මිනිස් අවයව ජාවාරමක් ද ?

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
මිනිස් අවයව ජාවාරමක් ද ?

පිලිකාවට ප‍්‍රතිකාර කිරීමට ඉන්දියාවට ගෙන යන බව පවසා පැහැර ගැනීමකට ලක්වූ බව කියන කාන්තාවකගේ පුවතක් දඹුල්ල - ඉබ්බන්කටුවෙන් අද වාර්තා වුණා. :shocked:



38 හැවිරිදි තිදරු මවක වන ඊ.සී. කාන්ති නැමැති මෙම කාන්තාව පවසන්නේ පසුගිය මස 18 වැනිදා තමන් මහනුවර මහ රෝහලේ සායනයකට පැමිණි බවයි. එසේ පැමිණියේ මීට පෙර රෝහලට පැමිණි අවස්ථාවේ වෛද්‍යවරුන් ලෙස හඳුන්වාගත් පුද්ගලයන් කිහිප දෙනෙකු තමන්ගේ රෝගය සුවපත් කිරීමට ඉන්දියාවට රැගෙන යන බවට පොරොන්දු වූ නිසා බවද ඇය පැවසුවා. මේ අනුව ගිලන් රථයේ නංවා තමන් ඇතුළු 5 දෙනෙකු කොළඹ දෙසට රැගෙන ආ බවයි මෙම කාන්තාව කියා සිටින්නේ. :shocked::shocked:



Voice
Code:
http://www.hirunews.lk/Data/News_Audios/s19985_1.mp3

වරකාපොල ප‍්‍රදේශයට ළංවනවිට දියර කිරි පැකට්ටුවක් තමන්ට බීමට දුන් බවද පසුව තමන්ට සිහි ලැබෙන විට තමන්ට වෙනත් ඇඳුමක් අන්දවා සුවිසල් කාමරයක ඇදක් මත දමා තිබු බවද ඇය සඳහන් කළා.

Voice
Code:
http://www.hirunews.lk/Data/News_Audios/s19985_2.mp3

තමන්ගෙන් රුධිරය ලබා ගැනීමෙන් අනතුරුව අකමැත්තෙන් තම කොණ්ඩය කපා දැමූ බවද ඇය වැඩිදුරටත් කියා සිටිනවා.
:shocked::shocked:

Voice
Code:
http://www.hirunews.lk/Data/News_Audios/s19985_3.mp3

මෙම සිදුවීම මිනිස් අවයව ලබා ගැනීමේ ජාවාරමක් ද යන්න පවතින සැකය මත අප මේ පිළිබඳ මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය ශාන්ති සමරසිංහගෙන් විමසීමක් කළා. ඇය කියා සිටියේ මහනුවර මහ රෝහල වැනි ප‍්‍රධාන පෙලේ රෝහලක මෙවැනි දෙයක් සිදුවූ බවට කිසිසේත්ම විශ්වාස කළ නොහැකි බවයි. කෙසේ වෙතත්, අදාළ සිද්ධියට රෝහල සම්බන්ධ බවට මෙතෙක් තහවුරු වී නැති අතර, ප‍්‍රතිකාර ගත් කාන්තාව පවසන්නේ ඇයට මෙම වෛද්‍යවරුන් බවට හඳුන්වාගත් පුද්ගලයන් හමුවූයේ එම රෝහල් පරිශ‍්‍රයේදී බවයි. කෙසේ වෙතත්, මෙම සිද්ධිය පිළිබඳ කඩිනමින් කරුණු සොයා බලා මාධ්‍යයට ප‍්‍රකාශයක් කරන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය ශාන්ති සමරසිංහ සඳහන් කළා.

Source
Code:
http://hirunews.lk/sinhala/19985