මිනිස් චාරිකා

hiranlahiru2015

Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    කෙමෙන් මිනිසා ලොව පුරා පැතිර ගියේය. ඊට අනුරූපව හීළා කරන ලද සිව්පාවන් වන එළුවන්, ගවයන්, වැනි සතුන්ද පැතිර ගියේය. අවුරුදු දස දහසකට පෙර මිලියන කීපයක් වූ ගවයන්, එළුවන් බැටළුවන්, කුකුළන් සහ ඌරන් ප්‍රමාණය අද වන විට බිලියන ගණනකට වැඩි වී ඇත.

    අද දින, මිනිසුන්ගේ පරිභෝජනය සඳහා වෙන් වූ බිලියනයක් බැටළුවන්ද, බිලියනයක් ගවයන්ද, බිලියනයක් ඌරන්ද, බිලියන විසිපහක් කුකුළන්ද ලොව පුරා පැතිර සිටී. පොර්රවා මිනිසා විසින් ආරම්භ කරන ලද කෘෂිකාර්මික විප්ලවයේ ප්‍රතිඵලයක් සේ මේ සතුන්ගේ ප්‍රමාණය බිලියන ගණනකින් වැඩි විය.

    මේ සතුන් ලෝකයේ සිටින කාලකන්ණිම, අවාසනාවන්ත සතුන් වෙති. මේ සතුන් මිනිසාගේ පරිභෝජනය සඳහා භාවිතා කිරීමේ කුරිරු ක්‍රියාවලිය සියවස් ගණනාවක් අතීතයට යයි.

    ස්වභාවික සේ කුකුලෙක් වැඩෙන විට, එම කුකුළාගේ ආයු කාලය අවුරුදු 7 සිට 12ක් පමණ වේ. ස්වභාවික සේ වැඩෙන ගවයෙක් ගේ වයස අවුරුදු අවුරුදු 20ක් 25ක් පමණ වේ. එහෙත් මස් සඳහා ඇති කරන මේ සතුන්ගේ ආයු කාලය සති කිහිපයක් හෝ මාස කිහිපයක් පමණක් වේ. කුකුළෙක් මාස තුනකින් උපරිම බර ලැබේ නම්, ඊට වඩා කෑම දීම ආර්ථික වශයෙන් පාඩුවක් බව පැහැදිළිය. ගවයා, බැටළුවා හෝ ඌරා ද එසේමය.

    වසු පැටියෙක් උපන් විගස, මවගෙන් ඉවත් කරන ඒ සතාව කුඩා කූඩුවකට දමනු ලැබේ. මාස හතරකින් පමණ උපරිම සේ වැඩෙන තරමට අවශ්‍ය කූඩුව කෙමෙන් විශාල කෙරේ. මේ ආකාරයට සෙලවීමක් නොමැතිව වර්ධනය වන විට, ශක්තිය වැය වීම අවම වේ. තවද එවිට මාංශ පේශීන් තද බවට පත් වන්නේ නොමැති නිසා මෘදු මස් ලබා ගැනීමට හැකිවේ.

    මෙහිදී මිනිසාගේ කෑදර කමට තල්ලුවක් දෙන ආගම්ද මේ කුරිරු ක්‍රියාවලියේ කොටසක් වන්නේය. පින් කමක් සේ සැලකිය යුත්තේ, ඒ ක්‍රියාවෙන් කිසිම ආකාරයේ වරදක් එම පින් කම සඳහා සම්බන්ද වන කෙනෙක්, සත්වයෙක් හෝ භාවිතා කරන යම් ද්‍රව්‍යයකට, කරදරයක් හානියක් හෝ පීඩාවක් නොවන සේ සැළකීමෙනි. මේ නිසා අපේ වැඩිහිටියන් නම් පොහෝ දින පන්සල් යන විට වැට අද්දර ඇති මල් ගසේ සියළුම මල් වලින් මල් වට්ටිය සැරසුවේ නැත.

    මේ පරිච්චේදයට ආගමක් ගාවා නොගෙන කරුණු එක් කිරීම ඉතා අපහසු වන්නේ, ආගම් වලින් මිනිසාගේ සිතුවිළි සමුදායට ඇති කරන බලපෑම ලුහුඬින් ගත නොහැකි හෙයිණි. එසේ හෙයින්ම මිනිසාගේ පරිභෝජනය සඳහා සතුන් ඇති කිරීම යන විෂම චක්‍රයට ආගම එකතු වී, හලාල් මුස්ලිම් ක්‍රමය හෝ කොෂර් යුදෙව් ක්‍රමය, මේ කුමන ආකාරයෙන් කිව්වද, මේ මහා පරිමාණ සත්ව ඝාතනය සාධාරණීයකරණය කෙරේ.

    සතුන් නිර්මාණය කර ඇත්තේ මිනිසාගේ පරිභෝජනය සඳහාය යන දේව වදන මෙහිලා ගෞරවයෙන් භාවිතා කෙරේ.

    මස් සඳහා සතුන් ඇති කිරීම මෙන්ම වෙනත් කාර්යයන් කිරීමට සතුන් ඇති කිරීමේදී එම සතුන්ගේ ස්වභාවික ඉව, චර්යා රටාව බිඳෙන ආකාරයට කටයුතු කෙරේ. උදාහරණයක් සේ පිරිමි ගවයන්ගේ වෘෂණ කෝෂ තලා, ඒවා නිෂ්ක්‍රීය කිරීම එම ගවයාගේ මුරණ්ඩු බව අඩු කිරීමට යොදන උපක්‍රමයකි.

