215ක් ද වේ. තවදුරටත් කෑණීම් කටයුතු පතල්කරුවන්ට අනතුරු දායක හෙයින් මෙම පතල අත්හැර දමන ලදී.කෙසේ වුවද මෙම පතලෙහි භාරකාරත්වය සතුව පවතින ඩි බියර්ස් බ්රදර්ස් සමාගම විසින් මෙහි දියමන්ති කැණීම් කටයුතු තවදුරටත් කරගෙන යනු ලබයි.
මේ වන විට මෙම සිදුර/ පතල එහි ගැඹුරින් 20% ක් (මීටර් 40ක්)පමණ ජලයෙන් පිරී පවතී. දැනට මෙම පතල වැවක් ලෙස ඔබට දැකගත හැකිවනු ඇත.
විකිපීඩියා
~#ඨාකුර්Z#~ විසිනි.