    නිව්ගිනි සමාජයේ මිනිසෙක්ගේ ධනය මනින එක් මිම්මක් වන්නේ ඔහුට සිටින ඌරන් ප්‍රමාණය අනුවය. එකතු කර ඇති කරන මේ ඌරන් කොටුවෙන් පැන දිවීම වළක්වා ලීමට නිව්ගිනි වැසියන් කරන එක උපක්‍රමයක් නම් ඌරාගේ නාසයේ ඉදිරිපස කපා දැමීමය.

    එවිට ඌරා ඉව කරන්නට නාසය බිම ගෑවීමෙදී දරුණු වේදනාවක් ඇතිවන නිසා, තව දුරටත් කෑම තනියෙන් සොයා ගැනීමට එවැනි ඌරෙක්ට නොහැකිය. එවිට එම ඌරා මිනිසා විසින් දෙනු ලබන කෑම මත යැපිය යුතුය. අනෙක් ක්‍රමය වන්නේ, මේ ඌරන් වැඩිහිටි බවට පත් වූ පසු ඇස් උගුලා දැමීමය.

    ඉහත කී සියළු වධ සතුන්ට දෙන්නේ නිර්වින්දනයක් වත් නොමැතිවය.

    සතුන්ගේ කිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහාද මෙවැනිම වූ අමානුෂික ක්‍රම භාවිතා වේ. එළ දෙනුන්, බැටළුවන්, එළුවන් ගෙන් කිරි ලැබෙන්නේ උන්ට පැටවුන් ලැබුණු කාලයේ පමණි. මෙහිදී භාවිතා වන එක් ක්‍රමයක් නම්, පැටවා ලැබූ වහාම මරා දැමීමය. ඉන් පසු එම පැටවා ට අයත් කිරි දොවා ගැනීම කාලයක් තුල කල හැක. අද දින ක්‍රියාත්මක වන නවීන සත්ව ගොවිපොළක ඝාතනය කරන තුරු, එළ දෙනෙකුගේ වයස අවුරුදු පහක් පමණ වේ.

    මේ ආයු කාලයෙන් වැඩි කාලයක් එළ දෙන ගැබ්බරව තබා ගැනීමෙන් කිරි නිෂ්පාදනය හැකිතරම් කර ගැන්ම සිදු වේ.

    එළ දෙනෙක්ට කිරි එරීම සඳහා තවත් උපක්‍රමයක් නම්, එම පැටවා එම එළ දෙන සිටින තෙක් මානයේ තැබීමය. අනෙක් ප්‍රසිද්ධ ක්‍රමය වන්නේ පැටවාට කිරි ටිකක් බොන්නට දී එළදෙනගෙන් වහා ඉවත් කර, ඒ අයුරෙන් එරෙන කිරි මනුෂ්‍ය පරිභෝ ජනයට ගැනීමය. තවත් අමානුෂිකම ක්‍රමයක් වන්නේ, එම පැටවා මරා මස් ගෙන, ඒ පැටවා ගේ සම, එළදෙනගේ සමීපයේ තැබීමය. එවිටද කිරි නිෂ්පාදනය වැඩි වේ.

    සුඩානයේ නූර් ගෝත්‍රිකයන් [Nuer tribe] තවත් අමානුෂික ක්‍රමයක් භාවිතා කරති. ඔවුන් පැටවා ගේ කට වටේ තියුණු උල් ඇති කටු වළල්ලක් පළඳවති. එවිට පැටවා එළදෙන අසලට ගියද, කිරි බීමට එළදෙනගෙන් ඉඩක් ලැබෙන්නේ නැත. එහෙත් පැටවා කෙරේ ඇති ස්නේහය නිසා කිරි එරීම සිදු වේ.

    සහරා කාන්තාර වාසී ටුවර්රෙජ් ගෝත්‍රිකයන් [Tuareg tribe] , ගැහැණු ඔටුවන්ගෙන් කිරි බීම වැළැක්වීමට, පැටවුන්ගේ යටි තොල කපා දමනු ලැබේ. එවිට ඔවුන්ට කිරි උරා බීම වේදනාවකි. එහෙත් පැටවා ඔටු දෙන අසලට වී සිටින නිසා කිරි එරීම සිදුවේ.

    ලෝකයේ සිටින තවත් සතෙක් ගේ කිරි බොන එකම එක සතා මිනිසාය. එසේම බාල අවදියෙන් පසුව කිරි බොන එකම එක සතාද මිනිසාමය. මිනිසාගේ කුඩා බඩ වැලේ ඇති අංගුලිකා වල මුල් කොටසෙන්, ‘ලැක්ටේස්’ යන එන්සයිමය නිපදවේ. මේ අංගුලිකා වල එම කොටස, මිනිසා වැඩෙත්ම නැතිව ගොස්, එම එන්සයිමය නිපදවීම නතර වේ.

    කාලයක් කිරි නොබී සිටි කෙනෙක්ට මෙන්ම වැඩිහිටියන්ට කිරි බීමෙන් වැඩක් නැත්තේ මේ හේතුවෙනි.

    අවුරුදු දස දහසකට පමණ පෙර ආරම්භ වූ කෘෂි කාර්මික විප්ලවය, සත්ව සංහතියට මහත් ව්‍යසනයක් වූ බව පැහැදිළිය. ඒ ව්‍යසනයේ ප්‍රති විපාක වන, මෙසේ හීළා කරන ලද ඉතා විශාල සත්ව ජනගහණයෙන් වන කාබන් විමෝචනය නිසා ලොවට සිදුවන අයහපතද ඉතා විශාලය


    ref lalithkrunaratna.wordpress